Sinhala story Blog

අප්‍රේල් 26, 2012

ගර්ජනය කළ මීයා -උත්සාහය

Filed under: Uncategorized — sinhalashortstories @ 6:49 පෙ.ව.

වෙන කිසිවෙකුට වෙන කිසිම යෝජනාවක් ගෙනෙනු නොහැකි විය.

ඒ නිසා “උත්සාහය” නැමති නැව කුලියට ගන්නට ඔවුන් එකඟ වූහ. ආදිපාද දනව්වේ බොන හැම වයින් වීදුරුවකට ම සතයක විශේෂ බද්දක් අය කිරීමෙන් වැය පියවා ගන්නට තීරණය කෙරුණි. යුද අරමුණ කොතරම් ජනප්‍රිය වූවා දැයි කියතොත් ආදිපාද දනව් ඉතිහාසයේ ම වැඩියෙන් වයින් අලෙවි වූ සති දෙක ඇරඹිණ.

විශේෂ හමුදාව පිටත් වී යන දවස උදාවිණ. ඔවුන් සියල්ලෝම මාලිගාවේ මිදුලට රැස්වූහ. හමුදාවේ ප්‍රධානියා ලෙසින් ටලී හිරු එළියෙන් බැබලෙන සටන් වදින යකඩ වස්ත්‍රයකින් සැරසී සිටියේය. ඔහුගේ පැත්තක පළල් අසිපතක් එල්ලා ඇත. ඔහුගේ එක අතක හිස් දෙකකින් යුත් උකුස්සා ඇති ග්‍රෑන්ඩ් ෆෙන්වික් කොඩිය ලෙලදෙයි. ඔහු පිටුපසින් අවිගත් හමුදා භටෙයෝ තිදෙනා ය. ඔවුන් යකඩ වස්ත්‍ර වලින් සැරසී අසිපත් ඔසවා ගෙන සිටියහ. කරදර වැඩි නිසා හෙල්ල රැගෙන නොයන්නට ඔවුන් අවසානයේ තීරණය කර තිබුණි.

ඔවුන් පිටුපසින් පේලි පහකින් යුතු වූයේ දිගු දුනු රැගත් හේවායන්. හම් කලිසම් හා යකඩ වස්ත්‍රයෙන් නිමි කමිස හැඳි ඔවුන්ගේ පිටුපස අඩි හයක් දිග දුනු එල්ලා තිබුණි. එක අතක කුඩා පලිහක් ද පැත්තකින් එල්ලුනු ඊතල පිරි කොපුවක් ද විය.

ග්ලෝරියානා හමුදාව නිරීක්ෂණයට ගියාය. අද කොතරම් අවාසිදායක වූ තත්වයක් ඉදිරියේ වුවත් ඔවුන්ගේ මුතුන් මිත්තෝ කුසගින්න ජයගන්නට සියගුණයකින් අවාසිදායක තත්වයන් ජයගත් බව ඇය ඔවුන්ට මතක් කළාය. “ඔබ සටන් කරන්නේ තනිවම නොවේ,” ඇය කීවාය, “ඔබට කළින් ජාතියේ නාමයෙන් ගණන් කළ නොහැකි තරම් වාරයක් දුන්නකින් ඊතලයක් ඇද්ද මුතුන් මිත්තන් වෙනුවෙන්. ඒ අයගෙන් පැවත එන ඔබ එක්කෙනෙකුට දහසකගේ ශක්තිය තියනවා. ඔබ මිය ගියොත්, ඒ ඉතා නිර්භීත පිරිමි කොටසක් හා එකතු වෙන්නටයි ඔබට හැකියාව ලැබෙන්නෙ. ඔබ ජීවත් වුවහොත්, ඒ අනිත් හැම කෙනෙකුගේ ම ගෞරවයට පාත්‍රවෙන්නක්, ඔවුන්ගේ සදාකාලික වූ සුබ පැතුම් හිමිවෙන්නක්, ඔවුන් ඔබ ගැන හැමදා සතුටින් කතා කරන්නක් වෙනවා. ඔබේ රට වෙනුවෙන් තදින් සටන් කරන්න. හැම ඊ තලයක් ම ඔබේ රටේ නිදහස වෙනුවෙන් බව මතක තියාගන්න.”

ඇය ටලී දෙස බැලුවාය. ඔහු ඇයට කඩුව ඔසවා ආචාර දැක්වීය. ටලීගේ පෙනුම ඇයට නැවතත් සර් රොජර් ෆෙන්වික් සිහිපත් කරන ලදි. මොහොතකට සූර්යයා ඔහු ළඟින් වඩා දීප්තියක් පතුරනවා වැනි ය. පිරිමි අතරින් ඔහු උත්තමයෙක් විය.

දවුල් බෙරයක පදයක් පටන් ගති. හොරණෑවක් පිඹිනවා ඇහුණි. ටලී ඇතුළු හමුදාව මාලිගා මිදුලෙන් පිටත් වී කන්ද බැස ගොස් පාලම හරහා ආදිපාද දනව්වේ මායිමට ඇවිද ගියහ. කුඩා දරුවන් පාර දෙපස හිටගෙන අත්පුඩි ගැසූහ. වයසක පිරිමි හා කාන්තාවෝ ඔවුන් සමඟින් ඇවිද ගියහ. ග්‍රෑන්ඩ් ෆෙන්වික් හි පැරණි යුද ගීතය “ඇද පොල්ල සහ අළු පාත්ත පිහාටුව” ඔවුන් ගයන්නට වූහ. කිහිප දෙනෙක් කඳුළු පිස දැමූහ. කිහිප දෙනෙක් ආශීර්වාද කළහ. හැමෝටම නිර්භීත බවක් දැනුණි.

ආදිපාද දනව්වේ මායිමෙන් එපිටත දී කුඩා හමුදාව සාමාන්‍ය ජනතාව පළඳින වස්ත්‍ර වලට ඇඳුම් මාරු කරගත්හ. ඔවුන් මාසෙල් බලා යන බස් රථයකට ගොඩවූහ. රටවැසියෝ නැවතත් තම ගෙවල් බලා ඇවිද ගියහ.

ප්‍රතිචාරයක් ලබාදෙන්න »

තවමත් ප්‍රතිචාර නොමැත.

මෙම ලිපියේ ප්‍රතිචාර සඳහා RSS පෝෂකය TrackBack URI

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Shocking Blue Green තේමාව. WordPress.comහි නොමිලේ වෙබ්අඩවියක් හෝ බ්ලොග් සටහනක් සාදාගන්න.

පසුහඹන්න

Get every new post delivered to your Inbox.

Join 25 other followers

%d bloggers like this: