Sinhala story Blog

අප්‍රේල් 21, 2012

ගර්ජනය කළ මීයා -මොන හේතුවකට අපි යුද්ධ කරනවා ද?

Filed under: Uncategorized — sinhalashortstories @ 10:56 පෙ.ව.

“ඇමෙරිකානුවන්, විශේෂයෙන් ම ඇමෙරිකානු සොල්දාදුවන්, කැමති නැහැ තමන්ගෙ රටෙන් පිටවෙලා ගිහින් හුඟක් කල් ඉන්න.

මාස ගණනකින්, වැඩියෙන් ම කල් ගියොත් වසර කිහිපයකින්, ඇමෙරිකාව වැඳ වැටෙනවා එයාලගෙ පරණ හතුරන්ට තමන්ගෙ දේශය ආරක්ෂා කරගන්න හමුදාවක් හදාගන්න කියල. මේ පරාජයට පත්වුනු සතුරන් විසින් ම තමන්ගෙ ආරක්ෂාවට හමුදාව හා පොලීසිය කොහොම ද හදාගන්නෙ කියලා වැඩ පිළිවෙත් ඉදිරිපත් කිරීම අනතුරුව සිද්ධ වෙනවා. ඒ වැඩ පිළිවෙත් වලට ඇමෙරිකාවෙන් විශාල මුදල් කන්දරාවක්, දීර්ඝ කාලීන පහසු ණය ක්‍රම යටතේ, වෙළඳ ගිවිසුම් පරාජය වුනු රටේ වාසියට නැවත සංශෝධනයෙන්, මුහුදු මාර්ග වලින් බඩු ප්‍රවාහනය නැවත පටන් ගෙන, යුද්ධයෙන් කඩා වැටිච්ච කම්හල් නැවත ඉදිකරවා, සමහර විට හමුදාවට අවශ්‍ය අවි ආයුධත් තෑගි විදියට ලැබීම, යනාදිය අයිති වෙනවා.

“ඔක්කොම සලකා බැලුවොත්, මම කළින් කිව්ව විදියට, ඇමෙරිකාව එක්ක යුද්ධ කරලා සම්පූර්ණයෙන් ම පැරදෙනවාට වඩා සල්ලි නැති, ණය ගන්න හැකියාවක් නැති රටකට කරන්න වෙන වාසිදායක කිසිවක් නැහැ.” ඇය තමන් ඉදිරිපිට වූ දෙදෙනා දිහා කාරුණික වූ සිනාවක් පෑවා ය.

අවසානය ප්‍රකාශ කරන වගන්තියක් ඇහෙනා සේ ඊට සවන් දීමට පටන් ගත් මවුන්ට්ජෝයි සිටුවරයා වෙතින් කතාව අවසන් වෙද්දී ඒ ගැන දැඩි උනන්දුවක් දිස් වූයේය.

“එහෙනම්,” ඔහු ඔහු පුදුමයකින් කීවේය, “මේ සැලැස්ම අතිවිශිෂ්ඨයි. එයින් ගත හැකි ප්‍රයෝජන බොහොමයක්. අපි සඳුදාට යුද්ධ ප්‍රකාශ කරනවා. අඟහරුවාදාට පැරදෙනවා. අපි හිතනවාටත් වඩා වැඩියෙන් ප්‍රතිසංස්කරණය වෙලා ඉවරයි සිකුරාදා රාත්‍රිය වෙද්දී. මම පාපෝච්චාරණය කරන්න ඕන මම සම්පූර්ණයෙන් ම බැස්කොම්බ්ව වැරදි විදියට වටහා ගත්තාය කියල. මේ මිනිහා අව්‍යාජ ප්‍රබුද්ධත්වයකින් යුතු අදහස් කිහිපයකින් වාසනාව ඇත්තෙක්.”

“මේක සම්පූර්ණයෙන් ම බැස්කොම්ගේ සැලැස්ම නෙමෙයි,” ග්ලෝරියානා අවවාද කළාය. “එයාගෙ යෝජනාව අපි ඇමෙරිකාවට පහර දීලා -දිනන්න.”

“පිස්සෙක්,” සිටුවරයා දුකින් කීවේය. “පිස්සෙක්.”

“ඒත්,” ආදිපාදවරිය කියාගෙන ගියාය, “වෙන්න කළියෙන් එහි ප්‍රතිඵලය මොකක්දැයි අපි දන්න නිසා, එයාට ඒ පිස්සුව කරගෙන යන්න අපි ඉඩනොදෙන්නෙ ඇයි කියලා හේතුවක් මට පෙනෙන්නෙ නැහැ.”

“කිසිම හේතුවක් නැහැ,” මවුන්ට්ජෝයි සිටුවරයා සතුටින් ප්‍රතිචාරය දැක්වීය.

“මම හිතන්නෙ අපි පමණට වඩා වේගයෙන් යනවා,” බෙන්ටර් ඔවුන්ට බාධා කළේය. “මට තවමත් නොවැටහෙන දේවල් කිහිපයක් තියෙනවා. බැස්කොම්බ් කියන්නෙ අපේ ජාතිය වෙනුවෙන් නැඟී සිට අන්තර්ජාතිකයේ ගෞරවය රැක ගන්න ඕන කියලා නම්, මා ඒ හා එකඟ වෙනවා. ඒත් ඉතින් මොන කාරණයක් යටතේ ද අපි, සල්ලි නැතිකම නිසා විතරක් නෙමෙයි, මොන හේතුවකට අපි යුද්ධ කරනවා ද, ඒකට එයා කියන්නෙ මොකක් ද? සාමය කැමති රටකට, ඒක ලොකු එකක් වුනත්, යුද්ධ ප්‍රකාශ කරන්න … හොඳ හේතුවක් නැතිව යුද්ධ ප්‍රකාශ කරන එක ම්ලේච්ඡ කමකට වඩා වෙනසක් නැහැනෙ.”

“ඔහ්, එයාට හොඳ හේතුවක් තියනවා -වෙන විදියකින් කිව්වොත්, අපිට තියෙනවා හේතුවක්,” ආදිපාදවරිය පිළිතුරු දුන්නාය. “සැබැවින්ම, අපිට තියෙනවා හේතුවක්, ඒක ලෝකයා දැනගත්තොත් අපි ගැන අනුකම්පාව පළකරන්නක්.”

“ඒ මොකක් ද?”

“ආදිපාද දනව්වට එරෙහි ඇමෙරිකාවේ ප්‍රචණ්ඩත්වය.”

ඇයට ඉදිරියෙන් වූ මේසයේ තිබි බරැති සීනුවක් ඇය නාදය කළාය. මාලිගාවේ අතවැසියෙක් හිමිහිට ඇතුල් විය.

“බෝතලේ ගේන්න,” ආදිපාදවරිය අණ දුන්නාය.

ඔහු මිනිත්තුවකට නොපෙනී ගොස් ආපසු ආවේ හැමෝම දන්නා ප්‍රමාණයේ, පැහැයෙන් හා හැඩයෙන් වූ බෝතලයක් රැගෙන ය.

“ලේබලය දිහා බලන්න,” ග්ලෝරියානා කීවේ බෝතලය ඔවුන් ඉදිරියෙන් තබමිනි. ඔවුන් ඒ දිහා බැලූහ. ලේබලය කියැවූයේ නැඟී ආ තැති ගැන්මත් සමඟ ය.

පිනෝ ග්‍රෑන්ඩ් ෆෙන්වික්
රසිකයන්ගේ වයින් වර්ගය

ග්‍රෑන්ඩ් ෆෙන්වික් මාලිගාවේ පින්තූරයක් එහි වු අතර ලේබලය හැම විදියකින් ම ඔවුන්ගේ අනගි වයින් වලට ඇල වූ ලේබලය හා සමාන විය. ඒත් එහි අගිස්සේ, පෙනෙන නොපෙනෙන තරමට කුඩා වූ අකුරු වලින් මුද්‍රණය වී තිබුනේ මේ වගන්තියයි:

ඇමෙරිකාවේ කැලිෆෝර්නියාවේ සැන් රෆායෙල් හි නිෂ්පාදනයකි.

“බල්ලෝ,” උඩපැන නැඟිටිමින්, පුටුව පිටුපස්සට පෙරලා වැටෙද්දී මවුන්ට්ජෝයි කෑ ගැසීය. “ඔවුන් කොතරම් ධනවත් ද, ඕන හැම දෙයක් ම අත ළඟට තියෙද්දී, ඒත් අපිට කියලා තියෙන එකම ජීවනෝපාය නැති කරන්න උත්සාහ කරනවා. එයාලට තව ඩොලර් කිහිපයක් වැඩි කරගන්නට එයාලා ග්‍රෑන්ඩ් ෆෙන්වික් වල ඉන්න ගෑණු, පිරිමි, දරුවෝ ඔක්කොම හිඟන්නො කරන්නයි හදන්නෙ. ඔවුන්ට මේකට දැඩි ලෙස ගෙවන්න වෙනවා.”

පරෙවි මඬුල්ලත්, අනතුරුව නිදහස් මිනිසුන්ගේ කවුන්සිලයත් දෙකම ඇමෙරිකාවට විරුද්ධව යුද ප්‍රකාශ කරන්නට ඒකමතිකව චන්දය දුන්නහ.

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න »

තවමත් ප්‍රතිචාර නොමැත.

RSS feed for comments on this post. TrackBack URI

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

WordPress.comහි නොමිලේ වෙබ්අඩවියක් හෝ බ්ලොග් සටහනක් සාදාගන්න.

%d bloggers like this: