Sinhala story Blog

මැයි 5, 2012

කිසිම ආකාරයකින් බාධා නොකරන්න

Filed under: Uncategorized — sinhalashortstories @ 9:51 පෙ.ව.

6

එම වසරේ මැයි 6 වැනිදා පුවත්පත් පිටු පුරා පැතිර තිබුනේ ජනාධිපතිවරයා වෙතින් ද රහසිගතව තැබෙන නුදුරු දවසක දී යම් වේලාවක දී පැවැත්වෙන්නා වූ අහසින් පහරදෙන ප්‍රහාරයකින් ගැලවෙන්නට කටයුතු කරනා පුහුණුවක් ගැන ය. එය හතුරු ප්‍රහාරයක දී මිනිස් ජීවිත බේරන විධි ක්‍රම සහිත සම්පූර්ණ වූ වැඩපිළිවෙලකි. ඇමෙරිකාවේ නැගෙනහිර වෙරළබඩ පෙදෙස් හි නගර සියල්ලේ ම පැවැත්වෙන බවට දැනුම් දුනි. එය මිනිත්තු දහයකට පාරවල් වලින් මිනිස්සු ඉවත් කර, නිකම් නලා පිඹ අනතුරක් ගැන දැනුම් දීමක් නොවේ. ජනගහණයෙන් බාගයකට වත් නොදැනුවත්ව කිසිවෙකුට කරදරයක් නොවී කිසිවක් සිදුවුනා දැයි නොදැනම යළි දවස ගෙවී යන්නක් ද නොවේ.

ආරක්ෂක දෙපාර්තමේන්තුවෙන් නිකුත් කරන ලද නිල නිවේදනයේ මෙසේ කියැවුණි:
අළුතින් නිපැද වී ඇති ආයුධ සඳහා කිසිත් ආරක්ෂාවක් තවම ගොඩනඟා නැති නිසා සෑම මිනිසෙකුගේම පැවැත්ම ආරක්ෂා කරනු පිණිස ඒ අයව දැනුවත් කරන්නට ගන්නා පියවරකි මේ.

මේ පුහුණුව පැවැත්වෙන කාලය පැය විසිහතරක් හෝ ඊටත් වඩා දිගු කාලයක් වෙන්නට පුළුවනි. සැඟවෙන්නට ඉදිකර ඇති ස්ථානයකට යනවා විනා ඇය හෝ ඔහු ඉන්නා ස්ථානය හැර යාම ඒ කාලය තුල තහනම් ය. නිවාස වල ඉන්නා අය, නිල රැඳවුම් ස්ථානයකට ඈතින් ඉන්නා අය, ඉන්නා තැනම සිටිය යුතුය. පුහුණුව මෙහෙයවන්නට බාර අය විසින් මිලිටරියේ සහායෙන් කිසිවෙක් තමන් ඉන්නා තැනින් වෙනතක නොයන බව තහවුරු කරන්නට සූදානමින් සිටිනු ඇත. අවදානම දක්වන නලාව නාද වූ පසු එළිමහනේ සෙල්ලම් කරනා තම දරුවන් හෝ පාසැල් ගිය දරුවන් සොයන්නට වුව ද එළියට බහින්නට තහනම් ය. ආහාර සොයා නිවෙස් වලින් හෝ කාර්යාල වලින් එළියට බැසීම ද තහනම් ය. අවන්හල්, කඩවල් අනිත් සියළු වෙළඳස්ථාන මෙන් වසා දමනු ඇත. වැඩිපුර ආහාර කළින් ගෙනැවිත් තබා ගන්නට උවමනා ය.

සිවිල් ආරක්ෂ සංවිධානය විසින් එළිමහනේ සෙල්ලම් කරනා දරුවන් හා පාසැල් දරුවන් නිල රැඳවුම් ස්ථාන වෙත රැගෙන යනු ඇත. එසේම එළිමහෙන් ඉන්නා වැඩිහිටියන් ව ද නිල රැඳවුම් ස්ථාන වලට ගෙන යනු ඇත.

දුරකතන පාවිච්චි නොකරන්න. සත්‍ය හතුරු ප්‍රහාරයක දී දුරකතන සම්බන්ධීකරණය නොහැකි වීමෙන් අත්‍යාවශ්‍ය සේවාවන්ට අවශ්‍ය තැන් වලට යෑමට නොහැකිව ජීවිත සිය ගණනින් නැතිවෙන්නට ඉඩ ඇත.

වතුර පයිප්ප අරින්න එපා. වැඩියෙන් වතුර ඉල්ලුමක් වුවහොත් ගිනි නිවන හමුදාවන්ට සත්‍ය ප්‍රහාරයක දී ගිනි නිවන්නට වතුර නැතිව යනු ඇත. ගෑස් ද වසා දමන්න. විදුලි බලය තිබුණාට කම් නැත. එවිට ජනතාවට රේඩියෝව මඟින් කුමක් වෙනවා ද යන්න විස්තර දැනගන්නට හැකියාව ලැබෙනු ඇත.

අවදානම් නලාව හැඬවෙද්දී මහා මාර්ග වල ඇති කාර් සහ බස් එතැනම දමා ළඟ ම ඇති නිල රැඳවුම් ස්ථාන බලා පයින් යා යුතුය. උමං දුම්රියන් තම මඟීන් ළඟ ම ඇති නැවතුම් පොළ වෙත බැස්සවිය යුතුය. ඔවුන් වෙනුවෙන් ආහාර පානාදිය සපයන්නට සැලසුම් කළ ඇති බැවින් මඟීන් නැවතුම් පොළවල් හි රැඳී සිටිය යුතුය.

නැගෙනහිර වෙරළේ නැව් තොටුපල වල් හි හැකියාව ඇති නැව් සියල්ල ම වහාම මුහුදට යා යුතුය. නැංගුරම් ලා ඇති අනිත් නැව්වල ඉන්නා ජනතාව නැව් වලින් ඉවත් වී නිල රැඳවුම් ස්ථාන වෙත යා යුතුය.

පහර දීමක් සිදු වෙද්දී, ආරක්ෂක සේවකයෝ අතරින් තෝරාගත් විශේෂ පිරිසක්, විකිරණ වලින් උපද්‍රව නොවෙනු සඳහා ඔවුන්ට ලබා දී ඇති විශේෂ නිලඇඳුම් කට්ටල වලින් සැරසී ඔවුන්ට ඇති විශේෂ මෙහෙයුම් වල යෙදෙනු ඇත. ඔවුන්ට දී ඇති උපදෙස් අනුව ඔවුන් විශේෂ ගොඩනැඟිලි කිහිපයකට ගොස් ඒ ඒ කටයුතු නිම කරනු ඇත. ඒ අයගේ කටයුතු කරගෙන යෑමට කිසිම ආකාරයකින් බාධා නොකරන්න.

Advertisements

එක් ප්‍රතිචාරයක් »

  1. නියමයි. ඉක්මනට ඊලග එකත් දාන්න අපි බලන් ඉන්නවා

    ප්‍රතිචාර විසින් Aruna — මැයි 7, 2012 @ 3:30 පෙ.ව.


RSS feed for comments on this post. TrackBack URI

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

WordPress.comහි නොමිලේ වෙබ්අඩවියක් හෝ බ්ලොග් සටහනක් සාදාගන්න.

%d bloggers like this: