Sinhala story Blog

ජූලි 18, 2012

වාඩිවෙන්න මම වත්කරන්නම් ඔබට පිනෝ වීදුරුවක්

Filed under: Uncategorized — sinhalashortstories @ 11:16 පෙ.ව.

21

ග්ලෝරියානා ආදිපාදවරිය තම බයිසිකලයේ නැඟ මාලිගාවේ කන්ද පල්ලමේ වේගයෙන් ඉගිල ගියාය. ඇය ගියේ ග්‍රෑන්ඩ් ෆෙන්වික් වනාන්තරය හා එහි වූ ටලී බැස්කොම්බ්ගේ නිවස පැත්තට ය. කන්ද බැස වේගයෙන් යෑම ඇය කවදත් ප්‍රිය කරන ලද්දකි. එහෙත් දැන් ඒ තරම් වේගයෙන් යන්නේ නැත්නම් හොඳ යැයි ඇයට සිතිණ. ගොළුබෙල්ලෙකුගේ වේගයට බයිසිකලය ගෙනෙන්නට හැකි නම් හොඳ යැයි ඇය සිතුවා ය. ඇය එය කරන්නට උත්සාහයක් ගත්තා ය. එහෙත් බයිසිකලයේ තිරිංග එතරම් හොඳින් පැවතියේ නැත. ඇය කොතරම් උත්සාහ කලත් කන්ද බැස යද්දී බයිසිකලයේ වේගය වැඩි වූවා මිස අඩු වූයේ නැත. එවිට ඇයගේ සිතට ආවේ ඇයගේ බයිසිකලය ගලක හෝ මුලක වැදී පෙරලුනොත් ඇයව විසි වී ගොස් සති කිහිපයක් ඇඳේ ඉන්නට සිද්ධ වෙනු ඇතැයි කියා ය. ඒත් ගල් හෝ මුල් පාරේ වූයේ නැත. ඇය වේගයෙන් කන්ද බැස ගියාය.

ආදිපාදවරියගේ සිත කරදරයට පත් කළ කාරණා බොහොමයක් තිබිණ. එයින් මුලින් ම වූයේ විවාහ යෝජනාවක් කරන්නේ කොහොම ද යන්නයි. සතියකට පෙර මවුන්ට්ජෝයි සිටුවරයා හමු වූ පසු ඇය සිය ගණනක ආකාර වලින් වචන එකතු කරමින් අහන්නේ කෙසේ දැයි සිතා බැලුවාය. “අපි අණ දෙනවා ඔබට පාක්ෂිකයෙක් විදියට අපිව විවාහ කරගන්න කියා,” යන්නේ සිට “කරුණාකරලා ඔයාට මා එක්ක විවාහ වෙන්න පුළුවන් ද?” යන්නට ඇයගේ යෝජනාවන් සැලකිල්ලට පාත්‍ර විය. ඒත් ඒ සියල්ලෙන් ඇයව දරුණු ස්ත්‍රියක් බවට පත් කරයි. ඉතින් ඇය උත්සාහය අත්හැර දැමුවාය. ඊ ළඟට ඇය සිතුවේ තම කොණ්ඩය කෙසේ සකස් කරගන්නේ ද කියාය. ඔහු හමුවෙද්දී තිබිය යුතු සුදුසු කොණ්ඩ විලාසිතාවක් ගැන ඇය සිතුවාය. සාමාන්‍යයෙන් ඇති සේ කොණ්ඩය උරහිස් මතට කඩා වැටෙන්නට තියනවා ද? නැත්නම් කොණ්ඩය බෙල්ල අසලින් ගැටයකට ගසනවා ද? එහෙම නැත්නම් ඔළුව මුදුනින් කොණ්ඩය ගැට ගහනවා ද? සඟරා වල කොණ්ඩ විලාසිතා බොහොමයක් තිබුණි. එහෙත් මෙහෙම අවස්ථාවකට සුදුසු වූවක් කියා තිබුනේ නැත. පිරිමින්ටත් ඒ ගැටළුවම තියෙනවා දැයි ඇය කල්පනා කළාය. තම පෙම්වතියන් ගෙන් විවාහයට කැමති දැයි අහන්න යන දවසේ කොණ්ඩය පීරන හැටි ගැන ඔවුන් සිතනවා ද?

අනිත් කාරණාව තම මුහුණ ගැන කුමක් කරන්නේ ද යන්නයි. සාමාන්‍යයෙන් ඇය වත්සුණු ගෑවේ නැත. එහෙත් අද ඇය ටිකක් තැවරුවාය, එහෙත් එය පමණට වඩා වැඩි යැයි ඇයට සිතිණ. ඉතින් ඇය එය ඉවත් කරන්නට ගත් වෑයම නිශ්ඵල වී තිබුණාටත් වඩා කැතයි යැයි සිතිණ. කම්මුල් වල රතු පැහැය සහ තොල් පැහැය ඉවත් කරත් ඇස්වටා ගෑ පාට අයින් කරත නොහැකි විය. ඇස් වටා පැතිර ගිය පාට නිසා ඇය රෑ කිහිපයක් නිදා නොගත්තෙක් සේ පෙනුණි. එය සත්‍යයෙන් වැඩි ඈතක නොවීය.

ඇඳුම් ඊ ළඟ ගැටළුව විය. රටා දැමූ කපු ගවුමක්, ට්වීඩ් රෙද්දකින් මහපු එකක්, නැත්නම් සන්ධ්‍යා ගවුමක්? කිසිත් උපදෙසක් කොහේවත් සඳහන් නොවූ නිසා ඇය ට්වීඩ් සායක් සහ බෙල්ල ළඟට කොලරය ඇති ජර්සියක් ඇන්ඳා ය. එදා දවස උණුසුම් විය. ඒත් බයිසිකලය හා ඇඳුම ගැලපුණි. පාර අවසන් වී තමා ටලී ගේ නිවස අසලට ළඟා වෙන බව හදිසියේ ම ඇයට පෙනී ගියේය. ටලී බැස්කොම්බ් හා විවාහ වෙන්න යැයි මවුන්ට්ජෝයි සිටුවරයා කී දවස හා සමාන වෙමින් තමා ඊට සූදානම් නැතැයි ඇයගේ සිත කිව්වේ ය. ඇය නිවස අසලට පැමිණිය විට දී කොතරම් නොසන්සුන් වූයේ ද යත් ඇයට බයිසිකලයෙන් බහින්නටත් දොරට තට්ටු කරන්නටත් ඉතා අසීරු විය. හුස්ම ගන්නටත් අපහසු විය. එහෙත් ඇයගේ චකිතය මඳක් පහ වී ගියේ දොර ඇරියේ ටලී විසින් නොව ඔහුගේ පියා විසින් වීම නිසයි.

“එන්න ඇතුලට, ආදිපාදවරියෙනි,” ඔහුගේ සුමුදු වදන් ඇසුණි. “ඩිංගිත්තන් විස්ස තිබ්බට පස්සෙ අපිට ඔබතුමිය දකින්නවත් ලැබුනෙ නැහැ. කොහොම ද මාලිගාවේ වැඩ කටයුතු? වැඩ අධිකයි ද?”

“ටිකක්,” ග්ලෝරියානා කීවාය.

“ඉතින් එයාලට ඔබතුමිය පිට වැඩ පටවන්න ඉඩ දෙන්න එපා,” පියර්ස් අවවාද කළේය. “පාලකයෝ ඉගෙන ගන්න ඕන අනිත් අයට පාලනය කරන්න ඉඩ දෙන්න. ඒ විදිය තමයි එයාලට ගිහින් තමන් අතින් පාලනය වෙන ජනතාව එක්ක කාලේ ගෙවන්න පුළුවන් එකම විදිය. ඒක ආණ්ඩු කරන එකේ වඩාත් ම වැදගත් කොටසක්. වාඩිවෙන්න මම වත්කරන්නම් ඔබට පිනෝ වීදුරුවක්.”

ප්‍රතිචාරයක් ලබාදෙන්න »

තවමත් ප්‍රතිචාර නොමැත.

මෙම ලිපියේ ප්‍රතිචාර සඳහා RSS පෝෂකය TrackBack URI

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Shocking Blue Green තේමාව. WordPress.comහි බ්ලොග් සටහනක්.

පසුහඹන්න

Get every new post delivered to your Inbox.

%d bloggers like this: