Sinhala story Blog

මැයි 4, 2012

ඔබ ඉපදුනේ මොන රටේ ද?

Filed under: Uncategorized — sinhalashortstories @ 6:16 පෙ.ව.

“කිසිවකට ජීවිතය බේරාගන්න බැරිවෙනවා,” ග්‍රෆින් සෙනෙට්වරයා කීවේ අනුන්ට ඇහෙන්නට වඩා තමන් වෙතට ම ය.

ආචාර්ය කොකින්ට්ස් දොම්නස් මුහුණකින් ජනාධිපතිවරයා දෙස බැලුවේය. “මේක දැඩි කුතුහලයෙන් කරපු වැඩක්,” ඔහු කීවේය, “ඒත් සමහර අවස්ථා වල දී මට දැනුනා ඔබ ගැන සානුකම්පිත වූ හැඟීමක්, සමහර විට මෙෆිස්ටොෆලීස්ට ෆොයිස්ට් ගැන දැනුනෙ එහෙම වෙන්නැති. තනියම වැඩක් කරන කොට, මම වගේ, මේ වගේ ව්‍යාපෘතියක, තමන්ගේ වර්ගයාගෙන් හුදකලා වූ මානසික තනිකමක, තමන්ගේ දැනුමෙන් කිසිවක් ඔවුන්ට දෙන්නට බැරි විට, මිනිස් සමූහයා වෙත පෙන්විය හැකි දෙවියන්ට ඇති බලය වගේ බලයක් ගැන වැටහෙන විට අයෙක් ළමා කාලයේ සිට හදාවඩාගත් චර්යාවට තර්ජනයක් ඇති වෙනවා.” ඔහු ටිකක් ඇඹුල් වූ මුහුණකින් සිනාවක් පෑය.

“මට ඒක සමහර අවස්ථාවන් වල දී දැනුනා,” ඔහු කියාගෙන ගියේය, “හරියට මෙයින් නියෝජනය වෙන රහස වෙනුවෙන් ඔබ සහ සියළු මිනිස් වර්ගයාම ඔයාලගේ ආත්මයන් මට විකුණලා වගේ,” ඔහු කුවේඩියම් සිලින්ඩරයට ඇඟිල්ල දිගු කර පෙන්වීය. “මට දැන් වුනත් විශ්වාස නැහැ අපේ ආත්ම සේරම දීලා ඉවර නැහැයි කියල. අඩුගානේ බරපතල අනතුරක තියෙන්න. මේ වැඩේ නිසා. ඒක තමයි මම අදහස් කරන්නෙ අර මෙෆිස්ටොෆලීස් සහ ෆොයිස්ට් ගැන මතක් කිරීමෙන්.”

“ඒත්, ජනාධිපති මහත්තයා, මට ඕන නැහැ තව දුරටත් මෙෆිස්ටොෆලීස් වෙන්න. මට ඕනා ආයෙත් මනුෂ්‍යයෙක් වෙන්න. මනුෂ්‍යයෙක් විදියට මට ඕනා ඔයාගෙන් ඉල්ලන්න: මේ බෝම්බය හදන්න එපා කියල. ඒක හදන අය අපි වෙන්න එපා කියන්න. අපි, ඇමෙරිකානුවන්. පරණ ලෝකය මේ තාක් කල් සැලකිල්ලක් දැක් වූ අප. හරියටම කොහොම වේවිදැයි කියත නොහැකි අනාගතයක් තුනෙන් එකකටත්, ඉතිරි තුනෙන් දෙක ලෝකයෙන් තුරන් කරන දෙයක් හදන්න එපා කියල.”

උත්තර දුන්නේ ජනාධිපතිවරයා නොවේ. ආරක්ෂක ලේකම්වරයාය. ඔහු කතා කළේ වචන එකින් එක ඇහෙන පරිදි උච්චාරණය කරමින් කෘතීම වූ කටහඬකිනි. එය ඔහු සාමාන්‍යයෙන් කතා කරන දෙගිඩියාවෙන් වූ කටහඬින් සම්පූර්ණයෙන් ම වෙනස් වූවකි.

“ඒක අපිට තෝරාගන්න පුළුවන් දෙයක් නෙමෙයි,” ඔහු කීවේය. “කාලය ගෙවිලා යනවා ඉක්මණින්. ඔබ ඇස්තමේන්තු කරනවා වසර දෙකක් සහ පහක් ඇතුලත කියලා. සමහර විට ඊටත් වඩා අඩු කාලයක්. පරමාණු බෝම්බ පාලනය කරන එකෙනුත් අපි කොහොමට වත් ස්ථිර තැනකට ඇවිත් නැහැ. කුවේඩියම් බෝම්බය තියන එක්කෙනාට තමයි වැඩියෙන් ම ජීවිතය ආරක්ෂා කරගන්න පුළුවන් එක්කෙනා වෙන්නෙ. භයංකර වූවක් වුනාට මේ බෝම්බය ලෝකයේ නායකයා කවුද කියා පෙන්වන්නක්. එක්කො අපි තමයි නායකයෝ නැත්නම් ඔවුන්. මම හිතන්නෙ ලෝකය කැමති වේවි අපි නායකයෝ වූවොත්.”

“මේක අපි කැමැත්තෙන් තෝරාගන්නා වූවක් නෙමෙයි. මේක අපි මත බලහත්කාරයෙන් පැටවෙන්නා වූවක්. ගෙවෙන හැම පැයක් ම වටිනවා. ඔවුන් කිසිදාක එකඟ වෙන්නෙ නැහැ මේ වගේ අවියක් පාවිච්චි නොකර ඉන්න.”

“වෙන විදියක් නැහැ? කිසිම එකඟතාවයකට එන්න බැහැ? ටිකක් දීලා ටිකක් ගන්න එකඟවෙන්න බැහැ?” කොකින්ට්ස් ඇසුවේය.

“කොහෙත් ම බැහැ,” ලේකම්වරයා පිළිතුරු දුන්නේය.

ජනාධිපතිවරයා කුවේඩියම් සිලින්ඩරය ඔසවා එය විද්‍යාඥයාට දුන්නේය. ඔහු එය තම දුම්කොළ කොපුවේ අකමැත්තෙන් රඳවා ගත්තේය.

“ආචාර්ය කොකින්ට්ස්,” ජනාධිපතිවරයා කීය, “ඔබේ ජීවිතයෙන් වැඩි කාලයක් ඔබ ජීවත්වුනේ ඇමෙරිකාවේ වුනාට මම දන්න තරමින් ඔබ ඉපදිලා තියෙන්නෙ ඇමෙරිකාවේ නෙමෙයි. ඔබ අකමැති නැත්නම් මට කියන්න පුළුවන් ද ඔබ ඉපදුනේ මොන රටේ ද කියලා?”

“ඔබ ඒ රට ගැන කවදාවත් අහලා නැතිව ඇති,” කොකින්ට්ස් මඳ පුදුමයකින් උත්තර දුන්නේය. “ඇත්තෙන්ම, මටත් ඒක මතක් කරගන්න අමාරුයි. ඇල්ප්ස් කඳුවැටියේ උතුරු කොණක තියන මිටියාවතක කුඩා ස්වාධීන දනව්වක, ඒකෙ නම ග්‍රෑන්ඩ් ෆෙන්වික්.”

Advertisements

ප්‍රතිචාර 2 »

  1. මාර ස්ටෝරිය. මම මුල ඉදන්ම කියෙවුවා. සයිට් එකත් බුක්මාක් කලා. දිගටම ලියන්න.

    ප්‍රතිචාර විසින් Aruna — මැයි 5, 2012 @ 2:21 පෙ.ව.


RSS feed for comments on this post. TrackBack URI

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

WordPress.comහි නොමිලේ වෙබ්අඩවියක් හෝ බ්ලොග් සටහනක් සාදාගන්න.

%d bloggers like this: