Sinhala story Blog

ජූනි 1, 2012

මිලියන ගණනාවකගේ ජීවිත අවදානමේ තැබූ මොහොතකි

Filed under: Uncategorized — sinhalashortstories @ 11:42 පෙ.ව.

ඊට ජෙනරාල් ස්නිපෙට් වෙතින් ලැබි උත්තරය කුණුහරුපයකි.

කතාවට කිසි ලෙසකින් අදාල නොවූවකි. ඔහු තම වදන් අවසන් කළේ “මේ මෝඩ හැත්ත” වහාම ආරක්ෂිත කඳවුරු බලා නොගිය හොත් මේ මිනිත්තුවේ දී ම, තම හමුදාවට ඔවුන්ට වෙඩි තබන්නට යැයි අණ දෙනවා කියා ය.

එයින් සාමය සඳහා වූ කතාබහ අවසන් බවත්, එය හතුරාගේ අවසන් ඉල්ලීම ලෙසත් සලකා ටලී තම දුනුවායන්ට ඊතල පහරක් යවන්නට සූදානම් වෙන්න යැයි අණ දුන්නේ ය. ඉලක්කයන් වූයේ අඩි පන්සියයකට එහා ඇමෙරිකන් පැත්තේ නවතා තිබි වාහන තුනයි. ඊතල සූර්යයාලෝකයෙන් දිළිසෙද්දී, ඒවා දුනු වලට තබා ඉහළට ඔසවා දුන්න නවමින් ඇදෙද්දී, දුනුවායන්ගේ අත් උරහිස් මට්ටමින් ආපස්සට ඇදෙද්දී සියල්ල බලා සිටි ජනරාල් ස්නිපෙට් හිස ගිනිගත්තෙක් ලෙසින් කෑ ගහන්නට පටන් ගත්තේ ය.

ඔහු සමඟ සිටි පොලිස් නිලධාරියාට ඔහු කෑ ගහනා හඬ පැතිර ගියේය. “අර අමුතු ඇඳුමක් ඇඳන් ඉන්න උස මිනිහාට පාරක් ගහලා එයාව බිමට වට්ටන්න,” යැයි ඔහු කීය.

කෙටි අත් තුවක්කුවක් රැගත් පොලිස් නිලධාරියා ටලීව වඩා පහසුවෙන් ඉලක්කයට හසු කර ගැනීම සඳහා වාහනයෙන් බැස්ස වහාම විල් වෙත හැරි ටලී “එයාගෙ තොප්පිය ඉවත් කරලා දාන්න, එයාට කිසි ගෞරවයක් නැහැ,” යැයි කීවේය.

කෝපාවිෂ්ට වූ බඹරෙක් වැනි චලනයක් හැරෙන්නට වෙනත් කිසිම දැකගත හැකි වූ, ඉලක්කයක් සොයන ඉරියව්වක් කිසිත් නැතිව ඊතලයක් විල් ගේ දුන්නෙන් හඹා ගියේය. පොලිස් නිලධාරියා කෙටි තුවක්කුව ඔසවා ගත් සැනින් යාරයක් පමණ දික් වූ ඊතලය ඔහුගේ තොප්පිය පසාරු කරගෙන ගොස් තවත් අඩි සිය ගණනක් එය රැගෙන ගොස් ගල්තාර පොළවේ වැටිණ. ඇදේට ගල්තාර පොළව තුලට ඇදී ගිය ඊතලයේ පොලිස් නිලධාරියාගේ තොප්පිය එල්ලෙමින් තිබිණ. ග්‍රෑන්ඩ් ෆෙන්වික් යුද්ධයේ පළමු ජය ස්මාරකය එයයි.

ඊතලය වැදි මොහොතේ දී ම පොලිස් නිලධාරියා ද තම කෙටි තුවක්කුව පත්තු කරන ලදි. එහෙයින් ඔහුගේ ඉලක්කය සම්පූර්ණයෙන් ඵල රහිත වී ටලීගේ හිසෙන් යාර දෙකක් පමණ උඩකින් උණ්ඩය පා වී ගියේ ය. ඒ අතර තුර තමා අසල සිටි දුනුවායකුගේ දුන්නක් ගත් ටලී, විල් විදහා පෑ සංසුන් හැදියාවෙන් ම, තම ඉලක්කයෙන් වෙනතක බලමින් සේ ස්නිපෙට් ජනරාල්වරයාගේ තොප්පියට ඊතලය යැව්වේ ය. එයත් අනෙක මෙන් තොප්පිය පසාරු කරගෙන එය හිසින් ගලවා ගෙන වීදිය දිගේ හඹා ගොස් විල් ගේ ඊතලය අසලින් ම වැටිණ.

එය ටලී යැවූ අන්තිම ඊතලයයි. යුද්ධය ගැන නොදත් මිලියන ගණනාවකගේ ජීවිත අවදානමේ තැබූ මොහොතකි. මන්ද ටලී විසින් ඊතලය අල්ලා ගන්නට කුවේඩියම් බෝම්බය අසල සිටි දුනුවායා අතට දී තිබිණ. එහි අවදානම හරි හැටියට නොදන්නා දුනුවායා ඊට කිසිත් සැලකිල්ලක් දැක්වූයේ නැත. ගත වී ගිය මිනිත්තු කිහිපය ඇතුලත දී ටලී ට ද බෝම්බය අමතක විය. පරම්පරා ගණනාවකින් උරුම වූ හමුදා උපාය මාර්ග වලින් සතුරාට පහර දිය යුතු හොඳම අවස්ථාව ඒ බව පමණක් ටලී ගේ සිහියේ තිබුණි.

“එක පාරක්, ඊතල ප්‍රහාරයක් යවන්න. ඔවුන්ගේ හමුදාව ඉදිරියෙන් අඩි පනහක් කරා ළංවෙන්නට යවන්න. ඊට පස්සෙ අසිපත් වලින් පහර දෙන්න පටන් ගන්න,” යැයි ටලී අණ නිකුත් කළේය.

වීදිය පුරා පැතිර ගියේ වැස්සක දී අයිස් කැට ඇද හැලෙන්නා මෙන් වූ ඊතල ප්‍රහාරයකි. දුනුවායන්ගේ සෙවනැලි වටපිටාවේ වූ ගොඩනැඟිලි වල දැවැන්ත ලෙසින් ඉස්සී නැවත කුඩා වී ගියේය. ඊතල පොළවට පතිත වෙන්නට මත්තෙන් අවිගත් ෆෙන්වික් විශේෂ හමුදා බලකාය අසිපත් අමෝරා ගෙන ජෙනරල් ස්නිපෙට් ඇතුළු වාහන සියල්ල වෙත ළඟා වූහ. ජනරාල්වරයාගේ වාහනය විල් විසින් අල්ලා ගන්නා ලදි. ඔහු රියැදුරාව අසුනින් ඉවතට ඇද, පොලිස් නිලධාරියා අත වූ කෙටි අත් තුවක්කුව ළඟ තිබි ගොඩනැඟිල්ලක ජනේලයෙන් ඇතුලට විසි කළේය. ජනරාල්වරයාගේ කොලරයෙන් ඔහු අල්ලා ගත් විල් හිසට පහරක් දී ජනරාල්වරයාගේ සිහසුන් නැති කළේය.

Advertisements

ප්‍රතිචාර 2 »

  1. good

    ප්‍රතිචාර විසින් Dinuka Jayasinghe — ජූනි 1, 2012 @ 11:18 ප.ව.


RSS feed for comments on this post. TrackBack URI

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

WordPress.comහි නොමිලේ වෙබ්අඩවියක් හෝ බ්ලොග් සටහනක් සාදාගන්න.

%d bloggers like this: