Sinhala story Blog

අප්‍රේල් 17, 2012

ගර්ජනය කළ මීයා -අපිට ළඟ දී ම ආයෙත් යුද්ධයක් කරන්න සිද්ධ වෙනවා

Filed under: Uncategorized — sinhalashortstories @ 8:27 පෙ.ව.

“නැහැ,” සිටුවරයා කීවේය.

සූර්යාලෝකයෙන් ආලෝකමත් වූ ඔහුගේ රීදි පැහැයෙන් වූ ඔළුව හරියට දිස් වූයේ ජාතික ලාංඡනයේ වූ උකුස්සාගේ හිස මෙනි. “ඊට පස්සෙ කිසිත් යුද්ධයක් අවශ්‍ය වුනේ නැහැ. පිනෝ මංකඩ සටනෙන් පස්සෙ හැමදාටම සර්වබල අයිතියත් ග්‍රෑන්ඩ් ෆෙන්වික් ආදිපාද දනව්වේ නිදහසට ගෞරව කරන්නත් ඉඩ පෑදුණ.

“අපිට එහෙම නම් පුරුද්ද නැතිවෙලා ගිහින් ඇති -මම කියන්නෙ යුද්ධ කරන පුරුද්ද,” ආදිපාදවරිය මිමිණුවා ය.

“සමහර විට,” සිටුවරයා පිළිතුරු දුන්නේ ය. “ඒත් ආයෙත් අවශ්‍යතාවයක් පැන නැඟ්ගොත්, මම හිතන්න අපි පසුබට වෙන්නෙ නැහැ කියල. ඇත්තෙන්ම එහෙම උත්සාහයක් වඩාත් කුතුහලය දනවන්නක් වූවක් වෙයි. අපේ ජාතික අවිය, දිගු දුන්න, කොච්චර යල් පැනපු අවියක් ද කිව්වොත් තවත් විදියකින් බලද්දී ඒක සුපිරි අවියක් වෙලා. ඒකෙන් පුළුවන් යාර පන්සියයක් ඈතක ඉන්න ප්‍රාණියෙක් මරන්න. ඒක කුසලතාවය තියන අතක නොවැරදී ම නිශ්චිත ඉලක්කයක් කරා යන්න පුළුවන් වූවක්. ඒක නිහඬයි. උණ්ඩ වලට කියලා වැය අඩුයි. සාමූහික සටනක දී සෑහෙන්න සාර්ථක ලෙසින් සහාය වෙන්නක්.”

“මට හරි සතුටුයි මේක දැන ගන්නට ලැබීම,” ආදිපාදවරිය කීවාය. ඇය තමන් අනුභව කරමින් සිටි දෙළුම් ගෙඩියේ ඉතිරිය පැත්තකට කළාය. “මොකද අපිට ඉතාමත් ළඟ දී ම ආයෙත් යුද්ධයක් කරන්න සිද්ධ වෙනවා.”

“දිගු දුන්න,” සිටුවරයා තවත් කියාගෙන යයි, “හරියට අත්මුගුර වගේ අවියක උදාහරණයක් -සමාවෙන්න. මොකක්ද ඒ කිව්වෙ, ආදිපාදවරියෙනි? මට ඇහුණ ද ඔබ කියනවා අපිට ආයෙත් ඉතාමත් ළඟක දී ම යුද්ධයකට යන්න වෙනවා කියල?”

“එහෙම තමයි,” ග්ලෝරියානා පැවසුවාය.

සිටුවරයා පැළඳි තනි ඇස් කණ්ණාඩිය ඔඩොක්කුවට වැටෙන්නට හේ ඉඩ දුන්නේ ය.

“ඔබතුමිය මේ විහිළුවක් නේද කරන්නේ?” ඔහු යෝජනා කළේ බලාපොරොත්තු සහගතව ය.

“අපි යනවා,” ආදිපාදවරිය කීවාය.

“ඇයි?,” සිටුවරයා ඇසීය, “මේක කිසිත් තේරුමක් නැති යෝජනාවක්. ඒක භයානකයි. ඒක මොහොතක් වත් සිතිය නොයුත්තක්. ඔබට හරියට ම විශ්වාස ද, ආදිපාදවරියෙනි, ඔබට කිසිත් ඇඟේ පතේ අමාරුවක් නැතැයි කියල?”

“මම හොඳ සුවයෙන් ඉන්නෙ,” ග්ලෝරියානා උත්තර දුන්නා ය. “බලන්න පුළුවන් නම් ඔබට බෙන්ටර් මහත්තයා ඇවිත් ද කියලා එළියට ගිහින් එතකොට අපිට පෙරෙවි මඬුල්ලේ සාමාජිකත්වය සම්පූර්ණ කරගන්න පුළුවන් වුනාම මට ඔයාට ඔක්කොම කියන්න පුළුවන්.”

අන්තිම වාක්‍ය පාලකයා වෙතින් පාලිතයාට ලැබි අණක් බවට කිසි සැකයක් නොවීය. ඔහුගේ පුදුමයෙන් මොහොතකට මානසිකව ගල්ගැසී සිටිය ද සිටුවරයා දියාරුවාදීන්ගේ නායකයාව ගෙන එන්නට නැඟිට සිටියේය. සාමාන්‍ය ආචාරශීලී ලෝකයේ බලාපොරොත්තු වූ කාලයට වඩා වැඩි කාලයක් ඔහු නික්ම ගොසින් තිබිණ. ඔහු බෙන්ටර් හා ආපසු පැමිණෙන විට ඔවුන් දෙදෙනා ම වික්ෂෝහයෙන් හා සිත්තැවුලෙන් සිටිනා බව දකින්නට ලැබිණි.

“මහත්වරුනි,” ග්ලෝරියානා කීවාය. ඇය තව දෙළුම් ගෙඩි දිහා බැලුවත් පැන නැඟී ඇති භාරදූර කර්තව්‍ය ඉදිරියේ ඒ ගැන කිසිත් නොකරන්නට තීරණය කළාය. “මම මේ රුස්වීම කැඳවූයේ අරමුණු දෙකක් සඳහා. පළමුවැන්න ග්‍රෑන්ඩ් ෆේන්වික් හි ප්‍රධාන පක්ෂ දෙක නියෝජනය කරන ඔබලාට ඇමෙරිකාවෙන් මුදල් ලබා ගැනීම පිණිස වූ අපේ කොමියුනිස්ට් පක්ෂයක් ආරම්භ කිරීමේ උත්සාහයට කුමක් වූයේ ද කියා වාර්තා කරන්න. දෙවැන්න ඔබලා වෙතින් තව දුරටත් අවවාද ලබාගන්න -සැබැවින්ම, මම ඒක ටිකක් දැඩි බවකින් ඉදිරිපත් කළොත් මම ඔබලාගේ කැමැත්ත බලාපොරොත්තු වෙනවා කියල කියන්න පුළුවන්. ඒ වෙනත් විකල්ප වූ මාර්ගයකට පිවිසෙන්න.”

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න »

තවමත් ප්‍රතිචාර නොමැත.

RSS feed for comments on this post. TrackBack URI

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

WordPress.comහි බ්ලොග් සටහනක්.

%d bloggers like this: