Sinhala story Blog

මැයි 3, 2012

ඉතා කුතුහලය දනවන දේවල් ගොඩක් තියෙනවා

Filed under: Uncategorized — sinhalashortstories @ 9:17 පෙ.ව.

“ඔබ විශ්වාස කරන්නෙ අනිත් අයට පාවිච්චි කරන්න තරම් මේ වර්ගයේ කුවේඩියම් නිෂ්පාදනය කරන්න වසර දෙකකටත් පහකටත් අතර කාලයක් යයි කියලා එහෙනම්?”

ජනාධිපතිවරයා අකමැත්ත දක්වන ලීලාවකින් කීය.

“මම විශ්වාස කරන්නෙ එහෙම,” කොකින්ට්ස් කීවේය. “මුලින් ම අවශ්‍ය්‍යි න්‍යෂ්ටියේ නිවැරදි සැලැස්ම හොයාගන්න. ඒකට හදන ගණන් හරි අමාරුයි. මට, ඉතින් මට තිබ්බානේ අර නාවුක ගණන් කරන මැෂිම. ඊ ළඟට විජට්ටුව නිර්මාණය කිරීම සහ පාලනය කරන්නෙ කොහොමදැයි තීරණය. මේක හදන කොට සෑහෙන විකිරණ ප්‍රමාණයකට මුහුණ දෙන්නත් සිද්ධ වෙනවා. වසර දෙකක්, මම හිතන්නෙ, සෑහෙන්න ළඟ ඇස්තමේන්තුවක්. අනිත් එක අපි මතක තියාගන්න ඕන අනිත් පැත්තෙ අය සයික්ලොට්‍රොන්ස් වෙනුවට අන්තරීක්ෂ කිරණ පාවිච්චියෙන් පරමාණු අණු ගැන පර්යේෂණ සෑහෙන්න පවත්වලා තියනවා කියන එකත්. අණු බෙදන්න අන්තරීක්ෂ කිරණ සෑහෙන්න උදව් වෙනවා අපි හදපු කිසිම සයික්ලොට්‍රොන්ස් එකකට වඩා. ඒත් හේතු ගණනාවක් නිසා බෙදන එක ඉතා හෙමින් සිද්ධ වෙන්නෙ. සමහර විට ඔවුන් කුවේඩියම් පරමාණුවේ සැලැස්ම ගැන අහම්බෙන් දැනගන්න ඇති. ඒක තමයි ඉතින් ධාතුවක් හදන්න මුල් පියවර. ඒත් මට ඒක සැකයි.”

“ඒ අය කුවේඩියම් නිෂ්පාදනය කරන හැටි හොයාගන කොච්චර කාලයක් යයි ද කුවේඩියම් බෝම්බයක් හදන්න?”

“ඒක මට කොහෙත්ම කියන්න බැරි දෙයක්. ඒක හිතාගන්න බැරි සාධක ගණනාවක් මත පදනම් වෙන්නක්. තියරියක් හැටියට ගත්තම බෝම්බය ඉතා සරලයි හදන්න. සෙන්ටිග්‍රේඩ් මිලියන පනහක උෂ්නත්වයකට මුහුණ දෙන තෙක් කුවේඩියම් පුපුරන්නෙ නැහැ. අපේ පරමාණු බෝම්බ ඒ උෂ්ණත්වය ලබනවා තත්පරයක බිලියන සියයකින් එකක දී. ඒක ඇති කුවේඩියම් දල්වන්න. ඒක දුෂ්කර වෙන්නෙ නැහැ පරමාණු බෝම්බයක් ඇතුලට දාලා කුවේඩියම් බෝම්බයක් හදාගන්න. ඒක අපිට අමාරු නැත්නම් එයාලට අමාරු වෙන්න විදියකුත් නැහැ. ඒත් මම කිව්වා වගේ පරමාණු බෝම්බය තමයි මුල් පියවර. ඒක තමයි අත්‍යාවශය ෆියුස් එක දෙන්නෙ.”

ජනාධිපතිවරයා නැඟිට්ටේය. ජනේලය වෙත ගොස් ඉවත බැලුවේය. “මට කියන්න,” ඔවුනට පිටුපා ගත් හේ කීවේය, “බියකරු විනාශය ඇති කරන ගින්නයි ආලෝකයයි හැරෙන්නට පිපිරීමෙන් පස්සෙ වෙන මොනවා ද තියන භයානක ප්‍රතිඵල? විකිරණ වගේ අයහපත් තව දේවල්?”

“ඉතා කුතුහලය දනවන දේවල් ගොඩක් තියෙනවා,” කොකින්ට්ස් හිමිහිට උත්තර දුන්නේය. “පිට කරන නිය්‍රට්‍රොන්ස් විසින් කිසිත් සැකයක් නැතිව වායුවේ තියන නයිට්‍රජන් වලට පහර දෙනවා. එතකොට කාබන් 14 කියන දේ ඇතිකරනවා පරමාණු අණු බෙදා හරිමින්. මේ කාබන් 14 කියන එකේ විස්තර හරියටම දන්නෙ නැහැ කවුරුවත්. ඒත් පෙනෙන්නේ ඒක බරපතල ලෙසින් විෂ කියල තමයි. වැඩියෙන් හැඟවෙන්නේ එයින් වඳ භාවය ඇති කරනවාය කියල. ක්ෂීරපායී සත්තුන්ට විතරක් නෙමේ පොළවේ පස් වලත්. ඒක එහෙම නම්, මේක පැතිරිලා යන පස් සේරම සහමුලින් නිසරු වෙනවා. කාබන් 14 වලින් භයංකාර සත්තු හටගැනෙනවා කියලත් අදහසක් තියෙනවා. සත්ව ලෝකයේ, මිනිසාත් අයිතිවෙන එකේ සහ පැලෑටි ලෝකයේත්. කාබන් 14 කියන්නෙ සෑහෙන ශක්තිමත් වූවක්. ඒක පහසුවෙන් දිරාපත් වෙන්නෙ නැහැ. කුවේඩියම් බෝම්බයකින් එක සැරයක් නිපැදවූවාට පස්සෙ පොළවේ මතුපිට ඒක ශතක ගණනාවක් පුරා පැතිරිලා එය අල්ලන හැම එකක් ම විනාශ කරමින් යයි.”

“ඒ කියන්නෙ බෝම්බයටත් වඩා දරුණු ඒකෙන් පස්සෙ ඇතිවන අයහපත් ප්‍රතිඵල?” ජනාධිපතිවරයා ඇසුවේය.

“සෑහෙන්න දරුණුයි. ඔබ ඉදිරියේ තියන ඔය කුවේඩියම් ප්‍රමාණයෙන් හැදූ බෝම්බයකින් ඇතිවන දැඩි උෂ්ණත්වයෙන් හැම මහාද්වීපයක්ම හැම සාගරයක් ම පුරා පැතිරෙන දැවැන්ත කුණාටු හට ගනීවි. ලෝකයේ හැම තැනකම මුහුදු ගොඩගැලීම් හා මෙතෙක් නොදැකි විනාශයන් දැක ගන්නට හැකිවේවි. ඒ වගේ කුණාටුවක් ඇති තැනක කාටවත් දිවි ගලවා ගන්න බැහැ. එයාලව දෙකට කැඩිලා යාවි. අනිත් අතට බෝම්බ උෂ්ණත්වයේ වැඩි ප්‍රමාණයක් දුවන්නෙ පොළව ඇතුලට. ඒකෙන් ගිනිකඳු පුපුරා යෑමටත් භූමි කම්පා ඇතිවෙන්නටත් පටන් ගනීවි. ඒක හරියට වීදුරු වලින් හදපු ගෝලයක එක තැනක් රත් කරනවා වගේ. එක්කො වීදුරුව දියවෙනවා. නැත්නම් පුපුරනවා. මම අත්‍යාලංකාරය එකතු කරනවා නෙමෙයි මම කිව්වොත් හරියට මෙහි දී වෙන්නෙ සූර්යයා පෘතුවියේ තැනක් ස්පර්ශ කරනවා වැනි යැයි කියල. හරියට තත්පර බිලියන සියයකින් එකක දී.”

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න »

තවමත් ප්‍රතිචාර නොමැත.

RSS feed for comments on this post. TrackBack URI

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

WordPress.comහි බ්ලොග් සටහනක්.

%d bloggers like this: