Sinhala story Blog

සැප්තැම්බර් 14, 2012

කිබිසිනි -දැන් ම කාටවත් කියන්න අවශ්‍යය ද?

Filed under: Uncategorized — arunishapiro @ 7:47 පෙ.ව.

තාත්තා ඇඳි පුටුවේ නිදි කිරා වැටෙයි.

තාත්තා අසලින් අසුන් ගත්, අළුත් කොපි පොතක් අතැති ලීලා අවුල නිරාකරණය පිණිස කළ යුතු දේවල් මොනවා දැයි එහි ලියන්නට වූවාය. රාත්‍රියේ ඉස්තෝප්පු කාමරයේ ගත කළ කාලය තාත්තාගේ සුවය පිණිස ගන්නා තම වෙහෙසේ ආරම්භය සේ ඇය සැලකුවාය. තාත්තාගේ අසනීපයට තමන් යම් විදියකින් වගකිව යුතු යැයි ඇගේ සිත කොනහන්නකි. එය එසේ නොවූවත් ඔහුගේ අසනීපය හා ඉස්තෝප්පු කාමරය අතර සම්බන්ධයක් ඇතැයි ලීලාට විශ්වාසයි. තමන් වෙහෙස විය යුත්තේ එය කුමක් දැයි සොයා ගැනීමට හා එයින් තාත්තාව මේ ඉන්නා තත්වයෙන් ගලවා ගැනීමට බව ඇය දත්තා ය.

ඇය කොපි පොතේ මුලින් ම ලිව්වේ “දැන් ම කාටවත් කියන්න අවශ්‍ය ද?” යන්නයි.

ඒ ඉස්තෝප්පු කාමරයට තමන්ට යා හැකි බවයි. යම් මංසන්ධියක දී අම්මාට හෝ මෙහෙකාරියට හෝ නැත්නම් ඒ දෙදෙනාට ම කියන්නට අවශ්‍ය්‍ය. එහෙත් එය දැන් කියා සිටීමෙන් ඇති වාසි අවාසි කිසිවක් ඇයට සිතාගත නොහැකි විය.

ඉස්තෝප්පු කාමරයේ ගොඩ ගසා ඇති පොත්පත් හා සඟරා අතරින් විෂයයන් අනුව පොත් වෙන් කරගත යුතුය. ඇයි එහෙම කරන්නෙ? වෙන වර්ග කිරීමක් නොදන්නා නිසා යැයි ලීලා එතැන ලියුවාය.

මාලය දාගත් විට තමන් ගියේ කුමන භාෂාව කතා කරන පෙදෙසකට ද? ඇයට එහි දී භාෂාව කතා කළ හැකි වුවත් දැන් එය මොන භාෂාව කියා ද පවා නොදන්නීය. භාෂාවන් ගැන ලියැවුණ පොත් තිබෙනවා දැයි සොයා ඒවා වෙනම ගොඩක් කරන්න යැයි ඇය කොපි පොතේ ලියුවාය.

ඉංග්‍රීසියෙන් කතාබහ සිද්ධ වූ තැන නම් අතීතයක එංගලන්තය යැයි ඇයට සිතෙන්නේ පොත්පත් වලින් දැකි අතීත එංගලන්තයේ ඇඳුම් පැළඳුම් වලින් ඔවුන් සැරසී සිටි බව මතකයේ ඇති බැවිනි. එංගලන්තයේ එම ඇඳුම් ඇඳි යුගය කුමක් දැයි සොයා බලන්න යැයි ඇය තවත් සටහනක් ගැසුවාය. ඊට යටින් ඇය ලිව්වේ පැරණි එංගලන්තයේ රඟහල් මොනවා දැයි සෙවිය යුතුයි කියාය. එදා දර්ශනය කෙරුණේ ජර්මනියේ නිෂ්පාදනය කළ ඔර්ෆියස් ඔපෙරාව බව ඇයට මතක් වුණි. ජර්මනිය, ඔර්ෆියස් ඔපෙරාව, කුමන කාලය ද? ඇය කොපි පොතේ ලිව්වාය.

මුද්ද දෙවැනි වර දා ගත් විට ගියේ මහේශාක්‍ය ටෝනි සිටි රටටය. එක ආභරණයකින් යන්නේ එකම තැනට නෙමෙයි යැයි ඇය ලියාගත්තේ එම වාක්‍ය්‍ය වටා රවුම් කිහිපයක් හා තරු කිහිපයක් එකතු කරමිනි. මහේශාක්‍ය ටෝනි යනු කවුදැයි පොත්පත් සඟරා වලින් සොයාගත හැකිවේ ද?

නැවත වරක් යම් අබරණක් පැළඳ කුමක් වේ දැයි බැලිය යුතු ද? ඇය එය ලියූ තැන මල් අඳිමින් කල් ගත්තේ එය කළ යුතු යැයි සිතුණත් එයින් සිද්ධ වෙන යම් අවාසියක් ඇත්නම් එය නොදැන ඊට අත ගැසීමට තිබි පසුබෑම නිසයි. මල් එකින් එක එකතු වී පිටුව මල් වත්තක් බවට පත්විය.

මුලින් දාගත්ත මාලේ නම් ආයේ දාන්නෙ නැහැ යැයි ඇය සිතුවාය. කොළ, නිල්, රතුපාට මාලය යැයි ලියා ඇය ඒ අසලින් කතිරයක් ගැසුවාය.

සටහන් පිරි කොපි පොත දිහා බලාගෙන කල්පනා ලෝකයක බොහෝ දුරකට ගිහින් සිටිය ඇය අම්මා පැමිණ තේ කෝප්පයක් ඇය අසලින් තබා බන්දේසියේ වූ අනෙක් තේ කෝප්පය තාත්තාට පොවන්නට සැරසෙන හැටි දැක තිගැස්සී නැවත පියවි ලොවට ආවා ය. සටහන් පිරි ඇරුණු පොත වහද්දී, තේ කෝප්පය අතට ගනිද්දී ඇයගේ සිතේ මෝදු වුනේ “ඔහු ගිය ගමන් ගැන මෙහෙම සටහන් පොතක් තාත්තා තබා ඇත් ද?” යන ප්‍රශ්නයයි. තමාට අවුල් ලිහනු පිණිස කොණක් අසු වූවා යැයි ලීලාගේ මුව සිනාවකින් පිරිණ.

“ලීලා එකතැනක වාඩිවෙලා දැන් දිගට ම පාඩම් කරනවා, දැක්ක ද මෙයා?” අම්මා කිසිත් අවධානයක් නොදෙන තාත්තාට කියනු ඇසී ලීලාගේ සිනාව තවත් පුළුල් විය.

ප්‍රතිචාර 2 »

  1. Good! now she is on the track.
    Sorry for comment in English.

    ප්‍රතිචාර විසින් Jay — සැප්තැම්බර් 15, 2012 @ 7:05 පෙ.ව.

  2. මේ අයි පෑඩ් එකෙන් සිOහල ලියන එක හරි කරදරයි.

    ප්‍රතිචාර විසින් Jay — සැප්තැම්බර් 15, 2012 @ 7:13 පෙ.ව.


RSS feed for comments on this post. TrackBack URI

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

WordPress.comහි බ්ලොග් සටහනක්.

%d bloggers like this: