Sinhala story Blog

ජූනි 7, 2012

නිදහසේ දුවන දිනපතා පත්තරයකට ඉඩක් නැත්නම් කුමන යුද්ධයක් වුවත් අපි පරාජය වී ඇත්තෙමු

Filed under: Uncategorized — sinhalashortstories @ 7:44 පෙ.ව.

අවසන් තර්කය, පුහුණුව අවසන් කරන්නට ඇත්තෙන්ම තවත් තර්කයක් උවමනා නම්, එය ආවේ නැගෙනහිර පෙදෙසේ පත්තර කන්තෝරු වලිනි.

ඔවුන්ගේ පාඨකයන් සියල්ලන්වම හිර කර තබද්දී, ඔවුන්ගේ බෙදා හැරීම, මුද්‍රණය, අකුරු ඇමිණීම යන අංශ වලට වැඩ කරත නොහැකි විය. ඔවුන් කාර්යාල වල සිටිය ද ඔවුන්ට තම පත්තරය අච්චු ගැසීමට නොහැකි නිසා මහත් මුදල් කන්දරාවක් දින නියමයක් නොමැති කාල සීමාවක් පුරා අහිමි වී යන අවදානමක් ඉදිරියේ වූහ.

ටයිම්ස්, හෙරල්ඩ් ට්‍රිබියුන්, ඩේලි මිරර්, ඩේලි නිව්ස්, ජර්නල්-ඇමෙරිකන්, කොම්පස්, පෝස්ට් සහ වර්ල්ඩ් ටෙලිග්‍රෑම් ඇන්ඩ් සන් යනාදී නිව් යෝර්ක් පුවත්පත් කර්තෘවරුන් අනතුරු අඟවන නලා නාදය නොතකමින් තිස්නව වැනි වීදියේ බ්ලීක්ස් තැබැරූම් හලේ රැස් වූහ. ඔවුන්ගේ දේශපාලන මතවාදයන් පැත්තකට දමමින්, වෘත්තීය විවේචන පැත්තකට දමමින්, ඔවුන් ගම්භීරව පොරොන්දු වූයේ වහාම පුහුණුව නවතා තම පාඨකයන් තමන්ට ලබා නොදෙන්නේ නම් ආරක්ෂක ලේකම්ගේ ඔළුවේ හම ගලවන්නට ය.

“නිදහසේ දුවන දිනපතා පත්තරයකට ඉඩක් නැත්නම් අපි සටන් වදිනා හෝ සටන් වදින්නට අපිව කැඳවන්නා වූ, කුමන යුද්ධයක් වුවත් එය අපි පරාජය වී ඇත්තෙමු,” යැයි ටයිම්ස් කතුවරයා දැනුම් දුන්නේය. මිනිස්සු පරමාණු බෝම්බයකින් මැරිලා ගිහින් නම් පත්තරයක් කියවන්න බැරි එක වෙන දෙයක්, ඒත් පරමාණු බෝම්බයකින් මැරෙයි කියන බයට පත්තරයක් කියවන්න අවස්ථාවක් නොදීම වෙන දෙයක්,” යැයි ඔහු කියා සිටියේය.

මෙය අසා සිටි ඩේලි මිරර් කතුවරයා ලියුම් කවරයක පසු පැත්තේ එය ලියාගෙන පුහුණුව අවසන් වූ වහාම මුද්‍රණය කළ මුල් පත්තරයේ පළමු පිටුවේ කුඩා කොටුවක් මෙසේ ලියුවේ ය: ටයිම්ස් කියනවා එයාල පරමාණු බෝම්බයකට වඩා වැදගත් කියා.

ඉතින් දැවැන්ත පුහුණුව අවලංගු වෙද්දී එයින් පැන නැඟි නොසන්සුන් බව එය පටන් ගන්නට පෙර තිබුණු තරම් ම ව්‍යාකූල විය. එකිනෙකා හොයන ඥාතීන් වෙතින් ද, තොරතුරු දැනගන්නට පුවත්පත් කාර්යාල වෙතින් ද, ගිනි නිවන හමුදාව, පොලීසිය, ගුවන් විදුලි හා රූපවාහිනි සංස්ථාවන් යනාදී හැමෝම හැම අය ගැනම තොරතුරු සොයන ඇමතුම් දුරකතන සම්බන්ධීකරණ ස්ථානයන්ට ගලා ආවේය. සියල්ල යථා තත්වයට පත් වී ඇත්දැයි ද, අඟහරු ලොවෙන් ආ අය පිටත් වී ගොස් දැයි ද, මෑන්හැටන් විනාශ වෙලා යන්න සත්‍යයක් දැයි ද, පරමාණු අවි නිසා වතුර නරක් වී හානි විකිරණ වලින් පිරී ඇති බව සත්‍ය්‍යක් යැයි ද, අහසින් ගිනිබෝල සහිත ඊතල ආවා දැයි ද යනාදී ප්‍රශ්න රැසක් හැම අත පැතිරෙන්නට විය. නගරයේ හිර වූ අය ඔවුන්ගේ නිවෙස් බලා යන්නට උත්සාහ කළහ. නගරබද නිවෙස් වල හිර වී සිටි අය කුතුහලය වැඩි නිසා නගරයට කුමක් වෙලා ඇත්දැයි බලන්නට යන්නට උත්සාහ කළහ. බොස්ටන්හි පරණ උතුරු පල්ලියේ සුන්බුන් වී ඇතැයි ඇසුණු ආරංචිය නිසා ඒ පැත්තට ද, ෆිලඩෙල්ෆියාවේ නිදහස් ශාලාව සුන්බුන් වී ඇතැයි ඇසුණු ආරංචිය නිසා ඒ පැත්තට ද, නිව් යෝර්ක් නගරය කළු ඇටසැකිල්ලක් මෙන් පිළිස්සී යන ලදැයි ආරංචිය නිසා ඒ පැත්තට ද පිරිස් ඇදී යන්නට වූහ.

ඉතින් දහස් ගණන් පවුල් එකතු වෙනවා වෙනුවෙට ඔවුන් හමුව මඟහැරිණ. සොයාගත නොහැකි සැමියන් හා බිරින්ඳෑවරුන් ගැන පැමිණිලි දස දහස් ගණන් විය. පොලීසියටත්, සිවිල් ආරක්ෂක සංවිධානයටත්, රතු කුරුස සමාජයටත්, ගමන්මඟී සහාය සංවිධානය වැනි කිසිවකට ජනතාවට සහනය සලසන ක්‍රමයක් නොමැති විය. ඉතින් මේ කටකතා හා විභාගයන් වලින් පිරි කලබැගෑනිය අස්සේ, ආචාර්ය කොකින්ට්ස් දවස් තුනකින් ගෙදර ආවේ නැතැයි කියා ඔහුගේ නිවාස හිමිකාරිය, රයිනර් මහත්මිය විසින් කළ පැමිණිල්ලට කිසිත් අවධානයක් නොලැබුණි.

කෙසේ නමුදු, රයිනර් මහත්මිය බෲක්ලින්හි වසර පනස්පහක් ගෙවා දමා තිබුනේ තම අරමුණු හා උවමනාවන් මිලියන ගණනකගේ ජනහඬ මැද්දේ මැකී යන්නට ඉඩදෙන හුරුවකින් නොවේ.

සොයාගත නොහැකි අය වෙනුවෙන් වූ කාර්යාලයට උපදෙස් දුන් ඇය “ඔබලා ආචාර්ය කොකින්ට්ස් සොයාගත යුතුයි,” යැයි කීවාය, “නැත්නම් මම ඔහේ ඇවිත් එයාව හොයන්න ගන්නවා. වෙන මොන එහෙකට මම බදු ගෙවනවා කියල ඔයාල හිතුවා ද?”

“මහත්මියනි,” විඩා බරින් වූ ලිපිකරුවා තමනට ආ ඇමතුමට පිළිතුරු දුන්නේ ය, “පසුවෙච්ච පැය තුන ඇතුලත දී අපිට දස දහස් ගණනකට ආසන්න ඇමතුම් සංඛ්‍යාවක් ලැබුණ හොයා ගන්න බැරි අය ගැන. අපේ හොයා ගන්න බැරි අය වෙනුවෙන් වූ කාර්යාලයේ වැඩකරන තුන්දෙනෙක් වත් හොයාගන්න බැහැ. එයාල ගැන පැමිණිලි කරන්න අපිට තැනක් නැහැ. කොහොම ද ඔබ ඔහුගේ නම ලියන්නේ?”

“කොකින්ට්ස්,” රයිනර් මහත්මිය කීවාය, “ඕන කෙනෙක් දන්නවා කොකින්ට්ස් ලියන්නෙ කොහොම ද කියල. ඒක ස්වභාවික නමක්, හරියට ෂ්මිඩ්ට් වගේ.”

“ඉතින්,” ලිපිකරුවා උත්තර දුන්නේ ය, “සමහර විට මම ඒක වැරදියට ලිව්වොත්, ඒ නිසා ඒක මට ලියන හැටි කියන්න.”

“මේ බලන්න,” රයිනර් මහත්මිය පැවසීය, “මම සත දහයක් ගෙවලා ඔයාට ඇමතුමක් දෙන්නෙ මගේ අක්ෂර වින්‍යාසය ගැන ඔයාගෙන් උපදෙස් ගන්න නෙමෙයි. නම කොකින්ට්ස්. හරි හොඳ තනිකඩයෙක්. සමහර අවස්ථාවල දී රෑට ගෙදර නොඑන. කොලොම්බියා විශ්ව විද්‍යාලයේ වැඩ කරනවා කියලයි එයා කියන්නෙ. ඒත් කවදාවත් මීට කලින් දවස් තුනකුයි රෑ දෙකකුයි ගෙදරින් පිටවෙලා හිටියේ නැහැ.”

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න »

තවමත් ප්‍රතිචාර නොමැත.

RSS feed for comments on this post. TrackBack URI

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

WordPress.comහි බ්ලොග් සටහනක්.

%d bloggers like this: