Sinhala story Blog

මැයි 11, 2012

මේ තමයි නිව් යෝර්ක් නගරය

Filed under: Uncategorized — sinhalashortstories @ 9:49 පෙ.ව.

“මේ තමයි නිව් යෝර්ක් නගරය,” ටලි කිව්වේ ඔහුගේ ලුතිනන්වරයා වූ විල් ටැටම් ට ය.

“ඒත් කිසිම හතුරෙක් පේන මානයක නැත්තෙ ඇයි කියා මට වැටහෙන්නෙ නැහැ. මුළු ගඟයි මුළු වරායයි දෙකම අපේ. සාමාන්‍යයෙන් මේ හරිය නැව් වලින් පිරිලා තියෙන්නෙ හරියට මැස්සො ඇලෙන කොළ වල මැස්සෝ පිරෙනවා වගේ.”

“එහෙනම් එයාලට තේරුම් යන්න ඇති අපේ වෑයම සුළු පටු වූවක් නොවේ කියලා,” විල් කීවේ නොසතුටු මුහුණකිනි. “අපිට පහර දෙන්න හැංගිලා ඇති. අපි පරිස්සමෙන් යන්න ඕන. අර තියන ගොඩනැඟිලි මම ජීවිතේට ම දැකලා තියන ලොකුම ඒවා. ඒවා ඇතුලට වැදිලා පහර දෙන්න සෑහෙන්න අමාරු වෙයි. මම දන්නෙ නැහැ ඇයි මේ ඇමෙරිකන් අය මේ තරම් විශාල මාලිගා හැදුවේ කියල. එයාලට වැඩියෙන් පහර දෙන බවක් ගැන ඇහෙන්න නෑනේ.”

ඔසබයෙක් ගේ ලෙසින් සිරුර වැඩී තිබුණු විල් ගැන ජනයා දත්තේ ඔහුගේ මානසික ශක්තියට වඩා සිරුරේ ශක්තිය වැඩි යැයි කියා ය. ඔහු රාත්තල් එකසිය පනහක බරකින් යුතු දුන්නක් අතැතිව, අඩි හයයි අඟල් තුනක් උසකින් වූ කිසි දිනයෙක ග්‍රෑන්ඩ් ෆෙන්වික් වලින් පිටත නොගිය අයෙකි. ඊට වඩා කල්පනා ශක්තිය ඇති මිනිසෙක් ඔහු ඉදිරියේ වූ නගරය දැක සම්භ්‍රමයට පත්වෙනු ඇත. ඇත්තෙන්ම, කණ්ඩයාමේ ඉතිරි පිරිස “උත්සාහය” නැව තුල පේලියට සිටගෙන මෑන්හැටන් අහස් තීරය දෙස බලා සිටියේ දැඩි නිශ්ශබ්දතාවයකිනි. විල් තම මෙහෙය දුටුවේ කළ යුතු වැඩක් සේ පමණි. පහර දෙන්නත් පහර ලබන්නත් සූදානමින් සිටිනා වූ අවසානයේ කෙසේ හෝ සාර්ථකව නිමා වන කටයුත්තකට සහභාගී වෙන්නෙක් සේ පමණි.

ෆෙන්වික් විශේෂ හමුදා බලකාය මුහුදු ගමනේ දී සිවිල් ඇඳුමෙන් සැරසී සිටිය ද දැන් ඔවුන් ඒවා උනා දමා යුද ඇඳුමෙන් සැරසී සිටියහ. දුනුවායන් විසිදෙනාගේ හිස් මත හට්ටි වැනි හෙල්මට් දිස්වුණි. හම් කමිස මතින් හැඳ සිටි යකඩ චේන්පටි වලින් තැනි ආවරණ බෙල්ලත්, උදරයත්, පිටමැදත් වසා තිබිණ. මුව බඩවැල් වලින් හදන ලද දුනු පටි හය බැගින් ඔවුන්ගේ ඉණ වටා ගැට ගසා තිබිණ. වම් අතේ කුඩා පලිහක් ද, එය මතින් කුඩා කඩුවක් ද, පිටේ එල්ලා ගත් දිගු දුන්නක් ද විය. ටලී ඔවුන් පිරික්සා බැලුවේ ය. තමන්ට හා තම රටට සරිලන සේ ඔවුන් පෙනී සිටින්නේ යැයි ටලී සතුටු වූයේය. අවිගත් තුන්දෙනා, ටලී ත් ඔවුන් අතර වූයෙකි, හැඳ සිටියේ උකුසු රාජ්‍ය ලාංජනයෙන් වූ ආරක්ෂක වැස්ම උඩින් වැටි සුදු ලෝගු වලිනි. දිගු දුනු වලට අමතරව ඔවුන් බියකරු ලෙසින් උල් කරන ලද තුඩු ඇති ගදාවන් අතැතිව සිටියහ.

නැව ප්‍රංශයේ මාසෙල් නගරයෙන් කුලියට ගෙන එන ගමනේ දී මේ යම් චිත්‍රපටි හා සම්බන්ධ වූ මෙහෙයුමක් යැයි සිතූ නැව් කප්පිත්තා තම කුලිය තුන් ගුණයකින් වැඩි කරන්නට සිතමින් සිටිය දී “පේද්‍රෝ, -” යැයි ටලී නැව් කප්පිත්තා ඇමතීය. “පේද්‍රෝ, හතළිස් හතර වැනි වීදියේ අග තියන කුනාඩ් ඩොක් එකට ගෙනියන්න. අපි එතන දී තමයි අපේ පහර දීම පටන් ගන්නේ,”යැයි ටලී කියා සිටියේ ය.

“මම එහෙම කළොත් එයාල හරි කලබැගෑනියක් ඇති කරාවි,” පේද්‍රෝ විසින් කියන ලදි. “ඉස්සර වෙලා ම, රේගු නිලධාරි කඩා පනීවි. ඊ ළඟට හාබර්මාස්ටර්, පොලීසියයි, නැව් ලිපිකරුවෝ හැමෝම මාව එලවලා දාවි. මේ මුළු නැවේ ම වටිනාකමට වැඩියෙන් දඩයක් ගහාවි. මම දන්නෙ නැහැ ඇයි කියල කවුරුත් මට නැංගුරම් දාන අවසරය දෙන්න ඇවිත් නැත්තෙ කියල. තොටුපළට එන කොටම සෞඛ්‍ය දෙපාර්තමේන්තුව එනවා. සමහර විට ඒ හැමෝම කාර්ය බහුල සති අන්තයක් ගෙවලා තාම නිදි ඇති. මේ සඳුදා උදේනෙ.”

“මේ,” ටලී කීවේය, “මේක යුද්ධයක්.”

Advertisements

ප්‍රතිචාර 2 »

  1. “මේ,” ටලී කීවේය, ”මේක යුද්ධයක්.”
    හික්ස්, කප්පිත්තා හිතන්න ඇත්තෙ රේගුවෙන් අවසර අරන් යුද්දෙට යන්න

    ප්‍රතිචාර විසින් Aruna — මැයි 12, 2012 @ 11:39 ප.ව.

    • Aruna,

      කප්පිත්තා හිතන්නෙ මෙයාලා සිවිල් ඇඳුම් වලින් අවුරුදු සිය ගණනකට එහා ඇන්ද යුද ඇඳුම් වලට මාරු වෙච්ච නිසා එයාලා චිත්‍රපටියක් පටිගත කරන්න හදනවා කියලා .. නිව් යෝර්ක් වලට ඇවිත් ..

      ප්‍රතිචාර විසින් sinhalashortstories — මැයි 13, 2012 @ 6:16 පෙ.ව.


RSS feed for comments on this post. TrackBack URI

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

WordPress.comහි නොමිලේ වෙබ්අඩවියක් හෝ බ්ලොග් සටහනක් සාදාගන්න.

%d bloggers like this: