Sinhala story Blog

මැයි 7, 2012

මෙන්න මගෙන් ජීවිතය බේරාගන්නට වීදුරුවක්

Filed under: Uncategorized — sinhalashortstories @ 7:03 පෙ.ව.

එම පුහුණුව සඳහා තමන් විසින් එකතු කරගත යුතු බඩු බාහිරාදියේ ලැයිස්තුවක් අනතුරුව පුවත්පතේ පළ විය.

එහි අන්තිමට මෙසේ සඳහන් වුණි: “මේ පුහුණුව ඔබේත්, ඔබේ සමාජයේ හා රටේත් ආරක්ෂාව සඳහා වූවකි. ඔබේ කොටස ඉටු කිරීම අත්‍යාවශ්‍යය වූවකි.”

ළඟ එන පුහුණුව ගැන රේඩියෝවෙන් ද ප්‍රචාරය කර හරින ලදි. වාහන වෙළඳුන්, දිවා ටෙලිනාට්‍ය ඉදිරිපත් කරන්නන්, සුප් හා මස් ටින් කෑම හදන්නන්, ලී බඩු හා වෙනත් ගෘහ උපකරණ හදන්නන් යනාදීන් එයට අනුග්‍රහය දැක්වූහ. සතියක් පුරා දවසේ පැය විසිහතර තිස්සේ පැය කාලෙන් කාලට එය ප්‍රචාරය වෙන්නට පටන් ගති. එම නිවේදනය එම අනුග්‍රාහකයන් සමූහයක් වෙතින් ම පැය කාලෙන් කාලට රූපවාහිනියේ ද ප්‍රචාරය වෙන්නට පටන් ගති. නැටුම් බලන්නට යන්නෝ ඉන්පසු යන සමාජ ශාලා වල දී විකට රැඟුම් දක්වන්නෝ විසින් කියනා “මේ විනාශය ඔබ වෙත ගෙන එන්නේ සිටි ලයිෆ් රක්ෂණ කොම්පැණියෙනි” වැනි වදන් අසා සිනහා වූහ. දින ගෙවී යද්දී, පත්තර, රේඩියෝව, රූපවාහිනිය, සිනමාව හා පල්ලියේ ධර්මාසනය යනාදී හැම මාධ්‍යයකින් ම පාහේ නිවේදන දිගින් දිගට ම ප්‍රචාරය වුණි. මහජන අවධානය දිනාගත හැකි හැම අයකු වෙතින් ම එය ඇහෙන්නට පටන් ගැනිණ. අමුතු ප්‍රතිචාර රැසකින් ජනතාව ඊට ප්‍රතිචාරය දක්වන්නට ද පටන් ගැනිණ.

බෲක්ලින් හි කඩ සාප්පු අයිතිකරුවෙක් පටන් ගත්තාය කියන කටකතාවක් වූයේ සලාමි තමයි පරමාණු විෂෙන් ගැලවෙන්නට හැකි එකම ආහාරය බව. පැය විසිහතරක දී නිව් යෝර්ක් නගරයේ කිසිම කඩයක සලාමි රාත්තලක් සොයාගත නොහැකි විය. බ්‍රොන්ක්ස් හි ජීවත් වූ මිනිසෙක් සිය නිවහන සලාමි රාත්තල් දෙසියයකට විකුණුවා යැයි අහන්නට ලැබුණි. ස්ටැටන් අයිලන්ඩ් හි කඩකාරයෙක් කීවේ එහි දරුවන් අටක් සිටි වැන්දඹු කාන්තාවක් සලාමි රාත්තල් පහක් සඳහා ළදරුවා විකුණන්නට යෝජනා කළ බවයි. අන්තිමේ දී, නිව් යෝර්ක් ටයිම්ස් පුවත්පතට සුප්‍රසිද්ධ භෞතික විද්‍යාඥයින් දුසිම් බාගයක් පමණ සම්මුඛ පරීක්ෂණයකට කැඳවන්නට සිද්ධ විය. ඔවුන් හැම දෙනාගෙන් ම සලාමි වල අමුතු ආරක්ෂිත බවක් නැති බව කියූ ලියූම් ලියවා ගන්නා ලදි. ඒ සම්මුඛ පරීක්ෂණ පැවැත්වූ වාර්තාකරුවාගේ නම පුලිට්ස්සර් තෑග්ගක් සඳහා යෝජනා කෙරිණ.

සලාමි කලබැගෑනිය සංසුන් වෙනවාත් සමඟින් තවත් කලබලයක් පටන් ගැනුණි. ඒ මත්පැන් ගැන වූවකි. නාවුක හමුදාව මීයන් සමඟ කරන ලද පර්යේෂණයක දී මත්වෙන තරමට මත්පැන් පොවන ලද මීයන්ට ජීවිත හානි කරන තරම් ගැමා කිරණ වැදෙන්නට සැලැස්වූ පසුත් උන් හිසරදයකින් ද තොරව ගැලවුනු බවයි. නාවුක හමුදාව ප්‍රවේසම් සහගතව මේ පර්යේෂණයෙන් එළඹිය හැකි මත දෙකක් ගැන කීවා යැයි ද, එකක් නම්, මීයාට වෙරිමත නොවී මිනිසෙකුට වඩා දෙගුණයක් මත්පැන් දරාගන්නට හැකියාව ඇතැයි ද, අනික නම්, පරමාණු හෝ වෙනත් න්‍යෂ්ටික පුපුරා යෑමක දී පැතිර යන විකිරණ වලින් ගැලවෙන්නට රුධිරයේ අධික මත්පැන් ප්‍රමාණයක් ඇත්නම් හැකියාව ලැබෙනවා කීම ඒවා යැයි කියැවුණි.

මත්පැන් කඩ හා බාර් වල බඩු හිඟ විය. ඒ මත්පැන් තහනම අවසන් වූ යුගයේ තිබියාටත් වඩා දැඩි ඉල්ලුමක් ඇති වූ හෙයිනි. නිව් යෝර්ක් ඩේලි නිවුස් පත්තරයේ සෝදුපත් බලන්නෙක් විසින් “බ්ලිට්ස් ප්ලොට්ස්” යැයි වදනක් මතින් ඉන්නා අයව හඳුන්වන්නට එකතු කළේය. ඉතා දැඩි නීති රෙගුලාසි වලින් ජීවත් වූ සමාජ පංතියේ අය ද එය පිළිගත්හ. මත්පැන් තහනම් යුගයේ දී මෙන් සාක්කුවේ මත්පැන් සහිත ෆ්ලාස්ක් බෝතලයක් රැගෙන යන්නට ජනතාව පටන් ගත්හ. තම ගමන් මළු වල රයි, බර්බන්, ස්කොච්, ජින් හෝ වොඩ්කා ටිකක් ඇති කුප්පියක් රැගෙන යන්නට වයෝවෘද්ධ කාන්තාවන් මෙන් ම උසස් පෙළ සිසු සිසුවියන් ද පටන් ගත්හ. ව්‍යාපාරිකයන් අතර “මෙන්න මගෙන් ජීවිතය බේරාගන්නට වීදුරැවක්” යැයි ආශීර්වාද කිරීම සිරිතක් වශයෙන් පටන් ගැනුණි.

Advertisements

ප්‍රතිචාර 2 »

  1. මල කෙලියයි
    එතකොට අපිත් බොන්න ඕනද?

    නියම උපහාස කතාවක්
    මාර විදියට ගලපලා තියෙනවා.

    ප්‍රතිචාර විසින් Aruna — මැයි 7, 2012 @ 10:52 ප.ව.


RSS feed for comments on this post. TrackBack URI

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

WordPress.comහි නොමිලේ වෙබ්අඩවියක් හෝ බ්ලොග් සටහනක් සාදාගන්න.

%d bloggers like this: