Sinhala story Blog

මැයි 8, 2012

පැවැත්ම ආරක්ෂා කරගන්න කිසිම විදියකින් බැහැ

Filed under: Uncategorized — sinhalashortstories @ 9:38 පෙ.ව.

ටයිම්ස් සඟරාවේ සලාමි අනාවරණය ගැන ඊර්ෂ්‍යාවෙන් සිටි හැරල්ඩ් ට්‍රිබියුන් පුවත්පත “බ්ලිට්ස් ප්ලොට්ස්” දුර්මතය පහදා දෙන්නට ඉදිරිපත් විය.

එහෙත් නොසිතූ සහ නින්දාවට ලක් වෙන කරුණු වලට ඔවුන් මුහුණ දුනි. මුලින් ම ජාත්‍යාලයෙන් වූ හා පුද්ගලික කැමැත්තෙන් වූ ප්‍රසන්න මත් ගතියෙන් සිටීමට කැමති වූ බහුතර මහජනතාව එසේ නොවේ යැයි කියන්නට කැමති කරවා ගැනීම අපහසු විය. ඔවුන් දුර්මතයට පාක්ෂික වූහ. බ්ලිට්ස් ප්ලොට්ස් දුර්මතයක් යැයි හෙළි කරන්නට පටන් ගත් දා සිට හැරල්ඩ් ට්‍රිබියුන් හි අලෙවිය පහත බසින්නට පටන් ගති. පරමාණු විකිරණ වලින් බේරෙන්නට මත්පැන් වලින් නොහැකි යැයි කියා විද්‍යාඥයන්ගේ කියමන් ලබාගන්නට ද ලැබුනේ සොච්චමකි. මන්ද විද්‍යාඥයන් අතර ද එහෙම වෙන්නට ඉඩ ඇතැයි මත දැරූ අය සිටි නිසාවෙනි. මීයෝ එක්ක කරපු පර්යේෂණයෙන් පෙන්නෙ එහෙම. ඒත් ඒ මීයෝ ගැන විතරයි. ඒක මිනිස්සුන්ට අදාල නැහැ. හැබැයි අදාල නැති වුනත් සහමුලින් ප්‍රතික්ෂේප කරන්නත් බැහැ. මොකද මිනිස්සුන්ට හා මීයන්ට එක සේ අදාල වූ අවස්ථා තියන නිසා. බීමත්කම නිසා ගැමා විකිරණ වලින් හානි නොවේ යැයි කියමන සහමුලින් ම ප්‍රතික්ෂේප කරන්නට එකම විද්‍යාඥයෙක් වත් ඉදිරිපත් නොවුණි.

වෙනත් කරකියා ගන්නට දෙයක් නැති වූ හැරල්ඩ් ට්‍රිබියුන් හි ප්‍රධාන කතුවරයා කොළොම්බියා විශ්ව විද්‍යාලයේ දෙවැනි මහලේ ආචාර්ය කොකින්ට්ස් වෙනුවෙන් ඉදිකරන ලද විශේෂ විද්‍යාගාරය වෙත ගියේය.

“ආචාර්ය කොකින්ට්ස්, පරමාණු අවි වලින් පහර දෙන අවස්ථාවක දී මතින් සිටීම ඔබ නිර්දේශ කරනවා ද?”

සිය බෝතල් අඩි කණ්ණාඩි උඩින් ඔහු දිහා පිරික්සා බැලූ ආචාර්ය කොකින්ට්ස් “වෙන මොනවා ද? වෙන මොනවා ද?” යැයි ඇසීය.

“ඒත්,” ප්‍රධාන කතුවරයා පෙරැත්ත කළේය, “බීලා ඉන්න කෙනෙක්ට පැවැත්ම ආරක්ෂා කරගන්න අවස්ථාව වැඩියි ද?”

“අපිට අද තියන අවි අනුව,” කොකින්ට්ස් බැරෑරුම් ලීලාවෙන් උත්තර දුන්නේ ය, “මතින් සිටියත් මතින් නොසිටියත් කිසිම වෙනසක් නැහැ. පැවැත්ම ආරක්ෂා කරගන්න කිසිම විදියකින් බැහැ.”

ඒ කියමන ගැන කල්පනා කර බැලූ ප්‍රධාන කතුවරයා ඒ උත්සාහය පූජකවරුන් හා සමාජ සේවකයන් වෙතින් ලබාගත් කියමන් කිහිපයක් සමඟ අවසන් කරන්නට තීරණය කළේය.

එදා සන්ධ්‍යාවේ දී සෙන්ට් රීජස් වෙත පිවිසි ඔහු එහි කින්ග් කෝල් බාර් එකෙන් ඔවුන් විකුණන දැවැන්ත මාටිනියක් බිව්වේ ය. එය බොන ගමන් ඔහු තමාටම කියා ගත්තේ ඒක නොසිතා කරන ප්‍රතිචාරයක් බවයි. ගොඩනැඟිල්ලක් තමන් මතට කඩා වැටෙද්දී විචාරයෙන් තොරව හිස බදාගෙන ආරක්ෂා කරගන්නට කරන උත්සාහයක් වැනි යැයි ඔහු සිතුවේ ය. ඒ ගැන තව දුරටත් සිතන ගමන් තව වීදුරුවක් පානය කළ යුතු යැයි ද ඔහු සිතුවේය.

කෙමෙන් කෙමෙන් එහෙත් ස්ථිර වශයෙන් ම, පෙර පුහුණුව ගැන වූ දැනුම්දීම මහජන සිත්වල පැතිර ගියේ මහත් විනාශයක් කළ හැකි අවියක් නිසා ඇතිවිය හැකි සිද්ධියක් ලෙස ය. සලාමි සිද්ධියත්, මත්පැන් සිද්ධියත් සත්‍යයෙන් විනාශයක් එනබව කියා පාන්නක් හැටියට පිළිගන්නට මහජනයා පටන් ගත්හ. නැගෙනහිර වෙරළේ පරමාණු අවි පහර දීමක් සිද්ධ වෙන බවට ඇමෙරිකානු ආණ්ඩුවට රහසිගත තොරතුරු ලැබී ඇතැයි විශ්වාසයක් පැතිර ගියේය. යාන්තමට ඇරඹුනු කැළඹිල්ලෙන් දැඩි නොසන්සුන්බවක් පටන් ගති.

අවදානම් නලාව නාද වෙන විට දෙමාපියන් හා දරුවන් වෙන් වී ඉන්නට සිදුවේ යැයි කියා පාසැල් වසන්නට උවමනා යැයි උද්ඝෝෂණයක් පැන නැඟුණි. කිව නොහැකි කාලයක් තුල පැවතෙනවා යැයි ඇහෙන මෙවැනි අවදානමක් යටතේ දරුවන්ගේ බාරකාරත්වය ගැනීමට අකමැති වූ පාසැල් අධිකාරීන් වහාම පාසැල් වසා දමන්නට කැමති වූහ.

ඊ ළඟට නගරයේ සේවය කළ පුද්ගලයන් උමං දුම්රියෙන් සහ බස් රථ වලින් ගමනාගමනයේ යෙදීමෙන් වැළකී සිටියහ. විශේෂ නිවේදනයෙන් පසු දවස් තුනක් ගෙවී යද්දී උමං දුම්රියෙන් ගමන් කළ මඟීන් සංඛ්‍යාව භාගයක් අඩුවිය. බස්වල ගමන් කළ මඟීන් සියයට හැටකින් අඩු වී ගියේය. වැඩි දිනක් යන්නට මත්තෙන් භාර්යාවන් සිය සැමියන් ගෙන් වැඩට නොයන්න යැයි ඉල්ලා සිටියහ. ප්‍රහාරයක් සත්‍යෙන්ම වැදෙයි යැයි විශ්වාසයක් පැතිර ගිය හෙයින් නිව් යෝර්ක් නගරයෙන් පිටත්වෙන්නට හැකි රේල්ලුව ළඟ හා ගුවන් පර්යන්තවල සෙනඟ රැස් වී ඇතැයි අහන්නට ලැබුණි. ව්‍යාපාරයන් වසා දැමුණි. වීදි සහ උද්‍යාන හිස් විය. හැමෝම දැඩි සන්ත්‍රාසයකින් පසුවූහ.

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න »

තවමත් ප්‍රතිචාර නොමැත.

RSS feed for comments on this post. TrackBack URI

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

WordPress.comහි නොමිලේ වෙබ්අඩවියක් හෝ බ්ලොග් සටහනක් සාදාගන්න.

%d bloggers like this: