Sinhala story Blog

ජූලි 13, 2012

පැඩී මහත්තයාගේ ඌරා වගේ

Filed under: Uncategorized — sinhalashortstories @ 9:15 පෙ.ව.

සම්මන්ත්‍රණය පැවතියේ දින දෙකක් පමණි.

පළමු දවස ගෙවුනේ ඔවුන්ගේ අනන්‍යතා පරික්ෂාවට ය. දෙවැනි දවසේ මහා සභා රැස්වීම කැඳවුණි. එහි දී දොලොස්වැනි ග්ලොරියානාව සභාපති ලෙසින් තෝරා පත් කර ගැනුනි. පැනමාවෙන් ආ අයෙක් ව උප සභාපති බවට පත්විය. තුර්කියේ අයෙක් කමිටුවක් පත් කර ඇජෙන්ඩාව තීරණය කළ යුතු යැයි යෝජනා කළේය. එහෙත් අයර්ලන්තයේ අයෙක් යෝජනා කළේ ඇජෙන්ඩාවන් ද කමිටුවන් ද අවශ්‍ය නැතැයි කියාය.

“මහ ජාතීන් මේ වගේ සම්මන්ත්‍රණ වලට සහභාගී වුනාම,” ඔහු තම අයර්ලන්ත හුරුවෙන් බස උච්චාරණය කළේය, “පැඩී මහත්තයාගෙ ඌරා වගේ, කාටත් කියන්න පුළුවන් එයාල කතා කරන්න යන්නෙ මොනා ගැන ද කියල. ඒත් එයාලට ඌරා ව කපලා බේකන් හදන්න වෙනවා. හැම් වලට වෙන් කරන්න ඕන. කකුල් අච්චාරු දාන්න ඕන. හම පාට කරන්න ඕන වැඩේට බහින්න කළියෙන්. එයාලා වැඩේ ඉවර කරන්න කළින් හැමෝටම අමතකයි මොකක් ගැන ද කතා කරන්න ගියේ කියලත්. හැම් කමිටුවේ ඉන්න අය හිතන්නෙ හැම් තමයි ඌරාගේ වැදගත් ම කොටස කියල. බේකන් කමිටුවේ ඉන්න අය දිව්ර දිව්රා කියන්නෙ බේකන් නෙවෙන්න නම් ඌරෙකුත් ඉන්න එකක් නැහැයි කියලයි. ඉතින් අන්තිමේ දී හැමෝම ආපහු යනවා කිසිත් වැඩක් නොකර.

“ඒත් අපි දන්නවා අපි ඉස්සරහ ඉන්නෙ මොන විදියෙ මෘගයෙක් ද කියල. අපි මෙතැනට ඇවිත් ඉන්නෙ ඩිංගිත්තන් විස්ස එකට එකතු වෙලා විසල් තුනටත් නැත්නම් විසල් හතර නැත්නම් විසල් පහ හරි ඔය කියන ඕනෑම විසල් ගණනකට එයාලගෙ සිහිවිකල් වැඩ නවත්තලා මේ අපිව ඕනම මිනිත්තුවක දී සුන්නත් දුලි කරලා දාන බෝම්බ නිෂ්පාදනය නවත්වන්න කියන්නට. ඉතින් මම යෝජනා කරනවා අපි කිසිම කමිටුවක් පත් කළ යුතු නැහැ කියල. කොයි විදියකින් වත් ඌරාව කපන්න හදන්නෙ නැහැ කියල. කෙළින් ම වැඩේට බහිමු කියල.”

මේ දැඩි උද්වේගයකින් ඉදිරිපත් කළ කතාවෙන් සහ එයින් ඇඳුනු චිත්ත රූපයෙන් ඇති වූයේ ආකූලතාවයකි. එහෙත් ඊශ්‍රායල නියෝජිතයා, හෝඩියේ අකුරු පිළිවෙල නිසා අසුන් ගත් පිළිවෙල අනුව සිටියේ අයර්ලන්ත නියෝජිතයා අසලයි, මෙය පැහැදිලි කරන්නට උත්සාහයක් ගත්තේ ය. අනතුරුව එයට තමා ද කැමති බව කියා කියුවෙන් කිසිත් විරෝධයක් නැතිව ඒ යෝජනාව සම්මත විය.

ඊශ්‍රාලයෙන් ආ නියෝජිතයා රබ්බයි කෙනෙක් විය. අයර්ලන්තයෙන් ඇවිත් තිබුනේ පාදිලිවරයෙකි. අයිරිශ් පාදිලිවරයා ඊශ්‍රාල නියෝජිතයා වෙත හැරී, “මේ තමයි කතෝලික රටකට යුදෙව් අදහන්නන්ට ණය වෙන්න වෙච්ච ප්‍රථම වතාව,” යැයි පැවසීය.

රබ්බයි විසින් පිළිතුරු වශයෙන් “මීට පෙර වතාවක් තිබ්බා. ක්‍රිස්තියානි දහම, ඔයාට මතක් කර ගන්න පුළුවන් නම්, බිහිවුනේ පලස්තීනයේ,” යැයි මෘදු බසින් කීවේය.

ඔවුන් දෙදෙනාම සිනා වූහ.

පුංචි ජාතීන්ගේ සංවිධානයේ ප්‍රඥප්තිය එදින ම තීරණය කෙරිණ. කළින් සකස් කරන ලද එය එවැනි ඵෛතිහාසික වටිනාකමකින් යුතු වූවක් හැටියට ඉතා සරල වූවකි. එහි ඇතුලත් වූයේ ප්‍රධාන කරුණු හයකි.

දිගු ආරම්භයක් එයට නොවිණ. ඒ වෙනුවට කෙළින් ම වැඩට බහින ලද්දකි.

එය මෙසේ විය:

මේ ගිවිසුමට අත්සන් තබන ලද මෙම රටවල්, ඒ ඒ රටවල් වල ව්‍යවස්ථාවන්ට අනුව සම්මත කරගන්නා පරිදි, මේ වගකීම් හා මේ ක්‍රියාවන් ඉටු කරන්නට ගම්භීර පූර්වක ව කැප වෙති:
1. මේ රටවල් එකට එකතු වෙන්නේ ලෝකයේ මහා මිනිස් ඝාතන කරන අවි ආයුධ අවලංගු කරන්නට ය.
2. මෙය සාක්ෂාත් කර ගැනීම සඳහා ඔවුන් විසින් ෆ්‍රෙඩරික් කොකින්ට්ස්ගේ අනුදැනුම යටතේ විද්‍යාඥයන්ගේ කමිටුවක් පත් කරගෙන සියළු රටවල පරමාණු නිෂ්පාදන නොහදන බවට වූ පොරොන්දුව රකින්නේ දැයි සොයා බලනු ඇත.
3. පරමාණු සතු රටවල් වලට මේ සෝදිසි කිරීම් සඳහා ඉඩදෙන්න යැයි ඔවුන් තර්ජනය කරන්නේ නැත්නම් දැන් ග්‍රෑන්ඩ් ෆෙන්වික් බාරයේ ඇති කුවේඩියම් බෝම්බය පුපුරුවා හරිනවා කියාය.
4. මේ කුවේඩියම් බෝම්බය එහි ආරක්ෂාවට කැප වූ සියළු රටවල් වල වගකීමයි. එය ආරක්ෂා කිරීමට ඔවුන් සියල්ලෝ ම බැඳී සිටිති.
5. මේ රටවල් සියල්ල තම පෙරැත්ත කිරීමේ ශක්තිය, සද්ගුණවත් වූ ආකාරයෙන් හෝ, රාජ්‍ය තාන්ත්‍රික වූ ආකාරයෙන් හෝ, ආර්ථික වූ ආකාරයෙන් හෝ නැත්නම් යුද බලයෙන් හෝ වඩා සාමකාමී ලෝකයක් සඳහා වෙහෙසෙනු ඇත.
6. මේ රටවල් සියල්ල මේවා කරන්නට එකඟ වන්නේ මේ ගැන ගම්භීර වූ තත්වාකාරයෙන් දැන සිටිනා නිසාත් එය නොකළ හොත් සියල්ලෝ ම අවසානයේ විනාශ මුඛයට යන බව දන්නා නිසාත් ය.

මේ සටහනට වෙන කිසිවක් ඇතුල් කරන්නට කිසිවෙකුට අවශ්‍යතාවයක් නොවීය. එයින් කිසිවක් අඩු කරන්නටත් කිසිවෙකුට අවශ්‍ය නොවීය. ඔවුන් එයට අත්සන් තැබුවේ ඉතා කෙටි නෛතික වූ කතාවක් දෙකක් කරමිනි. ඊ ළඟ දිනයේ එහි විස්තර සියල්ල ලෝකයා වෙත දන්වන ලදි.

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න »

තවමත් ප්‍රතිචාර නොමැත.

RSS feed for comments on this post. TrackBack URI

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

WordPress.comහි නොමිලේ වෙබ්අඩවියක් හෝ බ්ලොග් සටහනක් සාදාගන්න.

%d bloggers like this: