Sinhala story Blog

ජූනි 24, 2012

අපි එයාලට බය නැහැ, එහෙම නෙමෙයි ද?

Filed under: Uncategorized — sinhalashortstories @ 9:26 පෙ.ව.

ඇමෙරිකා එක්සත් ජනපදයේ කැබිනට් රැස්වීම ඒ තරම් චාරිත්‍රානුකූල නොවූවත් දැඩි බැරෑරුම් ගතියකින් වූවකි.

ජනාධිපතිවරයා හැඳ සිටියේ අලුත් ම කෘතිම ද්‍රව්‍ය්‍යකින් මැසූ බරින් අඩු සූට් කට්ටලයකිනි. මන්ද වසන්තයේ අග භාගයේ වොෂිංටනයේ පැවති රස්නය කිසි අනුකම්පාවක් දැක්වූයේ නැති නිසා ය. ආරක්ෂක ලේකම්වරයා සර්ජ් වලින් මහන ලද නිල් පැහැති චාරිත්‍රානුකූල සූට් කට්ටලයක් හැඳ සිටියේ ය. ඔහු රවුම් තිත් වලින් පිරි ටයි පටියක් ද පැළඳ සිටියේ ය. ඇඳුම් කට්ටලයේ වූ සකසුරුවම් බව හා කුඩා බව ඔහුගේ පෙනුම කුඩා මීයෙකු හා සමාන කළේය. රාජ්‍ය ලේකම්වරයා ද චාරිත්‍රානුකූල පැත්තට බර වූ සූට් කට්ටලයකින් සැරසී සිටියේ ය. එහෙත් ඔහු ඔක්ස්ෆර්ඩ් අළු පැහැයෙන් හා කළු හා සුදු පටු ඉරි වලින් සැරසී ටයි පටියකින් වූයේය.

පරමාණු ඉන්ධන කොමිසමේ සභාපති ග්‍රිෆින් සෙනෙට් සභිකයාව ද රැස්වීමට කැඳවා තිබුණි. අළු පැහැති සූට් කට්ටලයක් හැඳ සිටි හෙතෙම කබා කොලරයේ කුඩා රෝසමල් පොහොට්ටුවක් පැළඳ සිටියේය. ඔහුගේ මුහුණේ අධික ආතතිය දිස්කරන රතු පැල්ලම් පිරී තිබුණි. භාණ්ඩාගාර ලේකම් හෝ කෘෂිකර්ම ලේකම්වරයා හෝ දේශීය කටයුතු ලේකම්වරයා පැමිණ සිටියේ නැත. ඔවුන්ගේ අසුන් වල වූයේ අද්මිරාල්වරයෙකි, හමුදාවේ තරු පහක් හිමි ජනරාල්වරයෙකි, ගුවන්හමුදාවේ ජනරාල්වරයෙකි. හමුදා ජනරාල්වරයා හැඳ සිටියේ යුධ වදින්නට අඳින කබායකි. එහි ලා නිල් පැහැති රිබන් පටියක කොංග්‍රසයෙන් දෙන පදක්කමක් එල්ලා තිබුණි. ඔහුගේ හමුදා කලිසම් කකුල් ඔබා තිබුණේ කව්බෝයි බූට් සපත්තු කුට්ටමකට ය. ඔහු ඒ කව්බෝයි බූට් සපත්තු සඳහා ඩොලර් දෙසියපනහක් ගෙවා තිබුණි. ඒවා අතින් නිම කරන ලද සපත්තු ය. ඔහු ආවේ ටෙක්සාස් ප්‍රාන්තයෙනි. ඔහු වැදගැම්මකට නැති කතාබහ නොරුස්සන, යමක් කරන්නෙක් හැටියට නම් දරා තිබියෙකි.

“මම හිතන්නෙ,” ජනාධිපතිවරයා කීවේය, “ඔයාලා හැමෝම මේක දැකලා ඇති.” ඔහු නිව් යෝර්ක් ඩේලි නිව්ස් හි කොපියක් පෙන්විය. “නිව් යෝර්ක් ආක්‍රමණය කරයි” සිරස්තලයෙන් එය දිස්විය. එය යටින් කුඩා සිරස්තලයක් “කුවේඩියම් බෝම්බය හතුරන් අතට” යැයි ද ඊටත් යටින් තවත් සිරස්තලයක් “විද්‍යාඥයා අතුරුදහන්” යැයි ද දිස්විය.

“දක්කා,” හමුදා ජනරාල්වරයා කීවේය. “ඒකට වැඩි අවධානයක් දුන්නෙ නැහැ. ඉස්සර දවසක පත්තරේ දාලා තිබුණ අඟහරු ලෝකෙන් ආපු යක්කු ටිකක් ආක්‍රමණය කරා කියල. බොරු මනස්ගාත ඔය පත්තරවල දාන්නෙ.”

“අවසනාවන්තයි,” ජනාධිපතිවරයා කීවේය, “ඒත් බොරුවක් නෙමෙයි. පුහුණු මෙහෙය තිබ්බ වේලාවේ දී ග්‍රෑන්ඩ් ෆෙන්වික් දනව්වේ කුඩා හමුදාවක් විසින් නිව් යෝර්ක් නගරය ආක්‍රමණය කළා. ඔවුන් කුවේඩියම් බෝම්බය අල්ලා ගත්තා. ඒ වගේ ම ආචාර්ය කොකින්ට්ස්වත්, ලෝකයේ කුවේඩියම් බෝම්බය හදන්න දන්නා එකම භෞතික විද්‍යාඥයාවත් අල්ලා ගත්ත. අල්ලා ගෙන කිසිත් උපද්‍රවයක් නැතිව පලා ගියා බෝම්බයි ආචාර්ය කොකින්ට්ස්වයි අරගෙන. ඉතින් එයාලට තියෙනවා බලය මුළු යුරෝපයම විනාශ කරන්නට. ඒ බෝම්බෙ මෙහෙට අරන් ආවොත් පුළුවන් ඇමෙරිකාවෙන් වැඩි හරියක් විනාශ කරන්නට. දැන් අපි මොකක් ද කරන්නෙ? මම කැමතියි ඔබලාගේ අදහස් දැනගන්නට.”

ඉතා සරල ප්‍රශ්නයකට පිළිතුරු සොයාගත හැකි පාසැල් යන වයසේ පිරිමි ළමුන් කණ්ඩායමක් මෙන් කැබිනට් සාමාජිකයන් එකිනෙකාගේ මුහුණු බලා ගත්හ. තවත් දරා සිටිය නොහැකි තරම් කාලයක් පුරා නිහැඬියාව පැතිර ගියේය. ආරක්ෂක ලේකම්වරයා සහනයක් සොයාගත්තේ මුව මත ඇඟිලි තබමිනි. ග්‍රිෆින් සෙනෙට් සභිකයා තම දෙපා මැදින් වූ පොළව දිහා බලා සිටියේ කුමන මොහොතක හෝ සම්පූර්ණ නිල ඇඳුමින් නැතැයි කාපට් එකට දෝෂාරෝපණය කරන්නට මෙනි. රාජ්‍ය ලේකම්වරයා කකුල් දෙක හරස් කර දමාගෙන තම දණහිස මත වූ ලිපිගොණුවක් මතට ඇඟිලි වලින් තට්ටු කරමින් සිටියේය. පළමුවෙන් කතා කළේ හමුදා ජනරාල්වරයාය.

“චැහ්, ජනාධිපති මහත්තයා,” ඔහු කීවේය, “මේ මොනව ද එහාට මෙහාට යන සාකච්ඡා කරන්නෙ. මට දෙන්න පැරෂූට්කාරයෝ හතළිහකුයි ගුවන්යානයකුයි. මම ඒ කසිකබල් දනව්වට ගිහින් උන්ට මොනව ද වුනේ කියල හිතාගන්නවත් ඉඩක් නොතියා මේ බෝම්බයයි මේ කොකින්ට්ස්වයි අරන් එන්නම්.”

ජනාධිපතිවරයා සිනාවක් පෑය. “ඒක ග්‍රෑන්ඩ් ෆෙන්වික් දනව්වට කරන විවෘත ප්‍රහාරයක්,” ඔහු කීවේය.

“අපි එයාලට බය නැහැ, එහෙම නෙමෙයි ද?” පුදුම වූ ජනරාල්වරයා ඇසීය.

“නැහැ,” ජනාධිපතිවරයා කීවේය. “නැහැ. ඒත් ඒක එච්චර සරල දෙයකුත් නෙමෙයි. නිල වශයෙන් අපි ග්‍රෑන්ඩ් ෆෙන්වික් දනව්ව හා යුද්ධයක ඉන්නෙ. ඉතින් ඒ නිසා අපි කැමති ඕනෑම ප්‍රහාරයක් ඔවුන් වෙතට එල්ල කරන්නට අපිට හැකියි. ඒත් අපි ලෝක මතය ගැන කල්පනා කරන්න ඕන. අපිට බැහැ ලෝක ඉතිහාසයට එකතු කරන්න ලෝකයේ දැවැන්තම රට විසින් ලෝකයේ කුඩා ම රටට පහර දුන්නාය කියල. ඒ රට සැතපුම් පහක් දිග සැතපුම් තුනක් පළල වූවක්. ඒත් එයාල ආදරයෙන් අගය කරන්නෙත් අපිට උප්පත්තිය දීපු නිදහස ම තමයි. ඒ නිසා අපිට එහෙම කරන්න බැහැ, අපිව කුමන විදියෙන් ඇවිස්සුවත්. ඒක අපේ රටේ සම්ප්‍රදායයන් වලට සම්පූර්ණයෙන් පටහැනියි. මම මොහොතකට වත් විශ්වාස කරන්නෙ නැහැ අපේ පුරවැසියන් ඒක ඉවසාවි කියල. අනිත් විදේශීය කුඩා රටවල් එක්ක අපේ තියන සබඳතාවයන්ටත් එයින් කරදර ඇතිවේවි. අපේ ආරක්ෂාවට වැඩියෙන් ම අවශ්‍ය දකුණු ඇමෙරිකානු ජනරජයන් වල විශ්වාසය සහ මිත්‍රතත්වය විශේෂයෙන් ම. ඒ අය මේක වෙල්වට් අත්වැසුමකින් වහපු යකඩ මිට මෙළවීමකින් දෙන ප්‍රහාරයක් විදියට දකීවි. ඒක එක කාරණයක්.

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න »

තවමත් ප්‍රතිචාර නොමැත.

RSS feed for comments on this post. TrackBack URI

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

WordPress.comහි නොමිලේ වෙබ්අඩවියක් හෝ බ්ලොග් සටහනක් සාදාගන්න.

%d bloggers like this: