Sinhala story Blog

ජූලි 17, 2012

මට ගැහැණියෙක් විදියට ඉන්න ඉඩ දෙන

Filed under: Uncategorized — sinhalashortstories @ 7:36 පෙ.ව.

“මම හිතන්නෙ,” ග්ලෝරියානා කණස්සල්ලෙන් කීවාය, 

“ඔයා යෝජනා කරන එකක් නැහැ මට අර ඇමෙරිකන් මන්ත්‍රීවරයා එක්ක විවාහ වෙන්න කියල. මොකද මම ඒක කරන්නෙ නැහැ. මම මේ ඇමෙරිකන් කාන්තා සඟරාවක් කියෙව්වා. ඒකෙ තියනවා ඇමෙරිකන්කාරයෝ සේරම එයාලගෙ භාර්යාවන්ට හරිම වද දෙනවා කියල.”

“වද දෙනවා කියල?” සිටුවරයා එය ම ඇසුවේ ය.

“හරියට ම හරි. ඔවුන් එයාලට සලකන්නේ එක සමාන අය විදියටලු. එයාල කිසිම තීරණයක් ගන්නෙ නැහැල්ලු භාර්යාවන්ගෙන් අහන්නෙ නැතිව. සැමියන් විසින් තියාගත යුතු සිත් තැවුල් ඔක්කොම භාර්යාවන් එක්ක බෙදා ගන්නවාලු. සල්ලි ඇති වෙන්න නැති වුනාම එයාලව යවනවාලු වැඩ කරල සල්ලි හොයන්න. තමන් මහන්සි වෙලා ආදායම වැඩි කරගන්නෙ නැතිව. ඔවුන් කිසිත් විදියකින් පිරිමි නෙමෙයි. ඔවුන් පිරිමි-ගැහැණු. එයාලගේ භාර්යාවන් ගැහැණු-පිරිමි. මම විවාහ වෙන්න ඕන නම්, මට ඕනා සැමියෙක් පිරිමියෙක් විදියට වැඩ කරන, මට ගැහැණියෙක් විදියට ඉන්න ඉඩ දෙන. මට පුළුවන් එහෙම කෙනෙක්ව වඩා හොඳින් පාලනය කරන්න.”

“අපි විශ්වාස කරනවා, අපි කිව්වෙ බෙන්ටර් මහත්තයා, ආචාර්ය කොකින්ට්ස් සහ මම, මේ ඔබ සොයන සුදුසුකම් සියල්ල සම්පූර්ණයෙන් ම සපුරන අයෙක්ව අපි තෝරා ගත්තා යැයි කියල.” මවුන්ට්ජෝයි සිටුවරයා කීවේ ආත්මතෘප්තියකිනි.

“ඉතින්, කවුද මේ පුද්ගලයා?”

“ටලී බැස්කොම්බ්.”

“ටලී බැස්කොම්බ්?” ග්ලෝරියානා නැවත නම කියුවා ය. මුහුණ පුරා දිව යන උණුසුම් ආවේගයක් අත් වින්ඳා ය.

“ඔව්. වැදගත් හේතු ගණනාවක් තියෙනවා ඔහුව ඔබේ වල්ලභයා ලෙස බරපතලව සලකා බලන්නට. අපි එයාගේ සමහර දරදඬු ගතිපැවතුම් පොඩ්ඩක් පැත්තකට දාමු, ඔබ වැනි රදළ වංශයේ අයෙකුට නොගැලපෙන.”

“ටලී බැස්කොම්බ්ට මම දන්න තරමින් දරදඬු ගතිපැවතුම් නැහැ,” ග්ලෝරියානා කඩා පැන්නේ කෝපයෙනි.

“ඔබ එහෙම කියන එක ගැන මට සතුටුයි,” සිටුවරයා කීය. ඇයගේ කෝපය මුසු ස්වරයෙන් ඔහු පුදුම විය. “ඒකෙන් මට මේ ගැන තිබිච්ච එකම විරුද්ධතාවය ඉවත් කරගන්න පුළුවන්. එයාව ඔබේ සැමියා කරගන්න අවශ්‍ය හේතු ඔබම දන්නවා ඇති. එයා අපේ රට ආරම්භ කරපු සර් රොජර් ෆෙන්වික් පරම්පරාවෙන් එන අයෙක්. මම බැස්කොම්බ් ට කරපු චෝදනා ෆෙන්වික් දනව්ව අල්ලා ගන්නට හදනවා කියා, ඒවා ටිකක් කලබල වැඩිවෙච්ච නිසා කරපු චෝදනා බව මම දන්නවා. දැන් එයාට එහෙම අදහසක් නැති බව පේනවා. ඒත් ඒක අත්හරින්න බැහැ සම්පූර්ණයෙන්. ඇමෙරිකාවට එරෙහිව යුද වැදිලා පරදින්න යැයි යවපු මිනිහා යුද්ධයෙන් දිනලා ආවම ඒ ඇයි කියල හිතන්න ඕන. එහෙම අභිලාෂයක් තරුණ ඔහුට ඇත්නම් ඔබ හා විවාහ වුනොත් එය ඉබේම ඉටුවෙනවා.

“දෙවැනි හේතුව තමයි ඔහු සමඟ විවාහයක් යෝජනා කරන්න, ටලී බැස්කොම්බ් ග්‍රෑන්ඩ් ෆෙන්වික් දනව්වේ ඉතා ජනප්‍රිය පුද්ගලයෙක් දැන්. මැතිවරණයක් තිබ්බොත් ඔහු වෙනුවෙන් හැමෝම චන්දය දාවි. ඔබට මතක ඇති ඔහු කලකට පෙර කීවා දේශපාලන අතින් ඔහු ඉන්නේ වික්ෂිප්ත වූ තත්වයක කියා. ප්‍රජාතන්ත්‍රවාදයටත්, කොමියුනිස්ට්වාදයටත්, අරාජකත්වයත් ඔහු එක සේ ප්‍රතික්ෂේප කරනවා කියල. ඉතින් මොන පැත්තක් ගන්න ද දන්නෙ නැතිව අනාගතයේ දිනක ඔහු පාලකයෙක් වුවොත් රටේ විනාශය තමයි සිද්ධ වෙන්නෙ. මේ විදියට ඔබ හා පැත්තකින් සිට පාලනය කරන්න ලැබුනාම, සම පාලකයෙක් විදියට එතකොට එයාගේ දේශපාලනයෙන් හානියක් වෙන්නෙ නැහැ.”

“මම කිසිසේත් ම සිතන්නෙ නැහැ ටලී බැස්කොම්බ් කවදාක හරි හානියක් නොකරන අයෙක් හැටියට සැලකේවි කියල, කමක් නැහැ ඉතිරි හේතු ටිකත් කියන්නකෝ.”

“මට තියෙනවා. ඒත් ආදිපාදවරිය කිව්ව පැටව් ගහන්න සූදානම් කරන වෙළඹක් ගැන කතාව නිසා මම ඒ ටික කියන්න යන්නෙ නැහැ.”

“ඔහ්,” ග්ලෝරියානා කීවාය, “ඔහ්.” ඉතින් එච්චරයි ඇය ටික වේලාවක් යනතුරු පිට කරන ලද එකම හඬ. ඇයට සිතන්නට බොහෝ දෑ තිබිණ.

ඇයගේ සිතේ වූ සිතිවිල්ලක් පමණක් නොව මෙය රාජ්‍ය කටයුත්තක් වූ නිසා ටලී හා විවාහය ගැන සිතීමෙන් ඇය ලද සතුට අඩු වී ගියේය. ඔහුගේ සමාගමේ නිතර පසුවන්නට සිද්ධ වෙන හැටි ගැන ඇය සිතුවාය. මුලින් ම ඒ ගැන මහත් ප්‍රිතියක් ඇති වූවත් අනතුරුව එයින් මහත් බියක් ඇති විය. සමහර විට තමන්ගේ එක එක හැසිරීම් ගැන ඔහු අකමැති වේවි. ඇය හා කතාබහ ඔහුට නීරස වේවි. කැමැත්තට අනුව ලෝකය පුරා සැරිසැරූ ඔහුට තමා වැන්නෙක් සමඟ හවුල් දිවිය කම්මැලි වේවි. ඔහුට සපත්තු මහන්නටත්, නගර ආක්‍රමණයටත්, ගස් කපන්නටත්, දුනු හදන්නටත් පුළුවන් කම තිබිය දී, ඇයට උයන්නට නොහැකි නිසා ඔහු ඇයව විවේචනය කරාවි. සමහර විට ඔහු සැරිසැරූ විදේශයක එක්කො ඇමෙරිකාවේ, නැත්නම් ස්විට්ස්සර්ලන්තයේ නැත්නම් ප්‍රංශයේ ඇති කෙල්ලෙක් ඔහු ආදරය කරන. සමහර විට ඒ කෙල්ලෙක් හා ඔහු විවාහ වෙලා ද ඇති.

මේ දේවල් ගැන සිතද්දී ග්ලෝරියානාට බියක් මෙන් ම තමන් තනි වී ඇතැයි ද සිතුණි. ඇය මවුන්ට්ජෝයි සිටුවරයා දෙස බැලූ ඇස්වල වූයේ කුඩා කෙල්ලකගේ බියයි.

“බෝබෝ, මට ඇත්තෙන් ම ඔහු හා විවාහ වෙන්නට සිද්ධ වෙනවා ද?”

මවුන්ට්ජෝයි සිටුවරයා ඉතා සෙමින් ඔළුව ඉහළටත් පහළටත් දැම්මේය.

“ඒත් බෝබෝ, එයාට ඕන කමක් නැත්නම් මා එක්ක විවාහ වෙන්න. එයාට මා ගැන කිසිම ආදරයක් නැත්නම්. එයා කා එක්ක හරි දැනටමත් විවාහ වෙලා නම්. මම කොහොම ද එයා ලවා මගෙන් අහන්නෙ?”

“ඒක එයාගෙ තත්වයේ කාර්යයක් නෙමෙයි. ග්‍රෑන්ඩ් ෆෙන්වික් නායිකාව හැටියට ඔබයි අහන්න ඕනෑ ඔහුගෙන්.” මවුන්ට්ජෝයි සිටුවරයා කීවේ බැරෑරුම් ලෙසය.

“මගෙන්? අපොයි බැහැ. මට ඒක කරන්න බැහැ. කොහෙත් ම බැහැ.”

“ඔබ කළ යුතුයි. ඔබේ රට සහ ජනතාව වෙනුවෙන්,” සිටුවරයා කීය. ඔහු ගම්භීර ලෙසින් නැඟිට්ටේ ය. කඳ නවා ආචාර කර, කැමැත්ත පහ වී ගිය දෙළුම් ගෙඩි දීසියත් සමඟින් ග්ලෝරියානා තනිකර ඔහු පිට වී ගියේය.

ප්‍රතිචාරයක් ලබාදෙන්න »

තවමත් ප්‍රතිචාර නොමැත.

RSS feed for comments on this post. TrackBack URI

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

WordPress.comහි බ්ලොග් සටහනක්.

%d bloggers like this: