Sinhala story Blog

මැයි 30, 2012

එහෙම වුනොත් මුළු නිව් යෝර්ක් නගරය ම ඔබ එක්ක ඇද වැටේවි

Filed under: Uncategorized — sinhalashortstories @ 9:00 පෙ.ව.

“මම හිතන්නෙ නැහැ එයා බොරු කියනවා කියලා,” ටලී හඬ අඩු කරමින් කීවේය.

“මම හිතන්නේ මේක තමයි ඒ. දැන් අපි යන්න ඕන. ඒත් මට අහන්න එක දෙයක් තියනවා. ඇයි ඔබ මේක හැදුවේ?” ඔහු විද්‍යාඥයා වෙත එය නින්දිත වූ දෙයක් යැයි මුහුණින් පාමින් විමසීය.

“ඒක ඇමෙරිකාවේ සාම අවියක්,” ආචාර්ය කොකින්ට්ස් උත්තර දුන්නේය. “ඒ විදියේ එකම සාම අවිය. මේ තාක් කල් නිපැද වූ පරමාණු බෝම්බය හෝ වෙන අනෙක් සාම බෝම්බ වලට වඩා සෑහෙන කාර්යක්ෂතාවයෙන් යුතු එකම සාම අවිය.”

“සාම අවියක්?” ටලී කිව්වේ පුදුමයෙනි. පෙට්ටිය තම අතේ හරවමිනි. තම අසිපතට හෙත්තු වී සිටින විල් දිහා ඔහු බැල්මක් හෙලුවේය. “එහෙනම්,” ඔහු කියාගෙන ගියේය, “මේ විල් හේත්තු වෙලා ඉන්න අසිපතත් සාම අවියක් වෙන්නැති. ඒත් ඒක මේ තරම් වැදගත් නැහැ මොකද ඒකෙන් මරන්න පුළුවන් සංඛයාව මේකෙන් මරන්න පුළුවන් සංඛ්‍යාවට වඩා අඩු නිසා. ඔයා දන්නවානෙ, ග්‍රෑන්ඩ් ෆෙන්වික් වල ජීවත්වෙන අපි, පුංචි රටක මිනිස්සු නිසා, අපිට අවශ්‍ය්‍යි ඉතාම හොඳ සාම අවියක්. ඉතින් මේ මගඩිය අරන් යන්න තවත් හොඳ හේතුවක් ඒ. ඉතින් අපි යමු. තරප්පු පෙළ දිගේ පහළට. ඇවිදින්න.”

දෙවුර හැකිළු ආචාර්ය කොකින්ට්ස් දොර වෙත පියවර තැබුවේය. දොර වෙත ළඟා වූ ඔහු ආපසු හැරී නැවතිණ.

“මගෙ කැනරි කුරුල්ලාට මොකද කරන්නේ?” ඔහු විමසීය. “ඌව බලාගන්න කවුරුත් නැති වේවි.”

“ඌව බලාගන්න කාටවත් අවශ්‍යතාවයක් නැතිවේවි,” ටලී පිළිතුරු දුන්නේ ය. “ඉතා ඉක්මණින් මේ නගරයට බෝම්බ ප්‍රහාරයක් එල්ල වෙනවා. තවත් කවුදෝ කෙනෙක් සාම අවියක් පාවිච්චි කරනවා. ඉතින් මෙතැනින් අපි ඉක්මණින් පිටවෙලා ගියොත් හොඳයි.”

“පරමාණු බෝම්බයක්!” විල් සහ ආචාර්ය කොකින්ට්ස් කීවේ එකවිට ය.

“අන්න හරි. මේක කියවන්න.” ටලී නිව් යෝර්ක් ටයිම්ස් තීරුව ඔවුනට පෙන්නුවේය. ඉදිරි පැය විසිහතර තුල දී වැටෙන පරමාණු බෝම්බය ගැන මුළු නැගෙනහිර පෙදෙස පුරා පවතින අවදානම පිළිබඳ වූ පළමු වැනි පිටුවේ වාක්‍ය්‍ය පෙන්වීය. “අවදානම් නලා හඬ නාද වෙලා හැමෝම හැංගිලා ඉවරයි,” ඔහු කීවේය, “ඉතින් වැඩි වෙලාවක් යන්න මත්තෙන් ප්‍රහාරය පටන් ගනීවි.”

“ඒත් මේක පුහුණුවක් විතරයි,” ආචාර්ය කොකින්ට්ස් කීවේය. “ගොඩනැඟිල්ලේ බාරකරුවා මට ඒක කිව්වා. ඇත්ත ප්‍රහාරයක් වෙන්නෙ නැහැ.”

ටලී ඔහු දිහා බැරෑරුම් බැල්මක් එල්ල කරමින් තත්පරයක් බලා සිට නැවතත් වාර්තාව කියැවීය. එහි නිශ්චිතව ම පරමාණු ප්‍රහාරයක් ගැන සඳහන් නොවිණ. තවත් වරක් කියවද්දී එය පුහුණුවක් බව ඔහුටත් අවබෝධ විය.

“සමහර විට ඔබ නිවැරදියි,” ඔහු අවසානයේ එකඟ විය, “ඒත් එයින් දැනෙන සහනයත් එක්ක, මට හිතෙන්නෙ මේ පුහුණුව පැවැත්වෙද්දී එහෙනම් අපිට පහසුයි ඉක්මණින් ගිහින් ‘උත්සාහයට’ ගොඩවෙලා ආපහු බලා යන්න නැංගුරම් ඔසවන්න. ඉතින් යමු.”

“ඒත් මගේ කැනරි කුරුල්ලා,” ආචාර්යවරයා කීවේය.

“අරන් යමු ඌව. ඉක්මන් කරන්න,” ටලී අණ දුන්නේ ය.

කොකින්ට්ස් වහාම දිවගොස් කැනරි කූඩුව රැගෙන කාමරයෙන් පිටවූයේය. පඩිපෙළ මුදුනේ දී ඔහු ටලී වෙත හැරිණ. “පය පැටලිලා ඇදගෙන වැටෙන්න එපා,” ඔහු කීවේය. “එහෙම වුනොත් මුළු නිව් යෝර්ක් නගරය ම ඔබ එක්ක ඇද වැටේවි.”

Advertisements

ප්‍රතිචාර 4 »

  1. දිගටම ලියන්න

    ප්‍රතිචාර විසින් Dinuka Jayasinghe — මැයි 30, 2012 @ 10:20 පෙ.ව.

  2. ඇමෙරිකන් ප්‍රතිපත්ති ලස්සනට උපහාසයට ලක්කරලා තියෙනවා
    ”සාම අවියක්”
    හී හී……

    ප්‍රතිචාර විසින් Aruna — මැයි 30, 2012 @ 7:59 ප.ව.


RSS feed for comments on this post. TrackBack URI

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

WordPress.comහි බ්ලොග් සටහනක්.

%d bloggers like this: