Sinhala story Blog

ජූනි 21, 2012

කොන්දේසි නැති යටත්වීමකින් සීමාවන් නැති ප්‍රතිසංස්කරණ

Filed under: Uncategorized — sinhalashortstories @ 8:06 පෙ.ව.

ග්ලෝරියානා විසින් පැවැත් වූ කතාවකින් උත්සවය නිමා විය.

ඒ කතාවේ දී ඇය පුද්ගලිකව ටලීගේ ගුණ කථනයක් ද, ඔහු හා ගිය සමස්ථ හමුදාවේ සියල්ලන් වෙනුවෙන් ගුණ කථනයක් ද කළාය. කතාව අවසන් කරමින් ඇය මාලිගාවේ විසල් ශාලාවේ සැවොම වෙනුවෙන් ආහාර පාන උත්සවයක් හදා ඇතැයි කියද්දී පැතිර ගිය දැවැන්ත අත්පොළසන් නාදය නිසා කුවේඩියම් බෝම්බය මතක් වී ආචාර්ය කොකින්ට්ස්ව මහත් නොසන්සුන්තාවයකට පත්කරන ලදි. ඇය අනතුරුව ටලී ව පැත්තකට කැඳවා තම පුද්ගලික හමුවන් පැවැත්වෙන ශාලාවේ දී තමාව හමුවන ලෙස ඔහුට කියා සිටියා ය.

ඔවුන් පුද්ගලිකව හමු වූ විට ඇය ඔහුට කිය යුත්තේ කුමක් දැයි හරි හැටියකට නොදත්තා ය. කතාව පටන් ගන්නේ කෙසේදැයි තමාව නොසන්සුන් කරන්නට සමත් මේ ආදිපාද දනව්වේ ඉන්නා එකම එක්කෙනා ගැන ඇයගේ හද පීඩනයෙන් පසුවිය. වට මේසයේ අසුන් ගත් ඇය තමන්ට ඉදිරියෙන් හිඳ ගන්නට යැයි ටලීට සංඥා කළාය. ඔහුගේ හම තවත් රන්පැහැ ගැන්වී ඇති බවත් ඔහු යම් විදියකින් හිටියාටත් වඩා පිරිමිකමකින් හා මහත් දේහයකින් ඉන්නා බවත් ඇයට පෙනුනි. ඔහු දෙස බලද්දී ඇයට තමන් තුල කිසිත් බරක් නැත්තා සේ දැනුණි. ඇයගේ හදවත වඩා වේගයෙන් ස්පන්දනය වන බවත්, ඇයගේ කටහඬ පාලනය අසීරු බවත් ඇයට දැනුණි.

ටලී ඇයගේ රත්තරන් සේ දිළිසෙන පැහැපත් කොණ්ඩය දිහාත්, ආඩම්බර නිකට හා දැඩි දෑස් දිහාත් බලා වහාම මේසය මත වූ තම අත් පිරික්සන්නට විය.

“මට කියන්න ඔයාගේ කතාව,” ග්ලෝරියානා කීවාය, “මට වැඩියෙන් කියන්න මේ බෝම්බය ගැන.”

ටලී විස්තර කළේය. කිසිත් විස්තරයක් අත් නොහැර, තමන් ආපසු එන ගමනේ දී ආචාර්ය කොකින්ට්ස් වෙතින් අසා දැනගත් විස්තර සියල්ල කීවේය.

“අපි මොකක් ද ඒකෙන් කරන්නෙ?” ඔහුගේ කතාව අවසානයේ දී ග්ලෝරියානා විමසීය.

“අපි මුලින් ම කරන්න ඕනා,” ටලී කීවේය, “අපේ මායිම් දිවා රෑ මුර කරන එකයි. ඇමෙරිකානුවන් එය ආපහු ගන්න වෑයම් කරාවි. අනිත් අයත් ඒක හොරකම් කරන්න උත්සාහ කරාවි. මේකෙන් කරත හැකි ව්‍යසනය නිසා මේක අයිති අය තමයි ලෝකයේ අනිත් අයට වඩා බලවත් වෙන්නෙ. ඉතින් දෙපැත්තෙම අය, ඇමෙරිකානුවන් සහ රුසියානුවන්, බෝම්බය ගන්න එයාලගෙ නියෝජිතයෝ එවාවි. ඒත් කාරණා දෙකක් නිසා අපි වාසනාවන්තයි. අපේ මායිම් මුර කරන්න පහසුයි. නන්නාඳුන අය ඉවත් කරන්න පහසුයි. කවුරු හරි එකෙක් මායිම පැනලා ආවොත් අපි අඳුරගන්නවා එයා කවුද කියලා. මේ ග්‍රෑන්ඩ් ෆෙන්වික් දනව්වේ අපි හැමෝම දැක්ක ගමන් අනිත් අයව දන්න නිසා. අමුත්තෙක්ට හැංගිලා ඉන්න බැහැ.

“ඇමෙරිකානුවන් සහ රුසියානුවන් කාව හරි පැරෂූට් එකකින් බස්සන්න හදයි. ඒත් ආයෙත් අපි හැමෝම හැමෝවම දන්න නිසා රාත්‍රියක වුවත් පැරෂූට් එකකින් බැස්සුවාට වැඩක් වෙන්නෙ නැහැ. මායිම වටා වගේ ම මාලිගාව වටා ද මුර කරන්න ඕන. කිසිත් රාජකාරියක් නැති අයට මාලිගාවට ඇතුල් වෙන්න අවසර නොදී. බෝම්බය තියෙන ඇඳිරිගෙය තර ලෙසින් මුර කරන්න ඕන. පැය විසිහතර පුරා. බෝම්බය තියෙන ඇඳිරිගෙයට ඔබ හැරෙන්නට වෙන කිසිවකුටත් ඇතුල් වෙන්න තහනම් කරන්න ඕන.

“මට මේක සිත් තැවුලක්,” ග්ලෝරියානා අවංකව පැවසුවා ය. “ඔයා කියන විදියට අපි ලෝකයේ ම බලවත් ජාතිය වෙලා. ඒත් අපිට ඕන වුනේ කිසි සේත් ම ඒක කරන්න නෙමෙයි. අපි යුද්දෙට ගියේ ගෞරවනීය ලෙස අපිට ඇති තරමට මුදල් ටිකක් ලබාගෙන අපි ඉස්සර හිටිය විදියට ම කල් ගෙවන්න ඕන නිසයි. ඒත් ලෝකයේ බලවත් ම ජාතිය හැටියට අපිට ජීවත්වෙන්න වෙන්නෙ වටලා සිටින බලකොටුවක අය විදියටයි. අපේ මායිම් මුර කරමින්. හැමෝම තමන්ගෙ අසල්වැසියා දිහා විපරම් ඇසින් බලමින්. අර බියකුරු බෝම්බය පිපුරුනොත් ඕන මොහොතක අපි හැමෝම සුන්නත් දූලි වෙලා යයි කියන බයෙන්. අපිට ඉස්සර තිබුණු නිදහසෙන් සෑහෙන්න ගොඩක් නිදහස අඩුයිනෙ දැන්. මට කියන්න බෑ මම ඒකට ආසයි කියල.”

“ජයග්‍රහණය සමහර විට රැගෙන එනවා එයින් ලැබෙන වාසි වලට වඩා වැඩි වූ වගකීම්,” ටලී කීවේය. “ඒ මොකද දන්නවා ද, ඒකෙන් තමයි අපේ හිත තුල නැවත හරි වැරැද්ද ගැන කතාවක් පටන් ගන්නෙ. යුද්ධයක් වෙලාවට හරි වැරැද්ද පැත්තකට දාලා තියෙන්නෙ. එහෙම පැත්තකට දාන එක හුරුයි. යටත් වූ අයටත් ඒක හුරුයි. ජයගත් අයට යුද්ධයේ ලාබ සහ පරාජය වෙච්ච අයට දුක තමයි ඉස්සර කාලේ. ඒත් දැන් අපි ශිෂ්ඨාචාර වෙලා නිසා ඒකෙන් අපි දුක් විඳිනවා. යුද්ධයක් පැවතෙද්දී අපි ම්ලේච්ඡයෝ ලෙසින් හැසිරෙන්නේ දේශප්‍රේමීත්වය නිසා. ඒත් යුද්ධයෙන් පසු අපි මානවහිතවාදියෝ හැටියට ශිෂ්ඨාචාරව හැසිරෙන්න ඕන. අපි මුලින් ම අපිට හැකි තරම් හතුරෝ අපිට හැකි තරම් සූක්ෂම වූ ක්‍රමයකින් මරලා දානවා. ඊට පස්සෙ අපි අපිට හැකි තරම් අයගේ ජීවිත බේරගන්න අපේ සියළු ජවය හා ධනය යොදලා උත්සාහ කරනවා. යුද්ධයක් කියන්නෙ ඇත්තෙන් ම පාපිෂ්ඨ වූ ලෙසකින් කාලේ නාස්ති කිරීමක්. කිසිත් කොන්දේසි නැතිව වූ යටත් වීමක් නිසා අපිට වෙන්නෙ කිසිත් සීමාවන් නැති ප්‍රතිසංස්කරණ කරන්නයි. ඉතින් මොනවා හරි ක්‍රමයක් හදා ගන්න පුළුවන් නම්, යුද්ධයක් බාගයක් දිනලා බාගයක් පරදින්නට හැකි, දෙපැත්තම දිනුමේ බාගයක් බාර ගන්න හැකියාව ඇති විදියට, එතකොට තත්වය වෙනස් වේවි. ඒත් එහෙම කරන්න විදියක් නැහැනෙ.”

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න »

තවමත් ප්‍රතිචාර නොමැත.

RSS feed for comments on this post. TrackBack URI

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

WordPress.comහි නොමිලේ වෙබ්අඩවියක් හෝ බ්ලොග් සටහනක් සාදාගන්න.

%d bloggers like this: