Sinhala story Blog

අප්‍රේල් 25, 2012

ගර්ජනය කළ මීයා -අපි නැවක් කුලියට ගන්න ඕන

Filed under: Uncategorized — sinhalashortstories @ 8:52 පෙ.ව.

ඇමෙරිකාවට යන්නේ කෙසේදැයි කියා කිසිවෙක්, ආදිපාදවරිය ද ඇතුළුව, සොයා බලා තිබුනේ නැත.

ආණ්ඩුවේ දේශපාලන නායකයන්ට ඒ ගැන කටයුතු පිළියෙල කරන්නට ග්ලෝරියානා අවස්ථාව දී තිබි අතර ඔවුන් ඉහළ කොස්තාපල් වූ ටලී ට එහි වගකීම දී තිබිණ. ඉතින් ටලී යුද්ධය පටන් ගන්නට සූදානම් යැයි වාර්තා කරන්නට ගිය කළ පරෙවි මඬුල්ලට ලැජ්ජා සිතුණි.

යුද්ධ ප්‍රකාශ කිරීම නිසා ඇමෙරිකාව තරහ නොවේවි යැයි යටිහිතෙන් අපේක්ෂා කළ, ගෙවී යන හැම දිනයක දී ම තව තවත් කනස්සල්ලෙන් පිරි මවුන්ට්ජෝයි සිටුවරයා “සහතිකයෙන් ම, -සහතිකයෙන් ම, අපි මුදල් වැය කරන්න ඕනෙ නැහැ අත්ලාන්තික් මුහුදින් එහාට අපේ හමුදාව යවන්න,” යැයි කීවේය. “අපි මතක තියාගන්න ඕන අපි මේ යුද්ධය කරන්නෙ අපිට සල්ලි හොයාගන්න කියල. නැතිව සල්ලි වියදම් කරන්න නෙමෙයිනෙ. ප්‍රංශයේ තියන ලියොන් වල ඇමෙරිකන් තානාපති කාර්යාලයට ගැහැව්වම සෑහෙයි. එහාට හැමදාම යන බස් එකක් තියනවා. ඒකෙන් යන එක රේල්ලුවෙන් යනවාට වඩා ලාබයි.”

ටලී ඔහු වෙත දැක් වූ බැල්ම හරියට යකඩින් තැනූ අත්වැසුමකින් දුන් පහරක් හා සමාන වුනි.

“රට වෙනුවෙන් දිවි පුදන්න සූදානම් මිනිහෙක් වෙනුවෙන් ඔබ ලැහැස්ති සිලිම් දෙකකට වඩා නොගෙවා නම්” ඔහු කීවේය, “තමන්ව ආරක්ෂා කරගන්න බැරි ඇමෙරිකන් තානාපති කාර්යාලයකට ගහලා ඇමෙරිකාවට ගැහැව්වා කියන්න. ඔබ හිතන්නේ ග්‍රෑන්ඩ් ෆෙන්වික් හමුදාව හරියට ජනප්‍රිය මහාචාර්යවරයෙක් පහ කරපු නිසා පෙලපාලි යන සිසුන් රැලක් කියලා ද? අපි යුද ප්‍රකාශ කරලා තියෙන්නෙ. අපි යුද ප්‍රකාශ කරලා තියෙන්නෙ මහඟු අරමුණක් වෙනුවෙන්. ඒ නිසා ගෞරවයේ නාමයෙන්, ඒ යුද්ධය හතුරා වෙතට ගෙනියන්න ඕන.”

“සමහර විට, අපිට පුළුවන් විශේෂ බද්දක් පනවලා සංචාරක නැවකින් අපේ හමුදාව ඇමෙරිකාවට යවන්න ගාන එකතු කරගන්න” යැයි වැය ගැන නොසන්සුන් බවින් සිටි බෙන්ටර් මහතා යෝජනා කළේය. “එයාලට පුළුවන් තුන්වැනි පංතියේ යන්න. අපිට පුළුවන් දෙපැත්තටම අයිති නැති රටක නැවක් හොයාගන්න.”

“ඉතින් ඔබ කොහොම ද යෝජනා කරන්නෙ ග්‍රෑන්ඩ් ෆෙන්වික් හමුදාවේ අය ඇමෙරිකන් ආගමන විගමන අංශයෙන් ඇතුලට යන්න ඕනා කියල?” ටලී ඇසුවේය. “අපි එක ඊ තලයක් වත් අරින්නෙ නැතිව සහමුලින් ගෙනිහින් එල්ලිස් දූපතට දාන්න කියලා ඔබ යෝජනා කරනවා නෙමෙයි නේද? නැත්නම් සමහර විට, ඔබ හිතන්නෙ එහි නීති ප්‍රකාරව ගොඩබැහැලා රටට පහරදෙන්නට ඇමෙරිකාව අපිට වීසා දෙයි කියල ද?”

“මම උදව් කරන්න උත්සාහ කළා විතරයි,” බෙන්ටර් හිමිහිට කීවේය. “ඔයා කියන විදියට, අපි මේ යුද්ධය පටන් අරගෙන. ඒක ඉවර වෙන තෙක් මම උත්සාහය අත්හරින්නෙ නැහැ. ඔබ හොඳ යෝජනාවක් ගෙනාවොත් ඒකට මගේ සහයත් දෙන්නම්.”

“ඇමෙරිකාවට යන්න තියෙන්නෙ එකම විදියක් පමණයි. අපිට නැව් නැති නිසා අපි නැවක් කුලියට ගන්න ඕන.” ටලී කීය. “අපිට පුළුවන් කුඩා වෙළඳ නැවක් කුලියට ගන්න මේ හමුදාව එහාට ගෙනිහින් ආපහු ගෙනැත් ඇරලවන්න. ගෞරවය සඳහා එහි ග්‍රෑන්ඩ් ෆෙන්වික් කොඩිය දාන්න ඕනෑ. අපිට බැහැ වෙනත් රටක කොඩියක් යටතේ ගමන් කරන්න. හමුදාව කොහේද බස්සන්නේ කියන එක ගැන නැවේ කප්පිත්තා මම කියන එක අහන්න ඕන.”

“එහෙම නැවක් ගැන ඔබ දන්නවා ද?” ග්ලෝරියානා විමසුවාය.

“ඔව්,” ටලී පිළිතුරු දුනි. “අන්තිම පාර මම ඇමෙරිකාවට ගියෙ මාසෙල් වලින් නෝවා ස්කොෂියා යන වෙළඳ නැවක අත් උදව්කාරයෙක් හැටියට. ඒ නැවේ නම “උත්සාහය”. අපේ මෙහෙයුමට ඉතා සරිලන නමක්. මම හිතන්නෙ අපිට වැඩි වැයක් නැතිව ඒ නැව ලබාගන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට වෙන්නෙ ආදිපාද දනව්වේ අයට කියන්න අපිට යුද්ධය අත්හරින්න වෙලා තියනවා කියලා ඇමෙරිකාවට යන්න සල්ලි නැති නිසා. මම හිතන්නෙ නැහැ ඒක මිනිස්සු කැමැත්තෙන් බාර ගනිවී කියලා.”

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න »

තවමත් ප්‍රතිචාර නොමැත.

RSS feed for comments on this post. TrackBack URI

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

WordPress.comහි බ්ලොග් සටහනක්.

%d bloggers like this: