Sinhala story Blog

ජූනි 14, 2012

අඟහරු ලොවෙන් ආ මිනිස්සු මෑන්හැටන් වලට පහර දෙයි

Filed under: Uncategorized — sinhalashortstories @ 8:47 ප.ව.

ඩේලි නිව්ස් පත්තරයේ තමන් හඳුනන වැදගත් තනතුරක් දරනා අයෙක් ඉන්නවා යැයි කියද්දී ටොම් කියුවේ අතිශයෝක්තියකි.

මාස හයක් හතක් පමණ කාලයක් කොමිස් ක්‍රමයට පත්තර මිල දී ගෙන විකුණද්දී ටොම් සේවය කළ පත්තර බෙදාහරින දිස්ත්‍රික් කළමනාකරුවා ගැනයි ටොම් එසේ කියුවේ. ඔහුව අල්ලා ගැනීම අසීරු විය. එහෙත් ටොම් උත්සාහය අත් නොහැරි පසු, ඔහුට කතාව කීමෙන් පසු, පත්තර බෙදාහරින දිස්ත්‍රික් කළමනාකරුවා එක ප්‍රශ්නයක් ඇසීය.

“මේක නගරයේ උතුරු පැත්තේ ද වුනේ?”

“ඔව්,” ටොම් කීවේය, “බ්‍රෝඩ්වේ සහ එකසිය වීදියේ.”

“බටහිර පැත්තෙ එකසිය ගණන් වීදිවල තව ටිකක් අලෙවිය වැඩි කර ගන්න පුළුවන් නම් හොඳයි,” බෙදාහැරීමේ කළමනාකරුවා කීය. ඒ බාගයක් තමන්ට මුමුණා ගනිමිනි. “මම කියන්නම්, මම නාගරික කර්තෘවරයාට කතා කරලා ඔයාල එන බව කියන්නම්. එයාට දෙන්න මේ අඟහරු ලෝකෙන් ආ මිනිස්සු පැත්තෙන් කතාව හිතට වැදෙන්නට. ඒක නියමයි: ‘අඟහරු ලොවෙන් ආ මිනිස්සු නගරයේ උතුරු පැත්තේ ගොඩ බසිති’ කියලා හෙඩිමකට. වැඩිපුර පත්තරයක් අච්චු ගහන්නත් හැකිවේවි. එයා කැමති වෙයි ඒකට. මතක තියාගන්න ඔයාගේ නම දෙන්න ඕනා. තමන් ආරක්ෂක සේවකයෙක් හැටියට හඳුන්වා දෙන්නත් ඕනා. හරි ද?”

“හරි,” ටොම් කීවේය.

ටොම් සිය අංශයේ සේවකයන් තිදෙනා සමඟ නැගෙනහිර පැත්තේ වූ ඩේලි නිව්ස් කාර්යාලයට ගියේ සතුටු හදවතිනි. ඔවුන් සමඟ නාගරික කර්තෘවරයා කතාබහ කළේ වේගවත් මිනිත්තු දෙකක කාලයක් පමණි. ඔවුන් සතුව ඡායාරූප නැතිවීම ගැන කෝපයකට ළං වූ ආකාරයකින් නාගරික කතුවරයා ඔවුන් සමඟ කතාබහ කළේය. අනතුරුව වාර්තාකරුවෙකු ළඟට ඔවුන් යැවූහ. වාර්තාකරුවා සිහින් සිරුරකින් හෙබි, ඉතාමත් උවමනාවකින් වැඩ කරන, ඇස් කණ්ණාඩි පැළඳගත් තරුණයෙකි. ඔහු සෑම සුළු කරුණක් ගැන ම ප්‍රශ්න ගොඩක් ඇසුවේය. එසේ අසනා විට ටොම්ට හිතුනේ එයාව ලොකු ලොක්කන් විසින් ඩේලි නිව්ස් පත්තර කන්තෝරුවේ මේ කතාව පිටට නොයන ලෙසට පියවර ගැනීම සඳහා රඳවන ලද්දෙක් කියාය. ටොම් තමනට හැකි පමණින් සියළු ප්‍රශ්න වලට පිළිතුරු දුනි. අවසානයේ දී මුළු කතන්දරයම සත්‍ය්‍ය යැයි කියා ලියැවුනු ලියැවිල්ලකට අත්සන් තැබීය. ටොම් සමඟ සිටි අනිත් තිදෙනා ද අත්සන් තැබූහ. ඉක්බිතිව ඔවුන් පිටව ගියහ.

“හෙට පළවේවි කතන්දරේ පත්තරේ මුල් පිටුවේ,” ටොම් කියුවේය.

එහෙත් එය පළ වූයේ නැත.

වාර්තාකරුවා සටහන බාර දුන්නත්, නාගරික කර්තෘවරයා ප්‍රවේසමත් ප්‍රහර්ෂයත් අතර සිතින් ගැටෙමින් එය කියවා බැලීය. එය පළකරන්නට ඔහුට සිත්විණ. එහෙත් වසර ගණනාවක් තිස්සේ කතාවක් ඇසුණු විට එය තවත් මූලාශ්‍රයකින් සොයා බලන හැදියාව හුරු වී තිබි නිසා ඔහු එය පළ නොකළේය. ඔහු එයත් රැගෙන තම කළමනාකාර කර්තෘවරයා වෙත ගියේය. ඔහු ද කතාව කියවා බැලීය.

“මේ කට්ටිය කතාව සත්‍ය්‍යක් යැයි දිව්රා කියනවා,” නාගරික කර්තෘවරයා කීවේය. “ඔවුන්ගේ තොරතුරු අපි සොයා බැලුවා. ඒවා නම් ඇත්ත. එයාල සිවිල් ආරක්ෂක සංවිධානයේ තමයි සේවය කරලා තියෙන්නෙ. අඟහරු ලෝකෙන් ආපු මිනිස්සු ගැන වාර්තාවක් සපයලා තියෙනවා ඒ අංශයට. ඒත් සිවිල් ආරක්ෂක සංවිධානය කියන්නෙ මේ කට්ටිය බීලා හිටියා කියලා, එයාලට දීපු විශේෂ ඇඳුම් නැති කරගත්තා කියල. අපිව වැරැද්දකට අහුවෙන්නෙ නැති විදියට මේ කතාව පළ කරන්න ක්‍රමයක් ඇත්නම් නියමයි.”

කළමනාකාර කර්තෘවරයා මේසය මත කකුල් දෙක තබා තම සපත්තු අගිස්ස දිහා බලා සිටියේය.

“මතක ද අර ට්‍රිබියුන් පත්තරේ කතාව රේගු ගොඩනැඟිල්ල උඩ තිබිච්ච කොඩිය?” ඔහු ඇසුවේය. වේගවත් කතා ශෛලියක් තිබි ඔහු වාක්‍යයක ව්‍යාකරණ තිබිය යුතු කොටස් අත්හැර කතා කරන හුරුවක් ද තිබියෙකි.

“ඔව්,” නාගරික කර්තෘවරයා කීවේය.

“හිනායන වැඩේ,” කළමනාකාර කර්තෘවරයා කියාගෙන ගියේය, “මම මේ ස්නිපෙට් අල්ලා ගන්න හදනවා දවස් දෙක තුනක ඉඳලා ඒක ගැන ප්‍රකාශයක් ලබාගන්න. හොයාගන්න බැහැ මිනිහාව. කාර් එක හම්බ වුනා.” ඔහු වහාම කකුල් දෙක මේසයෙන් ඉවතට ගති. පුටුවේ මඳක් ඉස්සරහට ඇදුණි. “වාහනේ පොලීසියේ ගරාජයේ. පිටිපස්සෙ ආසනේ හිලක්. දෙන්නෙක් යැව්වා විස්තර හොයන්න. පුහුණුවේ දී අතුරුදහන් වෙච්ච සිවිල් ආරක්ෂක ප්‍රධානියා ගැන වාර්තාවක් ලියන්න. ඒත් වාහනේ හම්බ වුනේ තැලිලා පොඩිවෙලා.”

“ඉතින් මේ අඟහරු ලෝකෙන් ආ මිනිස්සු ගැන මොකද කරන්නෙ?” නාගරික කර්තෘවරයා ඇසුවේය.

“ඒ කතාවත් දාන්න,” කළමනාකාර කර්තෘවරයා නැවතත් කකුල් මේසය මත රැඳවීය. “මෙන්න අපිට තියෙන විස්තර. ජනරාල් අතුරුදහන්. රේගු ගොඩනැඟිල්ල උඩ ගුප්ත කොඩියක්. ජනරාල්ගේ වාහනේ හරියට එයා සටනක යෙදුනා වගේ. සිවිල් ආරක්ෂක සේවකයෙක් කියනවා දිළිසෙන වස්ත්‍ර හැඳගත් මිනිස්සු ආක්‍රමණයක් කළා කියල. තවත් එකක්, කොලොම්බියා විශ්ව විද්‍යාලයේ දොරක් මොනවා ද මන්දා යකඩ දම්වැල් කමිසයකින් කියන එකකින් ඔතපු ගස් කඳකින් කඩලා දාලා. ඒ ඔක්කොම එකතු කරපුවම: “අඟහරු ලොවෙන් ආ මිනිස්සු මෑන්හැටන් වලට පහර දෙයි” ආරක්ෂක ප්‍රධානියා අල්ලා ගෙන යයි. ඔය කතාව ලියුවාට පස්සෙ මට ඒක පෙන්වන්න. මේ මිනිහාවයි එයාගෙ යාළුවෝ ටිකයි ආපහු ගෙන්න ගන්න. පත්තරේ එළියට දානකම් එයාලව කොහේ හරි රහසිගතව රඳවාගන්න. එයාල තමයි අපිට තියන ලොකුම තුරුම්පුව.”

නාගරික කර්තෘවරයා හනිකට වාර්තාකරුවන් දෙදෙනෙක් තම මේසයට කැඳවූයේය. ඔවුන් කඩිමුඩියේ සාකච්ඡාවක් පැවැත්වූහ. ඡායාරූප ශිල්පීන් දෙදෙනෙක් සමඟින් ඔවුන් කඩිනමින් ගොඩනැඟිල්ලෙන් පිටත් ව ගියහ.

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න »

තවමත් ප්‍රතිචාර නොමැත.

RSS feed for comments on this post. TrackBack URI

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

WordPress.comහි නොමිලේ වෙබ්අඩවියක් හෝ බ්ලොග් සටහනක් සාදාගන්න.

%d bloggers like this: