Sinhala story Blog

ජූනි 22, 2012

දැන් අපේ වගකීම මුළු මනුෂ්‍ය සංහතිය ම වෙනුවෙන්

Filed under: Uncategorized — sinhalashortstories @ 9:17 පෙ.ව.

ග්ලෝරියානාට ඒ කතාව හරි හැටියකට වැටහුනේ නැත.

ඇයගේ හැදියාව ප්‍රායෝගික වූවකි. සිද්ධාන්තයක් ගැන නොවූවකි. ඒ නිසා ටලී කියූ ජයග්‍රහණයකින් ඇති වන්නා වූ වගකීම් ගැන අදහස් ඇයගේ සිත නොසන්සුන් කරන ලදි.

“ඔයා මේ හදන්නෙ අපි ඇමෙරිකාව ප්‍රතිසංස්කරණය කරන්න ඕනා කියලා කියන්න නෙමෙයි කියලා මම බලාපොරොත්තු වෙනවා,” ඇය කීවාය, “මොකද එහෙම නම්, අපිට එතකොට එයාලගෙන් සල්ලි ඉල්ලා ගන්න වෙනවා ඒක කරන්නට.”

ටලී සිනාසුනි.

“නැහැ,” ඔහු පිළිතුරු දුන්නේ ය. “ග්‍රෑන්ඩ් ෆෙන්වික් දනව්වේ අපි විසිවැනි සියවසේ හමුදා හාස්කම සාක්ෂාත් කරලා -ජයගත්තාට පැරදුන අයට සතයක් වත් දිය යුතු නැති යුද්ධයක් ජයගත්තා. ඒත් අපි ලේසියෙන් නිදහස් වෙන්නෙ නැහැ. අපි යුද්ධයට යන්නට පෙර අපේ වගකීම වූයේ අපි පමණයි. දැන් අපේ වගකීම මුළු මනුෂ්‍ය සංහතිය ම වෙනුවෙන්. මේ බෝම්බය පාවිච්චි කරන්නට හදන අයගේ දෑත් වලින් අපි ඒක අයින් කරලා තියාගන්න ඕන. මොකද මේ වගේ බෝම්බයක් පාවිච්චි කරන්න සිද්ධ වෙන යුද්ධයක දී ඒකීය වූ ජාතීන් නෙමෙයි වඳ වෙලා යන්නෙ සියළු මනුෂ්‍ය සංහතියයි.

“ඒක ලෙහෙසි නැහැ, මම දන්නවා, අපි වගේ පුංචි රටක් වෙලා ඉඳලා, මේ වගේ ටික කාලයක දී ලෝකයේ බාරකරුවා වෙන්නට සිද්ධ වීම. මීට වඩා ලොකු රටවල් වලට මේ බාරදූර කාර්යය දරා ගන්න අපහසු වෙලා තියෙනවා. දෙවැනි ලෝක යුද්ධයෙන් පස්සෙ ඇමෙරිකාව හදිසියේ ම ලෝකයේ පළමුවැනි රට බවට පත්වූවා. ඊට පස්සෙ ඒ ගැන මොකද කරන්නෙ කියලා කරකියා ගන්න බැරිව හිටියා. වැඩි කොටසක් කැමති වුනේ නැහැ ලෝකයේ ප්‍රමුඛයෝ වෙන්නට. ආපහු හිටපු විදියට යන්න ඕනෑ යැයි කියා සිටියා. ඒත් ඒක එදා ඔවුන්ට කළ නොහැකි වූවක්. අද අපිට කරත නොහැකි වූවක් වගේමයි.”

“ඇමෙරිකානුවන් අපිට මිලියන මිලියන ගණන් වලින් ඩොලර් දෙනවා නම් එතකොට ඔබ හිතන්නෙ නැද්ද අපි බෝම්බය ආපහු එයාලට ම බාර දිය යුතු යැයි කියා?”

ටලී හිටගත්තේ ය. දෙවුර කෙළින් කර ගත්තේ ය. තම අත පළල් සියපතේ හිසෙහි රැඳවූයේය. ඔහුගේ ඉරියව්ව ග්ලෝරියානාට නැවතත් සර් රොජර් ෆෙන්වික් සිහිගන්වන්නට සමත් විය.

“අපිට පැවරිලා තියෙනවා,” ටලී ගම්භීරව කියා සිටියේය, “වගකීමක්, මේ බෝම්බය අපට ලැබීම පමණකින් ලැබුණා වූවක්. ඒ වගකීම තමයි මුළු ලෝකය ම නැවත පියවි තත්වයට ගෙනෙන්නට. ඔබ, ආදිපාදවරියෙනි, දැන් මේ කුඩා ග්‍රෑන්ඩ් ෆෙන්වික් දනව්වේ නායකයා පමණක් නෙමෙයි. ඔබ මුළු ලෝකයේ ම බලවත් කාන්තාව. මිලියන ගණනකගේ ජීවිත ඔබේ වදන් වලට යටත්. ඔබ මට අණ දුන් පමණින් මම මේ බෝම්බය මගේ මුගුරෙන් ගහන එක පහරින් පුපුරුවා හැරලා මුළු යුරෝපය ම විනාශ කරලා දාන්න පුළුවන්. ඒ වගේ සුවිසල් බලයක් සමඟ හැම ජාතිකයකට ම ඔබ හා ගිවිසුම් ගහන්නට සිද්ධ වෙනවා. ලෝක සාමය ගැන වූ ගිවිසුම්. ඒවා ප්‍රබල ගිවිසුම්. මොකද මේ බෝම්බය පුපුරුවා හරින තර්ජනයෙන් ඒවා සාක්ෂාත් කරගන්න පුළුවන්. ඔබේ පරම්පරාවේ මුතුන් මිත්තන් කවදා වත් තමන්ගේ ජාතිය වෙනුවෙන් වෙහෙසීම මඟ හැරියේ නැහැ. ඒත් අද ඔබව කැඳවලා තියෙන්නෙ මුළු ලෝකය ම වෙනුවෙන් වෙහෙසීම මඟ නොහරින්නට.”

“ඒත්, ඉතින් අනිත් ජාතීන් ද කාලයාගේ ඇවෑමෙන් මේ බෝම්බය ම හදාවි නේද?” ග්ලෝරියානා ඇසුවා ය.

“ඇත්ත,” ටලී උත්තර දුනි, “ඒ අයට බෝම්බ හදන්නට නොහැකියාව ඇති කරන්නේ කෙසේ ද යන ගැටළුවට තමයි අපි උත්සාහ ගත යුත්තේ. මේ කාරණයේ හැම පැත්ත ම සලකා බලන්නට පරෙවි මඩුල්ල කැඳවිය යුතු යැයි මම යෝජනා කරනවා.”

ටලී හා වූ පුද්ගලික හමුවකින් පසුව මවුන්ට්ජෝයි සිටුවරයා බෝම්බය ග්‍රෑන්ඩ් ෆෙන්වික් වෙත ගෙන ඒම ගැන ටලීව ද්යෝෂාභියෝගයට ලක් කර දනව්වෙන් නෙරපා හරින්නට නැවතත් දැඩි සේ කියා සිටියේය. ඔහුගේ යෝජනාව පැත්තකට දැමූ ග්ලෝරියානා ආදිපාදවරිය ඊ ළඟ දිනයට පරෙවි මඩුල්ල කැඳ වූවාය.

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න »

තවමත් ප්‍රතිචාර නොමැත.

RSS feed for comments on this post. TrackBack URI

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

WordPress.comහි බ්ලොග් සටහනක්.

%d bloggers like this: