Sinhala story Blog

ජූනි 28, 2012

මේ මිනිහා මේ ව්‍යසනය අපේ රටට ගෙනාවා

Filed under: Uncategorized — sinhalashortstories @ 6:56 පෙ.ව.

විදේශ ලේකම්වරයා නැවතත් නැඟිට්ටේ ය.

ශාලාව පිරික්සා බැලුවේ ය. තමනට ඉදිරියෙන් වූ පහළ බංකු වලින් පටන් ගෙන ඔහු විවාදය අහන්නට පැමිණි රුසියානු තානාපතිවරයා අසුන්ගෙන සිටිනවා යැයි කවුදෝ කියූ වැදගත් අමුත්තන්ගේ ගැලරිය දිහා දක්වා ඇස් යොමු කළේය.

කලිසමේ පොකැට්ටු වලට අත් බහාලූ හේ කකුල් අඩි වලින් මඳක් ඉස්සරහට ඉස්සුනේ ය. “නෝර්ත් වෙස්ට්හැම්ප්ටන් වල ගෞරවනීය සාමාජිකයාගේ අවධානය, එංගලන්ත රාජධානිය සහ ග්‍රෑන්ඩ් ෆෙන්වික් දනව්ව අතර 1402 දී අත්සන් කරන ලද ගිවිසුම වෙතට මම යොමු කරන්නම්. අතිගරු රැජිනගේ ආණ්ඩුවට ග්‍රෑන්ඩ් ෆෙන්වික් දනව්වට ඕනෑම විදේශීය බලයකින් තර්ජනයක් ඇත්නම් ඒ සඳහා සම්පූර්ණ සහ ප්‍රමාණවත් සහාය යවන්නට ඒ ගිවිසුම අනුව ක්‍රියා කරන්නට වෙනවා.

“අතිගරු රැජිනගේ ආණ්ඩුව මේ 1402 ගිවිසුම ක්‍රියාත්මක කරන්න ලැහැස්තියි. ගෞරවනීය පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාට පුළුවන් කැමති නම් ඒ ගිවිසුමේ සත්‍ය පිටපත පරීක්ෂා කර බලන්න වාර්තා කාර්යාලයට ගිහින්. හමුදා සේනාංක කොහේදැයි ඇත්තේ කියා දැනගන්න පාර්ලිමේන්තුව මේ අවස්ථාවේ දී මම හිතන්නෙ නැහැ ඉල්ලා සිටිනවා කියල. ඒත් මම හිතනවා කිව යුතු යැයි කියා අපි සේනාංක අටක් යොදවන්නට තීරණය කර ඇති බව. හතරක් ගුවනින් යවන්නෙ. මම ඉතා ඉක්මණින් පිටත්වෙනවා අතිගරු දොලොස්වැනි ග්ලෝරියානා ආදිපාදවරිය බැහැ දකින්න යන්නට. පුද්ගලිකව ගිහින් අපේ මේ පැරණි ගිවිසුමේ සියළු දෑ සම්පූර්ණයෙන් ඉටු කරනවා යැයි ඇයට දන්වන්නට,” එසේ කියූ විදේශ ලේකම්වරයා වාඩි විය.

පාර්ලිමේන්තු සභාව තුල අතිගරු රැජිනගේ පාක්ෂික විරුද්ධපක්ෂය ද එකතුවෙන් අත්පොලසන් නාදයක් පැතිර ගියේය. රුසියානු තානාපතිවරයා තමන් දිහා ඉහළට ඇස් යොමුකරගෙන සිනාවෙමින් බලා සිටින විදේශ ලේකම් වෙත රෞද්‍ර බැල්මක් හෙලා පිටව ගියේය.

පැරිසීයේ නියෝජිතවරුන්ගේ මන්ත්‍රණ සභාවේ දී ද මේ හා සමාන වූ ග්‍රෑන්ඩ් ෆෙන්වික් දනව්වේ ආරක්ෂාවට එන්නම් යැයි කියන යෝජනාවක් විය. එහෙත් එය චන්දයකින් සම්මත වන්නට පෙර ටැක්සි රියැදුරන්ගේ අතිකාල දීමනා පිළිබඳ අර්බූදයක් නිසා ආණ්ඩුව පෙරළිණ.

16

කුවේඩියම් බෝම්බය ගැන සාකච්ඡා කරනු සඳහා ග්‍රෑන්ඩ් ෆෙන්වික් දනව්වේ පරෙවි මඩුල්ලේ රැස්වීම අනෙක් සියළු රැස්වීම් වලට වඩා, මොස්කව්, වොෂිංටන්, ලන්ඩන් හෝ පැරිස් යනාදී කිසිවකට වඩා මහත් සුවිශේෂී ලෙසකින් වෙනස් වූවකි. මන්ද එහි වැදගත් ම පුද්ගලයා වූයේ, එහි සාර්ථකත්වයට හෝ අසාර්ථකත්වයට හේතු වන යතුර අතැති පුද්ගලයා වූයේ යුද සිරකරුවෙක් ලෙසින් අල්ලා ගැනුනු ආචාර්ය කොකින්ට්ස් ය. ඔහු සිටියේ අමුතු ම ස්ථානයකි. ඔහුව අල්ලා ගත්තවුන් ඔවුන්ගේ මහන්සියේ ඵලය වූ කුවේඩියම් බෝම්බය රැකගන්නට ඔහුගේ උපදෙස් පතා සිටිති.

තමන් වැටී සිටින තත්වය ගැන ආචාර්ය කොකින්ට්ස් මහත් වික්ශිප්තභාවයකින් පසුවිය. ඔහුව අසුන් ගන්වා තිබුනේ ෆෙන්වික් මාලිගාවේ මහ ශාලාවේ එක පැත්තකින් ය. මඳ ඈතකින් වූ මේසයක් අසල පරෙවි මඩුල්ල රැස් ව සිටියහ. ග්ලෝරියානා ආදිපාදවරිය, මවුන්ට්ජෝයි සිටුවරයා, බෙන්ටර් මහත්තයා සහ ෆෙන්වික් හමුදාවේ ඉහළ කොස්තාපල් ලෙසින් ටලී බැස්කොම්බ් ද වූ අතර විශේෂ ආරාධනාවක් පිට ටලීගේ පියා පියර්ස් බැස්කොම්බ් ද අසුන් ගෙන සිටියහ. පියර්ස් බැස්කොම්බ් ග්‍රෑන්ඩ් ෆෙන්වික් දනව්වේ වඩාත් ම ඥානවන්ත හා වඩාත් ම උගත්කමක් ඇති මනුෂ්‍යයා ලෙසින් සැලකිල්ලට පාත්‍ර වූයෙකි. ඔවුන් තමා අල්ලා ගත් අය නිසි නෙමෙයි ආචාර්ය කොකින්ට්ස් නොසන්සුන් වූයේ. ඔවුන් හැඳ සිටි දාහතරවැනි ශත වර්ෂයේ ඇඳුම් පැළඳුම් නිසාත් නොවේ. යකඩ දම්වැල් වස්ත්‍ර හැඳගත් අඩි හයකට වඩා උසින් වූ තමාගේ දෙපැත්තෙන් සිටගෙන තමාව මුර කරන සොල්දාදුවන් නිසාත් නොවේ. ඔහුගේ සන්තාපය වූයේ දේශප්‍රේමීත්වය සහ මානවහිතවාදය අතර ඔහු තුල ආවේගාත්මක හා මානසික වූ ගැටුමක් පැවති නිසාය. ඇමෙරිකා එක්සත් ජනපදයට ලෙන්ගතු පුරවැසියෙක් වූ ආචාර්ය කොකින්ට්ස් සහ ලෝකයේ ප්‍රමුඛ විද්‍යාඥයෙක් වූ ලොව කිසිම රටකට අයිති නැති වූ, එහෙත් හැමට ම අයිති, මන්ද එය හැමගේ ම සුභ සිද්ධියට බලපාන නිසාවෙන්, පුහුණුවක් සහ දැනුමක් ඇති ආචාර්ය කොකින්ට්ස් අතර අරගලයකි.

රැස්වීමේ නායකත්වය මවුන්ට්ජෝයි සිටුවරයා විසින් ගන්නා ලදි. ඔහු ආයචනා කළේය. තර්ක කළේය. ඉල්ලා සිටියේ ය. ඒ වහාම කුවේඩියම් බෝම්බය ඇමෙරිකාවට ආපසු යැවිය යුතුයි කියාය. දනව්වේ සෑම මනුෂ්‍යයෙකුට නිත්‍ය හා බැහැරලිය නොහැකි අවදානමක් එයින් ඇති නිසාවෙනි. “මේ මිනිහා මේ ව්‍යසනය අපේ රටට ගෙනාවා,” ඔහු කියා සිටියේ ටලී දිහාට ඇඟිල්ල දිගු කරමිනි. “වෙඩි බෙහෙත් බැරල් එකක් ආනයන කරලා එයා අපිට කියනවා ඒක උඩ වාඩි වෙලා ඉන්න කියා. මේ ඔහුගේ ගෞරවනීය පියා ඉදිරියේ දී මා කියා සිටිනවා, එයා අතීතයේ දී රටට ඇති පක්ෂපාතීත්වය ගැන අපේ සැකය ඇති කරලා තිබෙන බවත්. ඒ වගේ ම ඔහුගේ ගෞරවනීය පියා ඉදිරිපිට මම නොපැකිළව කියනවා, ඔහුගේ මේ යක්ෂ ආයුධය අල්ලා ගෙන ග්‍රෑන්ඩ් ෆෙන්වික් දනව්වට ගෙන ඒම මුළු රටම විනාශයට ගෙන යන්නට කරන ලද කුමන්ත්‍රණයක් කියලා. මොනවා හරි රහස් ඉල්ලීමක් ඇත්නම් අපිට එයා තවම එය කියා නැහැ.”

එක් ප්‍රතිචාරයක් »

  1. මරුනෙ

    ප්‍රතිචාර විසින් dinukajayasinghe — ජූනි 28, 2012 @ 10:05 පෙ.ව.


RSS feed for comments on this post. TrackBack URI

dinukajayasinghe වෙත ප්‍රතිචාරයක් සටහන් කරන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

WordPress.comහි බ්ලොග් සටහනක්.