Sinhala story Blog

අප්‍රේල් 13, 2012

ගර්ජනය කළ මීයා -අපිට ඕනෑ සාර්ථක වෙනවා වගේ පෙන්නන්න විතරයි

Filed under: Uncategorized — sinhalashortstories @ 1:13 ප.ව.

“මේක විහිළුවක් නෙමෙයි,” ග්ලෝරියානා දැඩි ස්වරයකින් කීවාය.

“මේක දැඩි ප්‍රශ්නයක්. ග්‍රෑන්ඩ් ෆෙන්වික් දනව්වට මුදල් අවශයයි. අපේ බඩු වලින් විතරක් රකින්න බැහැ දැන් පමණට වඩා වැඩියෙන් ජනගහණයක් ඉන්නවා. ඉතින් අපට ආහාර සහ වස්ත්‍ර පිටින් ගෙන්වන්නට සිද්ධ වෙලා. ඒක කරන්න අපිට මුදල් අවශ්‍යයි. බෙන්ටර් මහත්තය කියනවා අපිට ප්‍රමාණවත් සල්ලි හොයා ගන්න පුළුවනි කියලා පිනෝ වලට වතුර එක් කරලා අපි වැඩියෙන් අපනයන කළොත්. ඒත් මවුන්ට්ජෝයි සිටුවරයා කියනවා ඒකෙන වෙළඳපොල කඩා වැටිලා දිගු කාලීන අයහපත් ප්‍රතිඵල ගෙනෙයි කියලා.

“ඒකයි අපිට තුන්වැනි පක්ෂයක් හදන්න අවශ්‍ය. අපිට ඕනා ඔබ ලවා කොමියුනිස්ට් පක්ෂයක් හදවන්න. ලබන ඉරිදා රැස්වීමක් කැඳවලා -අපිට පුළුවන් ඇල්වින් බිෂෝප් තුමාගෙන් අවසර ලබාගන්න- ආණ්ඩුව පෙරළන්න ඕනෑ වගේ දේවල් ටිකක් ජනතාවට කියන්න. එතකොට අපිට පුළුවන් ඇමෙරිකන්කාරයින්ට කියන්න අපේ ආණ්ඩුවට කොමියුනිස්ට්කාරයෝ රිංගලා තර්ජනයක් ඇවිත් තියෙනවා කියල. එතකොට එයාල අපිට ඕන ඔක්කොම සල්ලි දේවි.”

මේ විස්තරය කරගෙන යද්දී ටලී සිය පයිප්පය පත්තු කරමින් සිටියේය. ආදිපාදවරිය වෙනුවෙන් මාලිගාවේ රාජකාරී රැස්වීම් වල දී හැර වෙනත් රාජ්‍ය ආචාර සමාචාර ග්‍රෑන්ඩ් ෆෙන්වික් හි සිද්ධ වූයේ නැත. ඒ ඇයට ගෞරවයක් නැතිකම නිසා නොව ඇය රටේ ඇවිදින්නට ගියොත් ඒ ආචාර සමාචාර පැවැත්වීමට දවසෙන් බාගයක වැඩ නාස්ති වෙන නිසාය. ඒ නිෂ්පාදනය නවතිනු යැයි කියා ඇයට මාලිගාවට වී සිරකාරියක් සේ ඉන්නට ද බැරි නිසාය.

ටලී ගේ ගිනිකූර අතේ ම නිවී ගියේය. ඔහු ඉතා අවධානයකින් ග්ලෝරියානා කියන්න අසා සිටියි.

“කොමියුනිස්ට් පක්ෂයක්!” ඔහු පුදුමයෙන් ප්‍රකාශ කළේය. “ඒත් කොමියුනිස්ට්වාදය මෙහෙ වැඩ කරන්නෙ නැහැ. කෘෂිකාර්මික රටවලට එහි දර්ශනය කොහෙත්ම සුදුසු නැහැ. කම්හල් වල ඉන්න දුප්පත් හිඟන්නන් ලවා බලහත්කාරයෙන් වැඩියෙන් නිෂ්පාදනය කරව ගත්තට, ගොවියෙක් කොහොම ද පොළවට කියන්නෙ වැඩියෙන් නිෂ්පාදනය කරන්න කියල. ගොවියාට බැහැ හරියට ඕන කාලයට වැස්ස වස්ස ගන්න කාලගුණයට මාක්ස්වාදය කියා දෙන්න. මියගිය ජෝසප් ස්ටාලින්ගේ අර්ථ ශාස්ත්‍රයට මුළු රුසියාවේ ම සූර්යයා එක දවසක් හරි ඇහුම් කන් දුන්නා ද? ග්‍රෑන්ඩ් ෆෙන්වික් වල කොමියුනිස්ට්වාදය කොහෙත්ම පැතිරෙන්නෙ නැහැ.”

“මට හරි සතුටුයි ඒක ඇහුණාම,” ග්ලෝරියානා ආත්ම තෘප්තියකින් යුතුව කීවාය. “මොකද මම කිව්වනෙ, මට ඕන නැහැ ඒක සාර්ථක වෙනවා දකින්න. අපිට ඕනෑ ඒක සාර්ථක වෙනවා වගේ පෙන්නන්න විතරයි. එතකොට ඇමෙරිකන්කාරයෝ අපිට අවශ්‍ය සල්ලි ණයට දේවි.”

“ඒ හැරුනාම,” ඇයගේ වදන් නොඇසුනා සේ ටලී තවත් කියාගෙන යයි, “මම කැමති නැහැ කොමියුනිස්ට්වාදයට. මම කැමති නැහැ කවුරුත් මා හා සමානයි කියල හිතනවාට. කවුරුත් කැමති නැහැ ඒකට. මම සෑහෙන සංඛ්‍යාවකට වඩා උසස්. ඒ වගේම සමහර දෙනෙකුට වඩා පහත්. ඒ හේතුව නිසා මම හිතන්නෙ නැහැ මම ප්‍රජාතන්ත්‍රවාදයටත් එච්චර කැමැත්තක් දක්වනවා කියල. ඉතා අමාරුවෙන් කියවන්න ඉගෙන ගත්තු එක්කෙනෙකුගේ චන්දය එක්ක භාෂා විසිහතරක් කියවන්න දන්න කෙනෙක්ගෙ චන්දයක් කොහොම ද සමාන යැයි කියන්නෙ? කියැවීම චන්දයට අවශ්‍ය මිම්මක් නොවෙයි. මම ඒක දැක්වුයේ උදාහරණයක් විදියටයි.”

මේ වනවිට ආදිපාදවරියට ප්‍රධාන තේමාව කුමක් දැයි කියා අමතක වී ගොස් තිබිණ. “ඔයා කැමති මොන වගේ ආණ්ඩුවකට ද එහෙනම්?” ඇය ඇසුවාය.

“මම දන්නෙ නැහැ හරියට,” ටලී කීවේය. “මම වරක් ආරාජකතාව ගැන සොයා බැලුව. ඒත් ඒක ගැන වැඩියෙන් කියවලා බලද්දී මට හොයාගන්න ලැබුනෙ ප්‍රජාතන්ත්‍රවාදය වගේ ම ආරාජකතාවයේත් විවිධත්ව ගොඩක් තියෙන බව. සාමාන්‍ය ආරාජකතාවය තියෙනවා. ඒ වගේම ආරාජකතා සිංඩි තියෙනවා. පැත්තකට වූ ආරාජකතාව තියෙනවා. කවුද දන්නෙ මම දන්නෙ නැතිවට සමහර විට ඇති පැත්තකට වූ ආරාජකතා සිංඩිත්. ආරාජකතා ගණනාවක් තියනවා ආරාජකතාවයේ ඒකත් හරියට දේශපාලන දර්ශනය වගෙමයි. ඒත් මම තාම හොයන එක අත්හැරලා නැහැ.”

“ඉතින් ඔයා හොයන එක අත්හැරලා නැති නිසා බැරිද පොඩ්ඩක් කොමියුනිස්ට් වෙන්න ටික කාලයකට? ඔයා ඒකට කැමති නැති වුනත්, මතක තියාගන්න ඒ ඔයා රට වෙනුවෙන් කරන සේවයක් කියලා. ඒක අපේ පැවැත්ම වෙනුවෙන් කරන දේශප්‍රේමී ක්‍රියාවක්. අපිටත් අයිතියක් තියෙනවා ලොකු ජාතීන් වගේම පැවැත්ම තියා ගන්න. අවුරැදු හයසීයයක් තිස්සෙ අපි නිදහස් ජාතියක් වී සිටියා. සිය දහස් ගණින් ජනතාව මේ ග්‍රෑන්ඩ් ෆේන්වික් හි ඉපදිලා, හැදිලා වැඩිලා, සතුටින් මිය ගියා. අපි පුංචි රටක් නිසා පමණින් කියැවෙන්නෙ නැහැ අපි අපේ පාරම්පරික සිරිත් විරිත්, අපේ උරුමයන්, අපේ ආඩම්බරය, අපේ නිදහස අතහැරලා තවත් රටක් එක්ක ජීවත් වෙන්න ඕන නිසා ඒකට යටත් විය යුතු යැයි කියා. අපිට සල්ලි නැති එක අපේ වැරැද්දක් නෙමෙයි. අපි නිර්භීතව සහ ගෞරවනීය ලෙස වසර හයසීයයක් ජීවත් වෙලා තියනවා. ඒත් දැන් කාලය අපිට හරස් වෙලා.” ඇයගේ වදන් අවසන් වෙද්දී ඇය හැඬුම් බරව සිටියාය.

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න »

තවමත් ප්‍රතිචාර නොමැත.

RSS feed for comments on this post. TrackBack URI

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

WordPress.comහි නොමිලේ වෙබ්අඩවියක් හෝ බ්ලොග් සටහනක් සාදාගන්න.

%d bloggers like this: