Sinhala story Blog

අප්‍රේල් 10, 2012

ගර්ජනය කළ මීයා -ටලී බැස්කොම්බ්

Filed under: Uncategorized — sinhalashortstories @ 9:42 පෙ.ව.

තවත් පැයක් ගෙවී යන තුරා වාද විවාදය දිග් ගැස්සිණ.

අනතුරුව මවුන්ට්ජෝයි සිටුවරයාට ඊට කැමැත්ත අකමැත්ත විමසනු පිණිස චන්දයක් පවත්වන්නට හැකියාව ලැබිණ. හය දෙනෙක් පක්ෂවත් හතර දෙනෙක් විපක්ෂවත් චන්දය දුන්නහ. යෝජනාව ක්‍රියාත්මක කරන්නට ඉන් තීරණය කෙරුණි.

“දැන් කවුරුන්ව ද ඉතින් අපි කොමියුනිස්ට් නායකයා කරන්නෙ?” තම ජන නායක තනතුරේ ප්‍රථම විභාගයේ ජයෙන් සතුටට පත් වූ ආදිපාදවරිය විමසුවාය.

“එයා ග්‍රෑන්ඩ් ෆෙන්වික් වල අයෙක් වෙන්නට ඕනෑ,” බෙන්ට්ලි කීවේ සංවේගාත්මකව ය. “පිටරට කොමියුනිස්ට් අයව විශ්වාස කරන්න බැහැ. එයාලට කිසිම දේශප්‍රේමීත්වයක් නැහැ එයාල ඉන්න රටවල් ගැන වුවත්.”

“අපිට අහන්න පුළුවන් ටලී බැස්කොම්බ් ගෙන්,” මවුන්ට්ජෝයි පැවසීය. “එයා හැම තිස්සෙම හැම දේකටම එරෙහි වෙනවා. අපිට පුළුවන් එයාට කියන්න කොමියුනිස්වාදයට කැමති වෙලා ග්‍රෑන්ඩ් ෆෙන්වික් වලට එරෙහි වෙන්න කියලා එයාට අපි පෙන්වා දුන්නොත් ඇත්තටම එයා කරන්නෙ ග්‍රෑන්ඩ් ෆෙන්වික් වලට පක්ෂපාතී වෙලා කොමියුනිස්ට්වාදයට එරෙහි වීමයි කියල. මම යටහත් පහත්ව ඉල්ලා සිටිනවා දියාරුවාදීන්ගේ නායකයා සහ මම එකතු වෙලා අපක්ෂපාතී වූ නියෝජිත දෙදෙනෙක් විදියට, කොමියුනිස්ට්වාදියෙක් වෙලා රට පෙරළන්නට උත්සාහ කිරීමට වඩා ග්‍රෑන්ඩ් ෆෙන්වික් වලට කරත හැකි සේවයක් ඔහුට නැතැයි කියා වටහා දෙන්නට ඉදිරිපත් වෙන්න.”

දොළොස්වැනි ග්ලෝරියානා ආදිපාදවරිය ඇයගේ සුකුමල කම්මුලට පියකරු ඇඟිල්ලක් තබාගෙන ගැඹුරු කල්පනාවක යෙදුනාය.

“නැහැ,” ඇය කීවාය, “මේ වගේ සුක්ෂම වූ මෙහෙයක දී, මම විශ්වාස කරන්නේ මා විසින් ම එය කළ යුතු යැයි කියා. ඔබයි බෙන්ටර් මහත්තයයි අවශ්‍ය තරමට වඩා සාර්ථක වෙලා බැස්කොම්බ් මහත්තයාව ඇත්ත කොමියුනිස්ට්වාදියෙක් කරාවි.”

2

ටලි බැස්කොම්බ් ජීවත් වූයේ ෆෙන්වික් වනාන්තරයේ තරමක් ඈතින් පිහිටි කුඩා පාළු නිවසක ය. මාලිගාව වටා පිහිටි වැඩි ජනතාවක් පදිංචි වී සිටි ෆෙන්වික් නගරයෙන් සැතපුම් දෙකක් ඈතකිනි.

වනාන්තරය ජාතික වනෝද්‍යානයකි. එයට වනාන්තරයක් යැයි කීම අවශය තරමට වඩා වැඩි යැයි සිතත හැකිය. එය සමන්විත වූයේ අක්කර පන්සියයක ඉඩම් ප්‍රමාණයකි. ග්‍රෑන්ඩ් ෆෙන්වික් වලින් නොවන කෙනෙක් එයට කැලෑවක් යැයි කියනු ඇත. සමහර විට එයට ගස් කොළන් ටිකකින් වටවුනු තෝප්පුවක් යැයි කියනු ඇත.

ඒත් ග්‍රෑන්ඩ් ෆෙන්වික් තම අක්කර පන්සියයේ බැද්ද ගැන ආඩම්බර වූයේ හරියට ඊට අයිතිය කීම කැලිෆෝර්නියාවේ රෙඩ්වුඩ් වනාන්තර මෙන් විවිධ විෂම වූ වනාන්තරයකට හිමිකම් කීමක් සේ සලකා ය. මේ කෑලෑවට ඊට වඩා මහේශාක්‍ය වූ වනෝද්‍යානයක් සතු ලක්ෂණ සියල්ලම පාහේ තිබිණ. විවිධ වූ ගස් වර්ග පනහක් එහි විය. අඩි විස්සක දිය ඇල්ලක් තිබුණි. වියරු දඩයම්කරුවෙක් තමන්ව එල්ලා ගෙන මිය ගිය පසු ඔහුගේ හොල්මන රජයන ඕක් ගසක් විය. සැතපුම් තුනක අඩි පාරක් තිබුණි. ඒ අඩිපාර රවුම් රවුම් කැරකී ගිය, ගස් වලින් හා පඳුරු වලින් වැසී තිබි නිසා අඩිපාර අසලින් ම එහි ඉතිරියත් කරකැවුනත් ඒවා නොපෙනෙන ලෙසින් ළඟින් යන්නට නිමැ වූ අඩිපාරකි.

ටලි බැස්කොම්බ් ග්‍රෑන්ඩ් ෆෙන්වික් හි ප්‍රධාන වනෝද්‍යාන පාලකයාය. ඒ තනතුරින් හැඟෙන්නේ ඔහු යටතේ සේවය කරනා සේවක මඬුල්ලක් ඇතැයි කියාය. ඔහු යටතේ එක සේවකයෙක් විය. ඒ ඔහුගේ පියා වූ පියර්ස් බැස්කොම්බ් ය. ටලීගේ අවුරුදු විසිඅටක් වූ ජීවිතය පුරා ඔවුන් ඈත එපිටත පිහිටි ඒ නිවහනේ ම ජීවත් වූහ. ඔහුගේ පියා ටලී ට තම ප්‍රධාන වනෝද්‍යාන පාලක තනතුර බාර දුන්නේය. ඒ ටලී ට රස්සාවක් ලබා දෙන්නටත්, එසේම තම අභාවයෙන් පසු වනාන්තරයේ පැවැත්ම ආරක්ෂා කරන්නටත් ය.

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න »

තවමත් ප්‍රතිචාර නොමැත.

RSS feed for comments on this post. TrackBack URI

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

WordPress.comහි නොමිලේ වෙබ්අඩවියක් හෝ බ්ලොග් සටහනක් සාදාගන්න.

%d bloggers like this: