Sinhala story Blog

අප්‍රේල් 20, 2012

ගර්ජනය කළ මීයා -පටන් ගත්ත ගමන් පැරදෙන යුද්ධයක්

Filed under: Uncategorized — sinhalashortstories @ 9:17 පෙ.ව.

“අපොයි ආයෙ කියන්න කිසිම උවමනාවක් නැහැ,”

ආදිපාදවරිය ප්‍රසන්න ලෙසකින් එකඟ වූවාය. “මට හොඳටම දන්නවා අපි යුද්ධය පැරදෙනවා කියල.”

“එහෙම නම් අහවල් අරමුණකට ද අපි සටන් වදින්නෙ?” බෙන්ටර් විමසීය.

ආදිපාදවරිය තම පුටුවේ පිටුපස්සට දිග ඇදුනා ය. ග්‍රෑන්ඩ් ෆෙන්වික් හි දේශපාලන පක්ෂ දෙකේම නායකයන් දෙදෙනාවම සම්පූර්ණයෙන් වික්ෂිප්තයට පත් කරන්නට හැකියාව ලැබුනේ යැයි ඇය තුල පැතිර ගියේ තමා ඔවුන්ට වඩා ඉහළ යැයි කියනා සතුටු ආවේගයකි. පළතුරු කපන රීදි පිහිය අතට ගත් ඇය එහි මුවත තම පියකරු ඇඟිල්ලෙන් අල්ලා බැලුවාය.

“ඇමෙරිකානුවන්,” හරියට තමන්ගේ සිතුවිලි හයියෙන් පළ කරනවා සේ ඇය කියුවාය, “හරි අමුතු මිනිස්සු. ඒ අය ලෝකෙ අනිත් කිසිම ජාතියක් විදියට හැසිරෙන්නෙ නැහැ. ඇත්තෙන්ම කියනවා නම්, ගොඩක් විදි වලින් ඒ අය හැසිරෙන්නෙ අනිත් අය හැසිරෙනවාට වඩා සම්පූර්ණයෙන් ම විරුද්ධ විදියටයි. අනිත් රටවල් එක දෙයකට හෝ සමාව දෙන එක ඉතා දුර්ලභ වෙද්දී ඇමෙරිකන් අය හැම දෙයකටම සමාව දෙනවා. අනිත් අයට වැරැද්දක් අමතක වෙන්නෙ ඉතා කලාතුරකින් වෙද්දී ඇමෙරිකන් අයට වැරැද්දක් මතක තියෙන්නෙ කලාතුරකින්. සැබැවින් ම, ඔවුන් කොතරම් අමතක කරන්නයි සමාව දෙන්නයි සූදානම් ද කිව්වොත් එයාලගෙ මොළයේ හරියට කොයි එක ඉස්සෙල්ලා කරන්න ද කියලා රේස් දුවනවා වගේ.”

“මේක සමහර විට ඇත්ත වෙන්න පුළුවන්, ආදිපාදවරියෙනි,” බෙන්ටර් කීවේය, “නමුත් මම හිතන්නෙ නැහැ ඒක කිසිම සම්බන්ධයක් තියෙනවා කියල අපි ඇමෙරිකාව එක්ක යුද ප්‍රකාශ කරන එකයි පරාජය වෙන එකයි එක්ක.”

“අන්න ඒක,” මඳ තරවටුවක් ගැබ් වූ සිනාවක් මැදින් පිළිතුරු දුන්නා ය, “සිද්ධ වෙන්නෙ ඔබ ඉතිහාසය ගැන වැඩි අවධානයක් නොදී තියෙන නිසයි. ඉතින් ඔයා, මවුන්ට්ජෝයි සිටුවරයානෙනි, ඔබ ග්‍රෑන්ඩ් ෆෙන්වික්හි ඉතිහාසය ගැන විශේෂඥයෙක් වෙලා ලෝක අනිත් රටවල් සියල්ල අත්හැරලා දාල. සල්ලි අවශ්‍ය රටකට කරන්න තියෙන දේවල් අතර ඇමෙරිකාව එක්ක යුධ ප්‍රකාශ කරලා පැරදෙන තරම් වාසිදායක විදියක් නැති තරම්. ඒ වගේ යුද්ධ වල දී ඉඩම් අක්කරයක් වත් නැතිවෙන්නෙ නැහැ.

“හරියට සැලකිල්ලට ලක්වෙනු පිණිස, බරපතල කර්මාන්ත සහ ඉදිකර ඇති අනාගත යුද්ධයක දී පාවිච්චි කළ හැකි දේවල් ගලවලා, විනශ කරලා දාලා ඒවා නැවත ගොඩනැඟීම තහනමට සාමාන්‍යයෙන් එකඟ වෙනවා. ඒත් සාමාන්‍යයෙන් වෙන්නෙ පස්සෙ දවසක ඒක නොකරන්නට එකඟ වෙන එක. මොකද එහෙම කළොත් එක්කො පැරදිච්ච රටේ ආර්ථිකය කඩා වැටෙනවා නැත්නම් පැරදිච්ච රටට තමන්ව වෙනත් හතුරෙකුගෙන් ආරක්ෂා කර ගැනීමේ හැකියාව නැති වී යනවා. ඒ දෙකෙන් මොකක් වුනත් ඇමෙරිකන් අය හිතන්නෙ එයාලට අඬ ගහලා, එයාලා ඒ වගේ අමුතු ස්වභාවයක් ඇති අය නිසා, එයාලගෙ මුදලින් ම ඒවා ලබාදිය යුතු යැයි කියල.

“ආයෙත්, සාමාන්‍යයෙන් තීරණය වෙන්නෙ ඇමෙරිකාවට පැරදිච්ච ජාතියක් රටක් ජාතීය වශයෙන් හා පුද්ගලික වශයෙන් දුෂ්කරතා විඳිය යුතු යැයි කියා ඔවුන් කළ ප්‍රචණ්ඩත්වයට. ඒත් ඒ ගිවිසුම් වල තීන්ත වේලෙන්නත් කළින් ම ඇමෙරිකාව කඩිමුඩියේ එවනවා ආහාර, යන්ත්‍ර, වස්ත්‍ර, මුදල්, ඉදිකිරීම් අමුද්‍රව්‍ය සහ තාක්ෂණික සහාය යනාදිය එයාලගෙ කළින් හතුරෝ වූවන්ගේ සහනාධාර ලෙසට.

“ආයෙත් වතාවක්, මුලින් ම කියනවා පැරදිච්ච හමුදා සියල්ල අහෝසි කරලා නැවත ආයෙත් හදන්න ඉඩ නොදිය යුතුයි කියල. ඒත්, ටිකක් කල් ගියාම, මේ හමුදා වක්‍ර ආකාරයකින් වූ නමුත් ස්ථිර වශයෙන් ම ඇමෙරිකාවේ ආරක්ෂාවට අවශ්‍ය වෙනවා ය කියල සොයා ගැනෙනවා. ඉතින් පැරදිච්ච හතුරාට එක්කො ත්‍රිවිධ හමුදාවක් තියෙන්න ඕන නැත්නම් ඇමෙරිකන්කාරයෝ ඉන්න ඕනා දින නියමයක් නැති කාලාන්තරයක් රට ආරක්ෂා කරන්න.

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න »

තවමත් ප්‍රතිචාර නොමැත.

RSS feed for comments on this post. TrackBack URI

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

WordPress.comහි නොමිලේ වෙබ්අඩවියක් හෝ බ්ලොග් සටහනක් සාදාගන්න.

%d bloggers like this: