Sinhala story Blog

ජූලි 12, 2012

යම් දෙයක් පිළිගන්න සූදානම් වූවාම විශ්වාස කරන දේවල්

Filed under: Uncategorized — sinhalashortstories @ 1:51 ප.ව.

තිරයක් පිටුපසින් වූ කාමරයකින් ඔහු කූඩුවක් රැගෙන ආවේය.

එහි ඇතුලත යම් දෙයක් එහා මෙහා යයි. එහි හිසක් නැත. එහෙත් මුවක් තිබුණි. එය ඇරෙමින් වැසෙමින් පැවතුණි. එය ලෝම වලින් පිරි තොල් වලින් වූවකි. කකුල් හයක් සහ මයිල් නොමැති කොටස් වූ හම නිල් පැහැයෙන් දිස්විය.

“ඒ කුමක් ද?” විදේශ කොමිස්සාර් විමසීය.

“මේකා ඉස්සර මීයෙක්,” ටලී හිමිහිට උත්තර දුන්නේය. “මේකා මුහුණ දීපු කාබන් 14 ප්‍රමාණය ලක්ෂයකින් එක කොටසක්. ඒත් බෝම්බය නිසා නිපැදවෙන්නෙ මීට වඩා මහත් ප්‍රමාණයක්. ජීවිතය බේරා ගන්න ලැබේ යැයි කියන්න අමාරුයි. ඒත් ජීවිත බේරිච්ච අය, මිනිස්සු වේවා සත්තු වේවා, ඔවුන් මේ වගේ රාස්සයෙක් වේවි.”

කූඩුවේ ඉන්නා සතාගෙන් ඇස් ඉවතට ගැනීමට සෝවියට් කොමිස්සාර්ට අසීරු විය. එයින් යම් ආකාරයක කෙඳිරියක් ඇසුනා යැයි ඔහු සිතුවේය. ඔහුගේ මාංශ පේශී වෙව්ලන්නට විය. අඩි හයේ යම් යම් තැන්වල ගැස්සීම් ඇතිවිය.

“මට ආයෙත් කියන්න මේ ආයුධ පාලනය සඳහා වූ සැලැස්ම වල් මොනවා ද කියල,” ඔහු කීවේය.

ටලී ආයෙත් කීවේය.

“ඉතින් ඇමෙරිකන්කාරයොයි බ්‍රිතාන්‍යයේ අයයි ඊට එකඟ වුනා ද?” විදේශ කොමිස්සාර් ඇසීය.

“ඔව්.”

“සොයා බැලීම් කරන්නෙ කිසි පැත්තකට නැති කුඩා රටවල් වල විද්‍යාඥයන් විසින්?”

“ඔව්.”

“කොහොම ද අපි දැනගන්නෙ ඔවුන් සෝවියට් විද්‍යාගාර වලින් සොයාගන්නා දේවල් ඇමෙරිකානුවන්ටයි බ්‍රිතාන්‍ය්‍යටයි දෙන්නෙ නැති වේවි කියල?”

“ඔබට ඒකට ඇත්තේ අපේ වචනය බාරගන්න විතරයි. ඒක නැත්නම් මේක,” ටලී පෙන්වූයේ කූඩුවයි.

සෝවියට් කොමිස්සාර් ඉද්ද ගැහුවා සේ සිටගත්තේ ය. “මම මොස්කව් වලට වාර්තා කරන්නම්,” ඔහු කීවේය. කූඩුව ඇතුලට බිය මුසු බැල්මක් හෙළා ඔහු පිටව ගියේය.

ඔහු පිටත් වී ගිය පසු ආචාර්ය කොකින්ට්ස් තම ඝන කාච ඇස් කණ්ණාඩි වලින් හැම අත බලමින් කාමරයට ඇතුල් විය. “ඒක වැඩ කළා ද?” ඔහු ඇසීය.

“මම හිතන්නෙ හරි ගියා,” ටලී උත්තර දුන්නේය.

“හොඳයි එහෙනම්,” ආචාර්ය කොකින්ට්ස් කීවේය. “මම උන්ව එළියට ගත්තොත් හොඳයි.” ඔහු කූඩුවට අත දා එය එළියට ගත්තේ ය. උඩුබැලි අතට හරවා සිපර් එකක් ගැලවීය. සුදු මීයෝ තිදෙනෙක් පිටතට ආහ. දෙදෙනෙක් ඔහුගේ අත දිගේ දුවගොස් උරහිස මත හිඳ ගත්හ. ලොම් ගුලිය කුඩා ගෝනියක් සේ ගුලි විණ. “මම ජීවවිද්‍යා ශිෂ්‍යයෙක්ව ඉන්න කාලේ විද්‍යාගාරයට එන අලුත් ළමයින්ට මේ විදියේ උප්පරවැටි පෙන්වුවා,” ඔහු කීවේය. “හරි පුදුමයි මිනිස්සු තමන්ගේ මනස යම් දෙයක් පිළිගන්න සූදානම් වූවාම විශ්වාස කරන දේවල්.”

මේ විසල් තුන්දෙනා සමඟ වූ සාකච්ඡා වලට පසුව ඩිංගිත්තන් විස්ස ග්‍රෑන්ඩ් ෆෙන්වික් මාලිගාවේ දී රැස්වූහ. ලෙබනනය, ඊශ්‍රාලය, අයර්ලන්තය, ඩෙන්මාර්ක්, අයිස්ලන්තය, එක්වදෝරය, ගුවාතමාලා, ස්විට්ස්සර්ලන්තය, තුර්කිය, ග්‍රීසිය, ලීෂ්ට්අන්ස්ටයින්, ෆින්ලන්තය, පෘතුගාලය, මෙක්සිකෝව, සවුදි අරාබිය, නෝර්වේ, ස්වීඩන්, බෙල්ජියම, පැනමාව සහ ග්‍රෑන්ඩ් ෆෙන්වික් යන රටවල් නියෝජිතයෝ වූහ. එහෙත් ඔවුන් සියල්ලම ග්‍රෑන්ඩ් ෆෙන්වික් මාලිගාවේ රැස් කර සාකච්ඡා පවත්වන්නට ඉඩකඩ නොවීය. ස්විට්ස්සර්ලන්තයේ බාසල් හි හමුවන්නටත් සියළු වියදම් ස්විස් ආණ්ඩුව බලා ගන්නම් යැයි ඔවුන් යෝජනා කළහ. “ස්විට්ස්සර්ලන්තයට ගෞරවයක් මේ වගේ අපේ සයිස් ජාතීන් හමුවක් පවත්වන්නට ලැබීම ගැන,” යැයි ස්විස් නියෝජිතයා කියා සිටියේය.

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න »

තවමත් ප්‍රතිචාර නොමැත.

RSS feed for comments on this post. TrackBack URI

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

WordPress.comහි බ්ලොග් සටහනක්.

%d bloggers like this: