Sinhala story Blog

ජූලි 14, 2012

සියල්ල පොරොන්දු වී කිසිත් නොදෙන සේ හැකි වූ කතාබහේ

Filed under: Uncategorized — sinhalashortstories @ 6:17 පෙ.ව.

අනතුරුව ඩිංගිත්තන් විස්ස තම තම රටවල් බලා ගියහ.

ඊ ළඟ රැස්වීමක් සඳහා දිනයක් නියම නොවිණ. ඇත්තෙන් ම ඔවුන්ගේ බලාපොරොත්තුව වූයේ නැවත රැස්වීමක් කිසිදා කැඳවන්නට සිද්ධ නොවේ යැයි කියාය. එහෙත් ඔවුන්ගේ එකමුතුවේ පිළිබිඹුවක් හැටියට හැම මාසයක දී ම වෙනත් රටකින් සොල්දාදුවන් පිරිසක් පැමිණ ග්‍රෑන්ඩ් ෆෙන්වික් දනව්වේ දොර මුර කරන දුනුවායන් හා එක් වෙන්නට තීරණය වුණි.

එම සතියේ ම ඇමෙරිකන් කොංග්‍රසයේ නියෝජිත නිවසට පනතක් ආවේය. එහි වූයේ ඩිංගිත්තන් විස්ස රටේ පරමාණු කම්හල් බලන්නට යන අවසරය ගැනයි. සති දෙකක් යද්දී ඇමෙරිකාව, බ්‍රිතාන්‍ය, කැනඩාව, සහ එක්සත් සෝවියට් සමාජවාදී ජනරජයන් ද තම පරමාණු අවි බල රහිත කරන්නට කැමති වූහ. මාසයක් ගත වෙද්දී ඩිංගිත්තන් විස්සෙහි විද්‍යාඥයන් මහා බලවතුන් හතර දෙනාගේ පරමාණු කම්හල් සොයා බලන්නට ගියහ. ලෝකය සාමය කරා යන මාර්ගයේ නොවූවත් අඩුගානේ ස්වයං-විනාශය කරා යන පාරේ ගමන නතර කර තිබුණි.

20

මවුන්ට්ජෝයි සිටුවරයාට තමන් ට කිසිවෙක් නොසලකනවා යැයි ද තමන්ව කිසිවෙක් ගණනකට ගන්නේ නැතැයි ද සිතී සිටියේ සිත් කම්පාවෙනි. කීර්තිමත් පුද්ගලයෙක් හා තනතුරක් හෙබ වූ ඔහුට එය නුහුරු ආවේගයක් විය. මහත් කුසලතාවයන් තිබි සහ හැමගේ අවධානය මැද්දේ කල් ගෙවූ ඔහු පැවතියේ ග්‍රෑන්ඩ් ෆෙන්වික් දනව්වේ පාලන පරම්පරා වලිනි. රාජ්‍ය තාන්ත්‍රිකයන් සහ නායකයන් වූ පරම්පරාවකිනි.

1402 දී බ්‍රිතාන්‍ය සමඟ එකිනෙකාට සහාය දී ගැනීමේ ගිවිසුමේ ගණුදෙනුකාරයෙක් වූයේ ද ඔහුගේ මුත්තෙක් වූ මවුන්ට්ජෝයි හි රොබට් සිටුවරයා ය. මෙය ඔහු බ්‍රිතාන්‍ය විදේශ ලේකම්ට පෙන්වා දෙන්නට තැත් දැරීය. ඊට බ්‍රිතාන්‍ය නියෝජිතයා දුන්නේ අරුම පුදුම පිළිතුරකි. ඒ ගිවිසුම අවශ්‍ය කලට වඩා කළින් අවශ්‍ය වූවාට වඩා වැඩියෙන් ගහන ලද්දක් බව කීම පහුගිය කාලයේ වූ සියළු දේවල් වලට බලවත් සේ වෙනස් වුණි.

සිටුවරයාගේ තවත් මුත්තෙක් වූ මවුන්ට්ජෝයි හි ඩෙරික්, වෝටර් ලූ සටනේ දී නැපෝලියන් හට තවත් ඉදිරියට ගියොත් එංගලන්තයේ පැත්තට හිස් දෙකකින් යුත් උකුස්සාගේ කොඩිය ළං වෙන බවට දැනුම් දුන්නෙකි. අධිරාජ්‍යයාගේ පරාජයට හේතු වූයේ ඒ කතාව යැයි ග්‍රැන්ඩ් ෆෙන්වික් අය පිළිගත්තා වූවකි.

මේ කතා සියල්ල සිතේ නළියද්දී, තමන් විසින් කර වැරැද්දක් නිසා නොව එහෙත් යම්කිසි හේතුවක් නිසා තම පරම්පරාවට නිගාවක් තමන් නිසා වූවා යැයි සිටුවරයා සිතමින් සිටියේය. ලෝකය කැළඹූ සිද්ධි සියල්ල මැද්දේ පසුගිය මාසයන් හි දී ඔහු සිටියේ ය. ඒවා සියල්ල ග්‍රෑන්ඩ් ෆෙන්වික් ඉතිහාසයේ සහ අනිත් රටවල් වල ඉතිහාසයන් හි ද ලියැවෙනු ඇත. එහෙත් ඒ සියල්ල සටහන් ගත වෙද්දී ඔහු ගැන පරිච්ඡේදයක් කෙසේ වෙතත් අධෝ සඳහනක් හෝ ඔහුගේ නම -අකුරු වැරදී හෝ ලියැවුන නම වත්- සටහන් නොවෙනු ඇත. ඔහු ඔහුට කියාගත්තේ එහි වැරැද්ද නම් ඔහුගේ අතින් සියළු රාජ්‍ය තාන්ත්‍රික බලයන් ඉවත් කෙරැණු නිසා බවයි. ඒ වගේ දේවල් වලට උපතින් සහ ඇති දැඩි වූ පරිසරයෙන් විශේෂ දස්කමක් තිබියෙක්ව පැත්තකට කර දැමීම ගැන, තමන් ගැන ම කණගාටුවක් ඔහු සිත තුල මෝදු වන්නට විය. ඒ වෙනුවට බෙන්ටර් වැනි වැඩි ටලී බැස්කොම්බ් වැනි අයට තැනක් ලැබුණි. මේ යුද්ධෝපායයන් සඳහා ක්‍රම වේදයන් වෙනස් වී ඇත. හැම තත්වයක් ම කිරා මැන බලා සුවිශේෂී ලෙසින් ගණුදෙනු කරන රටාව අතුරුදහන් ය. සියල්ල පොරොන්දු වී කිසිත් නොදෙන සේ හැකි වූ රාජ්‍ය තාන්ත්‍රික කතාබහේ දී කිව යුතු නියම වචන ටික තෝරා බේරා ගැනීම් දක්ෂතාවයට තැනක් නැත.

මේ සියල්ල සිද්ධ වූයේ අර ටලී බැස්කොම්බ් නිසා ය. ඔහු මුළු යුරෝපයම අළු කරලන්නට ඉදිරිපත් වූ නිසාය. එයින් සියළු මහා මිනිස් ඝාතන ආයුධ අවලංගු කරන්නට රටවල් කැමති කරගත් නිසාය. මවුන්ට්ජෝයි සිටුවරයා හිතන්නට පෙර, යමක් කරන්නට පෙර සියල්ල සිද්ධ වී අවසන් ය. එය එසේ සිද්ධ වීම හොඳ බව ඔහුට පිළිගන්නට සිදුවේ. ඒත් එය එසේ සිද්ධ වීම, කිසිත් ගතියක් නැතිව, කිසිත් රාජ්‍ය තාන්ත්‍රික වූ හුවමාරුවක් නැතිව, චාරිත්‍රානුකූල පිළිවෙත් නොකර අවසන් වීම ඔහුට කරකියා ගත නොහැකි ලෙසින් ඔහුව කම්පනයට පත් කර තිබිණ.

ලැජ්ජාවෙන් බේරෙන්නට, සියල්ලන්ට ම තමන් එයට දායක වූ බව පෙන්වන්නට, එය ඉතිහාසයේ ලියැවෙද්දී තමන්ගේ නම ද එහි ලියැවෙන බව තහවුරු කරගන්නට, ඔහු ලොකු අකුරින් යමක් කළ යුතුය. ඒ නිශ්චිතව ම කුමක් දැයි කියා ඔහු දත්තේ ය.

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න »

තවමත් ප්‍රතිචාර නොමැත.

RSS feed for comments on this post. TrackBack URI

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

WordPress.comහි නොමිලේ වෙබ්අඩවියක් හෝ බ්ලොග් සටහනක් සාදාගන්න.

%d bloggers like this: