Sinhala story Blog

ජූනි 20, 2012

කොබ්ලි දිනය

Filed under: Uncategorized — sinhalashortstories @ 6:55 පෙ.ව.

මාලිගාවේ පඩි අසලින් ආදිපාදවරිය සිටගෙන සිටියා ය.

ඇය දෙපැත්තෙන් දියාරුවිරෝධවාදීන් නියෝජනය කරමින් මවුන්ට්ජෝයි සිටුවරයා ද, දියාරුවාදීන් නියෝජනය කරමින් ඩේවිඩ් බෙන්ටර් මහත්තයා ද සිටගෙන සිටියහ. මවුන්ට්ජෝයි සිටුවරයාට දකුණු පසින් විශේෂ ගෞරවයක් ලැබ ටලීගේ පියා වූ පියර්ස් බැස්කොම් ද සිටගෙන සිටියේ ය. සැවොම උද්‍යානයේ රැස් වූ පසු විල් විසින් ෆෙන්වික් කොඩිය ආදිපාදවරියට ආචාරයක් වශයෙන් එය පහළට ගෙනැවිත් එහි මුදුන ඇය අසල පොළවේ යාන්තමින් වැදෙන්නට හැර එය නැවතත් එසැවීය. ටලී එක කකුලකින් දණගසා වාර්තාව ඉදිරිපත් කරන්නට අවසර ඉල්ලී ය. තමා සාර්ථකව ඇමෙරිකාවට පහර දුන් බවත්, සිරකරුවන් හය දෙනෙක් රැගෙන ආ බවත් සහ ඇමෙරිකන් අවි අතර වඩාත්ම බලවත් අවිය අල්ලා ගන්නට සමත් වූ බවත් කියා සිටියේ ය.

මේ ප්‍රවෘත්ති ඇසි ග්ලෝරියානා තම ආවේග පාලනය කරගත්තේ ඉතා අපහසුවෙනි. ඒ අපහසුව තවත් වැඩි වූයේ ඇයගේ පැත්තකින් සිටි මවුන්ට්ජෝයි සිටුවරයා මේ මහජනයා හමුවේ පෙනී සිටින අවස්ථාවක් නිසා වහාම වැටෙන්නට ගිය තනි කාච කණ්ණාඩිය වැටෙන්නට පෙර අල්ලා ගන්නට සමත් වූ නිසා ය. ඔවුන් දෙදෙනා ම බලාපොරොත්තු වූයේ ළඟ ම ඇති ඇමෙරිකන් තානාපති කාර්යාලයකින් තම හමුදාව අල්ලා ගෙන රඳවාගෙන ඇතැයි අහන්නට ය. ඔවුන් දෙදෙනාගේ ම රහසිගත වූ සිත් තැවුල වූයේ රටවල් දෙක අතර යුද්ධයක් ඇතැයි පිළිගැනීම ඇමෙරිකාව විසින් ප්‍රතික්ෂේප කරයි යන්න සහ තම හමුදාව එහි සිටි කාලය වෙනුවෙන්, අල්ලා ගැනීම හා ආපසු එවීම වෙනුවෙන් වැයක් ගෙවන්නට සිදු වේයැයි යන්නයි. එවැන්නක් වූවා නම් මහත් අබැද්දියකි. එහෙත් එසේ සිද්ධ නොවී තම හමුදාව ඔවුන්ගේ හැකියාවෙන් ම ආපසු ආවා යැයි අහන්නට ලැබීම, ජයගෙන ආවා යැයි අහන්නට ලැබීම, සිරකරුවන් ද අල්ලා ගෙන ආවා යැයි අහන්න ලැබීම, ඒ සමඟින් ටලී ව විශ්වාස කරන්නේ නම් ඇමෙරිකාවේ බලවත් ම අවිය ද රැගෙන ආවා යැයි කීම මවිතකර වූවත් සතුටු නිවේදනයකි.

“මොකක් ද මේ අවිය?” ග්ලෝරියානා ඇසුවේ පාලනය කරගත් කටහඬකිනි.

“බෝම්බයක්, ආදිපාදවරියෙනි, මුළු යුරෝපය ම විනාශ කරත හැකි වූවක්,” ටලී කීවේය. ඔහු නැඟිට ලෑල්ල මත තියාගත් බෝම්බය ඉදිරියට ගෙනෙන්න යැයි සොල්දාදුවන් දෙදෙනාට අණ දුන්නේ ය. ඔවුන් එය ග්ලෝරියානා ඉදිරියට ගෙන ආහ. ඇය ඒ දිහා විශ්වාස නොකරන බැල්මක් හෙලා එය අතට ගන්නට සූදානම් වූවාය.

“එපා! එපා!” ආචාර්ය කොකින්ට්ස් බෙරිහන් දුනි. “ඒක අල්ලන්න එපා. ඒක සේරම විනාශ කරාවි.”

“නිහඬ වෙයන්,” ටලී ගුගුලේ ය, “අනික, මේ උත්සවයේ දී කලන්තෙ දාලා වැටෙන්න එපා.” අනතුරුව හේ ග්ලෝරියානා වෙත හැරුනේ ය: “ඔහුට කියන්න තියෙන්නෙ ඇත්තක් ආදිපාදවරියෙනි. එයා මීයෙක් වගේ දුර්වලයෙක් වුවත් එයා තමයි මේ බෝම්බය හදපු මිනිසා. මේක තමයි මේ විදියට තියෙන ලෝකයේ එකම බෝම්බය. එයාව විශ්වාස කරනවා නම්, මේ බෝම්බය පුපුරලා ගියොත් වර්ග සැතපුම් මිලියන දෙකක ඉඩ ප්‍රමාණයක් විනාශ වෙලා යනවා.”

උත්සවය නරඹන්නට මාලිගාවේ උද්‍යානයට රොක් වූ මහජනතාව අතර කිචිබිචියක් පැතිර ගියේය. ඔවුන් පෙට්ටිය වෙතින් ඈත් වෙන්නට ගත් උත්සාහයෙන් මාලිගාවේ තාප්පය අසලට වඩා ළං වූහ. අම්මාවරුන් තම දරුවන්ව වඩා ළං කර අල්ලා ගත්හ. සැමියෝ භාර්යාවන්ව තම පිටුපසට තල්ලු කළහ. සැවොම ලෑල්ල මත තිබි බෝම්බය දිහා බැලූහ. කිචිබිචිය නතර වෙද්දී නිහඬතාවය හැම අත පැතිරුණි. සූර්යයාලෝකයේ ද රස්නය මොහොතකට නැති වී ගිය ලෙසකින් දැනිණ. මාලිගාව පැරණි හා වචනයෙන් කියත නොහැකි තරම් විඩාවකින් සිටිනවා සේ දිස්විය.

“ඇතුලට අරන් යන්න,” ග්ලෝරියානා අණ දුන්නේ රහසක් කියනා විලසිනි. “ඒක ගිහින් වැඩියෙන් ම පතුලට ගිය ඇඳිරිගේ තුල තියන්න. ඒකෙන් අපේ ජනතාවට උවදුරක් වෙන්න ඉඩ තියන්න බැහැ.”

“ඔබේ අවසර,” කඳ නවා ආචාර කළ ටලී කීවේය, “ඒකෙන් කිසිම ජනතාවකට උවදුරක් කරන්න ඉඩ තියන්නේ නැහැ.”

බෝම්බය මාලිගාව ඇතුලට ගෙන ගොස් වඩාත් ම ගැඹුරු වූ ඇඳිරිගෙයි තුල මුරකරුවන් සමඟින් තබන්නට තීරණය කර උත්සවයට නැවත ඔවුන් යොමු වූහ. ටලී තම සිරකරුවන් ග්ලෝරියානාට බාර දුන්නේ ය. යුද්ධයේ දී මිය ගිය රණවිරුවාගේ නිර්භීතකම ගැන පැසසුවේ ය. “ඔහු කිසි වදනක් කිව්වෙ නැහැ, මිය යද්දී, ආදිපාදවරියෙනි,” ඔහු විස්තර කළේය, “ඒත් ඔහුට පහර වැදී වැටුණ විට ඔහු නැවතත් නැඟිට සිටියා තමන් තුල වූ ඇබිත්තන් ජීවිතයෙන් සටන් වදිනු සඳහා ආයෙත් වරක්.”

“ඔහුට පවුලක් ඉන්නවා ද?” ග්ලෝරියානා විමසුවාය.

“කවුරුත් නැහැ,” ටලී උත්තර දුන්නේ ය.

“ඒත් එයා අපි හැමෝගේ ම සහෝදරයෙක් වූවා,” ග්ලෝරියානා කීවාය, “අපි හැමෝම ඔහුගේ නෑඳෑයෝ. ඔහු සාමාන්‍ය මිනිසෙක්. ඒත් මරණයේ දී ඔහු වඩා උතුම් වූ රදළයෙක් වෙනවා තමන්ගේ ජීවිත කාලයන් පුරා එහෙම උතුම් බවක් කියාගන්නට බැරි අය අතර. ඔහුව අපි මිහිදන් කරමු සර් රොජර් ෆෙන්වික් අසලින්. ඔහුගේ මරණය සිද්ධ වූ දිනය අපි කොබ්ලි දිනය කියා සමරමු. මේ ජාතිය වෙනුවෙන් ඔහුගේ දිවි පූජාව ඔහුගේ ජාතිය ඉන්නා තාක් අමතක නොවේවි.”

Advertisements

ප්‍රතිචාර 2 »

  1. digatama liyanna

    ප්‍රතිචාර විසින් dinukajayasinghe — ජූනි 20, 2012 @ 10:04 පෙ.ව.


RSS feed for comments on this post. TrackBack URI

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

WordPress.comහි නොමිලේ වෙබ්අඩවියක් හෝ බ්ලොග් සටහනක් සාදාගන්න.

%d bloggers like this: