Sinhala story Blog

ජූලි 4, 2012

ඔල්මාදයක් තමයි ඒක

Filed under: Uncategorized — sinhalashortstories @ 9:52 පෙ.ව.

“මේකත් මේ පහුගිය අවුරුදු දහයේ දී මම දුවමින් සිටිය ලේන් කූඩුව ම තමයි,”

ආචාර්ය කොකින්ට්ස් කීවේ මහත් ශෝකයෙනි. “අපි බෝම්බය හැදුවෙ නැත්නම්, රුසියානුවන් ඒක හදාවි. රුසියානුවන් ඒක හදාවි සහ අපි විශ්වාස කරනවා ඔවුන් ඒක පාවිච්චි කරාවිත් කියල. අපි මේක හදන්නෙ කිසිදාක ඒක පාවිච්චි කරන්න සිද්ධ වෙන්නෙ නැතිවේවි කියන බලාපොරොත්තුවෙන්. ඔල්මාදයක් තමයි ඒක, ඒත් අපි කොහොම ද නැවත හොඳ සිහියට එන්නෙ? ඒක මම කිව්වා වගේ, විද්‍යාඥයා නෙමෙයි ආපහු හොඳ සිහියට යා යුත්තේ, විද්‍යාඥයන් හසුරුවන මිනිසුන් විසිනුයි හොඳ සිහියට යා යුත්තේ. ඒත් එයාලා එකිනෙකා ගැන කොතරම් සැකයෙන් අවිශ්වාසයෙන් ඉන්නවා ද කිව්වොත් ඔවුන්ට බැහැ පරමාණු බෝම්බයක් වගේ කල් පැනපු අවියක් වත් තහනම් කරගන්න.

“හැම තැනම බිය සහ සැකය පැතිරිලා. කොමියුනිස්ට්වාදීන්, ඔවුන්ගේ දේශපාලන දර්ශනය නිසාම බයයි ධනවාදීන්ට. ධනවාදීන් විසින් කොමියුනිස්ට්වාදීන්ව දකින්නෙ තමන්ගේ ජීවන රටාව විනාශ කරන්න ආපු අය හැටියට. ආසියාතිකයන් ශතක ගණනාවක් තිස්සේ ගැහැට වලට ලක් වෙච්ච නිසා යුරෝපීයයන් ව සැක කරනවා. යුරෝපීයයන් බයයි ආසියාවේ වැඩිවෙන ජනගහණයට, ඉන්දියාවේ නැඟී එන දේශානුරාගය සහ තාක්ෂණික දියුණුවට, සහ ඔවුන් බයයි අප්‍රිකානුවන් සහ චීන්නුන්ටත්.

“කොහේවත් නැහැ විශ්වාසයක්. ඉතින් මිනිස්සුන්ට තියෙන එකම ආරක්ෂාව තමයි භීෂණයක් කරත හැකි අවියක් තමන් සතු කර ගැනීම එතකොට වෙන කවුරුත් කරදර කරන්න එන්නෙ නැති නිසා.”

“ඉතින් මේ සියල්ලේ දී ම කොහෙට ද පුංචි රටවල් වැටෙන්නෙ?” පියර්ස් ඇහුවේ සෙමින් ය.

“මම දන්නෙ නැහැ,” ආචාර්ය කොකින්ට්ස් කීවේය.

“ඔබ දන්නෙ නැහැ මොකද ඔබට තැකීමක් නැහැ පුංචි රටවල් ගැන,” පියර්ස් කීවේය. “ඔබ හිතනවා ඒ රටවල් වල ජීවත් වෙන්නෙ අමුතු සහ අපූරු සහ ආදි කාලේ මිනිස්සු කියල. එතරම් වැදගත්කමක් නැති අය කියල. ඔබට අමතක වෙලා ඒ අයත් ඔබේ වර්ගයාගේ අය ම කියල. ඔබ එයාලා ගැන හිතන්නෙ මිනිස් වර්ගයාගේ අඩු අගයක් ඇති අය විදියට. ඔවුන්ට අනිත් අයට දැනෙන්නට යමක් කළ නොහැකි නිසා ඔවුන් තුල වැදගත්කමක් නැති විදියට.”

“එහෙම වෙන්නැති,” ආචාර්ය කොකින්ට්ස් උත්තර දුනි. “වැඩියෙන් ම දෙයක් කරන්න පුළුවන් එක්කෙනාට තමයි ලෝකයේ වැඩියෙන් ම අවධානයක් ලැබෙන්නෙ. ඒක තමයි හැමෝම හඳුනාගන්නා එකම ජාත්‍යන්තර නීතිය. ඔයාට පිළිගන්න වෙනවා ඇමෙරිකාවේ නිදහස් මිනිස්සු සියල්ලම නැති භංග කරලා දැම්මොත් බරපතල වැඩියි බෙල්ජියමේ, අයර්ලන්තයේ හෝ ග්‍රෑන්ඩ් ෆෙන්වික් වල සියල්ලන්ව ම නැති භංග කරලා දානවට වඩා බව.”

“සමහර විට. ඒත් ඒකට බෙල්ජියමේ කෙනෙක්, අයර්ලන්තයේ කෙනෙක් හෝ අපේ කෙනෙක් එකඟ වෙන එකක් නැහැ. ඉතින් පුංචි රටක විනාශය ගැන එතරම් දුකක් පසුතැවිල්ලක් නැතිව හිතන්න ලෝකයට පුළුවන් තාක් කාලයක් ලෝකය ශිෂ්ඨාචාර වෙන්නෙ නැහැ. ආණ්ඩුවලටත් සමාජ වලටත් ඒක එහෙම ම බලපානවා. දුර්වල ම වූත්, දුප්පත් ම වූත් පුරවැසියන්ගේ අයිතීන් වලටත් බලවත්ම සහ ධනවත්ම පුරවැසියන්ට ලැබෙන හා සමාන වූ අයිතීන් ලැබෙන තෙක් ශිෂ්ඨාචාරයි කියන්න බැහැ අපිට. එහෙම නැතිවුනාම ශිෂ්ඨාචාරය කියන්නෙ කිසිම බලයක් නැති නමක් විතරයි. ඒත් ශිෂ්ඨාචාරයක් නැතිව කිසිම ඒකීය පුද්ගලයෙකුට ආරක්ෂාවක් ලැබෙන්නෙ නැහැ. කිසිම ජාතියක් ආරක්ෂා වෙන්නෙ නැහැ. මේ දවස්වල ලෝකයත් ආරක්ෂිත වූවක් නෙමෙයි.”

ආචාර්ය කොකින්ට්ස් කිසිත් කීවේ නැත. ඔහු රවුම් රවුම් කැරකෙන වතුරින් වූ පොකුණ දිහා බලාගෙන සිටියේය. කුඩා රවුමක් පටන් ගෙන පැතිර ගියේ තවත් ලොකු රවුමක් විසින් එය අල්ලාගෙන තවත් විශාල වූ හා පැතිර යන්නකට එකතු කරමිනි.

“මට කියන්න,” පියර්ස් කීවේය, “කුවේඩියම් බෝම්බය අවලංගු කරන්නත්, පරමාණු බෝම්බය සහ මේ තියන අනිත් මහත් විනාශයක් කළ හැකි ආයුධ අවලංගු කරන්නත් එකඟතාවයකට ඒම සාර්ථක වුවහොත්, එතකොට පුළුවන් ද ජාත්‍යන්තර වූ සෝදිසි මෙහයුමකින්, අනාගතයේ දී මේ වගේ කිසිම ආයුධයක් හැදීම නවත්වන්න?”

“ඔව්, ඒ ඉතින් සෝදිසි කරන විද්‍යාඥයන්ට සෑම රටක ම ඇති පරමාණු විද්‍යාගාර සහ පිහිටැවුම් වලට යන්න නිදහස් වූ අවසරයක් දෙනවා නම් පමණයි. කුවේඩියම් බෝම්බය විතරක් ගත්තොත්, මම හිතන්නෙ මම විතරයි ඒක හදන්න දන්න ලෝකේ ඉන්න එකම එක මිනිහා කියල. අනිත් අය ඉතා ඉක්මණින් ඒක හදන හැටි සොයා ගනීවි. ඒත් මම දන්න තරමින්, ලෝකෙ වෙන කිසිම විද්‍යාඥයෙක් ඒක තවත් කෙනෙක් හදනවා ද නැද්ද යන්න හොයාගන්න දන්නෙ නැහැ, ඒකට ඉන්නෙ මම විතරයි.”

“ඒ වගේ පාලන ක්‍රමයක් පටන් ගත්තොත්, ඔබ කැමති ද පරමාණු කම්හලක සෝදිසි මෙහෙයුම් සංවිධානය කරන්න, අනිත් අයවත් ඒ සඳහා පුහුණු කරන්න?”

“මම හිතන්නෙ මම ඒක කරාවි කියල, ඒක මගේ රටට ද්‍රෝහී වීමක් නොවන්නේ නම්,” ආචාර්ය කොකින්ට්ස් උත්තර දුන්නේ ය.

“ඒත් මේක සියළු ප්‍රාණ ගැන වූවක්. මිනිස් වර්ගයාත් සෙසු ප්‍රාණීන් ද ගැන වූවක්. ඔවුන් සියල්ලගේ ම අතීතය, වර්තමානය සහ අනාගතය ගැන,” පියර්ස් තවත් කියාගෙන යයි. “මේක එක කොටසකට හෝ එක රටකට පමණක් සීමා වූ පාක්ෂිකත්වයක් නෙමෙයි. හැම තැනම ඉන්නා සියළු ප්‍රාණීන්ට, ඔවුන් බිහි වූ දා සිට ගැන වූවක්. ජිවත්වෙන මිනිසා ගැන, ඒ අයට ජීවිත අයිතියක් තියෙනවා ද කියලත් සමහර විට සැකයි, ඒත් මිනිසා ගැන පමණක් නෙමෙයි, මුළු ලෝකයේ ම තියන ජීවය ගැන වූවක්. ඔයාට තියෙනවා ලෝකය ගැන වගකීමක්, එක කොටසකට හෝ එක වර්ගයකට විතරක් නෙමෙයි.”

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න »

තවමත් ප්‍රතිචාර නොමැත.

RSS feed for comments on this post. TrackBack URI

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

WordPress.comහි නොමිලේ වෙබ්අඩවියක් හෝ බ්ලොග් සටහනක් සාදාගන්න.

%d bloggers like this: