Sinhala story Blog

ජූනි 18, 2012

දැන් අපිට ඇමෙරිකාව ප්‍රතිසංස්කරණය කරන්න වෙනවා ද?

Filed under: Uncategorized — sinhalashortstories @ 6:47 පෙ.ව.

14

මවුන්ට්ජෝයි සිටුවරයාට ඒක ආපහු යවන්නට උවමනා කළේය. ඔහු කුවේඩියම් බෝම්බය දැක්කේ ග්‍රෑන්ඩ් ෆෙන්වික් දනව්වට කවුදෝ ගෙනැවිත් එහි මැද්දේ වූ සශ්‍රීක පොළව මැද්දේ දැවැන්ත හා දැඩි සේ ක්‍රියාශීලී වූ ගිනි කන්දක් තබා එය පුපුරා යන තෙක් බලා සිටිනා ලෙසකිනි.

“ආදිපාදවරියෙනි,” ආචාර්ය කොකින්ට්ස්, බෝම්බය, ජනරාල් ස්නිපෙට්, නිව් යෝර්ක් පොලිස් නිලධාරීන් හතරදෙනා අවුත් වැඩි දිනක් නොයන්නට මත්තෙන් පුද්ගලික හමුවක් ඉල්ලා ගත් ඔහු ඇය ඇමතීය, “මම එච්චර කැමැත්තක් දැක්වූයේ නැහැ මේ යුද්ධයට. ඉතින් අපි දැන් යුද්ධයක් දිනලා ජය හැටියට ගෙනැවිත් තියෙන්නෙ ගණනය කර නොහැකි ව්‍යසනයක්. අපේ මේ භූමියට මේ පාපශීලී බැස්කොම්බ් නැමත්තා ගෙනාපු බියකරු එන්ජිම නිසා ඕනෑම මොහොතක කරත්තයක රෝද වල හෙලවිල්ලකින් වුවත් අපිව සදාකාලික තැනකට යවාවි. අපි විතරක් නෙමෙයි අපේ දරුවොත් යවාවි. අපේ වයින්, අපේ නිවාස, අපේ ජාතික වනෝද්‍යානය. අපිව විතරක් නෙමෙයි ස්විස්, ප්‍රංශ, ඕලන්ද, ජර්මන්, ඉතාලි සහ ස්පාඤ්ඤ අයවත්. ඇත්තෙන් ම, මුළු යුරෝපයම, නැත්නම් බටහිර ශිෂ්ඨාචාරයේ තොටිල්ල. මේ බැස්කොම්බ්ව ද්යෝෂාභියෝගයට ලක් කරලා රටින් නෙරපන්න ඕනා. එයා කරලා තියෙන්නෙ ආණ්ඩුවේ කැමැත්තට සම්පූර්ණයෙන් පටහැනි වූ ජයක්. ඔබට මතක ඇති ආදිපාදවරියෙනි, අපේ සැලසුම වූයේ මේ යුද්ධය පරදින්නටයි. අපේ සැලැස්මට විරුද්ධ ලෙසින්, ඒකට අභියෝග කරන ලෙසින්, බැස්කොම්බ් ගිහින් යුද්ධෙ දිනලා.”

ග්ලොරියානා තෘප්තිමත් ලෙසකින් මඳ සිනාවක් පෑවා ය. ටලී ගේ අද්වීතිය ජයග්‍රහණය ගැන ඇය උද්දාමයෙන් සිටියා ය. වෙනත් කිසිම පිරිමියෙක්, සිය පියා ද ඇතුළුව, වෙත දැක් වූයේ නැති අගය කිරීමක් ඇය ඔහුට දැක්වූවා ය. එහෙත් දිගින් දිගට කියාගෙන ගිය මවුන්ට්ජෝයි සිටුවරයාට ඇයගේ ප්‍රතිචාරය මඟහැරිණ.

“අපි මොකක් ද දැන් කරන්නෙ?” ඔහු විමසුවේ ය. “සමහර විට, ඔවුන් ලවා අපි ප්‍රතිසංස්කරණය කරගන්නවා වෙනුවට දැන් අපිට ඇමෙරිකාව ප්‍රතිසංස්කරණය කරන්න වෙනවා ද? දැනට ඉන්නවාට වඩා දහස් ගුණයකින් මිනිස්සු හිටියත් වසර මිලියනයක් තිබුනත් අපිට ඒක කරන්න පුළුවන් කමක් නැහැ.

“ඇමෙරිකාවේ ඉන්න කවුද දැන් ග්‍රෑන්ඩ් ෆෙන්වික් වයින් මිල දී ගන්නෙ, මේ දුෂ්ටයා බැස්කොම්බ් ඒ අහිංසක සහ ශ්‍රේෂ්ඨ මිනිස්සුන්ට ගිහින් මෙහෙම දෙයක් කරලා ආවම? මම ආයෙත් කියන්නෙ, අපි එයාව පිටත් කරලා යැව්වෙ යුද්ධය පරදින්නට. ඉතින් එයා නොහික්මුණු විදියට ගිහින් විනාශකාරී විදියට ඒක දිනුවා. ආදිපාදවරියෙනි, මතක ඇතිනෙ එයාගෙ ලුතිනන්වරු සමඟ ඔබතුමිය කරපු පුද්ගලික හමුවක දී වයිට් හවුස් එකට රහසිගතව ඇතුල්වෙලා පහර දෙන ඔහුගේ සැලසුමට ඔබ විරුද්ධ වූ බව. ඒ වෙනුවට තමයි ඇමෙරිකාවට එඩිතරව පහර දීලා වහාම පැරදිලා ඇමෙරිකාවේ සම්ප්‍රාදය අනුව ග්‍රෑන්ඩ් ෆෙන්වික් වල ප්‍රතිසංස්කරණ පටන් ගන්න තීරණය කළේ.

“ආදිපාදවරියෙනි, ද්යෝෂ්‍යාභියෝගය කරන්න බැරි නම්, ඒත් මෙයාව තනතුරෙන් පහ කිරීමට පූර්වාදර්ශයන් එමට තියෙනවා ඉතිහාසයේ. විධායක කැමැත්තට පිටු පා ගිය කපිතාන්වරුන්ට සහ ජනරාල්වරුන්ට, යුද්ධ වදින්නෙ නැතිව වෙනත් ක්‍රම වලින් ජය ගන්න හැකි යැයි ඥානවන්ත අය පෙන්වා දෙද්දී, යුද වදින්නට ගිය අයට දඬුවම් දිය යුතුයි. ග්‍රෑන්ඩ් ෆෙන්වික් ආදිපාද දනව්වේ සමෘද්ධිය ඇති කරනවාට වඩා ආරක්ෂාව සලසනවාට වඩා මේ බැස්කොම්බ් අපිව ගෙන ගිහින් තියෙන්නෙ මේ ගඳ ගහන පෙට්ටියක භාරකාරත්වය ඇති බියකුරු බල තියෙන අපායකට.”

“බෝබෝ,” ග්ලොරියානා කීවාය, “ඔබ චර්චිල්ගෙ මතක සටහන් කියවලා ආයෙත්. ඒවා ඔයාගේ ව්‍යක්තභාවයෙන් මනාව පෙන්නුම් කරනවා. මම හිතන්නෙ එය හොඳයි කියල. ඒත් මම විශ්වාස කරන්නෙ නැහැ අපි බැස්කොම්බ් මහත්තයාව ද්යෝෂාභියෝගයට ලක් කළ යුතු කියා. මම හිතන්නෙ පරෙවි මඩුල්ලක් රැස් කරලා ආචාර්ය කොකින්ට්ස් ට සහ බැස්කොම්බ් මහත්තයාට ඒකට සහභාගී වෙන්න කියලා ආරාධනා කළ යුතුයි කියා. මම දන්නවා අල්ලා ගත් සිරකරුවෙක් කවුන්සිල් රැස්වීමකට සහභාගී වීම අසාමන්‍ය වූවක් බව. ඒත් මේ මුළු තත්වය ම අසාමාන්‍යයි. අපිට එයාගෙ උපදෙස් ඕන මේ බෝම්බය ගැන දැනගන්න සහ ඒක පත්තු වෙලා යන්න නොදී තියාගන්න හැටි අහගන්න.”

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න »

තවමත් ප්‍රතිචාර නොමැත.

RSS feed for comments on this post. TrackBack URI

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

WordPress.comහි නොමිලේ වෙබ්අඩවියක් හෝ බ්ලොග් සටහනක් සාදාගන්න.

%d bloggers like this: