Sinhala story Blog

අප්‍රේල් 22, 2012

ගර්ජනය කළ මීයා -පහළ ඉඳලා උඩට නඟින එක තරම් වෙන කිසිවක වටිනාකමක් නැහැ

Filed under: Uncategorized — sinhalashortstories @ 2:13 ප.ව.

4

ඇමෙරිකන් රාජ්‍ය දෙපාර්තමේන්තුවේ* ප්‍රධාන යුරෝපීය අංශයේ ලිපි හුවමාරු බාර සිටිනා ලිපිකරු චෙට් බෙස්ටන් තමන්ට නැවතත් ව්‍යායාම කිරීම පටන්ගත යුතු කාලය පැමිණ ඇතැයි තීරණය කළේය. තිස්ගණන් වල මැද භාගයේ සිටි ඔහු අවධානයට ලක් වූ හා ක්‍රියාශීලී වූ සේවා කාලයකට උරුම කම් කියා තිබුණි. දෙවැනි ලෝක යුද්ධය පටන් ගනිද්දී ඔහු කොළොම්බියා විශ්ව විද්‍යාලයෙන් දේශපාලන විද්‍යාව ප්‍රධාන විෂයය හැටියට හා උප විෂයයක් ලෙස පුවත්පත් කලාව වශයෙන් වූ උපාධියක් සහිතව හමුදාවට බැඳි අයෙකි.

ඔහුගේ විශ්ව විද්‍යාල පසුබිම නිසා හමුදාවේ විශේෂ තනතුරකට අයැදුම් කරන්න යැයි ඔහුට ඔහුගේ ආචාර්යවරු අවවාද දෙන ලදි. එහෙත් අවංක හා දැඩි ජාත්‍යාලයෙන් සිටි නිසා තමා එසේ කළහොත් එහි යම් ආචාරධාර්මික වූ වරදක් ඇතැයි චෙට් සිතුවේය. තම රටට සටන් කළ හැකි හැම අයෙක්ම උවමනා වෙද්දී ඒක හරියට තමන්ට ආරක්ෂිත වූ හා අවදානම් නැති තැනක් ලබා ගැනීමට විශේෂ වාසි ඉල්ලනවා වගෙයි. ඉතින් ඔහු පාබල හමුදාවේ සාමාන්‍ය හේවායෙක් ලෙසින් සේවය ආරම්භ කළේය. ඉන්පසු සාජන්ට්වරයෙක් විය. පැරෂුට්හමුදාවේ භටයෙක් ලෙසින් ස්වේච්ඡාවෙන් සේවය කළේය. අනතුරුව හේ යුද්ධෝපාය කාර්යාලයේ සේවය සඳහා බැඳුණි. බාල්කන්හි විශේෂ මෙහෙයන් සඳහා රහසිගත පැරෂුට් බැසීම් කිහිපයක් ද ඉටු කළේය.

යුද්ධය අවසන් වෙද්දී ඔහුට සිතුවාට වඩා වැඩි පදක්කම් ප්‍රමාණයකට හිමිකම් කියන්නට හැකියාව ලැබුණි. ඔහු ව්‍යායාම කරන්නට බොහෝ කැමති වුවත් යන්නට තැනක් නොතිබුණි. ඔහුගේ පසුබිම රාජ්‍යතාන්ත්‍රය වූ හෙයින් ඔහුට රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ප්‍රධාන යුරෝපීය අංශයේ ලිපිකරු ලෙසින් රැකියාව ලැබුණි.

“ඕනෑම ක්ෂේත්‍රයක පහළ ඉඳලා උඩට නඟින එක තරම් වෙන කිසිම වටිනාකමක් නැහැ පුතා,” යැයි ඔහුට ඒ තනතුර ලබා ගන්නට උදව් දුන් ජේ‍යෂ්ඨ නිලධාරී ග්‍රිෆින් කීවේය. “ඒ විදේශිකයෝ ගැන ඔබට හැකි පමණින් ඉගෙන ගන්න. ඒත් ඊට වැඩියෙන් අපේම මිනිස්සු ගැන ඔබේ ඇස් ඇරගෙන ඉන්න. විජාතිකයෙකුට මේ රටට ඇවිත් පදිංචි වෙලා පුරවැසිකම ගන්න වසර තුනයි යන්නෙ. ඒත් රාජ්‍ය දෙපාර්තමෙන්තුවේ ඉන්න පුරවැසියෙකුට විජාතිකයෙක් වෙන්න මාස හයයි යන්නෙ. ඔයාට අහුවෙන ඕනා දෙයක් මට වාර්තා කරන්න.”

තම රැකියාව තබාගන්නට වැඩි වෙහෙසක් අවශ්‍ය නැති බවත්, වැඩි දැනුමක් අවශ්‍ය නැති බවත් මිසක වෙන කිසිවක් චෙට් ට සොයාගන්නට ලැබුනේ නැත. රාජ්‍ය දෙපාර්තමේන්තුව තුල අමුතු දිවිල්ලක් තමන් පටන් ගෙන ඇති බව ඔහුට දැනිණ. වෙනත් යමක් ගැන සිතමින් සේ, ඔහු විසින් ම හදාගත්තා වූ අමුතු ඇවිදින රටවකින් කොරිඩෝවන් දිගේ කාර්යාලයෙන් කාර්යාලයට යෑමට පටන් ගෙන ඇති බව දුටුවේ ය. මෙය තමන්ට ලැබෙන එකම ව්‍යායාමය බවත් ඔහු දුටුවේය. ඉතින් අද ඔහු ඉටාගත්තේ, ජොර්ජ්ටවුන් වෙත ගොස්, ඔරුවකට බැස, පොටොමැක් ගඟ ඉහළටත් පහළටත් සැතපුම් කිහිපයක් පැද ඇඟට ව්‍යායාමයක් ලබන්නට ය.

ඔහු කාර්යාලයෙන් පිට වන්නට ඔන්න මෙන්න තිබිය දී පණිවුඩකරුවෙක් පැමිණ ඔහුගේ මේසය මතට දිගු හා වැදගත් යැයි අවධානයක් යොමුවන ලියුම් කවරයක් විසි කළේය.

“මොකක් ද මේ?” සුහද ලීලාවෙන් චෙට් ඇසුවේය. රාජ්‍ය දෙපාර්තමේන්තුවේ වසර විස්සක් එහාට මෙහාට ඇවිදමින් සිටිනා පණිවුඩකරුවා ගැන සිත් තැවුලක් ඔහුට තිබුණි. දැවැන්ත රාජ්‍ය තාන්ත්‍රික වූ සිරගෙයක බාරකරුවෙක් ලෙසින්, එක ආකාරයක සිරකරුවෙක් ලෙසින් සිටින්නේ යැයි ඔහුට පණිවුඩකරුවා ගැන සිතී තිබුණි.

(පරිවර්තක සටහන: *විදේශ අමාත්‍යාංශය හැටියට කටයුතු කරන්නේ රාජ්‍ය දෙපාර්තමේන්තුවයි.)

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න »

තවමත් ප්‍රතිචාර නොමැත.

RSS feed for comments on this post. TrackBack URI

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

WordPress.comහි නොමිලේ වෙබ්අඩවියක් හෝ බ්ලොග් සටහනක් සාදාගන්න.

%d bloggers like this: