Sinhala story Blog

ජූනි 29, 2012

ඔහු මේ බෝම්බය හඳුන්වන්නෙ සාමයේ ආයුධයක් කියා

Filed under: Uncategorized — sinhalashortstories @ 7:33 පෙ.ව.

“ඔබ කුමක් ද මෙයින් අදහස් කරන්නේ?” ටලී විමසීය.

“මම අදහස් කරන්නේ කුමක් දැයි ග්‍රෑන්ඩ් ෆෙන්වික් දනව්වේ පවුල් වල වංශාවලිය දන්නා ඕනෑම කෙනෙක් හොඳින් දන්නා දෙයක්,” සිටුවරයා කියා සිටියේ ප්‍රසන්න ලෙසය. “ඔබේ වංශය යනවා ඈත කාලයකට. අවජාතක වූ උප්පත්තියකට. සර් රොජර් ෆෙන්වික් ගෙන් පැවතෙන්නෙකුට. 1385 දී නිදහස් මිනිසුන්ගේ කවුන්සිලයේ දී ටලී බැස්කෝම්බ් නැමැත්තෙක් විසින් ආඥාපතකින් ආදිපාද පදවියට ඇති අයිතිය අත්හැරි බවට අත්සන් කරලා තියෙනවා. සර් රොජර් සහ මේරියන් බැස්කොම්බ් යන කාන්තාව අතර විවාහ බන්ධනයකින් පිටත උපන් පුතෙක්, ටලී බැස්කොම්බ් කියන නමින් වූවෙක් ගැන සඳහනක්. මේ වංශ කතාව ඔබ නොදන්නවා විය නොහැකියි.”

ග්ලෝරියානා ටලී දිහා බැලුවාය. තම පරම්පරාවේ ආදී ම මුත්තාට හා සමාන වූ පෙනුමක් ටලී ට ඇත්තේ යැයි ඇයට සිතුනේ මන්දැයි ඇය දැන් වටහා ගත්තා ය.

“මම ඒක දන්නවා විතරක් නෙමෙයි,” ටලී කේන්තියෙන් කීවේය, “මම කියනවා ඔබ බොරු කියන්නෙක් කියලාත්. ඒක පිළිගන්න අකමැති තරම් වූ මිනිහෙක් නම් ඔබ, එහෙනම් ඔබට ඉඩක් තියෙන වේලාවකට අපි ඒ ගැන කතා කරමු.”

රණ්ඩුව දුර දිග යන්නට පෙර ග්ලෝරියානා මැදිහත් වූවාය. මවුන්ට්ජෝයි සිටුවරයාට ඒ දෝෂාරෝපණය ඉල්ලා අස්කරගෙන සමාව ඉල්ලන්නට යැයි අණ දුන් ඇය තම කෝපය ඉවත ලා ඒ සමාව බාර ගන්න යැයි ටලී ට අණ දුන්නා ය. “අපිට ඔබ දෙදෙනාගේ ම සේවය අවශ්‍යයි,” ග්ලෝරියානා කීවාය, “මේ කෙනැහිලි පැත්තකට දාන්න දෙන්නම.” ඉතින් එය ටික කලකට බැහැරකට දැමුණි.

ඊ ළඟට හඬ අවදි කළේ බෙන්ටර් මහත්තයා ය. ඇමෙරිකාවට කුවේඩියම් බෝම්බය ආපහු දිය යුතු යැයි කියනා මවුන්ට්ජෝයි සිටුවරයා සමඟ එකඟ විය නොහැකි බව හේ කියා සිටියේ ය. “ඒක ආයුධයක්, අපි ඒකෙන් ඉක්මණින් අයින් වෙන්න හැදුවාට, එයාල ඉක්මණින් ආපහු ඉල්ලා ගන්න කැමති වූවක්. අපි ඒක තියා ගත්තොත් අපිට පුළුවන් ඇමෙරිකාව එක්ක සාම සාකච්ඡා පවත්වද්දී අපේ රටට කාලාන්තරයක් යනකම් ඇතිවෙන්නට දේවල් ලබාගන්නට. අනික, ඒ නිසා නොවේ ද අපි ඇමෙරිකන් අයත් එක්ක යුද්ධයකට ගියේ?”

“අපි මීට වඩා ලොකුවෙන් හිතන්න ඕන, ආදිපාදවරියෙනි,” ටලී කියා සිටියේ ඇය හා පුද්ගලිකව පැවැත්වූ කතාව මෙසේ ප්‍රසිද්ධියේ දී ඇයගේ සිහියට නංවමිනි. “මේක අපි බෝම්බය තියා ගන්නවා ද, ආචාර්ය කොකින්ට්ස්ව තියා ගන්නවා ද යන කාරණා ගැන වූවක් නොවේ. ඒවා ආපහු යවනවා ද ගැන වූවක් නොවේ. ඒවා ආපහු යැව්වත් අපි තව දුරටත් ආරක්ෂිත නැහැ බෝම්බය හෝ එහි නිර්මාතෘවරයා මෙහෙ තියාගත්තෙ නැහැ වූවාට. අපි ඇත්තෙන්ම හිටියාට වඩා අනාරක්ෂිතයි. මේ වගේ බෝම්බයක් යුද්ධයක දී පාවිච්චි වුනොත් අපි විනාශ වෙනවා. අපි කොහෙත් ම යුද්ධයකට නොගියත්. බෝම්බය සහ ආචාර්ය කොකින්ට්ස් මෙහි රඳවා ගැනීමෙන් අපට යම්කිසි සුළු ආරක්ෂාවක් ලැබෙනවා. අපි සොයාගන්න ඕන මීට වඩා සුදුසු සැලැස්මක්. මේ බෝම්බය කිසිදිනයෙක පාවිච්චියට නොගන්නා වූ සැලැස්මක්. ඒ වගේ තවත් ඒවා නොහදන සැලැස්මක්. ඒක ගැන එකම එක මිනිසෙක් පමණයි වඩාත් ම හොඳින් උපදෙස් දෙන්නට දන්නේ.” එසේ කියූ ටලී ආචාර්ය කොකින්ට්ස් දිහාට හැරුනේ ය.

“මේ මිනිහා,” ඔහු කීවේය, “මේ බෝම්බය හැදුවා. එයා කියනවා එයා ඒක හැදුවේ රුසියානුවන් එයාට කළින් ඒක හදයි කියන බය තිබිච්ච නිසා කියල. එයාගෙ විශ්වාසය තමයි රුසියානුවන් එයාට කළින් බෝම්බය හැදුවා නම් ඔවුන් එය පාවිච්චි කරන්නත් පසුබට වෙන්නෙ නැහැ කියන එක. ඔහු මේ බෝම්බය හඳුන්වන්නේ සාමයේ ආයුධයක් කියා. සමහර විට එයා එහෙම කියන්න ඇත්තෙ එයාගෙ හිත සනසා ගන්න වෙන්නැති. ඒත් අපිට පුළුවන් දැන් ඔහුව විභාග කරන්න. ඔහු තම ඥානය මේ වගේ ආයුධ ලෝකයේ වෙන කොහෙත් තැනක හැදීම නවතන්න යොදවයි ද කියා බලන්නට.”

ග්ලෝරියානා ආචාර්ය කොකින්ට්ස් වෙත හැරුනාය. “ඔබට කියන්නට කිසිත් තියෙනවා ද?” ඇය ඇසුවාය.

ආචාර්ය කොකින්ට්ස් ආචාරශීලීව හිටගෙන ඇයට සෙමෙන් කඳ නැවීමක් කළේය. “මට කියන්න ඉතිරි වෙලා තියෙන්නෙ කුමක් ද?” හේ විමසීය. “මම මේ සභාවේ කටයුතු වලට සහභාගී වූවොත් මම මගේ රටට ද්‍රෝහියෙක් වෙනවා. මම ඇමෙරිකාවේ පුරවැසියෙක්, ඔබලා දැනට යුද්ධයක් කරන රටේ අයෙක්. ඔබලා මගේ රටේ හතුරෝ. මට කිසිවක් කියන්න බැහැ.”

Advertisements

ප්‍රතිචාර 2 »

  1. විශිෂ්ටයි.. නරකද පොතක් ලිව්වොත්?

    ප්‍රතිචාර විසින් ගිනි කුරුල්ලා — ජූනි 29, 2012 @ 10:24 පෙ.ව.


RSS feed for comments on this post. TrackBack URI

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

WordPress.comහි නොමිලේ වෙබ්අඩවියක් හෝ බ්ලොග් සටහනක් සාදාගන්න.

%d bloggers like this: