Sinhala story Blog

අප්‍රේල් 16, 2012

ගර්ජනය කළ මීයා -අපිට පුළුවන් ඇමෙරිකාවට එරෙහිව යුද ප්‍රකාශ කරන්න

Filed under: Uncategorized — sinhalashortstories @ 8:59 පෙ.ව.

ඔවුන් නිහඬ වූහ.

ග්ලෝරියානා ටලී දිහා බැලුවාය. රටේ ආර්ථික අර්බූදයෙන් සලිත වී සිටිය ද ඇයට මේ මිනිසා අනිත් අය අතුරින් වෙනස් හා උසස් තැනකින් ඉන්නවා යැයි හිතෙන්නට විය. ඔහු අනිකුත් වැසියන් හැදූ මැටියෙන් ම තැනුනකි. එහෙත් අච්චුව වෙනස් ය. ඔහුගේ මුහුණ ඇය වෙතින් අඩක් අහකට හැරී ඇත. ඔළුව කෙළින් එසවී ඇත. ආදිපාද දනව් මාලිගාවේ එල්ලා ඇති රොජර් ෆෙන්වික්ගේ ඡායාරූපය හා සමානත්මතාවයක් ටලී බැස්කොම්බ්ට ඇතැයි හදිසියේ ගැස්සීමකින් ඇයට හැඟුණි. ඔහු ඇය වෙත හැරුණි. ඒ සමානාත්මතාවය බැහැර වී ගියේය.

“සම්ප්‍රදායික හා ගෞරවනීය ලෙස තවත් රටකින් මුදල් ලබාගන්න පුළුවන් එකම එක මාර්ගයයි තියෙන්නෙ,” ටලී සංවේගාත්මක ලෙසින් කීවේය.

“ඒ කොහොම ද?” ආදිපාදවරිය ඇසුවා ය, මේ වෙලාවේ ඇය කතා කරන්නේ සාමාන්‍ය මිනිසෙකුට නොව සර් රොජර් ෆෙන්වික්ට යැයි ඇයගේ සිතට හැඟුණි.

චිමිනිය ඇති පැත්තට ඇවිද ගිය ටලී එතැන වූ යිව් ලීයෙන් තනන ලද දුනු කිහිපයක් අතරින් අඩි හයක දුන්නක් තෝරාගත්තේ ය.

“යුද්ධය,” ඔහු කීවේය.

“යුද්ධය!,” ග්ලෝරියානා පුදුමයෙන් එම වචනය ම දෝංකාර කළාය.

“යුද්ධය,” යැයි නැවත ටලී කියුවේ ය. “අපිට පුළුවන් ඇමෙරිකාවට එරෙහිව යුද ප්‍රකාශ කරන්න.”

3

සිය පළතුරු භාජනයෙන් දෙළුම් ගෙඩියක් අතට ගත් ග්ලෝරියානා ආදිපාදවරියගේ මුව පුරා සිනාවක් පැතිරණ. තම පෙරෙවි මඬුල්ල හමුවන මෙවැනි ගම්භීර වූ අවස්ථාවක දී වුවත් බලාපොරොත්තු මුසු සතුට තද කරගන්නට ඇයට නොහැකිය. දෙළුම් ඇයගේ ප්‍රියතම පළතුරයි. ග්‍රෑන්ඩ් ෆෙන්වික් හි දී ඒවා සොයා ගැනීම අසීරුයි. ඇයගේ පියා, ආදිපාදවරයා, ඔහු ජීවත් වූ කාලයේ දී ඇයට දෙළුම් කන්නට අවසර දුන්නේ නත්තලට හා ඇයගේ උපන් දිනයට පමණි. එහෙත් දැන් ඇය ආදිපාදවරිය නිසා ඇයට කැමති වේලාවක දෙළුම් ගෙඩියක් ලබාගත හැකියි.

“බෝබෝ,” ඇය රිදී පිහියකුත් රැගෙන මවුන්ට්ජෝයි සිටුවරයා වෙත හැරී “අපි කොයි තරම් කාලයකට ඉස්සර ද යුද්ධයකට ගියේ?” යැයි ඇසුවාය.

“අවුරුදු පන්සියයකට ඩිංගක් විතර ඉස්සර,” සිටුවරයා උත්තර දුන්නේය. ඔහු හිතුවේ එය කුතුහලයෙන් හා හිතුමනාපයට වැඩ කරන කෙල්ලෙක් විසින් නිකම් ඇසූ ප්‍රශ්නයක් කියාය. එසේම ඇය තම අගරැජින ද වෙයි. පරෙවි මඬුල්ල කැඳවා ඇත්තේ කුමකට දැයි ඔහු නොදත්තේය. ඒත් තම රටේ ඉතිහාසය දැන සිටීම ඔහු ආඩම්බර වූ කරුණකි. ඒ නිසා ඉඩක් ලද විගසින් එය පෙන්වන්නට ඔහු උත්සුක වූයේය. “ඒ යුද්ධය පැවැත්වුනේ ප්‍රංශය සමඟ. සටන් වැදුනේ පිනෝ මංකඩ දී. ෆෙන්වික්හි හිස් දෙකකින් යුතු උකුස්සාගේ කොඩිය යට හිටියා හාරසිය තිහක්. හාරසීයයක් දුනුවායෝ. තිහක් අවිගත් අය. යුද පිටියේ හිටි අය අතර ඔබේ ආදිජයෙක් ද මගේ ආදිජයෙක් ද සිටියා. ප්‍රංශ අය එක්දහස් දෙසීයයක්. ඔවුන් මංකඩ වෙත තුන් වතාවක් කඩා වැදුනා. හැම වතාවේ දී ම නයිට්වරුන් හාරසීයයක් එක්ක. ඒ අය මුණ ගැසුනේ ග්‍රෑන්ඩ් ෆෙන්වික් වල දුනුතලයි. ඒවා විසුරුවා හැරියේ විරෝධාර ලෙසින් නිශ්චිත ඉලක්කයට. දවස අවසානයේ හත්සියයක් ප්‍රංශ අය මිය ගියා. අපේ නැතිවෙච්ච සංඛ්‍යාව පහක් පමණයි.”

“එදා සිට වෙන කිසිම යුද්ධයක් තිබ්බෙ නැත් ද?” ඇය කඩිමුඩියේ රතු කැට මෙන් වූ දෙළුම් ඇට ගලවමින් ඇසුවාය.

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න »

තවමත් ප්‍රතිචාර නොමැත.

RSS feed for comments on this post. TrackBack URI

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

WordPress.comහි බ්ලොග් සටහනක්.

%d bloggers like this: