Sinhala story Blog

ජූනි 3, 2012

මට නම් එයාලව මතක නැහැ

Filed under: Uncategorized — sinhalashortstories @ 7:31 පෙ.ව.

ටලී ඉතා ඉවසිලිමත් බවකින් ඔහු ග්‍රෑන්ඩ් ෆෙන්වික් දනව්වේ යුද සිරකරුවෙක් බව දැන්වීය.

ඔහුව ග්‍රෑන්ඩ් ෆෙන්වික් වෙත ගෙන යන බවත්, එහි දී ඔහුගේ නිල තල අනුව ඔහුට සැලකිලි ලැබෙන බවත්, ශිෂ්ඨ සමාජයේ නීති අනුව සිරකරුවන් හුවමාරු කරගනිද්දී ඔහු වෙනුවෙන් වන්දි ගෙවා ඔහුව නිදහස් කර ගැනීමට ඇමෙරිකාවට හැකි බවත් කියුවේ ය. එය අසා ජනරාල්වරයා නැවතත් කුපිත විය. එහෙත් එය සමනය වූ පසු ඔහු යුද්ධයට හේතුව විමසීය.

එයට පිළිතුර වූයේ මෙසේ ය. ග්‍රෑන්ඩ් ෆෙන්වික් දනව්ව සැතපුම් පහකින් දුර ඇති සැතපුම් තුනක් පළල ඇති උතුරු ඇල්ප්ස් මිටියාවතේ වූ ස්වාධීන රාජ්‍ය්‍යකි. කැලිෆෝර්නියාවේ වයින් හදන්නන් විසින් කරන ලද කොපියක් නිසා යුද්ධය පටන් ගත්තා යැයි ඇසුණ විට ජනරාල්වරයා තක්බීරි විය. එය ටලීව සතුටට පත් කළේය. මන්ද ටලී ට කල්පනා කළ යුතු වෙනත් දෑ බොහොමයක් තිබිණ. ඒ සියල්ල විමසා තීරණයක් ගැනීමට ඔහුට වූයේ ඉතාමත් කෙටි කාලයකි.

ඔහුගේ පළමුවැනි ප්‍රශ්නය ආචාර්ය කොකින්ට්ස් සහ කුවේඩියම් බෝම්බය ආරක්ෂිතව ග්‍රෑන්ඩ් ෆෙන්වික් දනව්වට ගෙන යෑමයි. මේ නැවෙන් යෑමේ දී දනව්ව අසල වූ නැව්තොටුපලකට යන්නට මාස තුනක් ගත වේ. ඒ මාස තුන ඇතුලත දී එය මුහුදේ දී දැක ඇමෙරිකන් අයට නැව මුහුදුබත් කළ හැකිය. මන්ද දැන් රටවල් දෙක අතර යුද්ධයක් ඇරඹී ඇති නිසා ය. ළඟ ම ඇති ගුවන් තොටුපලකට වාහනයෙන් ගොස් ගුවන් යානයක් අල්ලා ගෙන ආචාර්යවරයා හා කුවේඩියම් බෝම්බය ෆෙන්වික් වෙත ගෙන යෑම ගැන ඔහු මඳක් කල්පනා කළේය. එහෙත් එය කිරීම නුසුදුසු යැයි පෙන්වන තර්ක බොහොමයකි. මුලින් ම අත්ලාන්තික් සාගරය තරණයට හැකි ගුවන්යානයක් හා ගුවන් නියමුවෙක් සොයා ගැනීම හැකි දැයි සැක සහිත ය. ඊ ළඟට ළඟම ඇති ගුවන්තොටුපල, ඒ අයිඩල්වයිල්ඩ් යැයි ඔහු සිතුවේ ය, වෙත යද්දී ඔවුනට පහර දී ජයගත නොහැකි තරම් විශාල සේනාවක් මුණ ගැසුනොත් කුමක් කරන්නේ ද යන්නයි.

ඒ නිසා නැවෙන් යන්නට ඔහු තීරණය කළේය. ආපසු යන්නට ගතවෙන කාලය වැඩි වුවත්, නැවේ ආරක්ෂාවට කිසිත් අවි ආයුධ නැති වුවත්, ඔවුන්ගේ වාසියට එක් කාරණයක් ඇත. එනම් බලාගෙන යද්දී තමන් ග්‍රෑන්ඩ් ෆෙන්වික් හා යුද වැද සිටිනා බව ඇමෙරිකාව නොදන්නා අමුතු තත්වයයි. කල්පනාකර බලද්දී ටලීට පෙනී ගියේ නිව් යෝර්ක් නගරය ආක්‍රමණයක් සිදු වූවා හා කොලොම්බියා විශ්ව විද්‍යාලට පිරිසක් කඩා වැදුනා යැයි ද, ඇමෙරිකාව සතු වටිනාම වස්තුව පැහැර ගත්තා යැයි ද දන්නේ නිව් යෝර්ක් හි අතලොස්සකටත් අඩු පිරිසකි. ඉතින් සත්‍යය තත්වය අනාවරණය වන්නට පෙර ඔවුනට ආපහු තම රටට යා හැකියාව ඉතා වැඩිය.

ඊ ළඟට ඔහු කල්පනා කළේ ස්වල්ප දෙනෙක් සමඟ ඇමෙරිකාවේ රැඳී සිට ජනාධිපති නිල නිවසට පහර දී ජනාධිපති අල්ලා ගන්නා ඔහුගේ පළමු අදහස වූ මෙහෙයුම කරනවා ද නැද්ද යන්න ගැනයි. එය නොකර සිටින්නට ඔහු තීරණය කළේය. එය ඵලක් නැතැයි ඔහු තර්ක කළේය. ෆෙන්විකියානු හමුදාව දැනටමත් ආචාර්ය කොකින්ට්ස් හා කුවේඩියම් බෝම්බය අල්ලා ගෙන ඇත. ජනාධිපතිවරයාට වඩා ඇමෙරිකාව සමඟ ගණුදෙනු ආරම්භ කරන්නට එය වඩාත්ම අගයෙන් වැඩි වූ වස්තුවකි.

ආචාර්ය කොකින්ට්ස් ගැන කල්පනා කරද්දී ඔහු ද ග්‍රෑන්ඩ් ෆෙන්වික් වලින් යැයි කියූ කතාවක් ටලී ට සිහිවිය. ජනරාල්වරයා මැද තබාගෙන විල් හා ටලී දෙපැත්තේ අසුන් ගෙන සිටියහ. විල් වෙත හැරුණු ටලී “කොකින්ට්ස් කියලා පවුලක් ග්‍රෑන්ඩ් ෆෙන්වික් වල ජීවත්වුනා කියලා මතක ද ඔයාට?” යැයි විමසීය.

මිනිත්තුවක් දෙකක් ගම්භීර ලෙස ඒ ගැන සිතූ විල් “මට නම් එයාලව මතක නැහැ. ඒත් මට මතකයි තාත්තා කතා කරනවා කොකින්ටස් නම තිබිච්ච අය ගැන. පිරිමියෙකුයි ගෑණියෙකුයි. අහිගුණ්ඨික ජනතාව. කාන්තාව ගැබ්බර නිසා කොහේදෝ යන ගමන් තවත් ගමන යන්න බැරිව දනව්වේ නැවතිලා. දරුවා ඉපදින තෙක් විතරක් රැඳී ඉන්නට අවසර දීලා තියෙනවා.

“මගේ තාත්ත කිව්වෙ කාන්තාව මැරුණා කියල. ආදිපාදවරයාට දුක හිතිලා මිනිහාට කැමති තරම් කාලයක් දනව්වේ ඉන්න අවසර දුන්නලු. වසර තුනක් විතර හිටිය කියල කියන්නෙ. ඊට පස්සෙ පිටවුනාලු. මම හිතන්නෙ ඇමෙරිකාවට ගියා කියල, පුතාවත් අරගෙන. එච්චරයි මට ඇහිලා තියෙන්නෙ.

Advertisements

ප්‍රතිචාර 2 »

  1. maru

    ප්‍රතිචාර විසින් Dinuka Jayasinghe — ජූනි 3, 2012 @ 10:16 පෙ.ව.


RSS feed for comments on this post. TrackBack URI

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

WordPress.comහි නොමිලේ වෙබ්අඩවියක් හෝ බ්ලොග් සටහනක් සාදාගන්න.

%d bloggers like this: