Sinhala story Blog

ජූනි 12, 2012

ග්‍රෑන්ඩ් ෆෙන්වික් තමයි ලෝකයේ බලවත් ම ජාතිය වෙන්නෙ

Filed under: Uncategorized — sinhalashortstories @ 6:43 පෙ.ව.

“ග්‍රෑන්ඩ් ෆෙන්වික් ජනතාව වෙන මුකුත් කළා ද?”

“ඔව්, ඔවුන් තවත් නිවේදනයක් එවලා තියෙනවා. ඒකත් අත්සන් කරලා තියෙන්නෙ දොලොස්වැනි ග්ලෝරියානා. මේක එවලා තියෙන්නෙ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට. ව්‍යාජ පිනෝ විකිණීම ගැන විරෝධතාවයක් දක්වලා. ඒක දෙපාර්තමේන්තුවේ වැඩ ගොඩ අස්සෙ හිරවෙලා තිබිල. කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ආදිපාදවරියට යවලා තියෙන්නෙ ප්‍රතිකාවක් විතරයි පිළිතුරු හැටියට. ඒ ප්‍රතිකාවේ සිරස්තලය තමයි “කැලිෆෝර්නියාවේ වයින් සෑදීම සහ මුද්දරප්පලම් සංස්කෘතිය.”

ජනාධිපතිවරයා ඇස් පියාගති. “ඊ ළඟට ඔවුන් නිල වශයෙන් යුද ප්‍රකාශ කරලා එවන නිවේදනය පොටොමැක් ගඟේ පොඟවලා රේඩියටරයක් පිටිපස්සෙ වේලෙන්න දාලා තියනවා,” ඔහු බාගයක් තමාට ම කියාගත්තේ ය. “ඔයාට කියන්නම්, මට මේ දනව්ව එක්ක එකඟ වෙන්න සිද්ධ වෙනවා. ඔවුන්ගේ ලොකු ම උවමනාව යුද්ධයකට යන එක නෙමෙයි, ඔවුන්ට අවශ්‍ය වෙලා තියෙන්නෙ ඔවුන්ට යුද්ධයකට යන්න තරම් හේතුවක් ඇතැයි පෙන්වන්න උත්සාහයක් පමණයි. ඒත් ඉතින්, අපිට රහස් ඔත්තු සේවය යොදා ගන්න වුනා ඔවුන් අපිට පහර දුන්න බව දැනගන්නත්. කොහොම ද ඔවුන් මෙහෙ ආවේ?”

“ඒක තවම අභිරහසක්. අදහස් දෙකක් තියෙනවා. පළමුවැන්න වැඩියෙන් ම විය හැකි වූව වුනත් ඒක තමයි වැඩියෙන් ම නොහොබිනා වූව. ඒක තමයි කොහොමින් හරි විදියකින් ඔවුන් සබ්මැරිනයක් අරගෙන ඒකෙන් ආවා කියන එක. ඒකෙන් පැහැදිලි කරන්න පුළුවන් ජනරාල්වරයා සහ පොලිස් නිලධාරීන් හතර දෙනත් අරගෙන අතුරුදහන් වෙන්න සමත් වූ බවත්. සබ්මැරිනය හඩ්සන් ගඟ දිගේ පුහුණු මෙහෙය පැවතිච්ච වේලාවේ ආව නම් කවුරුත් ඒක නොදකින්න ඇති. ඒකෙන් බැහැලා මෑන්හැටන් දිගේ ඇවිදලා ජනරාල්වත් අල්ලා ගෙන වැඩි කවුරුත් දැනගන්න කළින් ආපහු යන්න සමත් වෙන්න ඇති. ඒ වේලාවේ පැතිර ගිය කටකතා අනුව කවුරුත් ඇහුණත් එවැන්නක් විශ්වාස කරන්නෙ නැහැ.

“ඒත් මම ඒ සබ්මැරීන් කතාව විශ්වාස කරන්නේ නැහැ. ගොඩබිමෙන් වටවෙච්ච ග්‍රෑන්ඩ් ෆෙන්වික් දනව්ව වගේ කුඩා ජාතියකට කොහොම ද සබ්මැරින් එකක් අයිති වෙන්නෙ. අනික සබ්මැරින් එකක් කුලියට ගන්න තැනකුත් නැහැ. අනිත් අදහස තමයි ඔවුන් නැවක ආව කියන එක. පුහුණුව පැවැත්විලා සතියක් ගියාට පස්සෙ පළවෙච්ච
බ්‍රිතාන්‍ය පත්තර වල ගියා මේරි රැජින නැවේ කපිතාන්වරයා සමඟ කරන ලද සම්මුඛ සාකච්ඡාවක්. කපිතාන්වරයා අවදානම් නලා හැඬවිච්ච ගමන් නිව් යෝර්ක් වලින් පිටත් වෙලා යද්දී මේ පැත්තට එන නැවක් හමුවුනාලු. හතරැස් රුවල් ඇති කුඹ ගස් දෙකකින් යුත් නැවක්. නිව් යෝර්ක් වරාය වසා දමා යැයි කියන්න නැවට කතා කරාම නිහඬව ගියාලු. ආයෙත් කතා කරාම දෙවැනි පාර ඒ නැවෙන් ආවලු ඊතල ප්‍රහාරයක්. කාටවත් තුවාල වුනේ නැතිලු.”

යුද ප්‍රකාශය නැවතත් අතට ගත් ජනාධිපතිවරයා එය මුල සිට අගට නැවත වරක් කියැවීය. තමන් සිහිනයක් දකිනවා හෝ යම් ආකාරයක මෝහනයකට හසු වී ඇතැයි ඔහුට හැඟිණ. මේ තත්වය සත්‍යයක් යැයි සිතන්නට දුෂ්කර විය. කවුරුත් ඒ ගැන කිසිවක් නොදැන සිටිය දී ලෝකයේ ශ්‍රේෂ්ඨතම ජනරජය ලෝකයේ කුඩාම ජාතිය විසින් ආක්‍රමණය කර ඇත.

“ඔබ මොකක් ද කියන්නෙ,” ඔහු ඇසුවේය, “මේ යුද්ධය ග්‍රෑන්ඩ් ෆෙන්වික් දිනුවේ කවදා යැයි කියල ද ඔබ කියන්නෙ? ඔබ කියන්නෙ ඔවුන් ආක්‍රමණය කරන්න සමත් වෙච්ච නිසා, ප්‍රාණ ඇපකරුවන් අල්ලා ගෙන යන්නට සමත් වෙච්ච නිසා?”

“ඔව්,” ලේකම්වරයා කීය. “මේක පිටතට ගියාම -ඒක යනවා නිවැරදීම- අපි ලෝකයේ හාස්‍යයට ලක්වේවි. අපිට තියෙන තත්වය හැම තැනක ම නැතිවෙලා යාවි. මොස්කව් වල අය මේ කතාවෙන් මොනවා කියාවි ද. අධිරාජ්‍යවාදී ධනවාදීන්ගේ වැරදි වැඩ නිවැරදි කරන්නට කුඩා ජාතියකින් අතලොස්සක් පිරිමි විසින් බලහත්කාරයෙන් ආක්‍රමණය කළා වගේ කතා පැතිරිලා යාවි. නිදහස පතුරුවන්නට කැපවෙච්ච අය කුඩා ජාතියක් පාගා දැමුවා ය කියා කතාව යාවි. ඔවුන්ව හාමතේ තියන්න ධනවාදී ලාභ අරමුණු කරගත්තා කියලා කතාව යාවි. ඒවා ඔක්කොම බොරු වුනාට වැඩක් වෙන්නෙ නැහැ, එයාල හොඳ ප්‍රොපගැන්ඩා ව්‍යාපාරයක් ගෙන යාවි. අපි සෑහෙන්න පරාජය වේවි. සෑහෙන්න. අන්තර්ජාතික මට්ටමින්. කොච්චර විස්තර සහිතව පැහැදිලි කළත්, කොච්චර වතාවක් පැහැදිලි කළත්, ඒක පැහැදිලි කරන්න කරන්න තව තවත් පාඩු සිද්ධ වේවි. ඔබ දන්නවා, සමහර ලතින් ඇමෙරිකානු ආණ්ඩු අපට චෝදනා කරනවා එයාලට අපිට සවන් දෙන්න සිද්ධ වුනාට එයාල කියන දේට අපි සවන් දෙන්නෙ නැහැ කියලා දැනටමත්. එයාලා මේ ග්‍රෑන්ඩ් ෆෙන්වික් යුද්ධයට අත දික්කරලා පෙන්වයි බලන්න මෙන්න කදිම උදාහරණයක් කියල. ඇමෙරිකාවේ අවධානය ගන්න පුංචි ජාතියකට යුද වදින්න සිද්ධ වුනා කියල.

“අපි පැරදුනා තමයි. ග්‍රෑන්ඩ් ෆෙන්වික් වලට යුද ප්‍රකාශ කරන්න සිද්ධ වීම පමණින් අපේ ගෞරවය නැතිවුනා.”

ජනාධිපතිවරයා මේසය දිහා බලාගෙන සිටියේය. කිසිත් කීවේ නැත. ආරක්ෂක ලේකම්වරයා දුන් පුදුම සහගත ප්‍රවෘත්තියේ පැතිකඩ බොහොමයකි. එකක් ගැන අවධානය යොමු කර ඒ ගැන සිතන්නට පමණක් නොහැකිය. සිතන්නේ නැතිව තම මේසයේ වූ තමනට කියවන්නට එවා තිබි ලිපි ගොණුවක් හැරි ඔහු එහි වූ ලිය කියවිලි දිහා ඇස් යොමු කළේය.

දොම්නස් සිතින් ඒ දිහා ඇස් යැව්වේ ය. හුරුවෙන් වහාම උත්තර සැපයිය යුතු ලිපි එළියට ගත්තේය. ගොඩ අවසන් වෙනවාත් සමඟ බාල වර්ගයේ ලියුම් කවරයක කුඩා දරුවෙකුගේ වැනි අත් අකුරින් “මේ ඇමෙරිකා එක්සත් ජනපදයේ ජනාධිපති වෙතටයි,” ලියැවුනු වදන් ඔහු දැකීය. ඔහු එය අතට ගෙන ලියුම විවෘත කළේය. එය කියවද්දී ඔහු තුල හදිසියේ හටගත් තැති ගැන්ම ලේකම්වරයා දුටුවේය.

කියවා අවසන ජනාධිපතිවරයා තම දුරකතනයේ කතා කරන කෑල්ල අතට ගෙන ඊට ගිගුලේය. “මට එෆ්.බී.අයි. එකේ හූවර් ව වහාම අරන් දෙන්න. ඔව්. එයාටම කතා කරන්න ඕන.” ආරක්ෂක ලේකම්වරයා දිහා දුරකතනයේ කට වසමින් බැලූ ජනාධිපතිවරයා, “කොකින්ට්ස් අතුරුදහන්. මම දන්නෑ බෝම්බය ගැන. ඒත් ග්‍රෑන්ඩ් ෆෙන්වික් කොකින්ට්ස් වයි කුවේඩියම් බෝම්බයයි අරන් ගිහින් නම් අපි ඉවරයි. සම්පූර්ණයෙන්. එතකොට ග්‍රෑන්ඩ් ෆෙන්වික් තමයි ලෝකයේ වඩාත්ම බලවත් ජාතිය වෙන්නෙ.”

Advertisements

ප්‍රතිචාර 2 »

  1. go man go

    ප්‍රතිචාර විසින් Dinuka Jayasinghe — ජූනි 12, 2012 @ 11:32 පෙ.ව.


RSS feed for comments on this post. TrackBack URI

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

WordPress.comහි නොමිලේ වෙබ්අඩවියක් හෝ බ්ලොග් සටහනක් සාදාගන්න.

%d bloggers like this: