Sinhala story Blog

අගෝස්තු 27, 2012

කිබිසිනි -තාත්තාට හැදුනේ හෘදයාබාධයක් නෙමෙයි

Filed under: Uncategorized — arunishapiro @ 7:06 පෙ.ව.

තාත්තාට හැදුනේ හෘදයාබාධයක් නෙමෙයි යැයි දොස්තරවරු කියන ලදි.

රෝගය කුමක් දැයි සොයන්නට පරීක්ෂණ ගණනාවක් පැවැත් වු නමුත් එය කුමක් දැයි ඔවුනට සොයාගත නොහැකි විය. ඉස්පිරිතාලයට සති දෙක තුනක් පුරා උදේ හවා දිව්වේ අම්මා ය. ඇයගේ තනියට මෙහෙකාරියත් ලීලාත් වරින් වර ගියහ. තාත්තාට ගෙනගිය කෑම පැකට් වලින් කටවල් කිහිපයක් ඔහුට ගිලින්නට හැකි වූයේ මීට දවස් දෙක තුනකට පෙර සිහිලත් පසු ය. එහෙත් ඔහු අම්මාව හෝ අම්මා සමඟ ගිය ලීලා කවුදැයි හඳුනාගත්තේ නැත. කිසිදු වදනක් දෙඩුවේ ද නැත.

තාත්තාගේ පවුලේ ඥාතීන් කිහිප දෙනෙක් අද ගෙදරට ඇවිත් සිටින්නේ ඔහු ඉස්පිරිතාලයේ සිට ගෙදර එන නිසා ය. තාත්තාගේ මල්ලිලා දෙන්නෙක් අම්මා සමඟ ඔහු කැටුව එන්නට ගොසින්. මල්ලිලාගේ භාර්යාවන් දෙදෙනා මෙහෙකාරිය සමඟ මුළුතැන්ගෙයි සියල්ලන් වෙනුවෙන් ආහාර පිළියෙල කරති. තාත්තා අසනීප වූ දවසේ සිට දවස පුරා කිසිදා නොකළ ගෙදර වැඩ කටයුතු වලට සහාය වෙන්නට සිද්ධ වූ ලීලාට යාන්තමින් ඉස්පාසුවක් ලැබුනේ අද ය.

ඇය දවසේ තෙවැනි වතාවටත් දෙමව්පියන්ගේ නිදන කාමරයේ පිරිසිදු තුවා යනාදිය පිළිවෙලකට ඇත්දැයි සොයා බැලුවාය. ඉස්තෝප්පුව හා මැද සාලය අතුගා ඇත්දැයි සොයා බැලුවාය. ගෙදරට එන අඩිපාර හෙළි පෙහෙළි කර ඇත්දැයි බලන්නට වත්තට බැස්ස ලීලා නොදැනුවත්ව ම ඇයගේ පා ගමන් කළේ ගේට්ටුව පැත්තට නොව අඩිපාරේ තාත්තා හා ගිය නිවසෙන් පසෙක වූ පැත්තටයි.

කඩා වැටි ගස තවමත් එතැන ය. බතල වැල් යටින් දළු ලා ඇවිත් ගස වට කරගෙන වැවී ඇතත් එහි ඵලදාව හොයන්නට ගස් ඉවත් නොකර කළ නොහැකියි. ධාරාණිපාත වැස්ස, කඩා වැටුණු ගස, මඩ ගොහොරුවෙන් සොයා ගත් මුද්ද හා තාත්තා ගිලන් වීම සමඟින් තමන් ලද අත්දැකීම් කුමන හෝ ආකාරයකින් බැඳී ඇතැයි ලීලාට සිතේ. තාත්තා රෝහල් ගත වූ දා සිට ලීලාට ඉස්තෝප්පු කාමරයට යන්න ඉඩකඩක් තබා මේවා ගැන සිතන්නට වත් ඉඩකඩක් නොලැබුණි. ඒත් කුමන හෝ සම්බන්ධයක් ඇත්නම් එය පහදා ගත් කළ තාත්තාට සුවය ලැබෙන්නට යමක් තමනට කරනු හැකි දැයි ලීලා කල්පනා කළාය.

උත්තර ඇත්තේ ඉස්තෝප්පු කාමරයේ විස්කම් පානා අබරණ වල විය නොහැකියි. ඒවා පැළඳ ගත් බැවින් තමන් ගිය තැන් යළි සිහි කළ ලීලාට ඒ සියල්ලේ දී තමා වටපිටාව නොදත්, වෙන්නේ කුමක් දැයි නොදත් අයෙක් වූ බව මතක් වුණි. මුද්ද හමු වූ දවසේ රෑ කෑම කද්දී තාත්තා ඉතා සතුටින් සිටියේ ඔහු එය පැළඳ ගෙන කොහේ හෝ ගිහින් ආපු නිසා ද? එය දාගත්තාම තමන් වරෙක ගියේ එක තැනකටත් ඊ ළඟ වර ගියේ තව තැනකටත් වූයේ මන්ද? තාත්තා ගියේ තමන් ගිය තැන් වලට ද, නැත්නම් තෙවැනි තැනකට ද? තාත්තා කාමරයට ඇතුල් වෙනවාත් සමඟ මුද්ද දාගත්ත නිසා ද, නැත්නම් වැඩි කාලයක් ඉක්ම යන්නට මත්තෙන් මුද්ද කිහිප වතාවක් පාවිච්චි කළ නිසා ද තාත්තා ගිලන් වූයේ? ඇයි එහෙනම් තාත්තා ගිලන් වූයේ, අන්තිමට මුද්ද පැළඳි ලීලාට කරදරයක් නොවී?

කාගෙන් අහන්න ද?

About these ads

ප්‍රතිචාර 2 »

  1. Like “Naniya” Stories.

    ප්‍රතිචාර විසින් dhammika — අගෝස්තු 29, 2012 @ 12:35 පෙ.ව.


මෙම ලිපියේ ප්‍රතිචාර සඳහා RSS පෝෂකය TrackBack URI

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. Log Out / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. Log Out / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. Log Out / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. Log Out / වෙනස් කරන්න )

The Shocking Blue Green Theme. WordPress.comහි බ්ලොග් සටහනක්.

Follow

Get every new post delivered to your Inbox.

%d bloggers like this: