Sinhala story Blog

ජූනි 10, 2012

ආරක්ෂක ලේකම්වරයාගේ උකුසු ඇස් වලට හසුවිය

Filed under: Uncategorized — sinhalashortstories @ 8:10 පෙ.ව.

මේ අතර තුරේ දී,

ඒ දැවැන්ත පුහුණු මෙහෙයෙන් පැන නැඟි ගුප්ත වූ අවස්ථාවන් ගණනාවක් කල එලි බැස්සේ ය. ඒ සියල්ල ගැන දැනගන්නට ලැබුනේ පුහුණු මෙහෙයේ ප්‍රවෘත්ති සැර අඩු වී ගිය පසු ය. වරාය අසල තොරතුරු ලියන නිව් යෝර්ක් හෙරල්ඩ් ට්‍රිබියුන් වාර්තාකරුවා රේගු ගොඩනැඟිල්ලේ ලෙල දෙමින් තිබි හිස් දෙකකින් යුතු උකුස්සා වූ කොඩිය සොයා ගත්තේ ය. එහි වූ තරු සහ ඉරි කොඩියා ගලවා මෙය දැම්මේ කවුදැයි කිසිවෙක් නොදත්හ. මේ කොඩිය නියෝජනය කරන්නේ කුමක් දැයි ද කිසිවෙක් නොදත්හ. තරු සහ ඉරි කොඩිය හැමදාම අරුණළු වැටෙනවාත් සමඟ ඔසවා හිරු අඳුරට යනවිට ගැලවිය යුත්තකි. එය බාරව සිටි පුද්ගලයා පුහුණු මෙහෙයේ දී අතුරුදහන් වූවෙකි. පසු දවසක දී ඔහු කැනඩාවේ ටොරොන්ටෝ වලින් සොයා ගැණුනි. සේවය හැර දමා ගියා යැයි කල අවලාදයේ දී ඔහු දැඩි සේ උරණ වී කියා සිටියේ තමා එහෙම දෙයක් නොකළ බවය. මේ කාලයේ දී සාමාන්‍යයෙන් වාර්ෂික නිවාඩුව ගැනීම තම සිරිත යැයි ද ඊට තමනට අවසර ලැබී තිබුනේ යැයි ද ඔහු පෙන්වා දුන්නේ ය. පුහුණු මෙහෙයේ දී වූ කලබැගෑනියේ දී ඔහු වෙනුවෙන් වැඩට ආ අයට කොඩිය එසවීමේ සම්ප්‍රදාය අතපසු වී තිබිණ.

වාර්තාකරුවා කතාව ලියුවේ මේ කොඩිය කාගේ හෝ විගඩමක් කියා ය. පුවත්පත තම කෙටි හා උතුම් කතුවැකියෙන් එහි අසික්කිත රසය හෙළා දැක්කේ ය. එහෙත් මේ කතාව ආරක්ෂක ලේකම්වරයාගේ උකුසු ඇස් වලට හසුවිය. ජනරාල් ස්නිපෙට්ගේ වාහනයේ පිටුපස ආසනයේ වැදී තිබුණ අඩි තුනේ ඊතලය තමනට එවන්න යැයි කියූ ලෙසින් මේ හිස් දෙකකින් යුත් උකුස්සා ඉන්නා කොඩියත් තමන් වෙතට එවන්න යැයි නියෝගයක් නිකුත් කළේය.

පුහුණුව අවසන් වී දින තුනක් ගෙවී යද්දී, පුවත්පත් විසින් කොලොම්බියා විශ්ව විද්‍යාලයේ පරිපාලන ගොඩනැඟිල්ලේ ප්‍රධාන දොරටුව බිඳ දමා ඇතැයි ද වාර්තා පළ කරන ලදි. කිසිවක් සොරා නොගත් නිසා මෙයත් වගකීමක් නොමැති කුමන හෝ පිරිසක් විසින් කරන ලද මගෝඩි වැඩක් යැයි වාර්තාව කියන ලදි. එක් වාර්තාවක් සැක කළේ මේ විශ්ව විද්‍යාලයේ ඉඩ මදි නිසා ඇතුල්වීම ප්‍රතික්ෂේප කරන ලද බවින් අසතුටින් සිටි ශිෂ්‍ය්‍ය භාවය අපෙක්ෂාවෙන් සිටි පිරිසක් විසින් කරන ලද්දක් කියා ය. තමන්ට ඇතුල්වීමේ අවශ්‍යතාවය පෙන්නුම් කරනු පිණිස ඔවුන් දොර කඩා දමා එයින් සංඥාවක් දී ඇතැයි වාර්තාව ලියැවිණ. අංශාධිපතිවරයා තම සිසුන් අතර දොර කඩන ලද්දෙක් සිටියා දැයි සූක්ෂම හා විමසුම් සහගතව විභාග කොට තම සිසුවන් අතර කිසිවෙක් එය නොකළේ යැයි සෑහීමකට පත්විය. පත්තරයට ඔහු ලියා යැව්වේ මේ දාමරික ක්‍රියාව තමන් කිසිසේත්ම අනුමත කරන්නේ නැතැයි කියාය. ළඟ ඇති කෞතුකාගාරයක් කඩා එයින් ගත් දාහතර වැනි ශත වර්ෂයේ යකඩ දම්වැල් වස්ත්‍රයෙන් එතූ අහලකින් කපා ගත් ගස් කඳකින් මෙසේ විනාශයක් කිරීම හෙළා දකිනා බව ද ලියා යැවීය.

“මේ විදියේ යකඩ දම්වැල් වස්ත්‍ර ඉතා දුර්ලභයි,” ඔහු ලියුවේ සඳහන් විය, “මිනිසෙක්ගේ හිස, බෙල්ල හා උඩුකය ආරක්ෂා කරන්නට හැදූවක්. මෙහි ගොඩක් තැන් නැවත හදන්නට බැරි තරමට විනාශ කරලා දාලා.”

ඒත් එය බලන්නට ඉල්ලා සිටි මෙට්‍රොපොලිටන් කෞතුකාගාරයේ යුද ආම්පන්න බඩු භාණ්ඩ ගැන දැනුමැති සේවකයා කියා සිටියේ තමා ඇමෙරිකාවේ ඇති සෑම යකඩ දම්වැල් වලින් සෑදු වස්ත්‍රයක් ගැන ම දන්නා බවත්, මෙය කිසි ලෙසකින් එයින් එකක් නොවේ යැයි කියා ය. “මේ යකඩ දම්වැල් වස්ත්‍රය,” ඔහු අංශාධිපතිවරයාට කීවේය, “දාහතර වැනි ශත වර්ෂයේ නිපැද වූ විලාසිතාවක්. මේක සෑහෙන්න හොඳින් ආරක්ෂා කරන ලද්දක්. එහෙම නැත්නම් මේක ළඟක දී විශේෂඥ යුද වස්ත්‍ර හදන කම්මල්කාරයෙක් හදපු එකක්. අද ලෝකයේ එහෙම හදන්න හපන් අය ඉන්න එකම ස්ථානය තමයි ග්‍රෑන්ඩ් ෆෙන්වික් දනව්ව.”

කෞතුකාගාර දැනුමැතියාගේ අදහස් ටයිම්ස් පත්‍රයේ පළවිය. ඔවුන් විශේෂ පිටුවක් ඒ සඳහා වෙන් කරන ලදි. එයත් ආරක්ෂක ලේකම්වරයාගේ අවධානයට ලක්විය. ඊතලය හා උකුසු කොඩිය ගෙන්වා ගත් ලෙසින් ඔහු මෙයත් ගෙන්වා ගන්නට අණක් නිකුත් කළේය. අනතුරුව ඔහු එන්සයික්ලොපීඩියා බ්‍රිටැනිකා වෙත ගොස් ග්‍රෑන්ඩ් ෆෙන්වික් දනව්ව ගැන එහි වූ විස්තර සියල්ල කියැවූයේය. එහි වූයේ පේලි පහක් පමණි. නීරස ඉතිහාසයකි. එක පේලියක් ජාතික කොඩිය හිස් දෙකකින් යුත් උකුස්සෙකු ගෙන් සැරසී ඇතැයි කියැවුණි. එය සොයාගත් ලේකම්වරයා තම සොයාගැනීමෙන් කොතරම් මවිත වූවා දැයි කියත හොත් වැඩ නිමා වී හවස පහමාරට කාර්යාලයෙන් පිටත් ව යාම අමතක වී සිය වසර විස්සක සේවා කාලයේ දී ප්‍රථම වතාවට සේවා කාලය ඉක්මවා රැඳී සිටීමේ වද්‍යතාවයට මුහුණ දුනි.

Advertisements

එක් ප්‍රතිචාරයක් »

  1. go

    ප්‍රතිචාර විසින් Dinuka Jayasinghe — ජූනි 10, 2012 @ 9:10 පෙ.ව.


RSS feed for comments on this post. TrackBack URI

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

WordPress.comහි නොමිලේ වෙබ්අඩවියක් හෝ බ්ලොග් සටහනක් සාදාගන්න.

%d bloggers like this: