Sinhala story Blog

ජූලි 6, 2012

තැති ගන්නට කිසිත් උවමනාවක් නැත

Filed under: Uncategorized — sinhalashortstories @ 8:07 පෙ.ව.

18

මුළු ලෝකයේ ම අවධානය යොමු වී තිබුනේ එහි ඉතිහාසයේ කිසි දවසක මේ තරම් අවධානයක් නොලත් ග්‍රෑන්ඩ් ෆෙන්වික් දනව්ව වෙතට ය. ලෝකය පුරා පළ වූ පුවත්පත් සෑම එකකම පාහේ ෆෙන්වික් දනව්වේ හැම අංගයක් ම පෙන්වන සිතියමක් පළ කරන ලදි. අඩි දෙදහසක් උස කන්ද මුදුනේ වූ මාලිගාවේ නියමිත පිහිටීම සමහර පත්‍ර වල දක්වා තිබුණි. කුවේඩියම් බෝම්බය ඇත්තේ මේ තැනයි දක්වන කතිරයක් ගසන ලද සැලැස්මක්, සැලැස්මක් විය හැකි වූවක්, තවත් අය පළ කරන ලදි.

‘ලෝක පාලනයේ මධ්‍යස්ථානය ෆෙන්වික් මාලිගාව’ යැයි සිරස්තලයෙන් නිව් යෝර්ක් ඩේලි නිව්ස් පත්තරය ඔවුන් මුද්‍රණය කළ කොලම් පහකින් යුතු සිතියමේ උඩින් දමා තිබුණි. ග්‍රෑන්ඩ් ෆෙන්වික් වල පින්තූර වලින් පිටු තුනක් පිරී ගියේය. එයින් පිටු දෙකක පළ වී තිබුනේ ග්ලෝරියානා ආදිපාදවරියගේ පින්තූර ය. අනෙක් පිටුවේ බාගයක් දනව්වේ පින්තූර වලින් ද ඉතිරි බාගය එහි සාම සාකච්ඡා සඳහා යන රාජ්‍ය තාන්ත්‍රිකයන් ගෙන් ද සැරසී තිබිණ. ආදිපාදවරියගේ පින්තූර පළ වූ පිටුවල ඇයව මයිලෝ හි වීනස් සමඟත්, රීටා හේවර්ත් සමඟත්, දෙවැනි එළිසබෙත් රැජින සමඟත් සංසන්දනය කර තිබිණ. නැගෙනහිර පැත්තේ වූ කුඩා විශ්ව විද්‍යාලයක සම්භව්‍ය අංශයේ මහාචාර්යවරයෙක් ඇයව ට්‍රෝයි හි හෙලන් ගේ හැඩරුව හා සමාන කර තිබිණ. ඡායාරූප නොතිබි නිසා පින්තූර අඳින ලද ඒවා විය. එයින් එකක ඇයගේ අතේ වූයේ පිනෝ වයින් වීදුරුවකි. එහි කියැවුනේ වයින් ප්‍රවීනයන් ග්‍රෑන්ඩ් ෆෙන්වික් පිනෝ ලස්සන බවේ වයින් සංකේතය සේ සලකන බවත්, ආදිපාදවරිය උදේ කෑමට පෙර එයින් වීදුරු දෙකක් පානය කරන බවත් ය. ඊ ළඟ දිනයේ දී නිව් යෝර්ක් නගරයේ වූ පිනෝ වයින් සියල්ල අලෙවි වී අවසන් විය.

නිව් යෝර්ක් ටයිම්ස් පුවත්පත දනව්වේ ආරම්භය ගැනත් එහි ඉතිහාසය ගැනත් සත්‍ය සටහනක් පළ කරන ලදි. ටයිම්ස් පත්තරයේ වොෂිංටන් කාර්යාලයේ ප්‍රධානියාගේ යෝජනාවක් අනුව එහි වැඩි කොටසක් වෙන් වී තිබුනේ ග්‍රෑන්ඩ් ෆෙන්වික් වල පිනෝ වයින් වල ගුණ කියන්නට ය. ඔස්ට්‍රේලියාවේ සිඩ්නි මොර්නින් හෙරල්ඩ් පත්තරයේ ග්‍රෑන්ඩ් ෆෙන්වික් දනව්වේ ස්වාධීන වූ පුද්ගලයන් සමඟ ඔස්ට්‍රේලියානුවන් සංසන්දන කරන ලදි. එහි දී ඔස්ට්‍රේලියානුවන්ගේ සහාය තනිකරම රඳන්නේ ෆෙන්විකියානුවන් සමඟ බව සටහන් විය. ඒ පිටුවේ ම පළ වූ තවත් වාර්තාවක් වූයේ යුරෝපයේ කුවේඩියම් බෝම්බය පුපුරා ගියහොත් සිය මහාද්වීපය එකලී වූවක් නිසා කිසිම හානියක් සිද්ධ නොවන බවයි. දනව්වත් ප්‍රබලයන් තුන් දෙනාත් අතර සාකච්ඡා දිහා හොඳින් බලා සිටිය වුවත් තැති ගන්නට කිසිත් උවමනාවක් නැත යැයි එහි පළ විය.

ලන්ඩන් ටයිම්ස් ප්‍රවෘත්ති පත්තරයත් දනව්වේ ඉතිහාසය ගැන විස්තරයක් පළ කළේය. වේල්ස් හි ජීවත් වූ විශ්‍රාම ලත් කර්නල්වරයෙක් ෆෙන්වික් දනව්ව බ්‍රිතාන්‍ය යටත් විජිතයක් යැයි පෙන්වන්නට හැකි යැයි කියූ ලියුමක් ද පත්තරයේ පළ වුණි. එහෙත් පළමු වැනි සංස්කරණයෙන් පසුව ඒ ලිපිය පළ ඉවත් කරන ලදි. මෘග පීඩකයන්ට එරෙහිව වීර කම්කරු ග්‍රෑන්ඩ් ෆෙන්වික් දනව්වේ අරගලය වෙනුවෙන් සහායට රතු හමුදාව සූදානමින් සිටින්නේ ය යන වාර්තාවෙන් ප්‍රාව්ඩා සෑහීමකට පත්විය.

මේ අතරතුරේ දී සෝවියට් දේශයේ, ඇමෙරිකාවේ හා බ්‍රිතාන්‍ය්‍යේ විදේශ ලේකම්වරු -එහි ගුවන් තොටුපළක් නොවූ නිසා- වාහන තුනකින් ග්‍රෑන්ඩ් ෆෙන්වික් මායිම් වෙත පැමිණියහ. ඔවුන් පැමිණියේ එකිනෙකාගෙන් පැය තුනක පරතරයක් ඇතිවය. රුසියානු විදේශ කොමිස්සාර් මුලින් ම ආවේය. බ්‍රිතාන්‍ය විදේශ ලේකම් අනතුරුව ද, අන්තිමේ දී ඇමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා ද පැමිණියේය. ග්‍රෑන්ඩ් ෆෙන්වික් දනව්ව සමඟ සෙසු ලෝකය සම්බන්ධ වන වාහනයකින් යා හැකි එකම මාර්ගය වූයේ පිනෝ පාස් නම් ස්ථානයේ ය. ටලී බැස්කොම්බ්ගේ අණ යටතේ වූ දුනුවායන් රැසක් ඔවුනට ඇතුල් වීම අවහිර කළහ.

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න »

තවමත් ප්‍රතිචාර නොමැත.

RSS feed for comments on this post. TrackBack URI

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

WordPress.comහි නොමිලේ වෙබ්අඩවියක් හෝ බ්ලොග් සටහනක් සාදාගන්න.

%d bloggers like this: