Sinhala story Blog

අප්‍රේල් 11, 2012

ගර්ජනය කළ මීයා -සිංදු කියන ෆෙන්විකියානු කුරුල්ලෝ

Filed under: Uncategorized — sinhalashortstories @ 6:13 පෙ.ව.

වැඩිමහල් බැස්කොම්බ් උපැස් යුවලක් පැළඳි, සිහින් උස සිරුරක් ඇති, ඔහුගේ හිසේ අඩුවෙන් වූ කෙස් වල මදි පාඩුකම් පියවන්නට සේ ඝනට වැඩුණු ඇස් බැමි වලින් යුතු වූවෙකි.

ඔහු ග්‍රෑන්ඩ් ෆෙන්වික් හි ගෞරවයට පාත්‍ර වූ පුරවැසියෙකි. ඔහු මුළු ආදිපාද දනව්වට ම ජීවතුන් අතර සිටිනා එකම ග්‍රන්ථ කතුවරයා ය. මුළු ආදිපාද දනව් ඉතිහාසයට ම එහි වුයේ ග්‍රන්ථ කර්තෘවරු දෙදෙනෙකි. ඔහුගේ “ග්‍රෑන්ඩ් ෆෙන්වික් හි සංක්‍රමණික කුරුල්ලෝ” නම් වූ ජනප්‍රිය පොත ඉහළ දැනුමකින් යුතු වූවෙක් ලියන ලද්දක් සේ සැලකිණ. ඔහු ලියූ “දඩයම් කරන ග්‍රෑන්ඩ් ෆෙන්වික් කුරුල්ලෝ” සහ “සිංදු කියන ෆෙන්විකියානු කුරුල්ලෝ” යන පොත් දෙක යුරෝපයේ මුද්‍රණය වී ඇති අනගි පොත් අතර වූ පොත් ලෙස සැලකිණ.

වරක් ඇමෙරිකානු පක්ෂීන් පිළිබඳ විශේෂඥයෙකු විසින් ග්‍රෑන්ඩ් ෆෙන්වික් වැනි සැතපුම් පහක් දිග සැතපුම් තුනක් පළල රටක ජාතික පක්ෂීන් සිටින්නේ කෙසේදැයි විමසීය. ඒ සියළු කුරුල්ලෝ අවට රටවල් වලින් එන අය යැයි ද ඔවුන් වෙනත් තැන් බලා යන්නට පෙර ටික කලක් එහි නතර වන කුරුල්ලෝ යැයි ද ඔහු බියක් සැකයක් නැතිව කීවේය. මෙයට පියර්ස් බැස්කොම්බ් විසින් ඔඩොබොන් කුරුළු සමාජයට ලිපියක් යවමින් දුන් පිළිතුර ඔවුන් තම සඟරාවේ පළ කළහ. තමන් කොයි පුරවැසිභාවයට ද අයිතිවෙන්නේ කියා වගකීමෙන් කිව හැක්කේ කුරුල්ලාට පමණක් යැයි ඔහු පෙන්වා දුන්නේ ය. නැත්නම් කොතරම් පොත් පත් ලියැවී, පළ වී, බහුතරයා විසින් පිළිගෙන තිබුණ ද, ඒ ඒ රටේ කුරුල්ලෝ යැයි හඳුන්වා ඇති වුවත් ඇමෙරිකන් කුරුල්ලෝ හෝ කැනේඩියානු කුරුල්ලෝ කියා කුරුල්ලෝ නැති බවත් ඔහු පෙන්වා දුන්නේ ය.

අනික් හැම විශාල රටකට මෙන් ම, ග්‍රෑන්ඩ් ෆෙන්වික් රටටත් ජාතික පක්ෂීන් කියා කුරුල්ලෝ සිටිනා බවට ඔහු වාද කළේය. එහි දී අනිත් පැත්ත තර්ක කිරීම අත්හැර දැමුවෙන් පියර්ස් බැස්කොම්බ්ගේ පොත් ග්‍රෑන්ඩ් ෆෙන්වික් හි කුරුළු ජීවිත ගැන වූ බවට පිළිගැනුණි.

මේ සාහිත්‍යකරුවාගේ දස්කම් එපමණකින් නතර නොවේ. ජාතියේ මල් වර්ග ගැන පොත් තුනක් ඔහු ලියා ඇත. ඔහුගේ පොත් සියල්ල මුද්‍රණය වූ සංඛ්‍යාව පන්දාහකට අඩු වූවත්, දොලොස්වැනි ග්ලෝරියානා ආදිපාදවරිය ළඟට සිටි වඩාත්ම ජනතා සිත් දිනාගත් හා ගෞරවයට පාත්‍ර වූ පුරවැසියා ඔහු විය.

කෙසේ නමුත්, ඔහුගේ පුත් ටලී ව සැලකුනේ රටේ දාර්ශනිකයා ලෙසත්, රටේ ඉන්නා බුද්ධිමතෙකු ලෙසත් ය. ඔහු කියූ දෑ නිතර උපුටා දැක්වීම සිද්ධ වුණි. එහෙත් ඔහුට ඔහුගේ පියාට තිබි ගෞරවය ලැබුනේ නැත. ඔහුට කිසිවකුගේ මතයක් ගැන ගෞරවයක් නොතිබීමත්, තමන්ගේ මතය ගැන වුවද ගෞරවයක් නොතිබීමත් මීට සමහර විට හේතු වන්නට ඇත. ඔහුට යමක් ඇසුණු විගසින් ඔහු එය නිශ්ප්‍රභා කරයි. නිශ්ප්‍රභා නොකළොත් ඔහු එය මුල සිට අගට සම්පූර්ණයෙන් විමසා බලන්නේ එය සත්‍ය හෝ අසත්‍ය හෝ විය හැකිද කියාය.

එසේම ඔහු නිතර සංචාරයේ යෙදෙන්නෙකු ද වූයේය. ඔහු ප්‍රංශයට හා ස්විට්ස්සර්ලන්තයට පමණක් නොව ඉතාලියට හා එංගලන්තයටත්, දෙවරක් ම ඇමෙරිකාවටත් ගිහින් ඇත. මේ සියළු ගමන් සඳහා, එහි වූ ධනවත් ම පුරවැසියාටත් ඉසිලිය නොහැකි තරම් වැයකින් වූ ගමන් ඔහු ගියේ පොකැට්ටුවේ සතයක් වත් නොමැතිව ය.

ජාතික වනෝද්‍යානයේ භාරකාරත්වය තම පියාට බාරදෙන ඔහු කටේ ශක්තිය හා ඇඳුම් කට්ටලය පමණක් රැගෙන ඈත දුරු දනව් වල මාසයක්, හය මාසයක් සමහර විට වසරක් දෙකක් පවා ගෙවා දමයි.

ග්‍රෑන්ඩ් ෆෙන්වික් හැරදමා ටික කලකට හෝ වෙනතක පදිංචි වූ අයව තම දේශයේ ප්‍රේමියෙක් නොවෙතැයි සැක කෙරුන අතර, ඔහු දේශාටකයෙක් යැයි යම් ගරු නාමයක් දැරුව ද, වරක් ඔහුව පුරවැසියෙක් නොවේ යැයි කියා රටෙන් පිටුවහල් කරන්නට යැයි උත්සාහයක් ද තිබුණි. එය අසාර්ථක වූයේ ඔහුගේ පියාගේ නම්බුකාර පදවිය නිසයි. තවමත් ඔහුගේ තත්වය බාගයක් පුරවැසියෙක් ලෙසට ද ඉතිරි බාගය අන්‍ය ජාතිකයෙකු ලෙස ද සැලකිණ.

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න »

තවමත් ප්‍රතිචාර නොමැත.

RSS feed for comments on this post. TrackBack URI

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

WordPress.comහි නොමිලේ වෙබ්අඩවියක් හෝ බ්ලොග් සටහනක් සාදාගන්න.

%d bloggers like this: