Sinhala story Blog

ජූලි 21, 2012

කිසිම රටක නායකයෙක් ඉතුරු වෙන්නෙ නැහැ

Filed under: Uncategorized — sinhalashortstories @ 7:21 පෙ.ව.

ලෝකයේ ඉහළ තනතුරු දරණ කොතරම් පිරිසක් උත්සවයට සහභාගී වන්නට කැමති වුවා ද යත්,

ඔවුන් සියල්ල ම පාහේ ආරාධනා බාරගත් හෙයින්, මාලිගාවේ ප්‍රධාන ශාලාවේ එය පැවැත්වීම ගැන ටලී ගේ සිත මහත් කරදරයට පත් කළේය. මන්ද එහි පතුලේ තවමත් භයානක වූ ද, විනාශකාරී වූ ද කුවේඩියම් බෝම්බය තවමත් ඇති නිසා ය.

“බෝම්බෙට මොකක් හරි වුනොත්,” ටලී කීවේය, “කිසිම රටක නායකයෙක් ඉතුරු වෙන්නෙ නැහැ.”

“ඒක තමයි ශක්තිමත් ම ඇපය බෝම්බයට කිසිම අනතුරක් වෙන්නෙ නැති වගට,” ග්ලෝරියානා කීවේ ප්‍රසන්න සිතිනි.

මංගල්‍යයට සහභාගී වන අමුත්තන් සීමා කරන්නට රාජ්‍ය තාන්ත්‍රික වූ කරදර බොහොමයක් විය. සැමගේ ම ආරක්ෂාව සලසනු සඳහා රටවල් වල නායකයන් පමණක්, ඔවුන්ගේ සහායකයන් කිසිවෙක් නැතිව, දනව්වට ඇතුල් කරගන්නට තීරණය විය. ඒත් ඇමෙරිකාවේ ජනාධිපති යන යන තැන ඔහුගේ රහස් සේවයේ මිනිස්සුන් ද යන බව දන්වන ලදි. ඔවුන්ව මායිමේ රඳවා තබන්නට නොහැකියි කියන ලදි. ඒ නිසා ඔවුන්ට යකඩ දම්වැල් වස්ත්‍ර හැඳගෙන ෆෙන්වික් වැසියන් සේ එන්නට අවසර දෙන එකඟතාවයට එන ලදි. ඔවුන්ගේ යකඩ දම්වැල් වස්ත්‍ර අස්සේ වූයේ පළල් අසිපත් නොව පිස්තෝල වීම සඟවා තබන්නට යැයි කියන ලදි.

සෝවියට් දේශයේ ලොක්කා ද පුද්ගලික ආරක්ෂයෙක් සමඟින් යන නිසා ඔහුට ද යකඩ දම්වැල් වස්ත්‍ර හැඳ එන්නට සිද්ධ විය. මහා බ්‍රිතාන්‍ය්‍යේ රැජින පැමිණියේ යකඩ දම්වැල් වස්ත්‍ර හැඳගත් පුද්ගලික ආරක්ෂකයෙක් සමඟිනි. දෙපැත්තේ ම රාජ්‍ය තාන්ත්‍රික හා ආචාරශීලීත්වයේ ජයක් සේ එය සැලකුණි.

මංගල මෙහෙය පවත්වන්නට සූදානම් කර තිබුනේ මාලිගාවේ ප්‍රධාන ශාලාවේ පැත්තක වූ කුඩා පල්ලියේ ය. එහි ඉඩකඩ වූයේ මංගල පිරිසට පමණි. ඉතිරි පිරිස ප්‍රධාන ශාලාවේ සිට කුමක් වෙන්නේ දැයි එහෙන් මෙහෙන් දැක්කහ. කළුගල් හයකින් වූ පඩි පෙළක් නැඟ ඒ කුඩා පල්ලියට ඇතුල් විය යුතුයි. උත්සවය පටන් ගත්තේ ග්‍රෑන්ඩ් ෆෙන්වික් හි කඳුවැටියෙන් හිරු බැස යන සන්ධ්‍යාවේ දී ය. ග්ලෝරියානා සහ ටලී දෙදෙනාම සැරසී සිටියේ 14 වැනි සියවසේ වස්ත්‍ර වලිනි. ඒ දනව්වේ වූ චාරිත්‍ර අනුව ය. ආදිපාදවරිය මයිටර හැඩයෙන් වූ හිස් වැස්මක් ද එයින් වැටෙනා වූ හිස සහ පිටුපස ආවරණය වෙමින් බිම දිගේ වැටෙනා වූ ඉතා සිනිඳු වේල්කඩක් හැඳ සිටියේ ය. ඇයගේ ගවුම ආකාස නිල් පැහැයෙන් විය. දැවැන්ත රත්තරන් මාලයක් ඇයගේ පපුව හරහා දිස්විය. පහළට කඩා වැටුණු ඇත්දත් සුදු පැහැයෙන් වූ සායේ ෆෙන්වික් ලාංඡනය වූ හිස් දෙකකින් යුතු උකුස්සාගේ පින්තූරයක් රීදි නූලෙන් මැසී තිබුණි. ඇය අසලින් සිටගත්, ඉතා උසින් හැමට පෙනුනු ටලී පැත්තකට වැටෙන බොනට්ටු හිස් ආවරණයකින් ද, එම්බ්‍රොයිඩර් කරන ලද කබායකින් ද, කෙටි කලිසමකින් ද, ඇඟට ඇළුනු දිගු කකුල් ආවරණ වලින් ද, උල් සපත්තු වලින් ද සැරසී සිටියේ චෝසර්ගේ කාලයේ විදියටයි

විලාසිතා අතරින් වඩාත් ම අද්භූත ලෙසින් සැරසී සිටියේ ආචාර්ය කොකින්ට්ස් ය. ඔහු මනමාලයාගේ යහළුවා ලෙසින් ඉරි වැටි කලිසමක් ද කෙටි කබායක් ද අඳින්නට කැමති විය. ඒත් තමන් විසින් නිර්මාණය කරන ලද පොකැට්ටු ගණනාවක් ඇති කබාය අත් හරින්නට හේ අකමැති විය. ඉතින් ඔහු එය යටින් ඇද කෙටි කබාය උඩින් ඇන්ඳේ ය. ඒ නිසා පොකැට්ටුවල බහා තිබූ පැන්සල්, පෑන්, බැටරි සහ වෙනත් විජට්ටු බොහොමයක් ඒ අස්සෙන් දකින්නට හැමට හැකිවිය.

කිසිම ආකාරයක සංගීතයක් වාදනය නොවිණ. ඒ වෙනුවට මවුන්ට්ජෝයි සිටුවරයාගේ අතේ එල්ලී මාලිගාවට මනාලිය ඇතුල් වෙද්දී පැත්තක සිටි පිරිමි පිරිසක් ලතින් බසින් පැරණි ගීතිකාවක් ගායනා කරන ලදි. එයට අනිත් පැත්තකින් වූ තරුණයන් පිරිසක් විසින් තවත් ගීතිකාවකින් පිළිතුරු දෙන ලදි.

ග්ලෝරියානා සෙමෙන් ගමන් කළාය. ඇය පිටුපසින් සුරතල් මල් කුමරුන් දෙදෙනෙක් නියමිත ආකාරයෙන් සකස් වූ කෙස් කළඹ වලින් යුතුව, සුදු සැටින් ඇඳුම් හැඳ, මනාලියගේ හිස් ආවරණයේ දිගට ඇදෙන ඉතිරිය උස්සාගෙන පිය මැන්නහ. මනාලියට සමාන වූ වස්ත්‍ර, එහෙත් කහ පැහැයෙන්, හැඳගත් පරිවාර කාන්තාවන් හය දෙනෙක් අනතුරුව ආහ. මනාලිය අල්තාර වැට වෙත ළං වෙද්දී එය කොතරම් අනගි ලෙසින් සංවිධානය කර තිබුණා ද යත් දවසේ අන්තිම හිරු එළියෙන් එතැන රත්තරන් පාටින් ආලෝකමත් විය. ටලී සහ ඇය අල්තාරය අසල තිබු බංකුවත් මත දණ ගසා ගත්හ. කුඩා පල්ලියේ සියළු කටහඬවල් නිශ්ශබ්ද වූහ. සමහරු කීවේ මංගල උත්සවයේ වඩාත්ම සුන්දර වූ අවස්ථාව එය යැයි කියාය. තවත් සමහරු කීවේ ග්ලෝරියානා විසින් තම පොරොන්දුව කියන අවස්ථාව සුන්දර ම වූ අවස්ථාව බවයි. ග්ලෝරියානා ආදරය කරන්නටත් රැක බලාගන්නටත් පොරොන්දු වූයේ ස්ථිර එහෙත් සුමුදු වූ හඬකිනි. ඇයගේ සැමියා, ඔහුගේ ප්‍රතිඥාවට “කීකරු” යන වචනය පාවිච්චිය කිරීම, පාලකයා හා වල්ලභයා අතර වෙනස මනාව පෙන්වන ලදි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න »

තවමත් ප්‍රතිචාර නොමැත.

මෙම ලිපියේ ප්‍රතිචාර සඳහා RSS පෝෂකය TrackBack URI

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Shocking Blue Green තේමාව. WordPress.comහි නොමිලේ වෙබ්අඩවියක් හෝ බ්ලොග් සටහනක් සාදාගන්න.

පසුහඹන්න

Get every new post delivered to your Inbox.

Join 25 other followers

%d bloggers like this: