Sinhala story Blog

මැයි 9, 2012

ඔවුන් දෙදෙනාටම එය ප්‍රහේලිකාවකි

Filed under: Uncategorized — sinhalashortstories @ 8:01 පෙ.ව.

රටපුරා පුවත්පත් වල ප්‍රධාන පිටු සැරසුනේ ඇමෙරිකාවේ මහත් විනාශකාරී භයානක අවියක් ඇතැයි කියන වාර්තා වලිනි.

ඒවා අතරමැදින් අනිත් රටවලට එක්කෝ අවිය ඇතැයි නැත්නම් ඔවුන් ළඟක දී ම අවිය හදාගනු ඇතැයි හැඟෙන වාර්තා පළවිය. ඒ ප්‍රවෘත්ති ජනතාව කියවා අවබෝධ කරගත් සැනින් පුහුණුව අරඹනවා යැයි දැනුම් දුන් නලාව නාදය වුණි.

මැයි 13 වැනිදා පෙරවරු හයට නිව් යෝර්ක් නගරයේ, ෆිලඩෙල්ෆියාවේ, බොස්ටන් හා වොෂිංටන් වලින් නලා දහසක විලාපයෙන් එය පටන් ගති. නාදය කොතරම් ඉහළ හඬකින්, කොතරම් කාලයක් පුරා පැවැත්වුනා ද කියතොත් හඬකට පතුරුවත හැකි සද්දයට වඩා යමක්, ශාරීරික වේදනාවක් මිශ්‍රිත වූවක් වර්ධනය වී පැතිර යන්නට පටන් ගති. එවිට හඬ හෙමිහිට හෙමිහිට අඩු වී ගොස් නැවත හෙමිහිට හෙමිහිට වැඩි වී වැඩි වී ගියේය. අන්තිමේ දී ඒ නලා හඬ නිමාවෙද්දී හැම අත වූයේ දැඩි නිශ්ශබ්දතාවයකි. එය කොතරම් දැයි කිව්වොත් අතු අගිස්සක් කැඩුවොත් මුළු ඇමෙරිකාවට ඇහෙනා තරම් වූ නිහඬකි. හරියට නලා හඬින් සියළු ජීවීන් මරා දමන ලද්දා සේ ය.

නැගෙනහිර වෙළරබඩ සෑම පැත්තකම, වීදි වල ගමන් කරමින් සිටි අය මුලින් ම නාද වූ නලා හඬ ඇසී තක්බීරිව මොහොතක් ගල්ගැසී සිටියහ. අනතුරුව දොරකඩ වල් වලින් ඇතුලට, නිවාස වලට, උමං දුම්රියට හා සුරක්ෂිත කඳවුරු වලට කඩිමුඩියේ දුව ගියහ. සමහරු හඬනඟා හඬමින් ගියහ. සමහරු සිනාවෙමින් ගියහ. සමහරු අපහසුවෙන් විටින් විට ගන්නා හුස්ම ඉහළට පහළට දමමින් ගියහ. තවත් සමහරුන්ට ටික වේලාවක් යනතුරු හුස්ම ගන්නට පවා අමතක විණ.

නිව් යෝර්ක් මුහුදේ නැව් වල වැඩ කරනා සේවකයන් දුම් නැති නැව් හැර දමා ආරක්ෂිත ස්ථාන සොයා දිව්වහ. රාජකීය තැපැල් නෞකාවක් වූ “මේරි රැජින” නැංගුරම් උස්සා තොටුපළෙන් ඉවත්ව යමින් සිටියේය. ඔවුන් එය සෙමෙන් හරවා ගෙන හඩ්සන් ගඟ පැත්තට ගියහ. නැවේ කප්පිත්තා විසින් ම අණ නියමයන් නැවේ මුදුන් මාලකයේ සිට නිකුත් කරන ලදි. ඔහු අසලින් වූයේ කුවාටර්මාස්ටර් තනතුර දරන්නා ය. ගඟ පසුකර දැමූ විගසින් සම්පූර්ණ වේගයෙන් යන්නට පටන් ගත් නැව පැයක් ගතවෙද්දී මහ මුහුදට බටහ. ඔවුන් ඉදිරියෙන් කුඩා නැවක් හඩ්සන් ගඟ පැත්තට යනවා ඔවුන් දුටූහ.

පුහුණුව පටන් ගත් වේලාව සහ තමන් නැව ගෙන ගිය මාර්ගය පිළිබඳව සිය නැව්පොතේ ලියූ කප්පිත්තා මෙසේ ද එහි සටහනක් ගැසීය:
ටොන් 300 ක පමණ “උත්සාහය” නමින් වූ නැව ඇම්බ්‍රෝස් ප්‍රදීපාගාරයේ සිට සැතපුම් දහයක දුරක දී දකිනා ලදි. ශබ්ද විකාශනය පාවිච්චි කර ඔවුන්ට කතා කර, නිව් යෝර්ක් නැව්තොටුපළට ඇතුල් වන්නට ඇති තහනම ගැන කියා ආපහු හැරෙන්නට කියන ලදි. පළමු පණිවිඩයට කිසිත් ප්‍රතිචාරයක් නොලැබුණි. දෙවැනි වරට නැවත කියද්දී ඒ නැවේ මුදුන් මාලකයෙන් ඊතල සංඛ්‍යාවක් පැමිණියහ. අපගේ නෞකාවට කිසිත් හානියක් නැත. ගමනේ යෙදීම නොනත්වා කරගෙන ගියෙමි.

7

මුදුන ඉරී ගිය හිස් දෙකේ උකුස්සාගෙන් සැරසී ගත් ජාතික කොඩිය ඔසවා ගත් “උත්සාහය” නම් වූ නැව කිසිවෙක් නොසිටි හඩ්සන් ගඟ පසුකරමින් නිව් යෝර්ක් දක්වා ඇදී ගියේය. ටලී බැස්කොම්බ් හා නැවේ කප්පිත්තා පමණයි තමන් ඉන්නේ කොහේදැයි කියා දැන සිටියේ. “මේරි රැජින” වෙත ප්‍රහාරයක් එල්ල කළත්, තම ෆෙන්වික් දනව්වේ ජාතික කොඩිය ඔසවා තිබ්බත් මුහුදු වෙරළ ආරක්ෂා කරන බෝට්ටුවක් හෝ වෙන කිසිවෙක් ඔවුන් වෙත අවධානයක් නොදීම ඔවුන් දෙදෙනාටම ප්‍රහේලිකාවකි. එය හිරු රැස් මිණිකැට මෙන් කොළපාට මුහුදු රැල්ල මත දිළිසෙන්නා වූ මැයි මාසේ උදෑසනකි. මෑන්හැටන් දූපතට රැස් වූ අමුත්තන් පිරිසක් හෙල්ලන් අමෝරා සිටිනා සේ උසට ඉදි වූ අහස් කුස සිඹින ගොඩනැඟිලි දිස්විය. වායුව කොතරම් පිරිසිදු වූවා ද යත් ටලීට හිතුනේ එය ආශ්වාසයට පමණක් නොව පානය කරන්නට ද පුළුවන් යැයි කියාය. එහෙත් ඒ සියල්ල සමඟ මෑන්හැටන් දූපත පුරා පැතිර තිබුනේ දරුණු නිශ්ශබ්ද්දතාවයකි. එය සත්‍ය නගරයක් නොව චිත්‍රයක ඇඳ ඇති නගරයක් යැයි කියා පාන්නාක් මෙනි. කැන්වස් තීරුවක ඇඳ ඇති එහි වැසියන් ශතක ගණනාවකට පෙර අත්හැර දමා යන ලද මහා නගරයක් ලෙසින් දිස්විය.

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න »

තවමත් ප්‍රතිචාර නොමැත.

RSS feed for comments on this post. TrackBack URI

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

WordPress.comහි නොමිලේ වෙබ්අඩවියක් හෝ බ්ලොග් සටහනක් සාදාගන්න.

%d bloggers like this: