Sinhala story Blog

ජූලි 9, 2012

ඇමෙරිකාවේ ඒවා විකුණන්න සම්පූර්ණ අලෙවිකරණ අයිතිය ඉල්ලනවා

Filed under: Uncategorized — sinhalashortstories @ 6:38 පෙ.ව.

“ඔයා හිතනවා ද ඔවුන් ඇත්තට ම බෝම්බය පුපුරුවා හරියි කියල?” ජනාධිපතිවරයා ඇසීය.

“ජනාධිපති මහත්තයා,” ලේකම්වරයා පටන් ගති, “ඔයා විශ්වාස කරනවා ද ඔවුන් දිගු දුනුවායන් විස්සක් එක්ක නැවක් කුලියට ගෙන ඇවිත් මෑන්හැටන් දූපතේ බැහැලා ඇමෙරිකාව ආක්‍රමණය කරයි කියල?”

“මට වැටහෙනවා ඔබ කියන දේ,” ජනාධිපතිවරයා උත්තර දුනි. “ඉතින් සෙනෙට් සභාව සම්මත කරන්න තියෙද්දී, අපි මේ සොයා බැලීම් කරන වැඩේ එක්ක එකඟ වෙමු. එයාලා අපිව ගහක් උඩ හිර කරලා තියෙන්නෙ කොහොමටත්. වෙන මොනවා ද ඉල්ලුවේ?”

“වෙළඳපොලෙන් සැන් රෆායෙල් පිනෝ ඉවත් කිරීම. ඇමෙරිකාව ප්‍රතිසංස්කරණය කරන ගෙවීම් කිසිත් ඔවුන්ට ගෙවන්න සිද්ධ වෙන්නෙ නැහැයි කියන ප්‍රතිඥාවක්, එයාලගෙ වයින් ඇමෙරිකාවට බාධාවකින් තොරව එවන්න අයිතිය, වන්දියක් හැටියට ඩොලර් මිලියන පහක්.”

“ඔබ කිව්වේ මිලියන කියලා ද නැත්නම් බිලියන කියලා ද?” ජනාධිපතිවරයා ඇසීය.

“එම් අකුර … මදර් … මිලියනයක්,” ලේකම්වරයා කීය.

“මිලියන පහක් විතරයි,” ජනාධිපතිවරයා වික්ෂිප්ත විය. “ඒ අපි එක ජර්මන් නගරයක් වෙනුවෙන් විතරක් වැය කරපු තරමටත් වඩා අඩුයි.”

“වෙනස මේකයි, මම හිතන්නෙ, ජර්මානුවන් පරාජය වූවා ඒත් ග්‍රෑන්ඩ් ෆෙන්වික් දිනුවා,” ලේකම්වරයා මතක් කළේය. තව පොඩි කොස්සක් තියෙනවා. බෙන්ටර් කියල හාදයෙක් ඉන්නවා. එයා ඔවුන්ගෙ කැබිනට් සාමාජිකයෙක්. මිනිහාට ඕන වන්දි මුදල් වලින් ග්‍රෑන්ඩ් ෆෙන්වික් පිනෝ වයින් රස මුසු චුවින් ගම් කම්හලක් හදන්න. එයාලට ඇමෙරිකාවේ ඒවා විකුණන්න සම්පූර්ණ අලෙවිකරණ අයිතිය ඉල්ලනවා. බදු මුකුත් නැතිව. එයාල හිතනවා ඒවා අපනයනයෙන් එයාලට ඇති තරම් සල්ලි හොයාගන්න පුළුවන් කියලා තවත් කාලාන්තරයක් යනතෙක් එයාලගෙ අවශ්‍යතාවයන් සපුරා ගන්නට.”

ජනාධිපතිවරයා සිනහා වූයේය. “එහෙනම් ඉතින් මේ සාම ගිවිසුම අත්සන් කරන්න ලැහැස්ති කරමු,” ඔහු කීවේය. “අපි එකඟ වෙනවා කියන්න. ඒත් අපේ කොංග්‍රසයේ අනුමැතිය ගන්න ඕන කියන්න. මොකද කිව්වේ හමුදා ආරක්ෂාව ලබා දීම ගැන?”

“ඔවුන් කීවා ඔවුන්ට එහෙම අවශ්‍යතාවයක් නැහැ කියල. ඉතින් මාත් ඒක පස්සෙ එලෙව්වෙ නැහැ.”

“ඔහ්. එයාල ස්නිපෙට් ජනරාල්වරයා සහ පොලිස් නිලධාරීන් වත් නිදහස් කරාවි ද?”

“ඔව්, ස්නිපෙට් බලාගෙන ඉන්නෙ වහාම ආපහු එන්න. එයාට තියෙනවා අළුත් අවියක් ගැන සැලැස්මක් සිවිල් ආරක්ෂක අංශයේ සේවයට.”

“ඒ මොකක් ද?”

“දිගු දුන්නක්.”

ෆ්‍රීඩ්රික්ශාෆන් හි ලීඩර්මුල් ඉන් නවාතැනේ ගිමන් හරින්නට ගිය බ්‍රිතාන්‍ය විදේශ ලේකම්වරයා සහ සෝවියට් විදේශ කොමිස්සාර් දෙදෙනා එහි වූ ඇමෙරිකන් තැබැරූමේ දී කොක්ටේල් පානයට හමුවූහ.

“මම කල්පනා කරන්නෙ,” සව්දිය පුරමින් වීදුරුවක් දෙකක් පානය කළ පසු සෝවියට් කොමිස්සාර් හඬ අවදි කළේය, “මොකක් ද අපේ ඇමෙරිකන් මිත්‍රයා ග්‍රෑන්ඩ් ෆෙන්වික් වල කරන්නෙ කියලයි.”

“කිසිම අදහසක් නැහැ මට,” විදේශ ලේකම් උත්තර දුනි. “සමහර විට ඔවුන්ට චුවින් ගම් විකුණනවා වෙන්නැති. චෙරියෝ.”

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න »

තවමත් ප්‍රතිචාර නොමැත.

RSS feed for comments on this post. TrackBack URI

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

WordPress.comහි බ්ලොග් සටහනක්.

%d bloggers like this: