Sinhala story Blog

ජූලි 10, 2012

ඩිංගිත්තන් විස්ස

Filed under: Uncategorized — sinhalashortstories @ 4:50 ප.ව.

19

ලෝක මාධ්‍ය්‍යේ ‘ඩිංගිත්තන් විස්ස’ නමින් හැඳින්වුනු ඒ නියෝජිත කණ්ඩායම ඊ ළඟ සතියේ දී ෆෙන්වික් මාලිගාවේ දී හමුවූහ. ඒ අතර තුර දී බ්‍රිතාන්‍ය විදේශ ලේකම්ව ග්ලෝරියානා ආදිපාදවරිය විසින් හමු වී තිබිණ. ප්‍රථම වතාවට කීර්තිමත් රාජ්‍ය තාන්ත්‍රිකයෙක් කිසිත් ප්‍රතිඵලයක් සහනයක් දිනා නොගෙන හිස් අතින් ආපසු ගියේය.

1402 දී ගිවිසුම අනුව ග්‍රෑන්ඩ් ෆෙන්වික් දනව්ව බ්‍රිතාන්‍ය සේනාංක අටක් ඉතා කැමැත්තෙන් බාර ගනු ඇතැයි ඔහු මහත් විශ්වාසයකින් සිටියේ ය. ඒ වෙනුවට ඉතා සුමුදු ලෙසින් එහෙත් ස්ථිර ලෙසින් ග්ලෝරියානා ඔහුට කියා සිටියේ කිසිත් උදව්වක් අවශ්‍ය නැතැයි කියාය. දනව්වට තම කටයුතු තනිවම බලාගත හැකි බවයි. කුඩා ජාතීන්ගේ සංවිධානය කුවේඩියම් බෝම්බය අවලංගු කරන සංවාදයන්ට බ්‍රිතාන්‍ය්‍යත් සහාය දෙනවා ද නැද්ද යන්න ද කතාබහ කෙරුණි.

ආපසු ගිය ඔහු තම ගමන ගැන අගමැතිවරයාට වාර්තා කරද්දී, “මට හිතුනෙ මම ගලිවර් වගේ කියල. එයා ලිලිපුට් වල නැඟිටිද්දී වගේ මගේත් අත පය මකුළු දැල් වලින් වගේ දහස් ගණනක නූල් වලින් බැඳලා දාල වගේ දැනුන. මට කියන්න තිබිච්ච එකම දේ තමයි මහරැජිනගේ ආණ්ඩුව ඒ වගේ දෙයකට එකඟ වෙයි කියන එක විතරයි. මේ භයානක පරමාණු අවි තරඟය නැවතුනොත් අපිට ආපහු අපේ ලෝක වෙළඳපොලේ තිබිච්ච ප්‍රමුඛ තැන ලැබෙන්න ඉඩත් තියෙනවා. කොහොම නමුත් ඒක ටිකක් ලැජ්ජා හිතිච්ච අත්දැකීමක්. අපිට මේක ගැන කළින් හිතන්න තිබ්බා.”

“ටෝනි, ඒකෙන් හිත් තැවුලක් ඇති කරගන්න එපා,” අගමැතිවරයා කීය. “මීට කළින් මෙහෙම වෙලා තියෙනවා. ඉඳ හිටලා පුංචි රටක් විසින් සිංහයාගේ වලිගෙන් අල්ලා ගන්නවා. එතකොට ඉතින් අපි හැමෝටම වෙන්නෙ සහාය පළ කරන්න තමයි. ඉතිහාසය පුරා වෙනස් වෙන දේවල් දිහා බැලුවම මේක පුදුමයක් නෙමෙයි. අද ඒක වයින් බෝතලයක්. ශතක ගණනකට පෙර ඒක ජෙන්කින්ස් කියපු මුහුදු කප්පිත්තෙක් ගෙ කනක්. ඒ සිද්ධිය මුළු යුරෝපයේ ම රැව් දුන්නා විතරක් නෙමෙයි ප්‍රංශ ඉන්දියන් යුද්ධයේ දී යටත් විජිත ඇමෙරිකාවේ ද රැව් දුන්නා. අනික අපි අශාන්ති අය එක්කලා වසර සියයක් විතර යුද්ධ කරානේ රත්තරන් බංකුවකට. මට හරියට නිච්චි නැහැ ස්පාඤ්ඤ-ඇමෙරිකන් යුද්ධ වල දී සුරුට්ටු සම්බන්ධයක් තිබ්බා ද නැද්ද කියල. එහෙම තිබ්බා නම් මම ඒක ගැනත් පුදුම වෙන්නෙ නැහැ. මට කියන්න, මේ ග්ලෝරියානා, ඇය රූමත් ද?”

“ඔව්, ඉතා ලස්සනයි.”

“විවාහ වෙලා නැහැ, මම හිතන්නෙ.”

“නිවැරදියි.”

“ආහ්. අපේ අවාසනාව. නැහැනෙ අපිට අමතර කුමාරයෙක්. නැත්නම් වැඩේ නියම විදියට විසඳන්න තිබ්බා.”

“මම හිතන්නෙ නැහැ අමතර කුමාරයෙක් හිටියත් එයාට අවස්ථාවක් තියේවි කියල,” විදේශ ලේකම් කීවේය. “මම දැක්ක විදියට ග්ලෝරියානාගේ හිත ගත්තු කෙනෙක් දැනටමත් ඉන්නවා.”

“දෙයියනේ, ඌ ඇමෙරිකන්කාරයෙක් එහෙම නෙමෙයි කියලා මම හිතනවා!” අගමැති ප්‍රකාශ කළේය.

“නැහැ, එයාගේ රටේ ම කෙනෙක්. ටලී බැස්කෝම්බ් කියන මිනිහා. එයා තමයි ඇමෙරිකාවට ගිය ආක්‍රමණය මෙහෙයවලා කුවේඩියම් බෝම්බය අල්ලා ගත්තු එක්කෙනා.”

“කඩවසම් පොරක් වෙන්න ඇති, සැකයක් නැතිව?”

“මම හඳුන්වන්නෙ නැහැ ඔහු කඩවසම් කියල. දැඩි සිරුරකින් යුතු ආමක ලක්ෂණ හෙබියෙක්. ටිකක් හුරුයි ඒබ්‍රහම් ලින්කන්ගේ පෙනුමට.”

“ඉතින්,” සුරුට්ටුවෙන් සිවිලිම දිහාට දුම වළාකුලක් පිඹිමින් අගමැතිවරයා කීය, “එයා ඉංග්‍රීසි සම්භව්‍යයකින් යුතු වූවෙක්. ඒක ඇති සිත හදාගන්න. ඉන්නකො ඊ ළඟ සැරේ මම ඇමෙරිකන් ජනාධිපති හමුවෙන තෙක්. එයාට කළින් හිටපු එක්කෙනා මට හැම තිස්සෙම විහිළු කළා, අපේ ලී එන්ෆීල්ඩ් එක්ක ඇමරිකන් ගරාන්ඩ් සංසන්දය කරමින්. එක වතාවක් එයා මුළු ඉතිහාසය පුරා ම දිව්වා. ස්ටාලින් බෙරිහන් දෙන හැටි ඉඳලා ඉංග්‍රීසි තුවක්කුව එක්ක කෙන්ටකි තුවක්කුවක් සසඳමින්. මම යවන්න ඕනා ඇමෙරිකන් ජනාධිපතිවරයාට දිගු දුනු කිහිපයක් ඒවා පාවිච්චි කරන උපදෙස් එක්කම. ආයේ ඕන නැහැ. මොකද එයාලා ඒකත් දියුණු කරාවි. ඉතින් එහෙනම් ඇමෙරිකානුවන් මේ යෝජනාවට පක්ෂ වේවි. මේ කුඩා ජාතීන්ගේ සංවිධානයට පරමාණු අවි අවලංගු කරන්න අවසරය දෙන එකට?”

“ඔව්,” විදේශ ලේකම්වරයා කීය. “මට කිව්වෙ දැනටමත් එයාලා එකඟ වෙලා ඉවරයි කියල. මේ මාසේ ‘අත්ලාන්තික්’ සඟරාවේ තියනවා හොඳ ලිපියක්. ඒකෙ සංසන්දනය කරලා තියෙනවා මේ යෝජනා කරලා තියෙන සංවිධානයත් එක්ක එයාලගෙ ෆෙඩරල් ආණ්ඩුව සහ ප්‍රාන්ත 48 අතර තියන සම්බන්ධය ගැන. ඒක දැනටමත් ඇමෙරිකන් අදහසක් වෙලා ඉවරයි වගේ. රුසියානුවන් තමයි ඔන්න මොකක් හරි විරෝධයක් ගෙනාවොත් ගේන්නෙ. ඒත් මම හිතනවා එයාලත් එකඟ වේවි කියල.”

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න »

තවමත් ප්‍රතිචාර නොමැත.

RSS feed for comments on this post. TrackBack URI

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

WordPress.comහි බ්ලොග් සටහනක්.

%d bloggers like this: