Sinhala story Blog

ජූනි 11, 2012

එහෙම නම් දේශප්‍රේමී ඇමෙරිකානුවන් හැටියට අපේ යුතුකම

Filed under: Uncategorized — sinhalashortstories @ 9:40 පෙ.ව.

එහෙත් මේ තොරතුරු කොතරම් අභූත වුවත්,

මනාව වාර්තා කරන ලද වූවත්, සමාන්‍ය මහජනතාව හා මාධ්‍ය්‍ය අතර පුහුණුව ගැන වූ තවත් ප්‍රවෘත්ති අතර වැඩි වැදගත්කමක් නොලැබීය. පුහුණුව අවසන් වී මුල් දින දෙක නැගෙනහිර මාධ්‍ය්‍යන් විසින් ගත්තේ පුහුණුව ගැන කියන්නට ය. නිලධාරීන් හා කරන ලද සම්මුඛ සාකච්ඡා වලින් පිටු පිරී ගියේ පුහුණුව සම්පූර්ණයෙන් ම සාර්ථක වූ බවත්, මහජනතාව නියමිත වේලාවට නිසි පරිදි ප්‍රතිචාර දක්වා අනුකූල වූ බවත් කියන්නට ය. එහෙත් ඒ අතර ම ඒ පත්තර වල ම පළ වූ නැගෙනහිර පැත්තේ උමං දුම්රිය නැවතුම් පොළේ දුම්රිය මංකොල්ලා කෑම වැනි වාර්තාව පරස්පර විරෝධී වූයේය. නිලධාරීන් විසින් ස්වේච්ඡා සේවකයන්ගේ ගුණ වර්ණනා කළහ. ළමයි ගැන, මව්වරු ගැන හා නිර්භීත ක්‍රියාවන් කළ පියවරු ගැන කතා පළ විය.

බ්‍රොන්ක්ස් හි තම සුරතල් බල්ලා සමඟින් වෙන් වූ පිරිමි ළමයෙකුට බල්ලාව සොයා දුන් සිවිල් ආරක්ෂක සේවකයෙකුට විශේෂ සම්මානයක් පුද කෙරිණ. ක්වීන්ස් පැත්තේ අනාථ නිවාසයකට අයිස් ක්‍රීම් ගැලුම් තුනක් සැපයූ අයෙක් පැය විසිහතරක කාලයක් වීරයෙක් වී සිටියේය. වෝල්ඩෝෆ්-ඇස්ටෝරියා හි යටමාලයේ බිහි වූ දරුවෙක් වෝල්ඩෝෆ් බ්ලිට්ස් කනින්හැම් කියා බව්තීස්ම කරන ලදි. දරුවාගේ දෙමාපියන් හෝටලයේ අමුත්තන් සේ මාසයක් වාසයට වරම් ලදහ. ඩොලර් දහ දාහක් වටිනා ළමා ඇඳුම් තොගයක් තෑගි ලැබිණ. අවසානයේ දී දරුවාගේ මව හැමෝටම ස්තූති කරමින් පත්තරයට ලියුමක් ලියා යැව්වේ කරුණාකර වෙනත් තෑගි එවන්න එපා, එවා ඇති නැපි හා ළමා ආහාර තෑගි ගොඩ තියන්නට තැනක් නැහැ කියාය.

නිව් යෝර්ක් ඩේලි නිවුස් හැරෙන්නට හැම මාධ්‍ය්‍යක් ම, අඟහරු ලෝකෙන් පියාඹන පීරිසියකින් මිනිස්සු ආවේ නැතැයි කීම තම වගකීම ලෙසින් බාරගෙන සිටියහ. එවැනි කටකතාවක් පතුරුවා යවා මේ අති සාර්ථක පුහුණුවේ මහිමය සුළු කොට තැකීම ඔවුන් හෙළා දැක්කහ.

සිවිල් ආරක්ෂක අංශයේ 4-300 කොටසේ, 3 වැනි උප කොටසේ, විෂ වායු මර්ධන අංශයේ, නායකයා වූ ටොම් මුලිගන් එය කියවා, තම අංශයේ අය කිහිප දෙනෙක් තම නිවසට කැඳවූයේය. පිටසක්වලින් අමුත්තෝ ආවා යැයි කියූ නිසා ඔවුන්ගේ සේවය අත්හිටුවා තිබෙන ලදි. ඔවුන්ට කෙටි හා කර්කශ කතාවක් පැවැත්වූ ටොම් මුලිගන් සිවිල් ආරක්ෂක සංවිධානයේ ඉහළ නිලධාරීන් විසින් ඔවුන්ව හාස්‍ය්‍යට ලක් කරනවා යැයි පෙන්වා දුන්නේ ය. ඒ පුහුණුව පැවත්වෙද්දී තමන්ට යකඩ වස්ත්‍ර හැඳගත් අය විසින් පහර නොදුන් බව කියන්නට තතු වසන් කරනවා යැයි පෙන්වා දුන්නේ ය.

“ඉතින්,” මට ඇත්ත කියන්න. බ්‍රෝඩ්වේ වීදියේ දී දිළිසෙන වස්ත්‍ර වලින් සැරසිච්ච පිරිමි කල්ලියක් ඔබලා දැක්කා ද නැද්ද?”

ඔහුගේ අංශයේ වූ පිරිමි තමන් කිසිත් සැකයක් නොමැතිව එවැනි පිරිසක් දැකි බව කීහ.

“එතකොට,” ටොම් කියාගෙන ගියේය, “ඔවුන් අපිට යම් කිරණ වලින් පහර දුන්නෙ නැද්ද? අප ළඟින් ඒවා යනකොට සුරුස් ගාලා හඬක් ආවේ නැද්ද?”

අවිය කිරණ ද නැද්ද යන්න ගැන මඳ විවාදයක් පැවතිණ. එහෙත් යමක් ඔවුන් වෙත විසි කරන ලද බවත් හා එය ඔවුන් අසලින් යද්දී හඬක් ආ බවත් සැවොම පිළිගත්හ.

“එහෙම නම් දේශප්‍රේමී ඇමෙරිකානුවන් හැටියට,” ටොම් කීවේය, “අපේ යුතුකම තමයි මේ තොරතුරු මහජනතාව අතට පත් කිරීම. මේ අඟහරු ලෝකෙන් ආ ආක්‍රමණිකයන් ගැන මගේ විශ්වාසය නම්” -දිළිසෙන ඇඳුම් හැඳගත් අය ආවේ පිටසක්වලින් යැයි ඔහු එල්බ සිටි මතය කිසි ලෙසකින් වෙනස් කරන්නට නොහැකිය- “ඔවුන් තවමත් මෙහෙ ඉන්නවා කියන එක. කවුරුත් නොදැන ඔවුන් මිනිස්සු දිගට හරහට මරලා දානවා ඇති. ලොකු ලොක්කො” -ඔහු එය කියූ විදියෙන් සියළු රාජකීය තනතුරු දරනා අයට ඔහු තුල වූ අප්‍රසාදය මැනවින් පැහැදිලි විය- “කොලේ වහන්නයි හදන්නෙ. මිනිස්සු දැන ගන්නවාට එයාල කැමති නැහැ. පිටසක්වල වැසියන්ට ඇතුල් වෙන්න ඉඩ නොදෙන්න එයාලා ගත්තු උත්සාහය සාර්ථක නොවෙච්ච බව මිනිස්සු දැනගන්නවාට කැමති නැහැ. ඒත් අපි මේ තොරතුරු ප්‍රසිද්ධ කරන්න ඕන. ඉතින් කවුරුත් වත් අපිට ඇහුම් කන් නොදෙන නිසා, ඒක කරන්න තියෙන එකම විදිය තමයි ඩේලි නිව්ස් පත්තරේට ගිහින් ඔවුන්ට සියළු විස්තර කියන එක. එයාල සත්‍ය්‍ය වාර්තා කරයි. එහෙම කරනවා කියල එයාලගෙ මුල පිටුවේ පොරොන්දුවක් අච්චු ගහලා තියෙනවා.”

සිවිල් ආරක්ෂක රැකියාවන් අහිමි වූ අනිකුත් අය ද, සිය බලතල අහිමි වී ගොස් සාමාන්‍ය වැසියන් සේ උමං දුම්රිය නැවතුම් කඳවුරු වල ඔවුන් වත් හිර කර තැබූ බව මතක් වී ඊට එතරම් කැමැත්තක් පෙන්වූයේ නැත. එකෙක් තර්ක කළේ ලොකු ලොක්කෝ එය වසන් කරන්නට හදනවා නම් ඊට මොකක් හෝ වැදගත් හේතුවක් ඇතැයි කියා ය. තවකෙක් තර්ක කළේ තමන්ගේ ම අංශයේ අය ඔවුන්ව විශ්වාස කළේ නැත්නම් පත්තර කන්තෝරුවක් විශ්වාස කරයි දැයි කියා ය. ඒත් ටොම්ව පහසුවෙන් නැවැත්විය නොහැකි විය. ඩේලි නිව්ස් පත්තරයේ තමන් දන්නා කෙනෙක්, එහි වැදගත් තනතුරක් දරනා අයෙක් ඉන්නා බව කියූ ටොම් එයා ඔවුනට සවන් දෙනු ඇතැයි ද කතාව පත්තරයේ පළ කරතැයි ද කියුවේ ය.

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න »

තවමත් ප්‍රතිචාර නොමැත.

RSS feed for comments on this post. TrackBack URI

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

WordPress.comහි බ්ලොග් සටහනක්.

%d bloggers like this: