Sinhala story Blog

අප්‍රේල් 19, 2012

ගර්ජනය කළ මීයා -එක රටකට තවත් රටකින් සල්ලි ගත හැකි එකම ක්‍රමය

Filed under: Uncategorized — sinhalashortstories @ 3:43 ප.ව.

“බැස්කොම්බ් මහත්තයා,” ඇය කීවාය,

එක වචනයක් අනිත් වචනයෙන් වෙන් කර පැහැදිලිව ප්‍රකාශ කරමින් කීවාය, “මට පහදලා දුන්නා අපි ඇමෙරිකාවට විරුද්ධව යුද ප්‍රකාශ කරන්නට ඕනෑය කියා.”

ඒ උදෑසනයේ දෙවැනි වතාවටත් මවුන්ට්ජෝයි සිටුවරයාගේ තනි කණ්ණාඩිය ගැල වී වැටුනේ ය. බෙන්ටර් මහත්තයා මඳක් ගැස්සිණ. හරියට නිදි කිරමින් සිටිනා කල කවුදෝ පිටට දැඩි ඇඟිල්ලකින් ඇන අවදි කළා සේ ය.

“ඇමෙරිකාව එක්ක යුද්ධයකට යන්න?” ඔහු කීවේ විශ්වාස කළ නොහැකි පුදුමයකිනි. ඒ පිළිකුල් වචන ඇසුනා දැයි තහවුරු කරගන්නටත් බැරි තරම් වූ ස්වභාවයකිනි.

“ඇමෙරිකාව එක්ක යුද්ධයකට යන්න?” මවුන්ට්ජෝයි සිටුවරයා ද ඒ වචන ම දෝංකාර නැඟුවේ ය. ඔහු කොතරම් සලිත වී ඇත්දැයි කිව්වොත් ඔහු තවමත් තම තනි ඇස්කණ්ණාඩිය ඇසේ රඳවා නැත. ඔහුට අනුව එවැන්නක් පැළැඳ නැත්නම් කිසිම මිනිසෙක්ට තමන් සම්පූර්ණයෙන් ඇඳුම් කට්ටලයකින් සැරසී ඇතැයි කිව නොහැකියි.

“ඇමෙරිකාව එක්ක යුද්ධයකට යන්න,” ග්ලෝරියානා වැඩි ප්‍රසාදයක් නැතිව එහෙත් ඊට අනුමැතිය දෙන ස්වරයකින් කීවාය.

සිටුවරයා වෙව්ලීය. තනි ඇස් කණ්ණාඩිය ඇහිඳ ගත් ඔහු එය ඇසේ රැඳවූයේය. හරියට ඒ හැසිරීම, එහි තිබෙනා වූ හාස්කමක බලයකින් ලෝකය නැවතත් ප්‍රකෘතියට පත් කරතැයි අපේක්ෂාවෙන් මෙනි. යාන්තමින් වෙව්ලන දිගු ඇඟිලි වලින් ඔහු තම තඹවිට කෙස් පිරිමැද්දේ ය. ඔහුට කොතරම් තමන් ගැන අමතක වී ගියා ද කියතොත් ඔහු සිය දිව තුඩින් තම තොල් තෙමා ගත්තේ ය.

“ඒ මිනිහාට පිස්සු,” අවසානයේ දී ඔහු කීවේය. “තමන්ගෙ ඥානය සම්පූර්ණයෙන් ම තුරන් වෙලා ගිහින්. ඔහු භයානකයි. ඒ වගේ කතා කියන්න ගියොත් ඉතා දරුණු අමාරුවක වැටෙන්නෙ. ඇමෙරිකන් මාධ්‍ය වල සමහර තැන්වල වාර්තා වුනොත් අපිට අපේ පිනෝ වලට තියන ඇමෙරිකන් වෙළඳපොලේ වැඩි කොටසක් නැතිවේවි. ඒක වුනොත්, අපි ඇත්තෙන් ම එහෙනම් ඇමෙරිකාව එක්ක යුද්ධ කරන්න යන්න වෙනවා. නැත්නම් මුළු ලෝකෙ එක්කම යුද්ධ කරන්න යන්න වෙනවා. මොකද එතකොට අපිට හැම දෙයක් ම නැතිවේවි. ආදිපාදවරයෙනි, අපි බැස්කොම්බ්ව දැඩි පිස්සෙක් කියා සිරගත කරන්න ඕනෑ. එයා පිටත හිටිය කාලය හොඳට ම ඇති.”

බෙන්ටර් ද එයට එකඟ වෙන්නට කැමති විය. ඔවුන් නොසිතූ විකල්පය, ඉතා සංසුන් ලෙසින් දනව්වේ පාලකයා ලෙස ආදිපාදවරිය ඉදිරිපත් කරන ලද යෝජනාව, බෙන්ටර්ට වචනයක් කියත හැකියාව කෙසේ වෙතත් සිතුවිල්ලක් හදා ගන්නට හැකියාව පවා අහිමි කර තිබිණ. එහෙත් මවුන්ට්ජෝයි විසින් පෙනී සිට ඒ විරුද්ධ පක්ෂය ප්‍රතික්ෂේප කිරීම නිසා ඔහුගේ දිවට නැවතත් පණ ලැබිණ. එවැනි සැලසුමක් ගෙනෙන්නට හේතුව කුමක්දැයි දැන ගැනීමට ඔහුට වුවමනා විය.

“ආදිපාදවරියෙනි,” සිටුවරයා මඳක් සංසුන් වූ පසු ඔහු හඬ අවදි කලේය. “ඇමෙරිකාව එක්ක යුද ප්‍රකාශ කරලා අපිට ලැබෙන වාසි මොනවා යැයි කියල ද බැස්කොම්බ් කිව්වෙ?”

“ඔහු කීවේ සල්ලි අවශ්‍ය, ඒත් ණයට ගන්න හැකියාවක් නොමැති එක රටකට තවත් රටකින් සල්ලි ගන්න පුළුවන් එකම සාම්ප්‍රදායික විදිය යුද්ධය යැයි කියලා.”

“ඒක එහෙම වෙන්නැති,” බෙන්ටර් කීවේ තවමත් පැහැදිලිතාවයකින් තොර වූ නිසාය, “ඒත් කල්පනා කරන්න තව කොච්චර දේවල් තියනවා ද? මුලින් ම යුද්ධයේ ප්‍රතිඵලය මොකක් ද කියලා. ඇමෙරිකාවේ ජනගහණය මිලියන එකසිය හැටක් විතර මම හිතන්නෙ. අපිට ඉන්නෙ හයදාහයි. ඊ ළඟට ඇමෙරිකාවට තියනවා නැව්, ගුවන්යානා, යුද්ධ ටැංකි, තුවක්කු, මිලියන ගණනින් කුඩා අවි ආයුධ, ඒ මදිවට අපි දන්නෙ වත් නැති තරම් පරමාණු සහ හයිඩ්‍රජන් බෝම්බත් තියෙනවා. අපිට තියෙන්නෙ දිග දුනු, හෙල්ල සහ අත්මුගුරු. අපිට හදන්න පුළුවන් ලොකුම හමුදාවෙ ඉන්නෙ පිරිමි සහ කොල්ලො දාහක් විතර. ආයේ කියන්න දෙයක් නැහැ අපි පටන් ගත්ත ගමන් ම පරාජය වෙන යුද්ධයක් මේක.”

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න »

තවමත් ප්‍රතිචාර නොමැත.

RSS feed for comments on this post. TrackBack URI

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

WordPress.comහි නොමිලේ වෙබ්අඩවියක් හෝ බ්ලොග් සටහනක් සාදාගන්න.

%d bloggers like this: