Sinhala story Blog

මැයි 31, 2012

මේ මොකක් ද කරන විගඩම?

Filed under: Uncategorized — sinhalashortstories @ 9:21 පෙ.ව.

11

ග්‍රෑන්ඩ් ෆෙන්වික් දනව්ව විසින් ඇමෙරිකාවට එරෙහිව වැදී ජයගත් ගැටුමේ වැදගත් යැයි සැලකිය හැකි වූ එක අවස්ථාවක් පමණක් තිබිණ. දකිනා වූ වැදගත්කමින් අඩු වූවකි. ගැටුණු සංඛ්‍යාව ද ස්වල්ප වූවකි. පුරවැසියෙක්ට කියා දෙන්නට හෝ හමුදා සිසුවෙකුට කියා දෙන්නට ඊට පාවිච්චි කරත හැකි වචනයක් ද සොයා ගැනීම අසීරු ය. “යුද්ධයක්” යැයි කියත හැකි තරම් විශාල මෙහෙයුමක් නොවේ. “පොරයක්” කියා ද හැඳින්විය නොහැක. “අවිගත් ඝට්ටනයක්” යැයි කිවහොත් පමණට වඩා වැඩි වැදගත්කමක් ලැබෙයි. “හතුරා ඉන්නා තැනට ගොස් පහර දීම” යැයි කිව්වොත් යාන්තමින් හෝ නිවැරදි ය.

දෙපැත්තෙන් ඊට සහභාගී වූ සංඛ්‍යාව අල්පයකි. තුවාල ලැබුවෝ ද ඒ නිසා ම අල්පයකි. ඒත් ලෝකයේ ගැටුම් අතරින් එය වඩාත් ම වැදගත් වූව බව සැලකිය යුතුයි. මන්ද, මේ ගැටුම නිසා මිලියන ගණනක ඇමෙරිකානුවන්ගේ ජීවිත බේරිණ. ඒ ජීවිත බේරුනේ පහර දුන් අය වෙතින් ම වූව වඩාත්ම උත්ප්‍රාසය දක්වන්නයි. එසේම ගැටුමේ දී පහර දුන් අයට භ්‍රාජමාන ලෙසින් පසු බසින්නට ද අනගි අවස්ථාවක් උදාකර දුනි. ඒත් තමන් පැරදුනා යන්න සෑහෙන කාලයක් යනතෙක් ඇමෙරිකානුවන් දැන සිටියේ ද නැත. එහි වාසිය ගැනත් ඔවුන් දැන සිටියේ ද නැත.

බ්‍රෝඩ්වේ වීදිය සහ එකසිය දහ වැනි වීදියත් වූ හංදියේ කොනක දී ‘උත්සාහය’ කරා ආචාර්ය කොකින්ට්ස් හා කුවේඩියම් බෝම්බයත් රැගෙන යන ටලී ඇතුළු ග්‍රෑන්ඩ් ෆෙන්වික් දනව් විශේෂ හමුදා බලකයාට ඇමෙරිකන් හමුදාව මුණ ගැසිණ. එහි නායකත්වය දැරියේ නිව් යෝර්ක් නගරයේ සිවිල් ආරක්ෂක සේවා සැපයූ ජෙනරාල් ස්නිපෙට් විසිනි. ජනරාල් ස්නිපෙට් යටතේ ඔහුගේ රියැදුරා ද, අවිගත් පොලිස් නිලධාරීන් රියැදුරන් හා ඉඳගෙන සිටි හඬ පතුරුවන ට්‍රක් රථ දෙකක් ද, සේවකයන් හතර දෙනෙකු ගෙන් යුත් හා ඔවුන් සමඟ සිටි පොලිස් නිලධාරීන් දෙදෙනෙකු වූ ආහාර බෙදා හරින රථයක් ද විය. ඒ ඇමෙරිකන් හමුදාවේ දොළොස් දෙනෙකි.

ඉතින් හමුදා යැයි කියන්නට අවසර ඇත්නම්, ග්‍රෑන්ඩ් ෆෙන්වික් දනව්වේ හමුදාවත්, ඇමෙරිකන් හමුදාවත්, ඒ ඒ අය වෙතින් යම් දුරකින් සිටියහ. වෙනත් කිසිම යාන වාහන නොතිබි නිසා අඩි පන්සියයක් ඈතක සිට ඔවුන් එකිනෙකා හා යුද වදින්නට සැරසුනහ. ෆෙන්විකියානුවෝ, දාහතර වැනි ශත වර්ෂයේ අග භාගයේ දී දියුණු කරගත් යුද ක්‍රම විධි අනුව වීදිය පුරා දැති පෝරුවක හැඩයට විසිර ගියහ. ඉදිරියෙන් වූ අයගෙන් ඇතිවන හිඩැස් වහන්නට ඔවුනට පියවර දෙකකින් පිටුපසින් සිටි දෙවැනි පේලියේ අය සිටගත්හ. ඒ පේලි දෙකට පිටුපසින් තුන්වැනි පේලිය ඉතිරි හිඩැස් වසා දමමින් සිටගත්හ. අවි ආයුධ අමෝරා ගෙන මෙසේ වීදිය පුරා විසිර යෑමෙන් ඔවුන් දෙපැත්තේ ඇති ගොඩනැඟිලි වලින් තමන්ගේ පිටුපසින් ඇවිත් පහර දීමට ඇති හැකියාව මඟ හරවා ගත්හ.

ස්නිපෙට් ජනරාල්වරයාට කරත හැකි වූයේ පසෙක ඇති වීදියකින් ගොස් ඍජුකෝණාකාර හැරීම් තුනක් කිරීමෙන් ෆෙන්වික් හමුදාවේ පිටුපස අල්ලා ගැනීමයි. එහෙත් සටන ඇරඹී අවසන් වෙන්නට ඔන්න මෙන්න වෙන තෙක් එය ඔහුට මතක් නොවිණ.

ආක්‍රමණිකයෝ පහර දීමට සැරසෙන බව දුටු ස්නිපෙට් ජනරාල්වරයා තම හමුදාවට සීරුවෙන් සිටගන්නට යැයි අණ දුන්නේ ය. අවිගත් පොලිස් නිලධාරියෙක් තම වාහනයට නංවා ගත් ඔහු වෙනත් කිසිවෙක් නැතිව කතාබහ කර සටන නිමා කරගන්නට හතුරා වෙත ගියේය.

ආක්‍රමණිකයන් වෙතට ළං වූ වාහනයේ රියැදුරා රථය නැවැත්වීය. වාහනය වහල හැර දමා තිබුණකි. වාහනය නැවති ගමන් එහි හිටගත් ස්නිපෙට් ජනරාල්වරයා “මේ මොකක් ද කරන විගඩම? ඇයි ඔබලා ආරක්ෂිත කඳවුරු වෙත ගියේ නැත්තේ?” යැයි හඬ ගෑවේය.

ඊට පිළිතුරු දුන් ටලී, තමන් ග්‍රෑන්ඩ් ෆෙන්වික් විශේෂ හමුදා බලකායේ සේනාපති බවත්, තමන් ඇමෙරිකාව හා යුද වැද සිටිනා බවත්, ඔහුගේ හමුදාවට වඩා තම හමුදාව බලවත් බැවින් ගෞරවය රැකගෙන යුද පිටියෙන් ඉවත් වෙන්නට අවස්ථාව ලබා දෙන බවත් කියා සිටියේ ය. එහෙත් එසේ බැහැර වී නොයන්නේ නම්, ටලී පෙන්වා දුන්නේ, වෙන කරන්න දෙයක් නැහැ යුද්ධෙට එකතු වෙන්න වෙනවා කියා ය. කෙසේ හෝ ජීවිත අවම ප්‍රමාණයක් විනාශයට තමන් උත්සාහ කරන බව ද ටලී කියා සිටියේ ය.

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න »

තවමත් ප්‍රතිචාර නොමැත.

RSS feed for comments on this post. TrackBack URI

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

WordPress.comහි නොමිලේ වෙබ්අඩවියක් හෝ බ්ලොග් සටහනක් සාදාගන්න.

%d bloggers like this: