Sinhala story Blog

ජූනි 2, 2012

මේ කලබැගෑනිය මොකක් ගැන ද

Filed under: Uncategorized — sinhalashortstories @ 8:37 පෙ.ව.

ඇමෙරිකන් හමුදාව නියෝජනය කරන වාහන තුනට පහර දීම එතරම් පහසු වූයේ නැත.

අව්වේ දිළිසෙන අසිපත් ලෙලවමින් තමන් හඹා එන පිරිස දැකි ආහාර බෙදා හරින වාහනයේ වූ සේවකයෝ ඉන් බැස පැන දිව්වහ. පොලිස් නිලධාරීන් දෙදෙනා කුමක් කරනුයේ දැයි සිතාගත නොහැකිව සිටගෙන සිටියහ. එක් පොලිස් නිලධාරියෙක් කෙටි අත් තුවක්කුව ඔසවා තමන් ඉදිරියට එන ෆෙන්වික් දුනුවායෙක් වෙතට උණ්ඩයක් යැව්වේ ය. එය ඔහුගේ ලයේ වැදිණ. දුනුවායා බිමට ඇදගෙන වැටිණ. ඒත් ඔහු නැඟිට්ටේ ය. ඒත් ඔහු නැවතත් බිමට ඇද වැටුණි. ඔහු වීදියේ නිහඬව නිසසලව සිටියේ ය. ඔහු කුඩා ගොවිපොලක අයිතිකරුවෙකු වූ ටොම් කොබ්ලි ය. හතළිස් පස් වියැති ය. ශතක ගණනාවකින් තම රටේ වැසියෙකුට නොලැබුන ගෞරවයක් එදා ඒ මොහොතේ ඔහු ලැබුවේ ය. ග්‍රෑන්ඩ් ෆෙන්වික් ඉතිහාසයේ වසර පන්සියයකට වඩා කාලයක දී රට වෙනුවෙන් දිවි පිදූ ප්‍රථමයා ඔහු ය. ඔහුගේ සිරුර විනාකිරෙන් පිර වූ බැරලයක දමා ඔහුගේ මව්බිමට ගෙන ගොස් ෆෙන්වික් මාලිගාවේ අභ්‍යන්තරයේ වූ සර් රොජර් ෆෙන්වික්ගේ සොහොන ළඟින් මිහිදන් විය.

ඇමෙරිකානු පොලිස් නිලධාරියා සතුරා වැටෙන්නට දුන් වෙඩි පහර ඔහුගේ සෙසු සේනාංකය අවදි කරන්නට සමත් විය. තමන් ඉදිරියට කඩා පනිනා රොත්ත වෙතට වෙඩි ප්‍රහාර පටන් ගැණින. එහෙත් ඇමෙරිකානුවන්ට ඉලක්කයක් සොයන්නට කාලයක් තිබුනේ නැත. අහක ගිය උණ්ඩ දෙක තුනක් පිට කරනවාත් සමඟ ඔවුන් වෙත දුනුවායන් කඩා පැන්නහ. කලබලයේ දී කුවේඩියම් බෝම්බය අතැති සොල්දාදුවා එයත් අතේ තබාගෙන තම අවි හරඹය නොහැකි නිසා එය හතුරන් වෙත දමා ගසන්නට තීරණය කළේය. එය විසි කරද්දී කවුදෝ ඔහුගේ අතේ හැපුන නිසා එය අඩි විස්සක් පමණ ඉහළකට විසි වී ගියේය. එය ඉහළට ඇදී යද්දී එහි මාත්‍රාවක් ටලී දැක්කේ ය. එය ඇද වැටෙනා තැනින් අඩි දහයක් පමණ ළඟක වූ වාහනයේ බොනට්ටුව මත ටලී සිටගෙන ය. එය බිමට වැටුනොත්, එය වැටෙන්නේ ඇමෙරිකාවේ නැගෙනහිර පෙදෙසේ ප්‍රධාන නගර බොහොමයක් විනාශ කරමිනි.

ඔහු ඒ පැත්තට පැන්නේ ය. එය පහළට එද්දී අත් දෙකෙන් ම එය අල්ලා ගත්තේ ය. බිම පෙරලී ගියේ බෝම්බය පපුවට තබා අල්ලා ගෙන ය. ඔහු නැඟිටිද්දී නිව් යෝර්ක් නගරයත්, එහි වැසියන් ද මහත් විනාශයකින් ගැලවුනහ. ග්‍රෑන්ඩ් ෆෙන්වික් යුද්ධය තීරණාත්මක ලෙසින් ජයගෙන ය. වාහන හතරක් ඔවුන් අයත් කරගෙන ය. ආචාර්ය කොකින්ට්ස් තමන්ව බලා ගන්නට සිටි දෙදෙනා අතරේ සිහිසුන් වී ඇද වැටුණි. ඔහුව යළි පියවි සිහියට ගෙනෙන්නට මිනිත්තු ගණනාවක් ගතවිය. නැවත සිහි ලැබි විට, ටලී තමන් අතේ තිබෙනා කුවේඩියම් බෝම්බය පෙන් වූ විට, ඒ දෙස එක බැල්මක් හෙලූ ඔහු නැවතත් සිහසුන් නැතිව වැටුනේ ය.

ජනරාල් ස්නිපෙට් විසින් සාම සාකච්ඡාවට පැමිණීමෙන් පසු පටන් ගත් යුද්ධය අවසන් වෙන්නට මිනිත්තු පහක් වත් ගත වී තිබුණේ නැත. සියළු අවි ආයුධ, වාහන හා ජනරාල්වරයා ද අල්ලා ගන්නට ඔවුනට හැකිවුණි. සෙසු ඇමෙරිකන් හමුදාව පළා ගොසිනි. තම හමුදාවට ඇමෙරිකන් වාහන වලට නඟින්නට යැයි ටලී අණ දුන්නේ ය. කුනාඩ් තොටුපළේ ‘උත්සාහය’ නැමති නැව බලා ඔවුන්ට එන්නට ඔහු අණ දුන්නේ ය. ග්‍රෑන්ඩ් ෆෙන්වික් හි වාහනයක් පදවන්නට දැන සිටියේ ටලී පමණි. ඉතිරි වාහන පැදවූයේ අල්ලා ගත් ඇමෙරිකන් සිරකරුවන් ය. ඔවුන්ගේ ඇඟට අසිපත් තබා පැන යා නොදී තබා ගැණුනි.

නැංගුරම් ලා තිබි කුනාඩ් තොටුපොළ වෙත යන ගමනේ දී සිහසුන් ලැබි ස්නිපෙට් ජනරාල්වරයා මේ කරන විගඩම මොකක් දැයි විමසන්නට පටන් ගති.

“මේ කරපු වරදට ඔබේ ජීවිතයේ ඉතිරි කාලය ඔබ සිරගෙයි ලැග සිටීවි,” යැයි ඔහු බෙරිහන් දෙන්නට විය. “මට යන්නට ඉඩ දීපන්. නැත්නම් මම නිව් යෝර්ක් නගරයේ පොලීසිය කැඳවනවා,” යැයි ඔහු ගෝරනාඩු කළේය. එහෙත් කිසිවකුත් ඔහුට අවධානයක් නොදී මඳ වේලාවක් ගිය පසු එතරම් කලහකාරී නොවන හඬකින් මේ කලබගෑනිය මොකක් ගැන දැයි ඔහු විමසීය.

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න »

තවමත් ප්‍රතිචාර නොමැත.

RSS feed for comments on this post. TrackBack URI

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

WordPress.comහි බ්ලොග් සටහනක්.

%d bloggers like this: