Sinhala story Blog

මැයි 2, 2012

අන්තිම ආයුධය තමයි කුවේඩියම් බෝම්බය

Filed under: Uncategorized — sinhalashortstories @ 1:29 ප.ව.

ඔවුන් අතර පැතිර ගිය නිශ්ශබ්දතාවය කැඩුනේ හඬනඟා වැදුණු ඔරලෝසු නාදයෙනි.

ඒ දිහා බැලූ ජනාධිපතිවරයා “අනිත් අයට කුවේඩියම් හොයාගන්න කොච්චර කාලයක් යයි ද?” යැයි විමසීය.

කොකින්ට්ස් දෙවුර සෙලවීය. “සමහර විට වසර පහක්. සමහර විට වසර දෙකක් පමණක් වෙයි. ඒ අතර මැද කාලයක්. ඔවුන්ට යවපු තොරතුරු වල මත තමයි ඒක තීරණය වෙනවා කියල මම කියන්නෙ. මට නම් සහතික නැහැ අනිත් අයට පරමාණු බෝම්බ තියෙනවා ද කියලා වත්. එයාලට පරමාණු පුපුරැවා හැරීම් පුළුවන් වුනාට. කෙසේ වෙතත්, ආරක්ෂාව සඳහා, හැමෝටම ක්‍රියාකරන පරමාණු බෝම්බ තියෙනවා කියල අනුමාන කරන එක වඩා හොඳයි. ඒක තමයි කුවේඩියම් බෝම්බයට පෙර පියවර.”

“ඔයාල දන්නවා, සහතිකයෙන් ම, පරමාණු බෝම්බයකින් විසුරුවා හැරිය හැකි බලයේ සීමිත ප්‍රමාණයක් තියෙන වග. පුපුරවන්නෙ මොන වර්ගයේ සකන්ධයක් ද කියන එක මත සීමාව තීරණය වෙන බව.එක්තරා ප්‍රමාණයක් විතරයි වැඩ කරන්නෙ. ඊට වඩා දැම්මොත් බෝම්බය පිපිරෙන්නෙ නැහැ. සාමාන්‍යයෙන් එකඟ වෙන කාරණයක් තමයි වඩාත්ම බලවත් පරමාණු බෝම්බය හදන්න නම් ඉහළ පුපුරන හැකියාවක් ඇති ටීඑන්ටී වැනි ද්‍රව්‍ය්‍යක ටොන් 150,000 ක් විතර අවශ්‍ය බව.”

ඔහු නැවතුණි. ඇස් කණ්ණාඩි ගැලවීය. ඇස් රිදෙනවා සේ ඇස් දෙක කුඩා කරමින් කණ්ණාඩි කුට්ටම කබායේ වූ අනේක පොකැට්ටු වලින් එකකට දැම්මේය. මිනිසෙකුට දරා ගත නොහැකි තරම් ආලෝකයක සිටගෙන ඉන්නට සිදු වූවෙකු මෙන් ඔහු සිටගෙන සිටියේය. හරියට ඒ එළියෙන් ඇකිළී යන්නෙක් මෙන් දිස්විය. දෙවුර හකුළාගත් ඔහු ඇඟ පණ නැති අයෙක් සේ අත් දෙක දෙපැත්තෙන් එල්ලෙන්නට හැරියේය. ඔහු නැවතත් කතාව පටන් ගති.

“ඩියුටේරියම් බෝම්බයක්,” ඔහු කීවේය, “අපායේ බෝම්බය නැත්නම් හයිඩ්‍රජන් බෝම්බය සේ පත්තර වල කතා කරන එක, හදන්න පුළුවන් වඩාත් ම බලසම්පන්න පරමාණු බෝම්බය වගේ පනස් ගුණයකින් පුපුරා යන්න. ටොන් 7,500,000 කට සමාන ටීඑන්ටී වගේ. ඒක ගැන අපිට හරියටම විශ්වාසයි. පුපුරා යෑම වඩාත් විසාලයි.”

“ඊ ළඟට තියෙනවා ට්‍රයිටියම් බෝම්බය. ඒකට තාම පත්තරකාරයෝ නමක් දාලා නැහැ. අඩුම ලෙසින් කිව්වොත් ට්‍රයිටියම් බෝම්බයට පුළුවන් ටීඑන්ටී 22,000,000 ක් එකපාරින් පුපුරැවා හරින තරම් බලයක් පතුරුවා හරින්න. ඊටත් වඩා වැඩි බලයක් වෙන්න පුළුවන්. මම හිතන්නෙ ඊට වඩා වැඩියි කියල තමයි. මම දැන් කතා කරන්නෙ, බෝම්බ වල තියෙන එකම ප්‍රමාණයක ඩියුටේරියම් හා ට්‍රයිටියම් ගැන.”

“ට්‍රයිටියම් බෝම්බයක්?” ආරක්ෂක ලේකම්වරයා ඇසීය.

“ඒකත් හයිඩ්‍රජන් වර්ගයක්,” කොකින්ට්ස් පැහැදීය. “හරියට කුවේඩියම් වගේ. ඒක ස්වභාවික ලෝකයේ නැහැ. ඒත් ලෝකය හැදෙන කාලේ තිබ්බ එකක්. 1935 දී බ්‍රිතාන්‍ය භෞතිකවිද්‍යාඥයෙකු වූ රදර්ෆෝර්ඩ් ලෝඩ්වරයා ඒකෙ පළමු සාම්පලය හැදුවේ. ඒත් ඒක සැලකුනේ රසායන කුතුහලය දනවන්නක් හැටියට පමණයි. බර වතුර යන නමින් මුල් වතාවට ඩියුට්‍රියම් හැදුනාම ඒකත් සැලකුනේ එහෙම. ඩියුට්‍රියම් වල අනාගතය ලෙස අනාවැකි පැවසුනේ බෝම්බයක් විදියට නෙමෙයි සායම් දිය නොවී තදින් අල්ලන්නට යොදන රසායනයක් හැටියට. ඒ කාලේ අපි වැඩියෙන් හිත යෙදෙව්වෙ විෂ වායු සහ ගිනිදැල් විසි කරන අයට මිසක් අළුත් විදියේ පුපුරන දේවල් වලට නෙමෙයිනෙ.

“අන්තිම ආයුධය තමයි කුවේඩියම් බෝම්බය. ඔය සිලින්ඩරයේ තියන දියර ප්‍රමාණය තරම් කුවේඩියම් වලින් පුළුවන් ටීඑන්ටී 100,000,000 ක පුපුරවා යෑමක් හා සමාන බලයක් පතුරවන්න. ඒත් ඒක නිකම් ගාණක් විතරයි. නිව් යෝර්ක්, වොෂිංටන්, බොස්ටන් සහ ෆිලඩෙල්ෆියාව විනාශ කරන්න පුළුවන් එකක් නිෂ්පාදනය කරන පහසුවෙන් ම පුළුවන් මුළු ඇමෙරිකාව විනාශ කරන තරම් විශාල එකක් නිෂ්පාදනයටත්.”

තමන් කතා කළ මුළු කාලය තුල දී ම ඇස් නොපෙනී යන සෙවුම් එළියක පීඩාවෙන් කුදුගැසී සිටිනා අයකු සේ ආචාර්ය කොකින්ට්ස් හිටගෙන සිටියේය. කතාව අවසන් කළ ඔහු මඳක් දිග හැරුණි. හදිසියේ ම මතක් වූවා සේ පොකැට්ටුවෙන් ඇස් කණ්ණාඩි කුට්ටම එළියට ගත්තේ ය. එය දමාගෙන අනිත් තිදෙනා දිහා සිනා මුසු බැල්මක් පෑවේය. හරියට දුෂ්කර වූ කටයුත්තක් ඉවර කරා යැයි කියන්නට මෙනි.

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න »

තවමත් ප්‍රතිචාර නොමැත.

RSS feed for comments on this post. TrackBack URI

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

WordPress.comහි නොමිලේ වෙබ්අඩවියක් හෝ බ්ලොග් සටහනක් සාදාගන්න.

%d bloggers like this: