හරි හරියට පොර අල්ලන්නට යෑම නොකළ යුතු යැයි මම දැන සිටියෙමි. ඉතින් මම ඔහුගේ අත දිහා පහතට බැල්මක් එල්ල කළෙමි. ඔහු අත ඉවත්කර ගන්නා තෙක් එක එල්ලේ අත දිහා බලා සිටියෙමි. ඔහු දත් විලිස්සා පෑ සිනාව බොහෝ දුරට මැකී ගියේය. “ඉතින් කොහෙද ඒකා?” ඔහු කීය, ඔහුගේ වදන් රළු සහ අප්‍රසන්න ස්වරයකට හැරිණ.
“ඒකා ගැන කරදර වෙන්න එපා,” මම කීවෙමි. “දැන් ඇත්තෙන්ම ඒ රකුසා ගැන බය මට අඩුවෙලා ගිහින්. ඔහු බබා එක්ක මුළු දවසෙම සෙල්ලම් කරමින් ඉන්නවා, බබා ඒ ගැන කිසිම විරෝධයක් දක්වල නැහැ. ඔබ මහත්වරු දෙපල අපි වෙනුවෙන් කළ යුතු ප්‍රධාන දේ තමයි අපිව ආපහු අපේ පිරිවිතරයට ගෙනියන එක.”
“ඒක හරි,” මේබල් කීය, ඇය අත් ඉනේ ගසා ගත්තාය. “අනික, අපිට මේ දැන් කියන්න ඕන ගාස්තුව කීයක් වෙයි ද කියල, ගාස්තුවක් ඇත්නම්?”
“ගාස්තුවක් නෑ,” ඔවුන් දෙදෙනා අතර කුඩා සිරුරින් යුතු බීනි කීවේය, ඔහු ඇයගේ කකුල් දිහා ආසාවෙන් බලා සිටියේය. “එකම දේ, අපි රකුසව අරන් යනව. හරි ගණන්, ඔය රකුසන්. ඩ්‍රින්කෝ, එහෙමයි එයාලව හඳුන්වන්නෙ. ඉඳ හිටල පිරිවිතර අස්සේ ඔවුන් අතරමං වෙනව. එකෙක් හොයාගත්ත අවුරුදු පනකට පෙර හෝ පසුව ප්ලූටෝ වල දී.”
“පෙර?” මම කීවෙමි.
“පසුව,” ඔහු නිවැරදි කළේය.
“මේ අහන්න,” මම තීරණයක් ගෙන කීවෙමි. “රකුසා අරන් යන්න බෑ ඔයාලට. ඔහු බබාව මුළු දවසෙම සතුටින් තිබ්බා. ඒත් මම කියන්නම් මම කරන්නෙ මොකක් ද කියල. මට කියන්න ඔහු කන්නෙ මොනවා ද, ඔහු වෙනුවෙන් කළ යුත්තෙ මොනව ද කියල එතකොට මම ඔහුව තියාගන්නම්. මගෙ සාක්කුවේ තියෙනව ඩොලර් විසිපහක් පෝකර් වලින් දිනපු සල්ලි ඔයාට දෙන්න පුළුවන්. එහෙම හරි ද -ජේක්?”
ජේක් මහ හයියෙන් සිනාසිණි. “ඔය දරුවෝ නියමයි,” ඔහු කීවේය. “ඔයාල දන්නෙ නෑ මෙතන වෙන්නෙ මොකක් ද කියල. ඔයාල හරි කියුට්!”
“ස්තූතියි,” මම අමනාපයෙන් පැවසීමි. “මගේ විශ්වාසය නැවත ගොඩනඟනව ඔයා. ඔයාගෙ දැවෙන බැල්මෙ යටින් මාව මල්ඵල දානව වගේ මට දැනෙනව.”
“ඔය ඩ්‍රින්කෝ වටිනව ක්‍රෙඩිට් මිලියන ගණනක්. ඒකයි මම කියන්න හදන්නෙ. ඔයා අපිට නිකං ඩොලර් විසිපහක් දෙන්න හදද්දී. මම කියන්න ද එහෙනම්, බ්ලොන්ඩි,” ඔහු මා වෙත ඇසක් ගැසුවේය. “ඔය දරුවෝ වැඩ වැඩි නිසා මහන්සියෙන් ඉන්නෙ. ඔය දෙන්න දිහා එක පාරක් බැලුවම ඒක කියන්න පුළුවන්. ඉතින්. බීනිටයි මටයි තියනව එල්-පිරිවිතරයේ පුංචි කාමරයක්, ඔක්කොගෙන්ම අයින් වෙච්ච. අපි හතරදෙනාට පුළුවන් එහෙ ගිහින් හොඳ ෆන් එකක් ගන්න. අපිට පුළුවන් එහෙ මාසයක් ඉඳලා, ඔයාලගෙ සැමියන් අද වැඩ ඇරලා ගෙදර එද්දී ඔවුන්ට හාදු දෙන්න වේලාවට ගෙදර එන්න. මොකද කියන්නේ, බ්ලොන්ඩි? එතකොට ඔයාට පුළුවන් ඩ්‍රින්කොව තියාගන්න!”
“අපි කිසිම යෝජනා බාරගන්නේ නැහැ මේ සතියේ,” මේබල් කීවේ උදාරත්වයකිනි.
“හයියෝ, සතුටට කැමති නැති දෙන්නෙක්,” ගොරවමින් කියූ බීනි ශාලාව පැත්තට ඇවිද ගියේය.
මා දිහා බැලූ මේබල් ගිනි-උදුන මතින් වූ කනප්පුවේ ඇති මල්පෝච්චියක් අතට ගත්තේය. මම ඇයට හිස සලා අනුමැතිය දුන්නෙමි. “ඒ ඩ්‍රින්කෝ ගෙන් ඈත් වෙලා හිටිය නම් හොඳයි,” ඇය බීනිට අනතුරු ඇඟවූවාය, “නැත්නම් මම පාඩමක් උගන්වනව.”
බීනි අමනාප විය. ඔහු නැවතිණ. කරන්නට අවසර දෙන්න යැයි කියන බැල්මක් ජේක් වෙත පෑවේය. ජැක් කටවසාගෙන හිනා වූයේ සම්පූර්ණ සිද්ධිය ඔහුගේ හාස්‍යය විඳීමේ ශක්තිය කිති කවන්නක් හැටියට සලකමිනි. පූසෙක් මෙන් ඔහු මේබල් වෙතට පා තැබීය. දකුණතින් එල්ල කළ පහරෙන් ඇය මල්පෝච්චිය අත් හැරියාය. ඒත් ඔහු සිය දකුණතින් තමන්ව වසාගෙන තිබුණි. මල්පෝච්චිය අතේ වැදී රූපවාහිනී පෙට්ටියේ වැදී බිඳී ගියේය. අනතුරුව ඔහු මේබල්ව වලහෙක් මෙන් බදාගත්තේය.
මාව කුලප්පු කළේ එයයි. ඒ අවස්ථාවේ මට හැරී නැතිකම හොඳින් දැනුණි. මේ මැරයන්ට ඔහු හොඳ පාඩමක් කියාදෙන්නට තිබිණ. එච්චරයි ඔවුන් – මැරයන්, බාල වංචාකරයන්. එක කකුලකින් උඩ පැන මම මගේ ඔක්ස්ෆර්ඩ් සපත්තු ගලවා ගත්තෙමි. එහි අඩිය මම ජේක්ගේ කැරලි හිස මතට පාත් කළෙමි. ඒත් එය ඔහුව තවත් කෝපාවිෂ්ට කළා මිසෙක කිසිත් සේ නොදැනුණි. මට සාප කරමින් ඔහු අත ආපහු ගෙනාවේය. එය මගේ ලිප්ස්ටික්වල වැදුණි. ඔහු මට පහරදෙනවා යැයි මා පුදුම වූ බව මට මතකයි. ඒත් ඔහු කළේ එයයි.
ප්‍රතිචාරයක් ලබාදෙන්න