Sinhala story Blog

ජූනි 17, 2012

අපේ ප්‍රතිපත්තිය තමයි දුර්වල ජාතීන් ආරක්ෂා කිරීම

Filed under: Uncategorized — sinhalashortstories @ 8:58 පෙ.ව.

“රහස් ඔත්තු සේවය මේ සේරම තොරතුරු සවිස්තරව සොයා බැලුවා.

පුහුණු මෙහෙය පැවැත්වෙද්දී නිව් යෝර්ක් නගරය ග්‍රෑන්ඩ් ෆෙන්වික් දනව්ව විසින් ආක්‍රමණය කළ බවට කිසිම සැකයක් නැහැ. ඒත් ඇයි ඔවුන් ජනරාල් ස්නිපෙට් අල්ලා ගෙන ගියේ යන්න ගැන මට කිසිම විදියකින් වටහා ගන්න බැහැ. මට හිතෙන්නෙ ඔහුව අල්ලා ගැනීම හදිසියේ වූවක්. නිව් යෝර්ක් උමං දුම්රිය පොළක අඟහරු ලෝකෙන් ආ මිනිස්සු ගැන කටකතාවක් පැතිර යද්දී මම ඔහුව එහෙ පිටත් කර යැව්වේ ඒ කටකතාව නවත්වන්නයි. එහෙ යද්දී මේ ග්‍රෑන්ඩ් ෆෙන්වික් අයට හමුවෙලා අල්ලා ගෙන යන්න ඇති. එයාගෙ වාහනේ පිටිපස්සෙ ආසනේ අඩු තුනක ඊතලයක් වැදිලා තියෙනවා අපි හොයාගත්ත. පොලිස් නිලධාරීන් හතර දෙනෙකුත් අතුරුදහන්. එයාලවත් ඔහු එක්ක අල්ලා ගන්න ඇති.

“අඩි තුනක ඊතලයක්?” ජනාධිපතිවරයා විමසුවේ සිය අතක් අඩු වී යන කොණ්ඩය තුලින් හිස කසමිනි.

“ඔව්,” ආරක්ෂක ලේකම්වරයා පිළිතුරු දුන්නේය. “මට ඒක කළින් පැහැදිලි කරන්න තිබ්බා. ග්‍රෑන්ඩ් ෆෙන්වික් දනව්ව දාහතර වැනි ශත වර්ෂයේ දී සටන් වැදුණාට පස්සෙ යුද්ධයක නිරත වෙලා නැහැ. යුරෝපයේ සිය අවුරුදු යුද්ධ සමයේ දී වගේ තමයි ඔවුන්ගෙ සොල්දාදුවන් සැරසෙන්නේ සහ අවි ගන්නේ. යකඩ දම්වැල් වලින් හදපු වස්ත්‍ර වලින් ලෝගු දාගෙන දිගු දුනු, යකඩ මුගුරු සහ හෙල්ල අරගෙන …”

ජනාධිපතිවරයා ඔහුව නැවතීය.

“ඔබ කියන්නෙ අපිව සාර්ථකව ආක්‍රමණය කරලා තියෙන්නෙ දාහතර වැනි ශත වර්ෂයේ යුරෝපීයයන් කියලා ද?”

“ඔව්,” ලේකම්වරයා පිළිතුරු දුන්නේ ය.

ජනාධිපතිවරයා අසුනින් නැඟිට්ටේ ය. නැවතත් වාඩිවුණි. ඔහු ඇස් වසාගෙන වැලමිටි මේසය මත තැබුවේය. ඔළුව සත්‍යයෙන් ම ගැල වී යෑම නවත්වන්නට සේ ඔළුව අත් දෙකෙන් ම බදා ගත්තේ ය.

“මට තාමත් වැටහෙන්නෙ නැහැ,” ඔහු කීය. “මොකක් ද මේ ආක්‍රමණයේ අරමුණ?”

“වයින්,” ලේකම්වරයා ඉවසිලිවන්තව කියා සිටියේය. “කැලිෆෝර්නියාවේ, මැරින් කවුන්ටියේ, සැන් රෆායෙල් වල වයින් හදන්නෙක් ග්‍රෑන්ඩ් ෆෙන්වික් වල පිනෝ වයින් වලට සමාන වූ කොපියක් හදලා. ඒක තමයි ආදිපාද දනව්වෙ එකම අපනයනය. තමන්ගේ ජීවිකාවට තර්ජනයක් කියලයි ග්‍රෑන්ඩ් ෆෙන්වික් දනව්වේ ජනතාව ඒක දකින්නෙ. මම පිළිගන්නවා එහෙම හිතන්නට ඔවුන්ට හැකියාව ඇති බව. ශතක පුරා ඔය වගේ හේතු නිසා යුද්ධ සටන් වැදිලා තියෙනවා. චීනයේ අබින් යුද්ධ, උදාහරණයක් හැටියට, අනික ඕලන්ද සහ ඉංග්‍රිසි අය කුළුබඩු දූපත් වෙනුවෙන් වැදිච්ච දිගු යුද්ධයන්.”

“ඒත්, මේ විසිවැනි ශත වර්ෂය,” ජනාධිපතිවරයා කතාවට බාධා කළේය. “යුද්ධ නැතිව මේ චෝදනා සමථයකට පත් කරගන්න වෙනත් ක්‍රම තියෙනවානේ. අපි කතාබස් කරලා ප්‍රශ්න විසඳගන්න කැමති ජාතියක්නෙ. අපි පෙනී සිටින්නේ සාමයට. අනික, අපේ ප්‍රතිපත්තිය තමයි දුර්වල ජාතීන්ව ආරක්ෂා කිරීම. ඇයි එයාල අපිට විරුද්ධව යුද වැදුනේ?”

“මේකයි ප්‍රශ්නෙ, අපි ලොකු වැඩියි, එයාල පුංචි වැඩියි,” ලේකම්වරයා ඇසෙන නෑසෙන හඬින් කීය. “ඔවුන් වැඩේ සාමකාමීව නිරාකරණය කරන්න උත්සාහ ගත්ත. මේ යුද ප්‍රකාශයෙන් කියන විදියට. අපිට ලැබිලා තියෙනවා ආදිපාදවරිය විසින් එවන ලද රාජකීය නිවේදනයක්, දොලොස්වැනි ග්ලෝරියානාගේ අත්සන් ඇතිව. ඒක එවලා තියෙන්නෙ ඇමෙරිකාවේ වෙළඳ මණ්ඩලයට. මේ ග්‍රෑන්ඩ් ෆෙන්වික් දනව්වේ වයින් කොපි කරන එක නවත්වන්න කියලා.”

“ඒකට මොකද වුනේ?” ජනාධිපතිවරයා විමසීය.

ලේකම්වරයා ලැජ්ජාවෙන් රතුවිය. “ඒක වයින් නිෂ්පාදකයන් වෙත යවලා උත්තරයක් ඉල්ලලා. ඔවුන් ඒක තමන්ගෙ නිෂ්පාදන වල අලෙවිය වැඩි කරගන්න දැන්වීම් වලට දාගෙන. ඒ අසික්කිත දැන්වීම් වලින් ඔවුන් කියලා තියෙන්නෙ එයාලගෙ වයින් කොච්චර ඇත්ත පිනෝ වලට සමාන දැයි කිව්වොත් කොපිය විකිණීමට රාජකීය විරෝධයක් එල්ල වෙච්ච බවයි. මේ වැඩේ තවත් නරක් වෙලා තියෙන්නෙ ඔවුන් විසින් කියලා ශතක ගණනාවක් පරණ යුරෝපීය වයින් වැඩි දියුණු කරන්න ඇමෙරිකන් අයට හැකි වූවා කීමෙන්.”

“හත් ඉලව්වයි,” ජනාධිපතිවරයා කීවේය.

“ඔව්,” ලේකම්වරයා එකඟ විය.

නිහැඬියාවක් නැවතත් පැතිර ගියේය.

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න »

තවමත් ප්‍රතිචාර නොමැත.

RSS feed for comments on this post. TrackBack URI

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

WordPress.comහි බ්ලොග් සටහනක්.

%d bloggers like this: